2014-07-06

ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය



පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක් ආච්චිල කියනව මං අහල තියනව

'' අර නැටිච්චියන්ගේ මහ උන්ගේ ඇස් වලට හෙන ගහලද අර කෙල්ලන්ට අරහම අන්දගන යන්නේ ''

අනේ අර දරුවා ඇදගන යන්නේ ටයිඩ් ඩෙනිමක් , ඒක නරකයි කියන ආච්චි අම්මගේ කැබිනට් එක උඩ තියනව කළු සුදු  ෆොටෝ කෑල්ලක්  , උන්දැ ඒක හරි උජාරුවෙන් දූවිලි පිහදාල එහෙම තියාගන ඉන්නේ, අනේ ඒ පොටෝ එකේ උන්දැ ඉන්නේ තව කෙල්ලෝ සැට් එකකුත් එක්ක කොට ගවුමක් ගහගන , ඒක දැක්කහම මට නං හිතෙන්නේ , අපේ සීයලගේ තාත්තලගේ තරං මගේ ඇස් පිං කරල නැ කියල . ඇයි හත් දෙයියනේ අර ආච්චිගේ පස්සත් පේන නොපෙනෙන ගාන.

සීයල ඊටත් හපං , උන්ගේ කලිසං වල යට වාටිය ඉනටත් ‍වඩා ලොකුයි , ඕකත් ඇදගන කොන්ඩය කාක් කුඩයක් වගේ වවාගන අවුල් කරගන , කකුලක් පිට කකුලක්  එහෙම දාගන නැයිකට් එකක් ෆෝඒස් එකක් ගහගන එහෙම තමා පොරවල් ෆොටෝ අල්ලල තියෙන්නේ ,

තව ඔය ඉටියා බජාර් පොරවල් ගංවල චන්ඩි , කසිප්පු මුදලාලිලා ඒම , බලන්ඩ එපැය පොරවල්ගේ ඉට්ටැයිල් , සුදු සරමක් හරි , වටින රට සරමක් හරි ඇදල , දැල් බැනියමක් සරමට යට කරල , ඒකට උඩින් සුදු යකඩ බොත්තං වලින් පොඩි පර්ස් කෑල්ලක් එහෙම අල්ලපු පටියක් බැදල , දුහුල් නයිලොන් ෂර්ට් එකේ යට බොත්තං තුන විතරක් දාලා සාක්කුවට දෙකට නමාපු සීයේ කොලයක් එහෙම දාගන අත්නමාගන එක පැත්තකින් සරම උස්සගෙන පාරේ ඇවිද්ද ලස්සන ,

කරුමේ කියන්නේ ඒ පරම්පරාවට අපේ කාලේ මෝස්තර දිරවාගන්ඩ බැරි වෙච්ච එක තමා , දැං තත්වය එන්ඩ එන්ඩම දරුණුයි.

මේ කාලේ නිතරම අහන්ඩ ලැබෙන දෙයක් තමයි අපේ වැඩිහිටියෝ කියනව

''අර හුජ්ජ කොල්ලගේ පුදුම ඉලන්දාරි කමක්නේ තියෙන්නේ''

''අර කෙල්ලගේ තියන නැටිල්ල , ඇටෙන් පොත්තෙන් එලියට එන්ඩ කලින් ලමිස්සි වෙන්ඩ හදනව''

ඒ උනාට අප්පා දැං හැදෙන කොල්ලෝ ඒ කාලේ තරං නරක නැ , අපේ කාලේ කොල්ලෝ කරපුව ( මං නෙකෙරුවට ) කොටු පැනිලිද , ගල් කැපිලිද , වතුවලට පැනල වතු පාලු කෙරිලිද , චැලෙන්ජ් කරල එකෙක් වැටෙනකං ගහ ගැනිලිද . ගෑණු නාන වෙලාවටම ඇලේ ,දොලේ , ලිදේ, නාන්ඩ යෑම්ද , ( කොල්ලෝ කුලප්පු කරන්ඩම හිතා මතාම එලියේ දාගන කුණු අතුල්ලපු කෙල්ලො , ගෑණු එහෙමත් හිටියා ) , ඔහොම එව්වා කොහෙද දැන් හැදෙන කොල්ලන්ට.


ඒ කාලේ කෙල්ලෝ ඔයිට හපං , දැං ඔය කෙල්ලංව කෝටු මස් කරන්ඩ කතා කරන නාකි හුචක්කු  පදුරු හත අටකුත් තලල අවුරුදු  පහලවක් දාසයක් වෙන කොට ළමයි එකෙක් දෙන්නෙකුත් හම්බ කරල ,

දැං ඔය හෙන ලොකුවට කතා වෙන එකක් තමා පුක පල්ලට එල්ලෙන්ඩ කලිසම අදින එක , දැං ඉතින් හැම ළමයම වාගේ අදින්නේ එහෙම , කොටින්ම මගේ අර ඇබිටිල්ලං ලොකු කෙල්ලත් කලිසමක් අදින වෙලාවට පාත් කරගන්නව කලිසම ඉනෙනුත් පහලට , අපේ පවුල නං කෙල්ලට කැගහනව උනාට මං නං හිනාවෙල අහක බලාගන්න.

මට මතක විදිහට ඕක ලංකාවේ මැද පන්තියේ සහ පහල පන්තියේ තරුණ කොටස් අතරේ ජනප්‍රීය උනේ අනුව දශකය අගභාගේ අපේ ගන්දබ්බ කාලේ ,  ගල්ෆ් යුද්දෙට එහෙම ගිහිං ඇවිත් සින්දු කියපු Shaggy  ලංකාවේ ජනප්‍රීය උනේ අන්න ඒකාලේ . ඔය මෝස්තරය ලංකාවේ ජනප්‍රීය වෙන්ඩ ආසන්නතම හේතුව විදිහට මටනං මතක ඔය Shaggy ගේ අමුතුම තාලේ Reggae ඉට්ටයිල් එක අපේ කොල්ලො කෙල්ලෝ අතරේ ජනප්‍රීය වීම සමග ඇති වෙච්ච Shaggy ගේ විලාසීතා අනුගමනය කිරිම කියලයි මට හිතෙන්නේ.


ඔය මෝස්තරේට

2000 ඉපදුන උනුත් අදිනව
90 ඉපදුන උනුත් අදිනව
80 ඉපදුන උනුත් අදිනව
70  ඉපදුන උනුත් අදිනව
60 ඉපදුන සමහරක් පොරවලුත් අදිනව
50 හේ 40 හේ ඉපදුන උනුත් ඔය මෝස්තරෙන් ඉන්නව බෙල්ට් එකක් ඇදලා නැති වෙලාවට දෙකක් දාගත්තහම , එහෙම වෙලාවට බැහැපු කලිසම උස්ස ගන්ඩ කියල ‍පෙන්නුවහම හරිම ලස්සනයි උස්ස ගන්න විදිහ , කලිසමේ දෙපැත්තේ ලූප් වලින් අල්ලල ගස්සල ආයේත්  කලිසම අස්සට බහින විදිහ බලාගන ඉන්ඩ ආසයි.

තුන් හාරදාහක ජොකෙක් ඇදල , හත් අටදාහක කලිසමකට තව දෙතුන් දාහක බෙල්ට් එකක් දාලා හත් අටදාහක සෙකරපත්තු දෙකකුත් ඇදගන , හාර පන්දාහක කමිසයක් දාලා ඉන්න කොට නං පොඩි ගතියක් තියනව තමා ,

හැබැයි ඉතින් වර්ල්ඩ් මාකර්ට් එකෙන් ගත්ත එක්දාස් පන්සියේ ඩෙනිමට යටින් ඕල්කට් මාවතෙන් ගත්ත එකසිය දහයේ  ජොකෙක් ඇදගන ඉන්නකොටනං ඉතින් අපෝ කියල හිතෙනව තමා.

අනික් කාරනාව තමයි සංගීතේ . හයියෝ මේ දැන් හැදෙන උන් බැනුම් අහන තරමක් උන් අහන සින්දු හන්දා , අපේ කාලෙත් ඔය කතන්දරය තිබුනා , අපි ආත්මලාගේ , නාමල්ලගේ , කුමාරසිරිලගේ , දොලමුල්ලලගේ , ප්‍රීන්ස්ලගේ සින්දු අහනකොට , අපේ තාත්තල ඒ කැසට් එක එලියට දාලා මිල්ටන් පෙරේරලගේ , ක්ලැරන්ස්ලගේ , ජෝතිලගේ , ඇනස්ලිලගේ කැසට් දැම්මා ,

හැබැයි තාත්තලට දැනුනේ නැ අපි කැමති සින්දු වලට එයාල කැමති නැති උනාට , එයාල කැමති ඒවා අපිත් රසවිදින බව ,

ඒ වාගෙම තමා   අමරදේවලගේ ,  කපුගේලගේ , වික්ටර්ලගේ සින්දුවක් යනකොට එයාලවත් අපිවත් වහල දැම්මේ වත් සද්දෙ අඩු කලේවත් නැ , ඒ ගැන අපේ අතරේ තිබුන නිහඩ අත්සං නොකල සම්මුතියක් , ගිවිසුමක් . අපේ මිනිස්සුන්ගේ ඒ ගුණය නැති වෙන්ඩ ගත්තේ , බත් එකක් , සීනි කාලක් , කරවල සීයක් ඔතාගන ආපු කොළ කෑල්ල හරි කියවන එක අත ඇරිච්ච දා ඉදං , එහෙම බලන කොට අපි හරිම වාසනාවන්ත මිනිස්සු.

හොද රසවින්දනයක් තියන මිනිහෙකුට පුලුවං අමරදේවගේ , එඩ්වඩ්ගේ , ක්ලැරන්ස්ගේ , කසුන්ගේ , ජොලි සීයගේ , පොඩි ළමයගේ , චින්තිකගේ ඔය කාගේ උනත් සින්දුවක් රස විදින්න , හැබැයි ඉතින් ඒ  ගීතයට අදාල  ඉට්ටයිල් එකට අනුකුලව ඒක නිර්මානය වෙලා තියෙන්න ඕන සහ නිර්මාණයට දායක වෙච්ච සියල්ලන් සින්දුවට සාදාරණයක් ඉෂ්ඨ කරල තියෙන්න ඕන .

තවත් පට්ට ගහන කාරනාවක් තියනව ඒක තමයි කණ්ඩායම් සංගීතය ,  සංගීතය කණ්ඩායම් , භාවිතා කරන සංගීත භාංඩ , සහ සංගිත භාංඩ භාවිතා කරන ආකාරය ,

අටමත් කාලයක් ඔය බෑන්ඩ් උණ හැදිලා කනට කරාබුවක් එහෙම දාගන කොන්ඩෙත් පෝනි ටේල් එකක් දාගන , බේස් ගිටාර් එකක් කරේ දාගන ෆ්රැක්ටිස්  කොලා

ජීම් පප්පා ....ජීම් පප්පා .....ජිම්පප්පගේ ..ලොකු අක්කා .....ජිම්පප්පා   ජිම් පප්පා ....ජිම් පප්පගේ ලොකු අම්මා කියල .

කාලයක්  ෆ්රැක්ටිස්  කොරනකොට ඒක එපාවෙලා බැස්සා ඔක්ටපැඩ් ගැහිල්ලට අන්න ඒකනං නැගල ගියා , මටනං හිතෙන්නේ ඔය බෑන්ඩ්වලින් ස්ටේජ් එකේ ගහන හොදම භාන්ඩේ තමා ඔක්ටපැඩ් ඒක , බෑන්ඩ් එකක් ජනප්‍රීය වෙන්ඩ ලොකුම සාධකයක් තමයි එයාල පාවිච්චි කරන ඔක්ටපැඩ් ප්‍රමාණය , ඔක්ටපැඩ් වර්ගය සහ වාදන ශීල්පියා .

බැන්ඩ් වල ඔක්ටපැඩ් ගහන කොල්ලන්ට බයින තරමක් , ටකරං සංගීතේ කියයි , සින්දු කනව කියයි , අනේ එහෙම පරමාර්ථයක් උන්ට නැ , උන් හරිම ආසාවෙන් , ආදරෙන් , භක්තියකින් ඔය රස්සාව කරන්නේ,

ඩ්‍රම් සෙට් එකක් අවශ්‍ය නැති , අටවන්ඩ විදිහක් නැති තැනකට ඩ්‍රම් සෙට් එකේ ජොබ් එක ගොඩ දාන්ඩ කියල ජපානේ හදාපු ඔක්ටපැඩ් එකෙන් තබ්ලා ටෝන් , තබ්ලා බීට් හදාගන මවාගන දාන සෙල්ලං වලට අපේ කොල්ලන්ට මල් තියල වදින්ඩ ඕන කියලයි මට හිතෙන්නේ...................................................................................................................

ඔව්වා ඔහොම වෙද්දි දැං හැදෙන කොල්ලන්ට නං දරාගැනීමේ හැකියාව ඉස්සර කොල්ලන්ට තරම් නැද්ද කියල වෙලාවකට හිතෙනව , ඇයි හත් දෙයියනේ කෙල්ල දාලා ගියා කියල මේ යක්කු මල් ගහගන , පෙති ගහගන , කුඩු ගහගන කෙලින පිස්සු දැක්කහම මටනං අපෝ කියල හිතෙනව.

120 comments:

  1. පොන්නා ලාපය කියන්නේ මොකක්ද ......?

    ReplyDelete
    Replies
    1. කෝ මාරේ උඹගේ පොටෝ කැල්ල

      Delete
  2. එහෙම වචනයක් නැද්ද

    ReplyDelete
  3. අනෙකාගේ ආතල් එක ඉවසන්න පුරුදු කරන එකනම් වැදගත්... මං මේ ලගදි කියෙව්ව කොල කෑල්ලක තියෙනවා..අපි හැමෝටම ආන්ඩුවෙ තග, පොලිස් මාමලාගේ රැස්පට්, බදු, අසාධාරන ආදිය ඉවසන්න පුලුවන් හැබැයි අනික් ආගමේ එකාගේ සුලු සුලු දේවල් ඉවසන්න අමාරුය ිකියලා..ඒ කතාව ඇත්ත කියලා මට ඒ වෙලාවෙ හිතුනා..

    ReplyDelete
    Replies
    1. //අනික් ආගමේ එකාගේ සුලු සුලු දේවල් ඉවසන්න අමාරුය//

      දැං වෙන්නේ සුලු සුලු දේවල්ද බං

      Delete
  4. ඔය කලින් පරම්පරාවෙ "ඒකට දැන් කාලෙ එවුන්" ගොන් ආතල් එක හැම තැනටම ඇප්ලයි වෙන එකක්.

    ඒකට හේතුව මම හිතන්නෙ එක ආකාරයක සාධාරණ ඉරිසියාවක්. තරුණකමට හැමෝම කැමතියි.

    ඒත් තරුණයොම හිතලම පොන්න වෙන්න හදන එක අස්වාභාවිකයි. මේකට මුල් වෙන්නෙ "ගුරු දෙගුරුන් කියන දේ අහන්ඩ ඕනෙ" කියන මන්තරේ පොඩි කාලෙ ඉඳලම ඔලුවට දාලා තියෙන නිසා.

    ශාස්ත්‍රීය සංගීතය විතරක් (බලෙන්ම) අහන එක, මානසික රෝගයක මට්ටමෙන් අතීත කාමයක වෙසෙන එක, අපේ පරම්පරාවෙ එහෙයි පප්පලගෙ වැඩ.

    ලව් එකක් කැඩුනාම මිනීමරාගන්නෙත් ඒ ලඳ බොලඳකම නිසා. අපිටවත් ගැලවෙන්න ලේසි නැති වුන මේ මගුල.

    ඔය බනින කලින් පරම්පරාවට අමතක වෙන පලවෙනි දේ තමයි උන් බනින පරම්පරාව හැදුවෙත් උන්මයි කියන එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පිටස්තරයා අදහස් දැක්වීමට

      Delete
  5. මේක අපේ අම්මගේ පරම්පරාවේ මට ඇද කුද කියන අයට පෙන්නන්න ඇත්නම්, අපේ අම්මට

    //උන්දැ ඒක හරි උජාරුවෙන් දූවිලි පිහදාල එහෙම තියාගන ඉන්නේ, අනේ ඒ පොටෝ එකේ උන්දැ ඉන්නේ තව කෙල්ලෝ සැට් එකකුත් එක්ක කොට ගවුමක් ගහගන///

    අපේ ආච්චි අම්මා මට නැට්ටිච්චියෝ , උඩක්කිය කියනවා. ඒත් එයාගේ ෆොටෝ වල එයාලා කොටට ඇදලා ඉන්නේ.. හොද ලිපියක් අයියේ

    ReplyDelete
    Replies
    1. බයිනකොට උඹත් බැනහං

      Delete
    2. කොහෙ බනින්නද බං අර වැඩේවත් හරියට නිවාඩුපාඩුව කරගන්න දුන්නේ නෑනේ මෙයාගේ අම්මා...

      Delete
    3. අටම් @ මං බන්නේ නැහැ ඊට වැඩිය කළා

      නලින් @ හි හි

      Delete
  6. අටම්......මේ ලිපිය බොහෝ දේ මේසෙට ගේන ලිපියක් නිසා . මම නම් පෞද්ගලිකව මේකට කැමතියි. කැමති විතරක් නෙමේ අපි කතා කරමු. ප්‍රවේශයක් හැටියට මම මෙහෙම ලියන්නම්. මේක අපි නිවැරදිව හඳුනාගමු. මම වේදිකාව ගැන කියන්න පසුවට තබා , මුලින් මෙහෙම කියන්නම්.

    සංගීතය යනු විශ්ව භාශාවක් යැයි කවුරුත් පිලිගන්නා සත්‍යයයි. සරිගමපධනි තුලින් අප වටහාගන්නේ විශ්වයේ රිද්මය සහ තමාගේ රිද්මයයි. මගේ රිද්මය සහ අනිකාගේ රිද්මය එකිනෙකට වෙනස් බව කිව යුතු නොවේ. මා පෞද්ගලිකව රස විඳිනා රිද්මයක් තිබේ. එය ඝෝෂාකාරි සංගීත රටාවක් නොවේ. එවන් සංගීත රටාවන් ප්‍රිය කරනා වුන් ලෝකය පුරා විසිර ඇත. මම බීතෝවන්ගේ සිටHeavy metal rock bands (GUNS &ROSES, MEAT LOAF) පවා රස වින්දෙක්මි. ආන්නද සමරකෝන්. සුනිල් ශාන්තයන් .අමරදේවයන්, වික්ටර් රත්නායකයන්ගේ සිට...අමරසිරි පීරිස්, චිත්‍රාල් සෝමපාල, නදීක ගුරුගේ, ඉන්ද්‍රචාප ලියනගේ, හර්ෂ දනෝෂ් දක්වා ඒ සංගීත රිද්මයන් රස විඳින්නෙක්මි.

    බටහිර සංගීත ආකෘතිවල තිබු රිද්මයන්වූ R&B, ROCK, REGGAE. POP දක්වා ශ්‍රවනය කෙරුවෙමි. ලංකාවේ 80 යුගයේත් ඕවා තිබුණි. වික්ටර් හාරා, නන්දා මාලිනි,කපුගේ, ජයතිලක බණ්ඩාර සිට අජිත් කුසුම්සිරි නම්වූ ඒ පට්ට රැඩිකල් ගායකයා පවා අසන්නෙමි. මම අජිත් කුමාරසිරි අසන්නේ ඔහු පටන්ගත් 2000 මුල සිට විය යුතුය. මේ සියල්ලන් තුල මා විඳවන්නේ නැති නමුත් විඳින සංගීතයක් තිබේ. මා අනිත් කිසි දෙයකට වඩා සංගීතය විඳින්නෙක්මි. මට එය විඳවන්නට නොහැකිය. විඳවනවා නම් මම එතනින් බැහැර වෙමි. කිසිවෙක් වැරදි නැත. සංගීතය හෝ සෞණ්දර්‍යය යනු දේශපාලනය හෝ සමාජ සත්‍ය නොවේ. චිත්‍රයකට, කෙටිකතාවකට හෝ සිනමා නිර්මානයකයට බොහෝ විවේචන ඇති මුත් ඊටත් වඩා සංගීත නිර්මානයන්ට මිනිසුන් චෝදනා එල්ල කරන්නේ, සංගීතය මිනිසුන් හා එතරම් බැඳීමක් ඇති නිසා යැයි මම සිතමි. කණ පිනවීමට අපි කැමැත්තෝ වෙමු. මම මේ ලියන්නේ මෙතනට අදාල දෙයක් නොවොවත් ..අටමා සාකච්ඡා කරන්නට අරඹා ඇත්තේ සොඳුරු මාතෘකාවකි.

    අද ධනුශ්කලා, චමිල සඳරුවන්ලා, විශ්මිතලා, ගයානි කෞශල්‍යා, මන්ජුලා සෙව්වන්දිලා කරන්නේ අපට අමතකවූ බොහෝ දේ අතුල අධිකාරිලා හා එක්ව නැවත මතක් කරදීමයි. මට විවේචන බොහෝ තිබේ. හාල්පාරු සුපර්ස්ටාර්ස්ලා වඩා යම් කිසි ප්‍රවනතාවයන් ගොඩ නැගෙන බව පෙනේ. ගීත ප්‍රතිනිර්මානයන් ලෙස ඉදිරියට නො එන තාක් ඒවා වැලලී යනු ඇත. කියන්නට බොහෝ දේ ඇත.

    වේදිකා සංගීත සංදර්ශණ තුල සිදුවන අකටයුතු බොහෝය. නමුත් ඒ කටුක වේදිකාව තුල දහස් ගණන් අහිංසකයන් නටවනා සහ පිනවනා, ඒ වාදක ශිල්පීන් ගැන ලිවිය යුතු දේ බොහෝය. ජෝතිපාලල, මිල්ටන් පෙරේරලා, ඇම්. ඇස්ලා පමනක් නොව කපුගේලා, වික්ටර්ලා, සුනිල්, එඩ්වඩ්ලා ගොඩ ආවේත් ඔතනින්ය.

    හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි
    කිසි වාසියක් නැහැ හාමතේ නැත්නම්..අතේ සල්ලි

    ගායනය...ජෝති අයියා, මිල්ටන් බුවා සහ බෙග් මාස්ටර්
    මියුසික්....චිත්‍රාල් සෝමපාලගේ ඩැඩි පී.එල්.සෝමපාල
    පද රචනය...සිරිල් ඒ සීලවිමල ශූරීන්

    ReplyDelete
    Replies
    1. පරන සින්දු අපිට අහන්නට නියමිත ප්‍රමිතියකින් ගේනවාට මම කැමතිය. නමුත් ඒ සින්දු..බින්දු කරනවාට මා තදබල ලෙස අකැමතිය.

      Delete
    2. It should be Master P.L.A. Somapala.... not P.L. Somapala. sorry.

      Delete
    3. //සින්දු..බින්දු කරනවාට මා තදබල ලෙස අකැමතිය.//

      නියම කියමන

      Delete
  7. අටම් මාමෙ(කලිසම බස්සල අඳින ලොකු කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ අංකොල් වෙන්න එපයි )වැඩේ කියන්නෙ ඔයාලට තේරෙන ටික බහුතර හිටියවැඩි කට්ටියට තේරෙන්නෙ නැති 1 නෙ.ඔයා මෙව්ව ලියුව කියලත් ඒ බනින 1 නවත්තන්නෙ නෑ තමා ඒ උනාට රටක් ජාතියක් හැටියට අපි ජිනීවා වලට විරුද්දවත් පා ගමන් එහෙම ගියානෙ ලංකාවෙ. මේකත් ඒ වගේ මගුලක් කියල වත් හිතමුකො.අදහස පට්ට.මාතෘකව පොඩ්ඩක් ගලපෙන්නෙ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. මාම යකෝ මං තාම තිස් හයේ කොල්ල

      කෙල්ල පොඩියි බං දෙක වසරේ

      Delete
    2. උඹ ඉතින් නාකි වෙලා බැන්දට අපි පලිද . උඹේ 36 ට තව 7 ක් එකතු කරලා 42 කොලු ගැටයා කියපන්

      Delete
    3. මට තිස් හයයි ප්‍රීතිඇගිල්ලො

      Delete
  8. අප්පට බොල.. අරූ අයිය කිව්ව වගේ සොඳුරු මාතෘකාවක්නේ.. එකක්‍යෑ .කීයද්ද බං :D

    ඕං කලිසං ෂීන් එක ගමුකො.. ඔය ගෑල්ලමයි කොටට අඳිනව නේ.අනේ මං නං හරී මනාපයි :D හැබැයි විලාසිතා තෝරගද්දි අනුන්ට ලස්සනට පේන්න නං ඒක තමුන්ට ගැලපෙන්න ඕන. ආත්ම තෘප්තියට අඳිනවනං ඕන එකක් ඇන්දට අවුලක් නැ..

    සාමාන්‍යයෙන් පැහැපත් සමක් තියන කකුල් මහත කෙල්ලෙක් කකුල් වලට වැක්ස් පාරක් කාරිය දාලා කොටට ඇන්දම මට නං ලස්සනයි..කෙට්ටු නං ඉතිං ඩෙනිමක් ස්කර්ට් එකක් තමා.. නැත්‍තං ලබ්බට කෝටු ගැහුව වගේ යද්දි එපා වෙන්නෙ ගෑණු සංහතියම, :D
    කොල්ලන්ටත් එහෙම තමා. ගැලපෙනවනං මූණෙ හැඩයට යනවනං කොන්ඩෙ වැව්වට පාට කරාට කරාබුවක් දැම්මට මට නං කිසී අවුලක් නෑ..

    ඔය කොල්ලන්ගෙ ෂීන් එක ඉතිං කීවට මොකෝ මාත් නං අඳින්නෙ ඔහොම බස්සල තමා..කලයක් තිබ්බනෙ ඔන්න බිම සයිස් එකේ.එහෙම නෙමෙයි දැං ඉතිං බෙල්ට් එක ඩිංගක් බුරුලට දානවා. ඊටපස්සෙ ගුරුත්තාකර්ශනේ ඉතුරුටික බලාගන්නවා..ඔය ඉරිච්ච ඩෙනිං කෑලි තමා මට් නං ආසම. .. ඕකයි ටීෂර්ට් කැල්ලකුයි දාගත්තම ඕනැ රට රාජ්ජෙක ගිහෑකි..ඕ යේස්. හැබැයි අටමො අතේ තියන ගානට නෙවැ බං කොල්ලෙක් අඳින්ඩ. එහෙම එකේ ඉතිං දුප්පත් කොල්ලෙක් අඩු ගානක ඇඳුමක් හරි අරං එහෙම ඇන්දට පව් බං.. කොල්ලොනේ !! ඈ
    ඌට දවසක තේරුං යයි සල්ලි එකතු කරල හරි එකපාර හොංද ඇඳුමක් ගත්තම පට්ට ගහන්ඩ ඈක් වග..

    ReplyDelete
    Replies
    1. ඒක හරි හොද ඇදුමක් ගත්තහම පට්ට ගහත හැකි තමා

      Delete
    2. ++++ සිරාවටම බං.

      පට්ට ගහපු ඩෙනිමයි ටීෂර්ට් එකයි බාටා සෙරෙප්පු දෙකයි තරම් මාත් ආස ඇඳුමක් තවත් නෑ බං. ඒකෙ පුදුම සරල කමක් තියෙනවා බං.

      Delete
  9. මෙන්න පාට් 2 :D

    රයිටෝ..බෑන්ඩ් ෂීන් එක. ඕ යේස් !!! ඔය බෑන්ඩ් වල කොල්ලො ඉන්නවා නේද.. උං මචං මොන ස්ටයිල් එක ෆලෝ කරත් සංගීතෙට ආදරේ උං..සල්ලි වලට බෑන්ඩ් ගහන්ඩ ආව උන් මං දන්න තරමින් නෑ එකෙක්වත්.. එහෙම එකාට සංගීතෙ පිහිටන්නෙත් නෑ උන්ට එපා වෙනවා දෙපාර ගහද්දි..හැබැයි වැඩේ අල්ලල යද්දි සල්ලි රහ වැටෙනවා.ඒත් ප්ලේයර්ලට හම්බෙන ලබ්බක් නෑ ,සොච්චමකින් වැඩි වෙනවා විතරයි.මම කතාකරන්නෙ ෆ්ලෑශ් බෑක් - ඕල්‍රයිට් වගේ ඒව ගැන නෙමෙයි.සාමාන්‍ය සංගීත කන්ඩායං..උන් අමු කුණක් කන්නේ,හිනාවෙවී ගැහුවට ස්‍ටේජ් එකේ..ඒත් ආසාව ආත්ම තෘප්තිය වෙනුවෙන් උන් ඒක විඳගන්නවා !!!!

    ඇරු ෂයිමා. උඹ බේස් ගැහුවදෑ ??? තෝ යකෙක්නෙ :D
    ඕං ඔට්ටපෑඩ් අයිටම් එක..ඕක ප්ලේ කරනවා කියන්නෙ බං ඌට මොලේ කොලොප්පං වෙනවා,.කොටු 16 ක ටෝන් ඔලුවෙ තියෙන්ඩෙපෑ. තව හරහටත් එකක් තියාගත්තම ඒකෙත් තව 8 ක්..ඕක තරං බැණුං අහන්නෙ නැතුව ඇති කිසිම එකෙක් බෑන්ඩ් එකේ..

    මෙහෙම සීන් එකක් තියනවා..ඔතනදි ඔක්ටපැඩ් සංගීතය වැඩි නම් ශබ්ද පරිපාලනයට මික්සරේ ඉන්න එකා ඒක බැලන්ස් කරන්න ඕන..මොකද පෑඩ් පාට් එක කොහොමත් පැඩ ගහනවනේ..ඒක ගීතයට සංයෝජනය කරන්න ඉන්න එකා බුලක් කෙලියත් බැනුං අහන්නෙ අරූ..

    ලෝකෙ කොහෙවත්ම ඔක්ටපෑඩ් එක ස්ටුඩියෝ එකක් ඇතුලෙ මිසක් අවුට්ඩෝ යූස් කරනව මං දැකල නැ, අපේ ලංකාවෙ උන් තමා ඕකෙ ටෝන් කස්ටමයිස් කරලා තබ්ලා ඩොල්කි ගැටබෙර තම්මැට්ටං සේරම හදාගෙන ගහන්නේ..

    මට නං ඒක හරි සුන්දරයි මචං,උඹ කිව්ව වගේ උන්ට බනින්න නෙමෙයි අලුතෙන් දෙයක් කරපු එකාට වඳින්නයි ඕනෑ..මුන්ව අරාගෙන කනවනේ.. තබ්ලා බීට් එක පෑඩ් එකෙන් ගහන එක පට්ට අමාරුයි.. ඒක ගැන විවේචන තියෙන්න පුලුවන්. නමුත් මම ඒ වෙනසට මගෙ බොක්කෙන්ම කැමතියි. ඒ තියා මගුල් බෙරෙත් පෑඩ් එකෙන් ගහනවා..

    හරියටම බැලුවොත් මිසක් නැත්තං හොයන්ඩ අමාරුයි,. කොටින්ම සංස්කෘතියට අපහසයක් කියන.පටු ආකල්ප වලින් නැතුව අලුත් දෙයක් කියන නිරුවත් ඇසින් බලනවනං ටොපේ ටොප්..ඒ වෙනසට අවංකවම මං ආදරෙයි !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. //ඇරු ෂයිමා. උඹ බේස් ගැහුවදෑ//

      ගැහුවේ නැ බං කට්ටියක් එක්ක සෙට් වෙලා ෆ්රැක්ටිස් කොලා

      Delete
    2. පත්තරේ.....ඇත්තටම ඔය බෑන්ඩ් ගහන එවුන් තරම් කට්ටක් කන කොටසක් වෙන ඉන්නවාද මන්දා. පැය ගණන් නිදි මරාගෙන. අර කණ් පැලෙන ඝෝසාව මැද්දේ, පට්ට ලයිට් රස්නේ මැද්දේ, ගිටාර් එල්ලගෙන, පැය ගණන් හිටගෙන දෙන ගේම කවුරුත් හිතන්නේ නැහැ. ඒක එලිමහන් වේදිකාවද, ඉන්ඩෝර්ද කියලා නැහැ, හරි කට්ටක්. අවුට්ඩෝර් කට්ට වැඩියි. අපිව පිනවන්න, උන් මැරෙනවා.

      ඔය කාලයක් ගිටාර් ගහන එකෙක්ගේ ඇඟිලි අතගාලා බලපන්. වැලි කඩදහි වගේ ගොරෝසු වෙලා. තබ්ලා, ඩොලැක් ගහන එවුන්ගේ අත් දෙක අල්ලලා බලපන්. හැම ආදායම් මාර්ගයක්ම අමාරුයි තමයි. සින්දු වැරදිනොත් ගායකයා බනිනවා, බෑන්ඩ් ලීඩර් කෑගහනවා. ඒ මදිවට මිනිස්සු හූ කියනවා. මම මුන් දිහා බලන්නේ වෙනස් විදිහකට.

      Delete
  10. අටම් මේ කතාව ගොඩක් වටිනවා හැබැයි මීට වඩා මොඩරේට් භාශාවකින් මේක ලීව නම්.
    වචන තිබුන පලියටම භාවිතා කරනවට වඩා මේ වගේ කතාවක් මීට වෙනස් විදියට ලීවා නම් මම නම් කැමතියි.
    මේකෙන් කියන්නේ නීති දාන එක නෙමෙයි. තව අවුරුදු දහයකින් විතර ආපහු අටම් මේ ලියුම් කියවලා බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අවුරුදු දහයකින් මගෙත් අදහස් වෙනස් වෙයිද

      ඉන්ඩකෝ බලන්ඩ වචන වෙනස් කරන්ඩ පුළුවන්ද බලන්ඩ

      Delete
  11. පට්ට පට පොදු කතා ටිකක් තිබුණට මක් වෙනවද පොස්ටුව එලකිරිස් තමයි ,අර අවසාන එක නම් පොන්නාලාපයද මුකක්ද මන්දා ...හැක්

    ReplyDelete
    Replies
    1. හයියෝ සංසාර ගතියක් තියනව නේ . ඒ උනාට කාලයත් එක්ක ඔය රටාව වෙනස්වෙලා හොද එකක් වෙයි . කොහොමහරි තව බ්ලොග් එකක් වැඩි වෙනවනේ

      Delete
  12. අපිට ලියන්න දෙයක් ඉතුරු කරල නෑනෙ.. අපි ඔය විලාසිතා ඔක්කොම දැක්ක අය.. ඔව්ව මොනවද අපි මෙහෙ දකින එව්වත් එක්ක.. පන්සලට ගියාම ඇස් පියාගෙන නොහිටියොත් දකින්නෙ ඉස්සරහින් ඉන්න අයගෙ ගුදමාර්ගෙ... අනේ මන්දා ඒ විලාසිතාව නං නැමෙන අයට සුදුසු මදි..

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට පිලිකුල් භාවනාව වඩන්ඩ අයියේ

      ඒත් එක්කම අධෝවාතයක් පිට උනොත් එහෙම අයියට කෙලින්ම නිවන් අවබෝධකරගත්තහැකි

      හැක ...හැක

      Delete
  13. මේකට ලේඩේ මොකක්ද දන්නවද? මිනිස්සුන්ට සරළ වෙන්න බැරි එක. හැම එකාටම ඕන පොරක් කියලා පෙන්නන්න. මේක අමු ගොබ්බ ලෙඩක්. ඒකා ආගම ඇදහීමේ සිට, කියවන පොත, බලන නාට්ටිය, සෝ එක, කියවන පොත. අහන සින්දුව විතරක් නෙමෙයි දැන් කියවන් බ්ලොග් එක වෙනකන් ඇවිල්ලා. ඒත් ඉතින් මේ සම්බහියයි කියලා පෙන්නන්න හදන උන් ඔක්කෝම ගොබ්බ සිපයියලා. උන් කිසි දෙයක් විඳින්නේ නෑ. ඔළුව ඉදිමවගෙන විඳවනවා. අමු ගොන් හරක්. එකම වෙනස. මෙහෙම සෙට් එකක් පිට රටත් ඉන්නවා. හැබයි අතේ ඇඟිලි ගානටත් අඩුයි. මෙහේ බහුතරය ඒ ජාතියේ ලෙඩ්ඩු.

    ReplyDelete
    Replies
    1. අපිලට ඔහොම කියන්න එපා ලොක්ක....

      Delete
    2. මාතයිය මේ දස්වල ඉන්නේ හොදටම තරහ ගිහිං

      Delete
    3. අනේ නෑ මචෝ.. ඒ ඔක්කෝම ඉවරයි.. උඹ දන්නවනේ මම කව්ද කියලා. මට වෙන වැඩ කෝටියක් තියෙනවා. මේ නෙට් එකේම. උඹේ පෝස්ට් එකට අදාලවයි මේ කොමෙන්ට් එක.

      Delete
  14. මචන් ගේම ඉල්ලනවානම් හරියට වැරදිකාරයෙක්ව පෙන්නපන් :D

    ReplyDelete
    Replies
    1. මට ගේම තියෙන්නේ උඹත් එක්ක . ....ආ වරෙන් ගේම‍ට

      Delete
  15. මිනිස්සුන්ට සරල වෙන්න බැරි වුනාම ඔහොම තමයි, තමන් දකින තමන් අහන තමන් අත්විඳින දේ හැරුණු කොට අනිත් හැමදේම පහත් කියලා හිතන්න පුරුදු වෙච්ච කොටසක් ඉන්නවා . එයාලට අනුව පි හිතන්න ඕනේ එයාලගේ රාමුවෙන්. එකෙන් පිට හිතුවොත් පීචං එයාලා වගේ හිතනවානම් ප්‍රබුද්ධ ..

    ReplyDelete
    Replies
    1. එහෙනං මාත් කොහොමහරි ප්‍රබුද්ධ පොරක් වෙනව

      Delete
  16. ලියවිල්ල එල......
    අනිත් අය කියයි විස්තර ඇතිව මචෝ....

    ReplyDelete
  17. අනිත් උං මොන ඉට්ටැයිල් කළත් මොන සිංදු ඇහුවත් මට සතපහක අවුලක් නෑ.හැබැයි උං ඒක මට බලෙං පොවන්ඩ හදන කොට තමා මට මළ පනින්නේ.ඇයි යකෝඅ මම බොන්නැති එක සමහර උංට ප්‍රශ්නයක්, මම ෆේස් බුක් නැති එක සමහර උංට ප්‍රශ්නයක්. මළ රෙද්ද ඒ ඔක්කොමත් හරි බස්වල යද්දි උං කැමති සින්දු මට බලෙං අස්සවන එකට නං ඇත්තමයි මළේ මළ.ඇයි වදේ මම කැමති සින්දු මම අහනවා.උං කැමති සින්දු උං ඇහුවට මට කමක් නෑ.උංගේ ලබ්බවල් මම මොන කෙහෙල්මලකටද අහන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම බලනකොට ඕකත් ඇත්ත තමා ,

      අකැමැති සින්දු අහන එකත් වාතයක් තමා

      Delete
  18. මේ අදහසම ගැබ් වූණු ලිපියක් මෙයිට පෙර මාතලන් ද ලියා තිබුණා නේද අටං. පාරම්පරික ගැටුම තමා මේ. මේ සින් වෙන්නේ අපිත් ඒ කාලයක් ගත කළාද කියන එක අමතක විමෙන්. මතකද එදා පොඩි කොල්ලො දෙන්නෙක් කෝච්චියේ පා පුවරුවේ යද්දි මං උන් ගැන කියන කොට උඹ කිව්වා උඹත් ඒ කාලේ ඔය විදියට යන්න ඇති කියලා. ඇත්තටම මං ඒ දේ කියන්න හැදුවේ උන් අනතුරක් කරගනියි කියලයි..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මට ඒක ඇල්ලුවේ නැ බං අයියේ

      Delete
  19. ඔය පරම්පරා ගැටුම අපේ පරම්පරාවත් තව අවුරුදු විස්සකින් විතර ඔය විදියටම පටන් ගන්නෙ නැද්ද බලන්නකෝ. අපි එදාට නිහඬව උන්නත් ඒ සත්ගුණවත් පොරවල් ළමයි හදන්න දන්නෑ කියල අපිටත් දෙසන්නෙ නැද්ද බලන්නකො.

    මට මතක් උනේ ළඟදි දවසක යාලුවෙක් මට කියකිය ඒකිගෙ කසින් නංගිකෙනෙක්ගෙ පලු අරිනවා තාම අවුරුදු පහළවයි, ඒ උනාට ලැප් එකක් අරගෙන කියල. තේරුම් කරන්න හැදුවට වැඩක් නෑ.ආච්චිලා උනාම කොහොමද දැන්මම මෙහෙමනම්.

    අපේ ගෙදරනම් කොට ගවුම් පින්තූරෙ තාත්තම අම්මට මතක් කරල දෙනව ඕනෙවට වඩා කියාගෙන එනකොට.

    ReplyDelete
    Replies
    1. දැනුයි ලින්ක් එකට ගියේ... බ්ලොග් කියන්නෙ නිදහස් කලාවක් අටම්. අච්චර වැදගත් සංවාදයක් පටන් අරගෙන අන්තිමේදි අලුත් බ්ලොග් එකක් "පොන්නාලාපයක්" විදියට ලේබල් කරපු එක ටිකක් ගැලපෙනවා මදි කියලයි මටනම් හිතෙන්නෙ. පොන්නාලාප කියන්නෙ ඕවට නෙමෙයි. ඒ ලියන්නෙ ඇත්ත කතාවක් නම් අපි සතුටු වෙමු එයා සාරි/බාල්ක/කෝච්චි වල හයිය බලන්නැතුව බ්ලොග් එකක් ලියන එක ගැන.

      Delete
    2. මෙන්න මේක බලන්ඩ කියුවනං කට්ටිය යයිද .

      ඔන්න ඒ බ්ලොග් එක රෝලට එල්ලලා දාහං නංගියේ

      පොන්නාලාපයක් කියන වචනේ නිවැරදි තේරුම මොකක්ද

      Delete
  20. නියමයි. ඒ උනාට සද වෙන් වි එකට බැන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනම් මටත් ප්‍රශ්ණයක්

      Delete
    2. ප්‍රහ්නයක් කරගන්න එපා ඒක ප්‍රචාරක උපක්‍රමයක්

      Delete
    3. ප්‍රහ්නයක් කරගන්න එපා ඒක ප්‍රචාරක උපක්‍රමයක්

      Delete
    4. ඔබගේ උපක්‍රමය සාර්ථකයි.

      Delete
  21. කියන්න මොකුත් ඉතුරු කරලා නැ නෙහ් ඔක්කොම ලිපියේ තියෙනවා ඉතුරු ටික කලින් අපු ඇය කොටලා ගිහින් ...
    සුපිරි සහෝ පට්ට ලිපියක්

    ReplyDelete
    Replies
    1. මොනවහරි කියුවනං තමා හොද

      Delete
  22. // හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි
    කිසි වාසියක් නැහැ හාමතේ නැත්නම්..අතේ සල්ලි //

    දෙරන ඩ්‍රීම් ස්ටාර් කිරුල දිනූ MG දනුශ්ක ඔය ගීතය ඉතාම ලයාන්විතව ගායනා කලා අරු!

    ReplyDelete
    Replies
    1. ලස්සනට කියුවා

      Delete
    2. ඔව් බන් ඇත්තටම හිස් ටින් එකක් සින්දුව ආපහු ඔලුවට ආවේ ඔය කොල්ලා ඒක කියනවා දැකලා.
      හිස් ටින් එකක්

      Delete
  23. පරම්පරා ගැටුම මම හිතන්නෙ එයාලගෙ තියෙන පොඩි ඉරිසියාවකුත් එක්කම එන දෙයක්.

    එයාලට ඒ කාලෙ කරගන්න බැරි උන දේවල් අලුත් උන් කරත්දි එන දුකද මන්දා.

    ReplyDelete
    Replies
    1. ආතල් ගන්න උන්ට මොකට ඉරිසියා කරනවද

      Delete
  24. එයැයිට හොදනං මට මොකද?? එච්චරයි...

    ReplyDelete
  25. පරම්පරා ගැටුම ගැන කියන්නදෙයක් ඉතිරි වෙලා නැහැ මටනම් . කියන්න ඕන ටික කට්ටිය කමෙන්ට්වලින් කියලා තියේ. ප්‍රියා කිවා වගෙ මේක ඉරිසියාවක් .



    ---------------------------------------------------------------


    පොන්නාලාප කියන්නෙ මොකක්ද ඇත්තම

    ReplyDelete
    Replies
    1. මාත් දන්නැ ඔයි , ඒ උනාට ඔතනට ගැලපෙනවා කියල හිතුනා , ටිකක් හිටහං කතවුරුහරි විද්වතෙක් කියයි

      Delete
  26. ඕකට එක හේතුවක් තමයි සමහර පොරවල් වලට වයසට යනකොට මොකවත් කරගන්න බැරි උනාම කොල්ලො කෙල්ලො ඒව කරනකොට මල පනින එක. ඒකනං මානසික ලෙඩක්ද කොහෙද. නමුත් තමංට දැං ඒව කරන්න බෑ කියන එක තේරුං ගන්න දැනගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට අයියේ උඹ . හැට පැන්නට කොල්ලන්ට කෙල්ලලන්ට අකුල් හෙලන්නැ

      Delete
  27. ඊයේ මේ ලිපියේ ලින්ක් එක දිගේ එන්න කීප වරක් උත්සාහ කලත් පිටුව නැත යන පණිවිඩය පමණයි දිස්වුනේ.

    සෑම කාල වකවානුවකම උපදින දරුවන් ඒ ඒ කාලවකවානුවට අදාළ පරිසරය තුළටනේ එන්නේ. ඉතින් ඔවුන් ඒ පරිසරය තමයි අවශෝෂණය කරගන්නේ. අනුරාධපුරේ තියන පිච්චමල් පූජාවට අද අපි ගෙදර ඉඳලානේ සම්මාදම් වෙන්නේ. ඒ ටමයි අද තාක්ෂණයෙන් අපි ගන්නා ප්‍රයෝජන. නමුත් එයින් ලබන පින එක සමානද කියන එක තමයි ප්‍රශ්නේ.

    ගීතය කියන එක මමනම් තවමන් දකින්නේ හඬ මාධූර්යය හැටියට මිසක්, විකාර විච්චූරණ ඇඳගෙන උඩ පනිමින් යටිගිරියෙන් කෑ ගහන රූප සින්දු හැටියටවත්, පොන්නාලාප වශයෙන් දක්වා ඇති නපුංසක හඬින් කරන ආලාප වත් නෙවෙයි. අද උදේ මම අහගෙන/බලාගෙන හිටියා 1972 තිරගතවූ සුනේත්‍රා චිත්‍රපටියේ ෆ්‍රෙඩී සිල්වා රඟමින් ගයන 'ප්‍රංශයෙන් රැජිනක් ආවා' ගීතය. ඒවා ශ්‍රේෂ්ඨ නිර්මාණ නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ හදවතට අමතන ගීත. අවම පසුබිම් සංගීතයක් සහිතව අමරදේව ගයන 'පිපුණු කුසුම පරවූවා' වැනි ගීතයක තියෙන්නේ හඬ පෞරුශයයි. ඒ දෙකටම නැති ඔක්කොම එවුන් පොන්නාලාපයෝ තමයි.

    අපේ සමහරු හිතාගෙන ඉන්නවා අපි ජාත්‍යන්තරයටත් ගියා මේ මෝඩ යක්කු ඒවගේ වටිනාකම දන්නේ නැහැ කියලා. හීන්බබා ධර්මසිරි ගුරුන්නාන්සේ, නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ, වැනි අය පවා ජාත්‍යන්තරයට ගියා. අපි ජාත්‍යන්තරයට යන්න ඕනේ උන්ගේ මොඩල් එකෙන් නෙවෙයි අපේ මොඩල් එකෙන්.

    ReplyDelete
    Replies
    1. //අපි ජාත්‍යන්තරයට යන්න ඕනේ උන්ගේ මොඩල් එකෙන් නෙවෙයි අපේ මොඩල් එකෙන්.//

      එතකොට පොඩි මොඩ් කිරිල්ලක් කලාට කමක් නැද්ද අයියේ

      Delete
    2. පොඩි නෙවෙයි ලොකුවට මොඩ් කරන්න ඕනේ. නමුත් ඒ මොඩ් කෙරිලි ඔක්කොම 100% ක් අපේ ඒවා වියයුතුයි. වෙන කොහෙන්වත් අහුලගත්ත ඒවා මූට්ටු කරපුවම හැදෙන්නේ අවජාතක නිර්මාණ.

      Delete
  28. කට්ටියම පරම්පරා ගැටුම කියන හින්දා මම ජෙනරේෂන් ගැප් කියන්නං.ඕවා කවදත් තිබුණා බං අපි පොඩි කාලෙත් තිබ්බා දැනුත් තියනවා ඉදිරියටත් තියේවි.නැතිවෙන්නෙ නෑ.උඹ උනත් තව අවුරුදු විස්සකින් මේ ලිපියම වෙන විදියකට ලියාවි.

    ReplyDelete
    Replies
    1. නැ එහෙම වෙන්නේ නැ ...නැ ...නැ මයි

      Delete
  29. // හොද රසවින්දනයක් තියන මිනිහෙකුට පුලුවං අමරදේවගේ , එඩ්වඩ්ගේ , ක්ලැරන්ස්ගේ , කසුන්ගේ , ජොලි සීයගේ , පොඩි ළමයගේ , චින්තිකගේ ඔය කාගේ උනත් සින්දුවක් රස විදින්න //

    මේක මෙහෙමයි කියල මම නම් හිතන්නෙ නෑ. එක එක මිනිහගෙ ටේස්ට් එක වෙනස්. එක එක මිනිහ සංගීතය ගැන දන්න තරම අනුව, හැදුනු සංස්කෘතිය අනුව, දේශපාලනේ අනුව, රස විඳින දේ වෙනස් වෙනවා.

    මනුස්සයො හැටියට තමන් අකමැති කලාව පහත් නොකර, තමන්ගෙ එක තමයි සිරා කියල වලි වලට නොයා, අකමැති නම් අහන්නෙ නැතුව, ඒකටත් කැමති උන් ඉන්නවා කියල ඒක ටොලරේට් කරන් හිටියම ඇති. ටොලරන්ට් වෙන්න ඕන කියන්නෙ රස විඳින්න ඕන කියන එකම නෙවෙයි. කරුණු සහිතව විවේචනය කරත් කමක් නෑ විවේචනයත් කලාවෙම කොටසක් තමා.

    දැන් අටම් මෙතන දේසනා කරන බණ බ්ලොග් ලිවිල්ලට අදාල නැද්ද? "පොන්නාලාප" වගේ බ්ලොග් වලට කියන්න ඔට්ටු ද? "හොඳ රස වින්දනයක් තියෙනව නම්" ඔය ඔක්කොම බ්ලොග් "රස විඳින්න" පුලුවන් වෙන්න ඕන නැද්ද?

    ReplyDelete
    Replies
    1. පලවෙනි කාරනාව ගැන නං එකග වෙන්න බැ

      මොකද

      මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට
      තොල් සායං දිය වෙන්න වෙලා ගියා මචං

      බජාර් එකේ ලලක්කා
      කාටත් සුරසැප වික්කා

      රන් සමනලයින් ඉගිලෙනු දැකමට
      ඇගෙ නෙත් පියලිය සිහිවෙනවා

      පිටක් නැති සරනක් නැති
      සසර දනව්වේ
      අපි අසරන වෙලා

      සගවාගනු මැන
      ඔබේ රුව සොදුරියේ

      කුමරියක පා සලඹ සැලුනා

      ඔය කෝකටත් මම කැමතියි , මට නං එකක් පීච්චං අනික ප්‍රබුද්දයි කියල හිතෙන්නේ නැ

      //"පොන්නාලාප" වගේ බ්ලොග් වලට කියන්න ඔට්ටු ද?//

      කියන කාරනාවට නං හිසනමා එකග වෙනවා

      හැබැයි මම දැම්මම ඒ වචනය ඉවත් කරන්නේ නෑ , මොකද මම ඒක යොදාගත්තේ අදාල බ්ලොග් එක ලියන කෙනා කැමති උන නිසා.

      ගනන් ගන්න එපා චෝයි Anonymous මේක හන්දියේ කටවුට් එකක් ගැහුවා වාගේ වැඩක්

      ස්තුතියි ඔබට


      Delete
    2. // ඔය කෝකටත් මම කැමතියි - මට නං එකක් පීච්චං අනික ප්‍රබුද්දයි කියල හිතෙන්නේ නැ//

      මම කියන්නෙ මෙතන තියෙන්නෙ කරුණු එකක් නෙවෙයි දෙකක්.

      කලාව උසස්/පහත් කියල ලේබල් ගහල මම ආස කෑල්ල ප්‍රබුද්ධ මම ආස නැති ටික පීචන් කියල ලේබල් ගහන එක පොලිස් වැඩක්. ඒත් ඒක නරකයි කියන්නෙ හැම එකාම හැම ලබ්බටම කැමති වෙන්න ඕන කියන එක නෙවෙයි. මට නම් උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය දිරවන්නෙත් නෑ භාතිය සන්තුස් දිරවන්නෙත් නෑ.

      ඕනෙ එකෙක් ඔක්කොම දේවල් රස විඳින්න ඕනෙ කියන එක අර ප්‍රබුද්ධ/පීචන් කුල්ටූර් පොලිස් කාර කමේම අනිත් පැත්ත සමසමාජ පොලිස්කාර කම.

      Delete
  30. අටම් මේක ලියා තිබ්බට මේක දැන් හැදෙන උන් බලන එකක් නෑ. මේ පරම්පරා ගැටුම. එක ඉතින් කවදත් තිබිල තියෙනවනෙ. පිටරටින් එන විලාසිතා අපිට ගැලපෙන වද, නොගැලපෙනවා ද කියා සිතා නොබලා වැළඳ ගැනීම තමා මේ සේරටම මුල.

    ReplyDelete
    Replies
    1. නැ චාන්දි අටම්පහුර කියවන බහුතරය , නවයොවුන් වියේ

      Delete
  31. අර කිව්වත් වගේ හැට පැනලා හොට බිම ඇනිච්ච දහිරි වාට්ටුවලට පුදුම ඇම්මක් තියෙන්නෙ දැන් කාලෙ කොල්ලො කෙල්ලො ගැන. ඒත් ඔය උන්දැලෑගෙ පරණ් චීත කෑල්ලක් හොයාග්ත්තනම් ගැලෙව්වැහැකි තුත්තිරි ගෝනි ගානක්.

    ReplyDelete
    Replies
    1. වත්තෙ නැන්දගේ රෙද්දේ තුත්තුරි සිද්ධ පත්තිනි දෙයියනේ..

      Delete
    2. විදානේ .. උඹේ කමෙන්ට් එක ඉස්තරං !!!!!!!!!!!!!!!

      මේක මම අදමයි ඇහුවේ.මම ඒ කවි පදයට සිරාවටම ආස හිතුනා..තෑන්ක්ස් බොක්කා.

      Delete
    3. ඒ රබන් පදේ තේරුම හරියට ඔලුවට වැදුනෙ දැන් තමයි. තැන්කුයි විදානේ...

      Delete
  32. තව එකක් කියන්න හිතුනා සංගීත සංදර්ශන ගැන.

    එදා පොල්කොට ස්ටේජ් එකේ ඉඳන්...ලවුඩ්ස්පීකර් එකෙන් ගායකයෝ සින්දු කියන කොටත් මිනිස්සු නැටුවා. දැන් කණ් පැලෙන්න තාක්ෂනය යොදාගෙන හූ කිය කිය බෑන්ඩ් ගහන් කොටත් මිනිස්සු නටනවා. හැබැයි මේ කිසිවක් වැඩිකල් ඇදගෙන යන්න බැහැ, ඒ නිසා තමයි ලංකාවේ ලොකු ලොකු බෑන්ඩ්ස් එන්න එන්න unplugged, Acoustic වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අරූ අයියේ ලංකාවෙ ලොකු බෑන්ඩ් එන්න එන්න එකොස්ටික් අන්ප්ලග් වෙන්න කන්ඩායම් නායකයාගේ ආකල්පමය වෙනස බලපානවා..වයස ත් ප්‍රධාන සාධකයක් වෙනවා. ප්‍රදානම හේතුව ඕක නෙමෙයි .. මම ඕක අන්ප්ලග් වලට ප්‍රසිද්ධම බෑන්ඩ්ලීඩර් ගෙන් ඇහුවම ඌ බොක්කෙන්ම ඇත්‍ත කිව්වා. ඒක මම මෙතන කියන එක හරි නෑ බං. !!!!!!

      Delete
    2. ඔව්වා අයියේ බැරුව යනකොට දාන උප්පර වැට්ටි

      Delete
    3. මොකක් ද ඔය අන්ප්ලග් වෙනව කියන්නේ.. අරය මෙයා unplugged කියල ගහපු බෝඩ් දැකල තිබුනට තේරුම දන්නේ නෑ නේ..

      Delete
    4. මෙහෙමයි පැතුම් නවින ඉලෙක්ට්‍රොනික් සංගිත බාන්ඩ නැතුව බොක්ස් ගිටාර් . එකෝස්ට්‍රික් ඩ්‍රම් වගේ සංගිත භාංඩ යොදාගන සංගිතය සපයන එකට ,

      කොටින්ම එකම සංගීත භාණ්ඩයක්වත් මික්සර් වලට ප්ලග් කරන්නේ නැ . හැම එකකම හඩ ලබාගන්නේ මයික් එකක් හරහා

      Delete
    5. තැන්කු වේවා අටම් අයියේ ...

      Delete
  33. තව අවුරුදු තිහකින් විතර අපිත් බනියිද දන්නෑ පොඩිඋන්ට..
    පොන්නාලාපය පැත්තේ ගියා..

    ජය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවටම එහෙමවත් වෙයිද බං.

      Delete
    2. මට නං වෙන්නැ අනික උඹලට තරං අපිට වයසත් නැනේ

      Delete
  34. උබගෙ ගරිල්ල මාකටින් පාරනම් නියමයි.සිරසත් ඔයවගෙ හිට් කරන්න ඔනදෙට බනින ප්‍රිජෙක්ට් කරනව.ලියපුව ගැනනම් කියන්න තියෙන්නෙ වයසත් එක්ක කරන්න බැරි දෙවල් කරන වුන්ට බනින එක කුහක කමක්.

    ReplyDelete
  35. ජෙනරේෂන් ගැප් එක ඒ කාලේ ඉඳන් තිබුණු දෙයක්. ඉස්සරහටත් තියෙයි. එත් ඒ හැම කාලෙම එකට විරුද්ධ වෙච්ච කොටසකුත් බිහිවුණා. අලුත් ගායකයින්ට පරණ ගායකයෝ එක පෙලට හිටගෙන බනිද්දි සුනිල් පෙරේරා, සමිතා මුදුන්කොටුව වගේ ය අලුත් රැල්ල එක්ක ඉස්සරහට යන එක තමයි හොඳම උදාහරණය. ඉස්සරහටත් ඔය දෙගොල්ලොම ඉඳියි.

    ReplyDelete
    Replies
    1. රැලි එනව හොද දේවල් පවතිනව

      Delete
  36. මට දැන් හිතෙනවා සංගීතෙ සන්බන්දව වෙනම පොස්ටුවක් තිබ්බනම් හොදයි කියලා.මොකද ඒක වෙනම මගුලක් බෑන්ඩ් එකේ බෙස් ගහපු එකේ එ ගැනත් එකක් දැම්මනම් හොදයි.මේකට අදාලව කතා කරනව නම් මන් වැඩිය සංගීතෙ දන්නෙ නෑ.හැබැයි අටම් මහත්තය වගේ මාත් ඔක්ට පෑඩ් ගහල තියේ.ඔය සම්භාව්ය කියන බටහිර සන්ගීතෙ තිබිච්ච උශ්නෙ යවන්න ඒ රටවල් වල අපු සංස්කෘතියක් කියනවනෙ ඔය රොක් කියන්නෙ.ඒක ඊට පස්සෙ වෙනත් උප සංස්කෘතීන්ට බිදිල ගියා.මට පෙන විදියට ඔය පිටරට රොක් බෑන්ඩ් ක්‍රමයම තමා ලංකාවටත් ඇවිත් තියෙන්නේ.හැබැයි අපේ මීනිහා එන හැම දේම වෙනස් කරන්න දක්සයිනෙ ඉතින් ඔය ජපන හදපු ඔක්ටපෑඩ් කියන භාන්ඩෙත් දාලා අපේ එකා හැදුවා නියම කණ්ඩායම් සංගීත කලාවක්. මං දන්න විදියට නම් මේක තියෙන්නෙ මෙහෙ විතරයි වෙන හැමරටකම තියෙන්නේ අන්තගාමී බෑන්ඩ්ස්. රොක් කියයි පොප් කියයි ක්ලැසිකල් කියයි ජෑස් කියයි හොදම වැඩේ කියන්නේ අපෙ බෑන්ඩ් මේ ඔක්කොම නම්බර් ගහනවා.සමහරක්ට මේක ඒකාකාරී දෙයක් වගේ පෙනුනට මේකත් වෙනස් වෙනව කාලෙන් කලෙට.උදාහරනයක් ගත්තොත් ඉස්සර ශොව් එකක් බලුව වගේ නෙමේනේ දැන් පට්ට ආතල් එකක්නෙ දෙන්නෙ.උන් දෙන්නෙ මිනිස්සු ඉල්ලනදේ ඔය කොච්චර ශාස්ත්‍රිය සන්ගීත් කෙනෙක්ට උනත් නන්ස්ටොප් එකක් අහද්දි නටෙන ගතියක් එනවනෙ ඩීජේ කොච්චර ඇහුවත් සිරිලන්කන් ඩාන්ස් එලියට එන්න නම් 68 නන්ස්ටොප් 1ක් මයි ඔනී.මේ බීට් බෑන්ඩ් කලාව(සමහරක් කියන තාලෙට ) හරිනම් ලොක උරුමයක් ලෙස නම් කරන්න ඔනි.මොකෝ හත්තිලව්වෙ මේ සංගීතෙ වෙන කොහෙවත් තියේයි.

    ReplyDelete
    Replies
    1. දැන් සංගීත සංදර්ෂන කලින්ම නවත්තන එක මහ පාඩුවක්

      Delete
    2. 1න්ම. ඉස්සර මට මතකයි මහ පොලේ සංගීතෙ බලන්න ගියාම අපි එන්නෙ පහුවදා උදේ.දැන් නම් බලන්න යන්නම හිතෙන්නේ නෑ නෙව.පොන්නාලාපෙ ගහමරා ගන්නවනෙ

      Delete
    3. එව් සමහරක් වෙලාවට එලිය වැටිලත් ආරාධිත ශිල්පියෝ ඉවර නැ

      Delete
  37. ප.ලි
    කියන්න හිටපු ඔක්කොම කියන්න බෑ මේ මගුලේ කොටන්න ගියම සසර කල කිරෙනවා.මක්ක උනත් මං කියන්න හිටියෙ සන්ගීතෙ තියනවා එක එක ආතල් සංගීතෙ විතරක් නෙමෙයි ජීවිතේදි හම්බෙන හැම සංකල්පයක්ම(සංකල්පෙ කියන එක හරිම වචනෙ නෙමේ මං හිතේ මොකක් හරි මගුලක් ) විදින ආකාරය එකිනෙකාට සාපේක්ශයි.හැමොම හිත්තන්නෙ තමන් ජීවත් වෙන කූඩුව(අන්තිමට අපි ඔක්කොම සත්තුනෙ ) ඇතුලෙ ඉදන්. සංගීතෙ හරි මොන මගුල හරි නිකන් කුඩුවෙන් එලියෙ තියන රස කෑමක් වගේ ( රස කෑමක් කිව්වට රසයිද කියල දන්නෙත් නෑ ) ඒක කවුරුවත් කාලත් නෑ එත් ලග කූඩු වල ඉන්න එවුන් එකෙ සුවදයි පිටින් පේන හැටියි දැකලා එක එක කොමෙන්ටු දානවා.අපිත් පොඩි කාලෙ අපිට වැඩිය වයසක සතෙක් කිව්වොත් මේක මේ රහයි කියල අපිත් දොහොත් මුදුන් දීල පිලිගන්නව.හැබයි ටිකක් වැඩෙනකොට(ඒ කිව්වේ කුඩරම් එහෙම ඔටො වදින කොට ) උගේ නිර්නායක අපිට ගැලපෙන්නෙ නැතුව යනවා.ඊට පස්සෙ අපිම වෙනත් අර්තදැක්වීමක් හෙවත් අපේම කූඩුවක් හදා ගන්නවා.අපිත් ඊටපස්සෙ අපේ කූඩුවෙ ඉපදෙන පැටවුන්ට පොර ටෝක් දෙනව.ඕක තමා ජීවිතේ කටුක සත්තිය.හොදම වැඩේ තමා අපි 1ක 1කා ගෙ ආතල් කඩන්නෙ නැතුව ඌ ගන්න ආතල් එක අපිත් ගන්නෙ කොහොමද කියල බලන 1.ඒ වගේ වැඩිහිටි පරම්පරාවක් මයිත්තිරී බුදුන්ගෙ කාලෙවත් බිහි උනොත් අපේ රටේ මිට වඩා ලස්සන මිනිස්සු ඉදී.

    ReplyDelete
    Replies
    1. //1ක 1කා ගෙ ආතල් කඩන්නෙ නැතුව ඌ ගන්න ආතල් එක අපිත් ගන්නෙ කොහොමද කියල බලන 1//

      අපේ එවුන් ඕතනට එන්ඩ

      කවදාවත් වෙන්නේ නැ බං

      Delete
    2. ඔයාලවත් වැඩේ පටන් ගත්තොත් බැරිවෙන 1ක් නෑ මයෙ හිතේ.ආතල් කිව්වෙ ගොන් ආතල් ගැන නම් නෙමේ හොදේ.

      Delete
  38. පරම්පරා ඝට්ඨනය හැමදාම තියනවා, කොහොමත් එක්කෙනෙක්ගේ වැඩක් තව කෙනෙකුට අල්ලන්නේ නැනේ..... අපේ පරම්පරාවත් එහෙම තමා.... මෝස්‌තර කාලෙන් කාලෙට වෙනස් උනත්..... පරණ ඒවා අයෙත් එන්නේ කැරකිලා,

    සින්දුත් එහෙම තමා, දැන් අපහු පැල් කවි කියන්න සින්දු වලට ගායකයෝ කැමතියි.....

    කොයිදේත් වෙනසක්, නැ, අපිත් වයසට ගියාම මේ කතා ටිකම ඊලග පරම්පරාවටත් කියාවි.

    මේක සබැ, ඉරිසියාවද ,නැතිනම්, අත්දැකීම් මත ගේන තර්කද මන්දා......

    ReplyDelete
    Replies
    1. ඉරිසියාව මගේ හිතේ ඉරිසියාව

      Delete
  39. කිසි දිනක මෙම බ්ලොගයට මෙවැනි දෙයක් සිදුවෙතැයි කියා සිහිනෙන්වත් සිතුවේ නැත .

    ඇත්තටම මෙහෙම කතන්දරයක් තියේ , මංකල්පිතයක් නොවේ මෙය .

    අටම් අයියේ ස්තුති උඹට මගේ බ්ලොග් එක වෙනුවෙන් කරපු උදවුවට .....:/

    ReplyDelete
    Replies
    1. ඕක තමා බුදුන්වහන්සේත් කිව්වේ සිදු දේ නොම වේ නොසිතු දේ සිදුවේ කියල..

      Delete
  40. මිනිස්සු තමන් කැමති එකක් අහගෙන පාඩුවේ හිටියනං ඔය මොකවත් නෑ. වැඩේ තියෙන්නේ මේ ප්‍රබුද්ද ටික දෙනෙකුට අලුත් තාලේ අල්ලන්නේ නැති එකනේ

    ReplyDelete
  41. මං එනකොට පෙරහැර ගිහිල්ල. කියන්න තියෙන දේ අනිත් උන් කියලා. උඹටත් හිතෙන දේවල්!

    ReplyDelete
  42. ආච්චිලා අපි ගැන කියවන කොට මට නං මතක්වෙන්නේම අපේ ආච්චී රේඩියෝ එකේ ගිය "අනේ තාම ආවෙ නෑනෙ මල් දුන්නෙන් වඩින ඉලංදාරියා" කියන සින්දුව ඇහිලා ඒ ගායිකාවට බැනපු සීන් එකයි!

    ReplyDelete
  43. //අපේ සීයලගේ තාත්තලගේ තරං මගේ ඇස් පිං කරල නැ කියල . ඇයි හත් දෙයියනේ අර ආච්චිගේ පස්සත් පේන නොපෙනෙන ගාන//

    පෙනේද වයසට ගියත් අටමගේ තියන කැත හිත... ඔය කිව්වට අපිත් අපේ ළමයින්ට බණ කියයිද දන්නෙ නෑ

    ReplyDelete
  44. කාලයෙන් කාලයට ඇඳුම් මෝස්තර විලා සිතා වෙනස් වෙනවා ඒවගේම කලාවත් වෙනස් වෙනවා. ඒක ලෝකෙ පුරාම එකවිට සිදුවෙන්නක් සමහර වෙලාවට අපි අකමැතියි කියල හිතෙන දේ අනෙක් අය කැමති වෙන්නෙ ඒ නිසා.

    මොනව වුනත් ඇදුම් නිර්මාන නම් අතිතයේ තිබුණ ඒව ආයෙත් කාලෙන් කාලයට මතුවෙනවා.

    ReplyDelete
  45. බොහොම ආසාවෙන් කියවූවා අටමෝ..

    ReplyDelete
  46. ලිපිය නියමයි...
    හොද රසවින්දනයක් නැති කෙනෙක්ට ජීවිතය විදින්න අමාරුයි.වෙනස්වන ලෝකේ වෙනස්වීම අවබෝදකරගත්තනම් කවුරුත් කාටවත් බනින්න ඕනෙ නෑනෙ.

    පරම්පරා විකාශනයත් එක්ක ඔහොම දේවල් වෙනවා.ඒවා තේරුම් ගන්න වැඩිහිටි පරම්පරාවට බැරි කමට වඩා තියෙන්නේ උවමනාවක් නැතිකමයි,උපේක්ෂාවෙන් යමක් දිහා බලන්න බැරි කමයි...

    ReplyDelete
  47. “ඩෙනිම මගෙ නම්
    *ත් මගෙ නම්
    කාටවත් ඇයි වේදනා..“

    ReplyDelete
  48. අටම් ගෙ අදහස් නම් බොහොම තර්කාන්විතයි. ගොඩ දෙනෙකුට ඔහොම හිතන්න බැරි ඇයි?

    ReplyDelete
  49. It is in reality a great and useful piece of information. I'm happy that you shared this helpful info with us.
    Please stay us up to date like this. Thanks for sharing.


    Feel free to visit my web-site Elevator Shoes

    ReplyDelete
  50. I like the valuable info you provide in your articles.
    I'll bookmark your blog and check again here frequently. I'm
    quite sure I'll learn many new stuff right here! Good
    luck for the next!

    Also visit my web page Insoles For Flat Feet

    ReplyDelete
  51. ගොඩක් හොඳ ලිපියක් අටම්.. බස්සි අක්ක කිව්ව වගේ අපේ තාත්තත් අම්මට මුල පොඩ්ඩක් මතක් කරල හිනාවක් දානවා ඒ වගේ වෙලාවට. :D

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>