2017-02-15

මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද


මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ , මටනං හිතෙන්නේ ඕක වෙනවා ඇත්තේ මෙහෙමයි.

සිහිය නැති වෙලා ඉන්න කෙනෙක් උස්සන කොට දැනෙන බර ගොඩක් වැඩියි සිහිය තියන කෙනෙක් උස්සනවට වඩා , මට හිතෙන්නේ එහෙම වෙන්නේ සිහි නැති කෙනෙක් ඔහේ පරඩැලක් වාගේ කඩා වැටිලා ඉන්න හන්දයි කියල

මැරිලා ටික වෙලාවක් ගිය කෙනෙක් පෙට්ටියක් නැතුව උනත් උස්සනකොට සැහෙන බරක් දැනෙනවා කියලා එහෙම අවස්තාවකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා නං දැන් මතක් වෙයි.

යම් බර දෙයක් කර තියාගන දුරකට යන කොට එන්ඩ එන්ඩ බර වැඩි වෙනවා .

ඒ වාගෙම තමයි දිග පුවක් ගහක් දෙන්නා එක්ක කරගහගන යනකොට දැනෙන බරට වඩා බරක් දැනෙනවා කොන්ක්‍රීට් වැට කනුවක් කරගහගන යනකොට


මිනී පෙට්ටිය උස්සගන යන කොට එකපාරටම  බර වෙනස් වෙනවා , සමහරක් වෙලාවට කලින් කරගහගන ගිහින් තව කට්ටියකට දීලා දෙවනි පාර කර දෙනකොට කලිනු තිබුනට වැඩිය බරක් දැනෙනවා

වමට හරි දකුනට හරි හැරෙනකොට .... උස්සගන යන අය අඩිය තියන රිද්මය වෙනස් වෙනකොට ..... කන්දක් නගිනකොට  එකපාරට බර වැඩිවෙනවා ....දරාගන්ඩ බැරි විදිහට ....එතකොට අපි කර දෙනවා හොදට .....පෙට්ටිය සහ බර අපේ කරට හොදට සෙට් වෙනවා .... ඉතින් එතන ඉදන් දිගටම බර තමයි

දෙනකට පලවෙනි පාර කර තියන්නේ පුරුදු කාරයෝ .....මාරුවෙන් මාරුවට උස්සගන යන්ඩ උසින් සමාන අය කන්ඩායම් බෙදිලා  හිටියත්  .....දෙවනි , තුන්වෙනි පාර කර ගහනකොට සාමාජිකයෝ  වෙනස් වෙනවා .....සමහරු හැලිලා ...... එක්කෝ වෙන මොකක් හරි උවමනාවකට දෙන ලගින් අහකට ගිහින්. ඔය ඉන්න කවුරුහරි කර තියනවා.

   නිදි මරල නොකා නොබී  ...පාං වෙලා ඉන්න උන් ....තමන්ගේ නෑයගේ මිනියට කරගහනවා කියල නිකං පෙට්ටිය අල්ලං යනවා .....( සමහරක්  උස්සං යනවා නෙමෙයි පෙට්ටියේ එල්ලිලා යනවා ) හරියට කර දීලා ඉන්න එකාට බුදු සැප.

අනික බාල ලී වලින් හදනවා කියුවට  මිනී පෙට්ටියකත් සැලකියයුතු බරක් තියනවා.

ඔය කාරනා ටිකත් එක්ක අපේ  යටි හිතට වැඩිහිටියෝ ඔබ්බලා තියන .....තුන්මං හන්දි කතාවයි .......යක්කු නගින කතාවයි ...කනත්ත ලංවෙනකොට පොඩි උත්තේජනයකුත් දෙනවා.

අනික තමයි ...ඔය යක්කු මිනීපෙට්ටියට නගින කතාවට ...මිනියට කර ගහන උනුත් උල්පංදං  දෙනවා....මොකද  හැමෝම මිනීවලට කරගහන්නෙත් නැති එකේ ...පොඩි පොරත්වයක් ...ලකුණක් දෙකක් දාගන්ඩත් පලුවන්නේ

‘‘ ඈ නිමල් අයියේ .... වැලි පාරෙන් මහපාරට ගන්නකොට පට්ට බරක්නේ ඕයි ආවේ ‘‘

‘‘ මගෙත් කොන්ද ඇඹරිලා ගියා ....මල්ලියා....‘‘

‘‘ කනත්තේ වැට පයිනකොටනං මට කෙදිරිගෑවෙන සයිස් ‘‘

‘‘ උඔ දන්නේ නැ ....අර ලයිසාච්චිගේ මිනිය ..ගෙනියනකොට ...බොරුනං අහපන්කෝ   උඹලගේ බාප්පත් එදා හිටියා ....  බර උහුලාගන්ඩ බැරුව කර මාරු කරනකොට තව ඩිංගෙං පෙට්ටිය බිම ‘‘

ඔන්න ඉතින් එතකොට ජීවිතේ පලවෙනි පාරට මිනියක් කරගහපු එකෙකුත් මැද්දට පයිනවා.

‘‘ ඇත්තටම ඇයි අයියේ එච්චර බර ...මං අදමනේ   මිනියක් කරගැහුවේ ...මං හිතුවේ මිනී පෙට්ටි කොහොමත් බරයි කියලා ‘‘

‘‘ ඔව්වා ඔහොම තමා බං ....  අන්න  මල බතට බෝතලෙත් තිබ්බා ...වරෙන්කෝ කන ගමං කියලා දෙන්නඩ ‘‘


// හිතට කාවැදිලා තියන දේවල් අයින් වෙන්නේ නැ , ලේසියෙන් අයින් කරන්නත්  අමාරුයි ......මොකෙකුටවත්  බය නැති මම එලියක් නොපෙනෙන අදුරට  හුස්ම හිරවෙන තරමටම බයයි //

මේ ගැන ඔබේ අදහස් දැනගැනිමට කැමැත්තෙමි



දිනියස් එකතුවට මා දැමු කමෙන්ටුවක් අනුසාරයෙන් ලියුවෙමි .....


101 comments:

  1. මැරිච්ච එකාගේ ගන්ධබ්බ ආත්මේ තමයි පෙට්ටිය උඩ වාඩිවෙලා ඉන්න ඇත්තේ. තුන්මං හන්දි වලට ගෙනත් දාපු තොයිල් තටු පෙර්ත තටු එක්ක ඇවිල්ලා යන පාර අතරමං වෙච්චි මල පෙරේතයෝ මලයක්කු ආපහු කනත්තට යන්න ෆ‍්‍රී ට‍්‍රාන්ස්පොර්ට් එකක් ගන්න තමයි මගදි පෙට්ටිය උඩට සෙට්වෙන්නේ. බොරුනම් මැරිලා බලහං

    ReplyDelete
    Replies
    1. බොරු නම් මැරිලා බලහන් 😂😂😂😂😂

      Delete
    2. බ්ලොග් ලියන පෙරේත මලයකෙක්

      Delete
    3. පෙරේත මලයකින්නක්

      Delete
    4. ඔය බ්ලොග් ලියන උන් හැමෝම මල ගිය ප‍්‍රානකාරයෝ තමයි.

      Delete
    5. බොරුනම් මැරිලා බලහං .. හැක් හැක්..
      කොහොමත් මූ හැන්දෑවට මලා වගේ තමයි..

      Delete
    6. උමත් මැරිලා බැලුවද

      Delete
    7. උමත් මැරුලා බැලුවද අක්කේ

      Delete
    8. විදානේ අද දවල්ම ගහලා වාගේ

      Delete
  2. මේ ඕවා හාස්කං හරිය.බටහිර විද්‍යාවේ බොරු තර්කවලට ඕවා අහුවෙන්නේ නෑ.

    ReplyDelete
  3. මම නම් ඔය එක යකෙට්ටවත් තුන්මන් හන්දියෙන් පෙට්ටියට ගොඩ වෙන්න දෙන්නේ නෑ. පයින් දෙකක් දමලා අනිනවා මිසක්. මැරිලතවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි.

    දෙන උස්සන් හැතක්මක් දෙකක් යද්දී ඉතිං බර වැඩියි වගේ දැනෙන එක අහන්නත් දෙයක්ද.

    ReplyDelete
    Replies
    1. //මැරිලතවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැටි.//
      සමහර හොස්පිටල් වල මෝචරියේදි ගොඩ වෙනෝලු..

      Delete
    2. ඇ පිලෝ ලස්සන කෑල්ලක් උනොත් එහෙම

      Delete
    3. ඉස්පිරිතාල ගදේ බැරුව ඇති

      Delete
    4. එහෙනම් අටම්, පොඩ්ඩක් සලකලා බලනවා.

      Delete
  4. ගෙදර උළුවස්සෙන් එලියට බහිනකොටම ඔන්න බර වැඩි උනා හොඳටම දැනුනා කියල කියන්නෙ.. ගොඩක් වෙලාවට පඩියක් දෙකක් බහින්න තියන තැන් වලින්. හරියට බර බෙදෙන්නැති උනාම එක එකාට බර දැනෙන විදි වෙනස් වෙන නිසා ඒ වෙනස භූත්යො පිටට පටවනවා වෙන්ටැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //හරියට බර බෙදෙන්නැති උනාම එක එකාට බර දැනෙන විදි වෙනස් වෙන නිසා ඒ වෙනස භූත්යො පිටට පටවනවා වෙන්ටැ.//
      ලාවට ඉටි පන්දම් එලියක් වත් තිබ්බනං මොන බූතයද කියල අැදිනිය හැකියි නේද..

      Delete
    2. සමහරු එහෙම්මයි කියල කියන එකනේ බං වැඩේ

      Delete
  5. බ්ලොග් ලියන / ලියපු කවුරුහරි ලඟදි අසනීපව මැරෙන්න ඉන්නවද ? එයට සෝන් මාක් පෙන්නලා නේද මේ ලියලා තියෙන්නේ අපොයි බ්ලොග් ලෝකය

    ReplyDelete
    Replies
    1. යා යා..
      ඉවා නයා එලෝ ගිහිං ආව කියන්නේ ලගදිම සෙත්ත පෝච්චි වෙනෝලු..

      Delete
    2. අනේ උඹ වගේ තිරිසනෙක්

      Delete
    3. ඉවානය ඔය ඉන්නේ යසට

      Delete
  6. මමනම් මොකෙක්වත්ම නැත්තන් මිසක ඔය මිනි පෙට්ටි වලට කර ගහන්න යන්නේ නෑ.. මට පොඩි අපුලක් තියෙනවා ඔය වැඩේ.. අනික සොහොන් වලවල් කපන්න.. වලවල් වහන්න ඕවට යන්නෙත් නෑ. මල ගෙදරක ගියත් ජිවත් වෙලා ඉන්න උන් එක්ක කතා බහ කරලා එනවා මිසක් මිනිය බදාගෙන අල්ලන හොල්ලන වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මල පෙරේතයා.. වරකෝ අඩියක් කාරිය ගහලා මිනී වලක් කපන්න.. ඒකේ රග දන්නේ වලේම බුදියගත්ත එවුන් යකෝ..

      Delete
    2. මම මල ගෙවල් වල ගියාට මිනිය එක්ක වෙන ගනු දෙනුවක් නැතුවට ...ඉස්සර කරගහන්ඩ ...වලවල් කපන්ඩ එහෙම සහබාගි වෙලා තියනවා .....මල ගෙදර ආතල් තියෙන්නේ ....කනත්තේ වල කපන තැන ..බූරු පොලවල්වල .... බත් දෙන ගෙවල් වල එහෙම

      Delete
    3. ඒ ආතල් මුං දන්නේ නැ විදානේ

      Delete
  7. මිනී පෙට්ටියක් නෙමෙයි බං ඕන මල උලව්වක් එක දිගට කරගහගෙන යනකොට බර වැඩිවෙනව වගේ දැනෙනව. අනික එහෙට මෙහෙන පැද්දිලා ඉන්න උං ටික අන්බැලන්ස් වෙනකොට එකෙකුට දෙන්නෙකුට මුලු බරම එන්න පුලුවන්. ඕව ස්කන්ධ සංස්ථිති සහ භෞතික විද්‍යා නියම. හැක්..

    ReplyDelete
    Replies
    1. අයියා ආලෝකේ වෙගෙන් යනකොට ස්කන්දේ වැඩි වෙනවා වෙනවා වගේ දැයිනේනේ ඇයි??

      Delete
    2. ස්කන්ධ සංස්ථිති

      කුනු හබ්බ කෙතලින්ඩ එපා ඕයි

      Delete
  8. ගන්දම්බය පෙට්ටිය උඩ උගේ යාළු ගන්දම්බයෝ එක්ක එකතුවෙලා ඕමි බලනවලු...

    ReplyDelete
    Replies
    1. චැහ් මං හිතුවේ අඩියක් ගහයි කියලා..

      Delete
  9. මම නම් මිනී පෙට්ටි පහ හයකට කර ගහලා තියෙනවා...ඔය බයිලා කතා ඇත්තට අපේ පැත්තේ නම් කවුරුත් කියන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. /ඔය බයිලා කතා ඇත්තට අපේ පැත්තේ නම් කවුරුත් කියන්නේ නැහැ/
      මයේ හිතේ අපායේ වෙන්ටෑ..

      Delete
    2. ඔයාලගේ පැත්තේ ඉන්නේ මහ නාහේට නාහන අයද කොහෙද

      Delete
    3. අපායේ නෙමෙයි ඌ ඉන්නේ දිවිය ලෝකේ

      Delete
  10. මිනී කාරෙකට දැම්මාම කිසි බරක් නෑ...

    මිනී කඩේ මුදලාලිට නම් බර වැඩි වෙනවා.. ඒකට ඉතින් ඉරිසියා කරන්න නරකයි.. ඒ මනුස්සයා නේ තනියෙන් කර ගහන්නේ... ඕකට මල පැනලා

    මියගියේ ඔබ නොව අපය... කියලා බැනර් දාන එකත් කැත වැඩේ...

    ReplyDelete
    Replies
    1. //මිනී කාරෙකට දැම්මාම කිසි බරක් නෑ... //
      කිසි හැල හොල්මනක් නෑ ලෙස නිවැරදි විය යුතුයි..

      Delete
    2. හර්ස් එක ටිකක් දුරට දුහනවනං වෙනමම සල්ලි ගන්නවා නේද බං

      Delete
    3. හර්ස් එකේ වර්ගෙට අනුව ගාන වෙනස්. මල් දානවා නම් තව වෙනස්.දුරට අනුව තව වෙනස්.
      අන්දන ඇඳුමටත් වෙනම

      Delete
  11. වෙන්න පුළුවන් හැම දෙයක්ම ගානට විස්තරකරලා තියෙන්නේ.. ආයෙ මොන මගුලක් දැන ගන්නද බන්..ඔහෙ ඇති යකෙක් නෑ...

    ReplyDelete
    Replies
    1. //ඔහෙ ඇති යකෙක් නෑ...//
      ඹන්න ඉතිං දේශද්‍රෝහියෙක් වෙන්න හදනෝ..

      Delete
    2. මං හිතුවේ කවුරු හරි ඉන්නවමයි කියල කියයි කියලා බං සෙෙන්නො

      Delete
  12. පෙට්ටි කරගහලා, වලවල් කපලා එහෙම අත්දැකීම් තියෙනවා. උඹ කියනවා වගේ ටිකක් පොර ටෝක් දෙනවා සීනියර් කට්ටිය. ඕනම දෙයක් ටික වෙලාවක් උස්සන් ඉන්න කොට බර වැඩියි වගේ දැනෙනවා ඇති. අහන්නකො වයිෆ්ගෙන් :D

    ReplyDelete
    Replies
    1. හැබැයි පුතෝ ජීවිත කාලේම එල්ලං ඉන්න ඒවැයේ කිසි බරක් දැනෙන් නෑ ..

      Delete
    2. බරට හුරුවෙලා...මොනවා වුනත් ඔය අවුන්ස ටික මහ බරක්යැයි. ගසට පල බරක් නොවේ. අපේ සීයාට හෙන ලබ්බක් තිබුනා...

      Delete
    3. සීයා හැත්තෑ ගනන් වල හොරට හාල් ගෙනිහුං වෙන්ටෑ...

      Delete
    4. සීයා පනස් ගනන්වල ලබ්බ අතගාගෙන නැතුව ඇති :D

      Delete
    5. වයිෆ් හරි බරයි අරුන

      Delete
    6. ලබ්බ බැස්සහම රට දුන්කල බදින කතාව මොකක්ද ලොකු අයියේ

      Delete
  13. මම කොහොමත් මල ගෙදරක උනත් යන්නේ නොයාම බැරිනම් විතරයි.ඒවයේ ගියත් සැනෙන් මිනියට ආචාර කරල එලියට එනවා!මල ගෙදරමනම් කෑම දෙන්නේ ඒක කන්නෙත් නෑ! පුලුවන් ඉක්මනට එතනින් මාරු වෙන්න බලන්නේ.මිනියට කර ගහන වැඩ අනන් මනනුත් නොකර ශේප් වෙන්න බලන්නේ..

    ReplyDelete
    Replies
    1. වැහ්.. ඔහේ දැක්කයි අර මයි3 පාල මහත්තයා අමරදේව සූරින්ගේ මිනියට කර ගාපු හැටි

      Delete
    2. ඔව් සමහරක් අය එහෙමනේ ..එක එක්කෙනා එක එක විදිහයි

      Delete
  14. ඔව්ව හෙන ගහන ඇත්ත.. මිනියේ බර වැඩි වෙනවා, හර්ස් එහෙම හෙන හිමීට යන්නේ ඒකනේ.. අදින්නේ නෑ ලේසියෙන්. කනත්තට යනවනේ නැත්තන් මිනිස්සු ඔක්කොම වාහන වල නැගල හර්ස් එකට ඇරලා පලයන් කියල. බොරු නෙමේ ඇ...

    ReplyDelete
    Replies
    1. හත්දොහේ දානේ දීලා දවස් දෙක තුනකට පස්සේ හර්ස් එක ගේ ඉස්සරහට ඇවිත් හෝං ගහන්නේ ඇයි..??

      Delete
    2. ඒ මලගිය ප්රානකාරයාගේ ආවේසෙන් එන්නේ.. පින් අනුමෝදන් උනා කියල යන්ඩ

      Delete
    3. ලහිරු කියන කං මට ඕක හිතුන් නැනේ අම්මා පල්ල

      Delete
    4. අප්පට ඒකත් එහෙමද

      Delete
    5. ලහිරුට බ්ලොග් එකක් තියනවද

      Delete
  15. එතකොට ගෑනු ඕවට කර ගහන්නේ නැති එකටත් හේතුවක් තියනවද.හයිය හත්තිය මදි නිසා වෙන්ටැ

    ReplyDelete
    Replies
    1. නැහැ....ඒක නෙමේ සයුරි. ජීවිත කාලෙටම කරගහගෙන ආවා, දැන් ඉතින් මල මිනියටත් කරගහන්නේ වෙලානේ කියලා හිතන එක හොඳ නැති හින්දා. ඕක ඒ කාලේ පිරිමි ගත්ත තීරනයක් :D ඇත්තමයි හලෝ.

      Delete
    2. :D :D ඇත්ත කතාව. ඇත්ත කතාව.

      Delete
    3. //ගෑනු ඕවට කර ගහන්නේ නැති එකටත් හේතුවක් තියනවද//
      මල වදේ.. පොලොවේ පස් කකා අඬන ගමන් කර ගහන්නත් ඇහැකියැ..

      Delete
    4. සයුරි මැඩම්.. කොලොන්නේ ඉන්නවා මිනී එම්බාම් කරන ගෑනු මනුුස්සයෙක්.. දවසක සෙට් කරන්නෙයි..

      Delete
    5. ගෑනු මනුස්සයෙක් කිව්වට බැඳලත් නැති ගෑනු ළමයෙක් නේද? මටත් මතකයි එහෙම එකක් දැක්කා

      Delete
    6. කසාද බදින්නේ කොහොමෙයි මැඩම්.. මේ මනුස්සයා ඉස්සර හොස්පිටල් එකේ මැරෙන්න වැටිලා ඉන්න ලෙඩ්ඩු බලන්න බිස්කට් පැකට් එකක් එහෙම අරගෙන යනවලු.. අනේ වාසනාවයි පහුවදාට ලෙඩා වැලිගංපිටිලු.. ඒ තරං මෙයා පියකරුයිලු.. අන්තිමට දොස්තරලා මෙයාට ලෙඩකට බේත් ගන්න ඇර හොස්පිටල් එක පැත්ත පලාතට එන එක තහනං කොරාලු..

      Delete
    7. ඔන්න උත්තරය ලැබුනනනේ සයුරි

      Delete
    8. පච කෙන්ඩ එපා විදානයෝ

      Delete
  16. ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. දැන්වීමකි..

      අප ආයතනයෙන් අවමංගල්‍ය රථයක් මිලදී ගන්නා ඔබට.. වටිනා නැවුම් මල මිණියක් නොමිලේ..

      (ඉක්කමන් කරන්න තොග සීමිතයි)

      Delete
    2. මා ගානෙ දැන්වීම් ටික. ඒකට අවුරුදු 20 ක පළපුරුද්ද තියෙනව.

      Delete
    3. වැඩේ හරියට කොරොත් කඩේටම මිණියක් එවන්නං්‍්‍

      Delete
    4. දැන්වීම් මිනිය වලලන්ඩ කලිං දෙනවද

      Delete
  17. බොඩි වේට් එකට ටැක්ස් ගහන්න පටන් ගනියිද දන්නේ නෑ.. 🙉

    ReplyDelete
    Replies
    1. මේක දැක්කට පස්සෙ ළඟදිම WAT (Weight Added Tex) කියල එකක් එනවලු.

      Delete
    2. මේ ආන්ඩුවනං එහෙමත් කරන්ඩ බැරි නැ

      Delete
  18. Replies
    1. ඔවු, උගේ මනෝ කාය තමයි ඔය රිප්ලයි දාන්නෙ.

      Delete
    2. හැක් හැක් ලේසියෙන් බෑ පුතා....

      මනෝ කාය හවහට එයි ඔයි පැත්තේ.. සැගවී සිටිනු.. හැක්

      Delete
    3. සිරාවට මූට මක් උනාද .....පරණ කසිප්පු ගහලද
      ්‍

      Delete
    4. @ ප්‍රසන්න ++++++ 😂

      Delete
  19. දැන් මට කියපන් මේ පෝස්ට් එක ලිවුවේ කවුද කියලා... අටමද නැත්තන් අර පාහර විදානයද.. . ඕකා බයටමයි ඔය විදිහට කමෙන්ට් කරලා තියෙන්නේ.දොස්තර ලඟදී කිවුවලු ඔය විදිහට වමනේ කලොත් තව මාස තුනයි අල්ලලා ඉන්නපුලුවන් කියලා

    ReplyDelete
    Replies
    1. අනේ බඩෝ...

      කුඹුක්කන් ඔයේ ගිල්ලල මරන්නේ.. හික් හික්

      Delete
    2. යසට හිටිය එකාට මක් උනාද කසුට්ටෝ

      Delete
    3. කුඹුක්කන් ඔය ලොකුද

      Delete
  20. දැං හිතාගත්තැකි අර උඩ ඇනෝ කෙනෙක් කියල තියෙන ළඟදි වලකජ්ජ ගහන්න ඉන්න එකා කවුද කියල. ඌ තමයි මේ තිගටම කොමෙන්ට් වලට රිප්ලයි කරගෙන ඇවිල්ල තියෙන්නෙ.

    අනිද්දා වත සමපෝෂා (ඉරකි තිතකි)

    ReplyDelete
    Replies
    1. /තිගටම කොමෙන්ට් වලට රිප්ලයි/ ඹව් ඹව් තිගටම රිප්ලයි කොරගෙන යන්න තමයි බැලුවේ..

      Delete
    2. සිරාවටම ප්‍රසන්න මූ මැරිද

      Delete
    3. විදානයා මලපෙරේතයෙක් වෙලා තමා

      Delete
  21. අටං මැරිලා...

    ජ ය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මං මැරෙනකන්ද තෝ බලාන ඉන්නේ

      Delete
    2. ඹවි ඹව් උඹ මැරුනම මම මේ බ්ලොග් එක ලස්සනට කරගෙන යනවා
      ඹ්ං බලපං

      Delete
  22. මිස්ටර් විදානපතිරන මේල් පාර්ස්වර්ඩ් එක කියන්නේ ගෙදර ගෑණි වගේ පරිස්සං කරන්ඩ ඒන දෙයක් ...ඒක කාටවත් දෙන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..
      තාම ඔරිජිනල් මං තමයි...

      ජ ය වේ වා !!

      Delete
  23. කමෙන්ට්ස් ටික ආතල්නෙ බං පෝස්ට් එකටත් වඩා.... විදානෙ දෙන ආතල් සල්ලි දීලවත් ගන්න බෑ...
    කොහොමිං හරි අපෙ පොඩි නැන්දගෙ මිණිය මම ගෙදර ඉඳං සොහොනටම එක දිගට ඉස්සර කරගහගෙන අාවා කිලෝමීටර් දෙකක් විතර... කාටවත් දුන්නෙ නෑ.. මට බරක් දැනුනෙ නෑ බං.. හිත ගල්වෙලා මං නිර්වින්දනය වෙලා උන්නෙ...

    ReplyDelete
  24. මමත් එක සැරයක් කරගැහුවා මිනියකට... එහා පැත්තේ හිටපු මනුස්සයා ගිය ආත්මේ පොල් ගස් පුවක් ගස් දන්දීලා වගේ හෙන උසයි... ඉතින් මිනිය ඇලේට හන්දා බර දැනුනා...

    ReplyDelete
  25. උස සමාන නැති නිසා බන් එක එකාට බර වැඩියෙන් දැනෙන්නේ. අනික් කාරණාව තමා මිනිය එම්බාම් කරද්දී මිනියට ගහන ෆොමිලින් වල බරත් ඕකට එකතු වෙනවනේ. ඉතින් සාමාන්‍ය මිනිහෙකුගේ බරට ෆොමිලින් වල බරයි, පෙට්ටියේ ලෑලි වල බරයි, පෙට්ටිය වටේ එල්ලලා තියන සරුවපිත්තල කෑලි වල බරයි ඔක්කොම ආවාම ඔතන කොහොමත් අවම කිලෝ 150 ට වැඩියි මම හිතන්නේ. ඉතින් ඔය කිලෝ එකසිය පනහ හය දෙනාට බෙදිලා එද්දී එකාට කිලෝ 25ක් එනවා හය දෙනාම එකම උසින් සමාන පුද්ගලයින් කියල උපකල්පනය කලොත්. ඒත් ඒක එහෙම නැති නිසා බර බෙදීයාම විවිදාකාරයෙන් සිදුවෙනවා. ඊට අමතරව පාරේ පිහිටන උස මිටි තැන් වල ස්භාවය අනුවත් බරේ බෙදීයාම වෙනස් වෙනවා. ඊටත් වඩා වැඩේ හපන් වෙනවා හත්පොලේ ගහල අඬන කෙනෙක් පෙට්ටියේ එල්ලිලා ඌ එක්කම යන්න තනනවානම්.

    ReplyDelete
  26. මළ ගෙවල් ගැන පොස්ට් ටිකක් වැඩිපුර වැටෙයි වගේ ..
    විද්ද්‍යවයි ඇදහිලියි කියන්නේ අපුරු මාතෘකා නොවේ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  •  How to write a Sinhala blog ( 4 )  පොස්ට් ලියන සහ පබ්ලිෂ් කරගන්නා ආකාරය , පින්තූර සහ වීඩියෝ දාගන්නා ආකාරය සහ බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතු කරන හැටි
    තෙවැනි කොටස මෙතැනින් දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න. දකුනු පැත්තේ තියන ලේබල් කියන එක ක්ලික්…
  • ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ
    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික…
  • දිට්ඨ ධම්ම වේදනීය
                             ඒ  ඉස්කෝලේ නිවාඩු කාලයක්  .... ලොකු අක්කා…
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • pace maker
  • ඇයි යකෝ ඔය
                                             …
  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • කා එක්කද බං
    මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට…
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
  • වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය
    බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින්…
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  • 100 randam posts widget with  image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය
    ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන්…
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
  • තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව
    මෙන්න තවත් වීඩියෝ ලින්කුවක්  https://www.facebook.com/real.rr/videos/470071243560989/
  • මටත් වචන පැටලෙනවනෙ අනේ
    අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත් බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ තාත්ත කියනවා දහයට…
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • සුපවයිසර් කෝ
    මේ චාටර්ම චාටර් සිද්ධිය උනේ කාලයකට ඉස්සර මම යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන ආයතනයක වැඩ කරන කාලේ , ඒ ආයතන‍යේ වැඩ රාජකාරි සිද්ධ උනේ සේවාමුර ක්‍රමයට,…
1,649,088

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>