2012-11-26

යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට




අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය සම්බන්දයෙන් අටමගේ මතය තමයි , ඔව්වා කොරලා පලක් නැ කියන එක, 

අටං ගොයියා ඉතින් බුද්ධාගං කාරයනේ, බොහොම ආසාවෙන් දහම් පාසල් එහෙම ගිහිං බණ දහං එහෙම ඉගන ගෙන තියන එකා , අවසාන විභාගෙට නං ඉද ගත්තේ නැ , 

දහම් පාසල් ගුරුවරයෙක් වෙච්ච බෝතල් පත්තර කාරයෙක් හන්දා , ( ඕකට කියන්ඩ නමක් මට හිතා ගන්ඩ බැ) වල් බල්ලා මගේ කෙල්ලව රවට්ටලා උදුරා ගත්ත හන්දා මම අන්තිම මාස කිහිපය දහම් පාසල් නොගිහිං අත ඇරියා, ‍

අටමා කරුමෙ තදින්ම විස්වාස කරනවා, අපි පෙර ආත්මවලදි කල  කුසල් සහ අකුසල  නිසා තමයි  අපිට මේ ආත්මයේ ලැබෙන දුක් සැප තීරණය වෙන්නේ , 

එහෙම තියෙද්දි  යන්තර මන්තර සෙත් ශාන්ති කොරලා බෝධි පූජා කොරලා මොකටද නිකං පව ඇරියස් කොරගන්නේ අපේ අලේ අංකල් කියුවා වාගේ,

අපි කොරපුවා අපේ පස්සෙන් එනවා ආත්මයක් ආත්මයක් ගානේ , ඉතින් එහෙම තියෙද්දි මොකටද ඔව්වා කරලා  මේ ආත්මයට විතරක් ඇපයක් දාගන නිකං ඊලග ආත්මේ ඇරියස් එක්ක ගෙවන්නේ
අධික කාම ආසාව හන්දා  අහල පහල බැදපු මිනිහෙක්ට  වශී ගුරුකමක් කොර ගන්ඩ හදපු දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට වෙච්ච සිද්ධියක් තමයි අද මම කියන්න යන්නේ

ඉස්සර කාලයක මට හිටියා මිත්තරයෙක් , මිනිහා මට වඩා වසර කිහිපයක් වැඩිමහල් , රස්සාව විදිහට කලේ යන්තර මන්තර ගුරුකං , මිනිහා අද හිතා ගන්න බැරි තැනක ඉන්න හන්දා මම ඌ ගැන වැඩිය කතා නොකර ඉන්නං ,  කතාවනේ අපිට වටින්නේ ඒ යකාගේ අල ගිය මුල ගිය තැන් මොකටද නේද,


මං ඒ කාලයේ අධික ලෙස ගංජා පානයට හුරුවෙලා හිටියා , (දැන් නං නැ , නවත්තලා ගොඩක් කල්) , ඔය යාළුවගේ ගෙදර හිටියේ අයියා සහ ඌ විතරයි , අයියා සිකරට් එකක් වත් නොබීවාට මොකද , මල්ලි සියලු දුරාචාර අයියාටත් එක්ක ඉෂ්ඨ සිද්ධ කොලා ,

වැඩිහිටියෝ නැති ඒ ගෙදර අපිට දවල් වරුවට මලක් ගහන්ඩ කියාපු පොට් එකක් වෙලා තිබ්බා ඒ කාලේ ,  අතේ සල්ලි නැති වෙළාවට මලක් අරගන නොගියත් යාළුවාගේ ගබඩාවේ තිබ්බ බාගෙට වේලිච්ච කොළ පාට ඉස්තරම් එව්වායෙන් සංග්‍රහ කරලා වැඩි සීනි ප්ලේන්ටියකුත් අනු පානයට දෙන තරමටම ආගන්තුක සත්කාරයේ කෙල පැමිණි පොරක් තමයි ඔය කියන යාළුවා,


දවසක් මම රුපියල් 25ක්ද කොහෙද දිලා මලක් අරන් බයිසිකලේ හැඩල් එකේ කොපුව ගලවලා ඒක අස්සට දාගන දවල් 2ට විතර ඒ පැත්තට පැද්දා, මම යනකොට යාළුවා දාඩිය දාගන වත්ත උදළු ගානවා , මාව දැකලා උදැල්ල පැත්තකින් තියාපු පොර
'' මම මේ උඹව හොයන්ඩ යන්ඩ හිටියේ , උඹ ආපු එක හොදයි බං,  බලහන්කෝ තාත්තා කොහෙන්ද මන්දා පරණ හින්දි පීස් කෑල්ලක් අරගන ඇවිත් හිරකරානේ ඩෙක් එක ඇතුලේ''

''මොන  -ත්තක්ද බං හැමදාම හිරකරගන්නවනේ''

''රෙස්ලිං කෑල්ලකුත් තියනවා බං බලන්ඩ ගලවලා දියන්කෝ''
''මදෑ ආතල් එකක් ගන්ඩ ආවා මලවදයක්නේ බං .....හා  හා අරගන දෙන්නං , හදහන්කෝ ප්ලේන්ටියක්''

කියලා ජනෙල් උළුඅස්සේ මල් කැටයම අස්සේ ගහලා තිබ්බ පොඩිකතුරත් අරගන වාඩී උනා බිමින් , මල් ටික දිග ඇරලා නටුටික අයින් කරලා , හීනියට කපලා සිකරට් බාගයක් කඩලා ඒකටම කලවම් කරලා , සිකරට් පෙට්ටියෙන් කෑල්ලක් කපලා අරගන , ඩාබියකුත් නමලා , පේපර් තුන කෙල ගාලා අලවලා , බඩු ටික ඔක්කොම හිර කරලා එතුවා මෝල්කයක්.

ඒක පත්තු කරලා පාරවල් හත අටක් අදිනකොට යාළුවා තඩි ප්ලේන් දෙකකුත් හදාගන ඇවිත් ඉදගත්තා ලගින්,

අතේ තිබ්බ මල ඌට දීලා , සිකරට් බාගේ පත්තු කරගන බීලා , ප්ලේන්ටි  උගුරු දෙක තුනකුත් බඩට දාගත්තා.

දැන් ඉතින් දෙන්නා එක්ක එක එකාගේ රෙදි අහක් වෙච්චා කතා කර කර , මලත් ගහලා . ප්ලේන්ටි  දෙකත් බීලා . ඩෙක්එක ගලවලා  vhs එක එලියට අරගන  . පොර ගෙනාපු vhs එක දාගන උස්සලා පොලවේ ගහනවා බල බලා ඉන්නවා.

'' ගෙදර කව්ද ....ගෙදර ...කව්ද .....මහත්තයා ...මහත්තයා  ....කෝ ගෙදර නැද්දෝ ''

ඕන්නං තව තත්පර 20ක් යන්ඩ ඇති 

''කපු මහත්තයෝ  කපු මහත්තයෝ''

''ආතල් කඩාගන මූණ පුක කරගන යාළුවා නැගිටලා ගියා ඉස්සරහට''

'' ආ මේ නෝනනේ  ඇවිත් තියෙන්නේ , ඒත් මම බැලුවා මේ වෙලාවේ කවුද කියලා''

'' මගේ වැඩේ ඉවර කරලා තියන්නං කියලා . මහත්තයා මට අද එන්ඩ කියුවානේ''

'' බෙහෙත් අවුසදේ අද උදේ තමා එක්දාස් අට  ජීවං කොරලා ඉවර කොලේ, ඔහොම ඉදගන ඉන්ට මම ගෙනත් දෙන්නං''
එහෙම කියාගන ඇතුලට ආපු යාළුවා මා දිහා බලලා  දඹරගිල්ල තොල් දෙක උඩට තියලා කට වහගන ඉදපන් කියලා දැනුවත් කරලා 

මේසයට දාලා තිබ්බ ඉටි කොලය යටට දාලා තිබ්බ , වේලිච්ච බුලත් කොලයක් අරගන මේසය උඩින් තියලා , මේසය උඩ තිබ්බ වතුර නැති උස වීදුරුවක් ඇතුලට දාලා තිබ්බ කහ නූලකින් කෑල්ලක් කඩලා පැත්තකින් තිබ්බා

බෙල්ල දෙපැත්ත, පපුව දෙපැත්ත , බඩ , පපුවයි බඩයි අතර  අත් දෙකේ ඇගිලි වලින් හොදට පිරිමැදලා   , දාඩිය , කුණු , මැරුනු හම අඹරලා ඇරගන පුංචි ගුලි තුනක් හදලා . අර බුලත් කොලයට තියලා ඔතලා අර කහ නුලෙන් ගැට ගහලා ,  කින්ඩි හිනාවකුත් දාගන ආයෙත් ඉස්සරහට ගියා

'' මෙන්න නෝනා බෙහෙත් අවුසදේ ගුලි තුනක්ම තියනවා , කිල්ලට අහු කරගන්නවා එහෙම නෙමෙයි , මතකනේ මම කියුවා , උම්බලකඩ කෑල්ලක්වත් කන්ඩ බෑ, 

'' මතකයි .. මතකයි ,  දැන් ඔය ගුලි තුනම දෙන්ඩ  ඕනද මහත්තයෝ ''

''නෑ....නෑ... එකක් දුන්නත් ඇති, මම ඔය වැඩි හොදට එකක් අතපසු උනොත් කියලා , ඒ නමට ගුලි තුනක්ම ජීවං කරා , කෑමට බීමට කලවම් කරාට පස්සේ දීගන්ට බැරි උනොත් සත්තුන්ට එහෙම දෙනවා නෙමෙයි ''

'' අනේ පින් සිද්ධ වෙනවා මහත්තයෝ''

'' අද ආවේ මාස් කිල්ල පන්නලනේ''

'' ඔව් මහත්තයෝ''

''ඊලග සුද්ධියට තව කොච්චර දවස් තියනවද''

'' තව දවස් දහයක් දොලහක් ''

'' හොදටම ඇති හොදටම ඇති , දවස් හතක් ඇතුලත කොහොම මේක හරි  දෙන්ට ඕන , පහුකරගන්ට නං එපා ''

'' හා මහත්තයෝ හා''

'' හා හොදා .... ආයේ ඇවිත් ගුණදොස්  අපිටත් කියන්ට ඕන එහෙනං . දෙවි පිහිටයි ගිහිල්ලා එමුකෝ''

'' මහත්තයෝ පඩුරු එහෙම ''

'' එදා පූජාවට මේ නෝනා කියද පඩුරුතිබ්බේ ''

''දෙදාස්  එකසිය දහ තුනයි කපු මහත්තයෝ''

'' හා එහෙනං තව තුන්දාහක් දෙමුකො , තව කැමැත්තෙන් දෙන දෙයක් වැඩේ හරි ගියහම බැරියැ''

2 comments:

  1. Ado ota job eka amarasekarage massina kara neda.. man nata oya wage katha jotiyak kiyala tiyenawa

    ReplyDelete
  2. වශිය වැඩ කරලා වශී උන එකා කපුවා ළඟටම එන්න හැදුවනම් තමයි වැඩේ.
    නෑ මං කිව්වෙ ඔය ගුලි බීපු එකාට අතීසාරෙ කාරිය හැදුනොත් එහෙම.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to cook a delicious pork curry
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
  • Restoration Old Rusty Sewing Machine | Sticking color pattern design and...
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • දිට්ඨ ධම්ම වේදනීය
                             ඒ  ඉස්කෝලේ නිවාඩු කාලයක්  .... ලොකු අක්කා…
  • how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා  පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.
    අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු…
  • ගොත බොන්චි
    පහුගිය  දවස්වල ප්‍රසාද්ලෑ මයිනලෑ කිචි  කතා  ගොලු කතා  කියවනකොට තමයි මට මේක  මතක් උනේ ... මේක කිචි කතාවක්  ගොලු…
  • මල් සින්දු කියන මල්ලියෙක්ට
    නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා      …
  • පත සයිස් කබරයෙක්
    අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි…
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • ෆෝන් එකෙන් බ්ලොග්  එකක් ලියන්නේ  කොහොමද 12
    බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු ඔන්න එතකොට ඇප් එක ඕපන්…
  • How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය
    <script type='text/javascript'> 2  var d='<data:blog.url/>'; 3  d=d.replace(/.*\/\/[^\/]*/,…
  • කුරුඳු තැලිල්ල
    ලොරේසියේ කුළයට හා සිනමෝමම් ඝණයට අයත් ශාකයක් වන කුරුඳු වගාව පොල් වගාවේ යටි වගාවක් විදිහට හරි තනිකරම කුරුඳු හරි තමයි වගාකිරිල්ල කරන්නේ සෝදා…
  • තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව
    මෙන්න තවත් වීඩියෝ ලින්කුවක්  https://www.facebook.com/real.rr/videos/470071243560989/
  • ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.
    ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම…
  • සර්ලට මොකටද කසිප්පු
    අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත්…
  • සම හරක්  පිස්සො
    සමහරක්  පිස්සො ඉන්නවා උන්ට පිස්සු කියල උන් දන්නවා තනියම ගිහිං බෙහෙත් ගන්නව තව සමහරක්  පිස්සො ඉන්නවා  උන්ට පිස්සු කියල උන්…
  • HA-2045 ballpoint needles applied to household machines
  • මහන මෙෂින් අළුත්වැඩියාව
    මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 
1,645,925

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>