2013-10-12

vehicle emissions inspection certificate මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද



මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන පරිසර ඇමතිතුමෙක් ගෙනාවනේ නීතියක් ආදායං බල පත්තරේ ගන්ඩ කලින් ගන්ඩ ඕන කියලා දුං පරීක්සන සහතිකයක් , ඒ රස්සාව කොරන කොම්පැණියකට මම දැක්කුවා මගේ දඩු මොනරේ ,

ගෙව්වා net fee කියලා එකක් රුපියල් 370.54 ක් , ඒකට එකතු කොරලා තිබ්බා , vat කියලා එකකුත් රුපියල් 44.46 ක් රුපියල්ම , ඔක්කොම 415 ක් slr ,

ඒ සල්ලි ටික ගෙව්වට පස්සේ දුන්න කොල කෑල්ලක් ඒකත් අරගන ගියා දුම සැරද බලන මැසින් තියන තැනට  . එතන ඒ ගැජට් හය හතක්ම තිබ්බා , සමහරක් කට්ටිය හරි කැමැත්තෙන් එක මැසිමකට තමන්ගේ වාහනේ දාන්ඩ පොරකනවා , එතන වැඩකරන කට්ටියගේ අදුරන වාහන දාන්නෙත් එතනට හන්දා ඒ මැසිමට සමූපකාර පෝලිම වාගේ පෝලිමක් , කලින් පාර වෙන මෙෂිමකට දාලා අලවෙලා , දෙවනි  පාර ගියහම එතන වැඩ කොරන උන්දල.

'' ආ ඕක මෙතනට ගන්ඩ ''

 කියල කතා කරලම ගන්නේ ඒ මැෂිමට හන්දා මමත් ඒ පෝළිමේ කොනටම ඇල්ලුවා.

ටිකකින් පොරක් ඇවිත්

'' ආ ඕක මෙතනට දාන්ඩකෝ කියලා ''

මගේ අතේ තිබ්බ කොලය අරගන බල්ලෙක්වත් වාහනේ දාලා නැතු ව තිබ්බ මෙෂින් එකක් ඉස්සරට මගේ දුප්පත් සයිකලේ මාත් එක්ක දක්කලා , වටේට කැරකිලා  මොන මොනවද අර කොලයේ ලකුනු කොරලා , බයික් එක ස්ටාට් කොරන්ඩ කියලා . බරබර ගාලා ඇඹරිලා යන්ඩ රේස්කරලා  , අර මෙෂින්පතය ලගට ගිහිල්ලා මොන මොනවදෝ මිරිකලා , ආයෙත් ඇවිත් කිසි හිරිකිතක් නැතුව සයිලන්සරේ අස්සට පත යකඩ පොල්ලක් බස්සලා , ආයෙත් සැරයක් බස්නාහිර පලාතටම ඇහෙන්ඩ රේස් කලා බයික් එක , ඊට පස්සේ උගේ ගෑණිගේ හොර මිනිහා දිහා බලාගන ඉන්නවා වාගේ ඔරවගන අර පරිඇටයේ තිරය දිහා ටිකක් වෙලා බලාගන ඉදලා . කට බඝමණියවාගේ කරගන පොලවට සමාන්තරව අත ඒ පැත්තට මේ පැත්තට හෙල්ලුවා , හරියට සල්ලි දීලා මම එතනට බයික් එක ගෙනිච්චට ඌ හෙන තරහයි වාගේ , එහෙට්ට මෙහෙට්ට අත හෙල්ලුවේ හරියට



'' අහක් කරපං ඔය කුණු ගොඩ ඔතනින් කියනවා වාගේ ''

බයික් එක ඉස්සරහට දාලා මම එනකොටත් අර පරි ඇටයට කොටනවා ඌ . එතනට කිට්ටු කරපු මං අහිංසක  විදිහට

'' මල්ලි පාස්ද ''

'' නැ...නැ .... පේල්.... පෙල් .. ගිහිල්ලා හදාගන එන්ඩ , අර කාමරේ ඉන්න මහත්තයට ගිහිල්ලා මේක දීලා එයාගෙන් විස්තරය අහගන්ඩ ''

රීංගුවා ඒ කාමරේට පොර ඉන්නවා නිකං ගවනර් වාගේ

'' 2011 නේද ''

'' ඔව් ''

'' බයික් එක අවුල් හදාගන එන්ඩ ''

පොර මට දික්කරා තව කොලයක් , ඒකේ තිබ්බේ මෙන්න මෙන්න මෙන්න මෙව්වා හදන්ඩ කියලා ,  ( ඒක දෙවනි පාර ගියහම ආයේ ගත්තා , නැත්තං බලාගන්ඩ පීන්තූරයක් දාන්ඩ තිබ්බා  )

මගේ කටට හොද හොද එව්වා ආවත් මොකවත් නොකියා බැස්සා එලියට , ඇයි යකෝ ලීටරේට  හැත්තෑවක් දුහන රත්තරං බයික් එක , වටේ තැලිලා මලකඩ කාලා විනාසවෙලා තිබ්බට ලෙඩක් නොදී දුහන බයික් එක , හෙන ගහන කතානේ මේව්වා , මම මටම කියාගන්න ගමං දිග ඇරලා බැලුවා බයික් එක ෆේල් කියලා දුන්න රිපෝට් එක













හත් දෙයියනේ

ලෝ අයිඩියල් රුපියල් 38.50ක පෙට්රල් අපතේ යනවලු

හයි අයිඩියල් 38.75ක් අපතේ යනවලු

මුන්ට පුකේ ඉදං පිස්සු , පෙට්රල් අන්තෙටම හිදිලා බයික් එක ඇල කරලා ෂෙඩ් එකට දුහලා දෙසීයක පෙට්රල් ගහලා , දෝණිව ස්කෝලෙටත් දාලා කිරිබත්ගොඩටත් ගිහිල්ලා , හවසට කොහේහරි වටයක් දෙකක් ගහලා මැෂිමක් දෙකක් හදාගන , ආයෙත් ගෙර ඇවිත් , පහුවදාට කෙල්ලව ඉස්කෝලෙටත් දාලා , එදත් කිරිබත්ගොඩ ගිහින් හවසට අහල පහල කොහෙටහරි ගිහින් ආයෙත් රාගමට ඇවිත් තමා පැට්රෝල් ගහන්නේ , ( අනිවා හැතතැවක් නං වැඩ කොරනවා ) ,

අනික මේ බයික් එක හදන්නේ මම මයි , එක පාරක් කෙයිල් එක පිච්චුනා  , ආයේ ඉතින් කාටවත් දුන්නැ  ගලවලා ඔතවගන ඇවිත් හයි කලා . ක්ලච් ප්ලෙට් මාරුකරා , ඔය මොකක් කලත් මම තමා තනියම කොරගන්නේ , ඔන්න එකපාරක් නං වෑල් රබර් ගිහිල්ලා  ජයසාන්තයගේ ගරාජ් එකේ ගැලෙව්වා , එදත් සාන්තයට කියලා ටයිමීන්ග් තියාගත්ත එක විතරයි , හයි කරෙත් ගැලෙව්වෙත් මම මයි.. එහෙව් ඇණයක් ඇනයක් ගානේ මම දන්න බයික් එක , මේ රිෆෝට් එක මටනං විස්වාස කොරන්ඩ බෑ , අර පරණ හන්දා වටේ සද්ද බද්ද තිබ්බට දුං පොඩ්ඩක් නැ ,

ආවා ගෙදර , ඇදලා ගත්තා බයික්‍ එකේ ෆයිල් එක  , පරණ දූං සහතික හතරක් පහක්ම තිබ්බා ඒකේ ,

පහුගිය අවුරුදු පහ  ඇතුලත මම බයික් එකේ කාබරේටරය සුද්ද කලේ දෙපාරයි , එයාක්ලීනරයේ ස්පොන්ජ්එක මාරු කලේ එක වතාවයි , වෑල් ටෑපට් සහ ටයිමින්ග් චේන් එජස්කලේ එක වතාවයි , දුම් පරික්ෂනයට ඉදිරිපත් කොරන්ඩ කියලා  එක වතාවක්වත් බයික් එකට අමුතු සැපක් දුන්නේ නැ , ගියා දැම්මා ගත්තා ආවා . ඔන්න එක වංගියක් නං ෆේල්වෙලා ගෙදර ඇවිත් පැයක් දෙකක් ඉදලා හුළං ඇණේ පොඩ්ඩක් කරකවලා හුළං ඇරගන ගිහිල්ලා දැම්මා වැඩේ ගොඩ .

මේ බලන්ඩ මේක මහ විකාරයක් , හරියට කරනවනං මේ වැඩේ හොද වැඩක් , පරිසරයට විස වායු එකතු වෙන එක පාලනය කරන එක කල යුතුම කාර්ය්‍යයක් , නමූත් මේ ග්‍රීන් ටෙස්ට් කතන්දරය හරියට කෙරෙන්නේ නෑ ,

මෙන්න බලන්න


2008 - 2009

rpm  1464 / 2435

co %  1.347 / 1.269









2009 - 2010


rpm 807 / 2606

co % 5.669 / 5.773






2010 - 2011

rpm  720 / 2271

co % 3.680  /  3.383







2011 - 2012

rpm  879 / 2573

co %   0.390  /  0.380














2012 -2013

rpm  949 / 2325

co %  1.896  /  5.069









බලන්න බයික් එකට මහලොකු සාත්තුවක් නොකර අවුරුදු පහක් තිස්සේ ටෙස්ට් එක පාස්වෙලා තියන විදිහ , 2010 දී   co % 3.680  /  3.383 වෙච්ච කාබන් විමෝචන අගය , 2011 දී කිසිම හේතුවක් නැතුව co %   0.390  /  0.380 දක්වා අඩුවෙලා , හරියට අළුත් බයික් එකක වගේ , හැබැයි එන්ජින් එකේ ආර් පී එම් අගයේ නං මහලොකු වෙනස්කමක් වෙලා නැ , හැබැයි ඊලග අවුරුද්දේ කාබන් විමෝචන අගය ඉහල ගිහිල්ලා co %  1.896  /  5.069 දක්වා , ඒත් එක්කම ආර් පී එම් එකත් වැඩි වෙලා ,

ඔන්න ඔය කාරනාව හින්දම තමයි මට හිතුනේ , බයික් එකට මොකවත් නොකර ආයෙත් පාරක් ටෙස්ට් එකට දාන්න , පැය දෙක තුනක් ගෙදරට වෙලා ඉදලා ආයෙත් ගියා , බයික් එක හැදුවයි කියලා දෙවනි ටෙස්ට් එකට දැම්මා , හැබැයි අර කලින් මෙෂින් එකට නෙමෙයි , අර වැඩිපුර කට්ටිය පෝලිමේ ඉන්න මෙෂින් එකට.

මිල්ක් ඩැඩීට ඩෝග් ජම්පින් කියලා මෙන්න යකෝ ටෙස්ට් එක පාස් , මට එක පාරටම සිහියට ආවේ අර ඇමතිතුමාගේ මව්ගූණ තමා ,








කලින් ෆේල් වෙච්ච පාර

rpm 710 - 2300
hc 776 - 869
co 6.270 - 6.132
lambda 1.151 - 1.163
o2 7.350 - 7.480
co2 5.900 - 5.900
fuel  westage % 25.84 - 26.00


දෙවනියට පාස්වෙච්ච පාර

rpm 804 - 2494
hc 1022 -982
co 4.253 - 5.587
lambda 1.377 - 1.267
o2 8.960 - 8.550
co2 5.960 - 5.260
fuel  westage % 23.27 - 27.02

‍මේ දුම් පරික්ෂන හරියට කෙරෙන්නේ නෑ ( වාර්තා වැරදියි )

ජරාව දිලා ටෙස්ට් එක කරලා සහතිකය අරගන තමයි ගොඩක් බරවාහන පාරේ දුහන්නේ

අපිවාගේ දියුනුවෙමින් පවතිනවායැයි කියන රටක මිනිස්සුන්ට අමාරුයි තමන්ගේ පරණ වාහන ඉක්මනට අහකට විසිකරලා අළුත් එව්වා ගන්න හරි , අමතර කොටස් වලට නිරපරාදේ මිළ මුදල් වියදං කරන්නත් අමාරුයි

දියුණු බටහිර රටකදීනං ඔය කෙලිය කොරතහැකි , මොකද උන් පරිසරය විනාස කරලා පෝසත් වෙලා ඉවරයි , දැන් උන් හදන්නේ අපි හරිතාගාර වායුන් පිට කරන එක පාලනය කරන්න , එතකොට කොහොමද අපි දියුණු වෙන්නේ. අපේ ලොකු ලොක්කෝ උන්ගේ ලණු කාලා අපිටත් කවනවා

''වාහන දුම් පරික්ෂණ සහතිකය කා සදහාද . කුමකටද'' 

2 comments:

  1. ''වාහන දුම් පරික්ෂණ සහතිකය කා සදහාද . කුමකටද''

    මේක නම් මටත් හැමදාම හිතෙන දෙයක්..(හැමදාම කියුවෙ පරීක්ශනෙ කරන්න යන හැමදාම හරිද...)

    යකෝ සල්ලි ඕනෙ නම් එකවරම ලයිසන් එකට ඇඩ් කරානම් ඉවරයිනෙ...

    මේක බොරු දේශප්‍රේමයක් පෙන්නලා සල්ලි ගසා කෑමක්....

    තව එකක්...යකෝ දැන් මේ ටෙස්ට් එක ලඟ නැත්නං දඩ ත් ගහනව....
    (මුන් බබාල ,දන්නෙම නැ මෙක නැත්තන් ලයිසන් එක ගන්න බෑ කියල..._

    ReplyDelete
  2. ඔය සීන් එක මම දන්නා විදිහට ඒ කාලේ හිටිය (අදටත් ඉන්න)අඩි හතකට කිට්ටු ඇමතිකෙනේක්ගේ සාක්කුවට වැඩි බරක් වටෙන වැඩක් නේද ඕක ?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
     , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
  • ‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘  Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට  rashain mobile kiribathgoda
    ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු…
  • Jaba and Julbuli my Lovely  dog pets / smarty dogs / Funny dogs / Lovely...
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • අරක්කු සිකරට් බොන එකේ මොන ආතල් එකක්ද
    දැං මේ මං අටහමාරට විතර ගෙදර එනගමං .... චුට්ටක් මොනවාහරි කරන්ඩ කියලා හිතලා දැල් කඩේ ගාවට ලංකරලා  නවත්තලා අල්ලපු කඩේට ගිහින් සිකරට් අරං අනිත්…
  • Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya
     
  • පුනරුප්පත්තිය
    ‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘ ‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ…
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • අතිගරු ජනාධිපතිතුමනි
    ඔබතුමා අපේ  භාරකාරයා විදිහට පත් උනාට පස්සේ යම් යම් තීන්දු තීරණ ගන්න විදිහ දැක්කහම , කරන්න උත්සාහ කරන දේවල්  දැක්කහම ඔබතුමා…
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්
    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ…
  • එග් බන් ඇන්ඩ් පුක් බන්
    මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ගැන කතන්දරයක්.  ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි…
  • පව ඇරියස්
    අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක…
  • බඩු නැ සර්
    අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද…
  • ලොකුසාදුයි සල්ගාදුයි
    ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු. ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු. තව…
  • elna su air electronic sewing machine
    මේ එල්නා මෙෂින් එක එයාර් ඉලෙක්ටොනික් ෆුට් කන්ටෝලර් සිස්ටම් මෙෂින් එකක් ,එහෙමත් නැත්තං කටට හුරු විදිහට එයාර්කන්ටෝල් මෙෂින් එකක් , එල්නා පාවිච්චි…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • අටම්පහුරාට  අතවරයක්
    මේ අතවරය මට සිද්ධ උනේ වසර හත අටකට කලින් දවසක මම පිටකොටුවේ ඉදන් රාගමට එන කොට,මම කවදටත් පූට්බෝඩ් යන කොල්ලා හන්දා එදත් නැග්ගා පූට්බෝඩ්…
1,648,914

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>