2018-03-01

ටැබ් දුන්නොත් මක් වෙයිද


ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට සිරි වෙයි කියල .... දැං එහෙම නැතෙයි කියල මුං බ්ලූ නොබල ඉන්නවද. ඔය අපේ කාලේ ටීචර්ලා ප්‍රජනනය පාඩම කොරන එක මග ඇරලා , එක පාර කොල දෙකක් පෙරලලා අනිත් පාඩමට ගියා .... අපි වල් පත්තර බැලුවා .... යාළුවන්ගේ ගෙවල් වල ගිහින් වී එච් එස් බැලුවා .... ගැරිජ් වල ඉන්න උන්ගෙනුයි ... මේසන් බාස්ලගෙනුයි .... නෑදැ අයියල ගෙන් ටීචර්  පෙරලපු කොල දෙක ඉගන ගත්තා. ( ප්‍රයෝගික ක්‍රීයාකාරකං අක්කල කියල දුන්නා . නංගිල එක්ක වැඩිදුර අද්‍යයන කටයුතු සිද්ධකලා ) දැං ආන්ඩුවෙං  ටැබ් නොදුන්නා  කියල මුං බ්ලූ නොබල ඉදි නේ  .... පව් ඉතින්.


ඇයි යකෝ  අම්මලා නිදහසේ  අම්මලගේ වැඩ කරගන්ඩත් , තාත්තල තමන්ගේ  වැඩ කරගන්ඩත් ... ළමයින්ට දෙන්නේ  මහ උන් දෙන්නගේ ෆෝන් එක ,

ඒ දෙන ගමං  කියලමයි දෙන්නෙ

මේකත් කාල  ඉවර කරයි දැං  ... බේරෙන්ඩ බෑ අනේ කියල... ෆෝන් එකමයි ඉල්ලන්නේ කියල

ඒ මදිවට ඉස්කෝලේ යන ලොකු එකීල එකාල ඉස්කෝලේ යන්නේ කඩවසං දුරකතන අරං මයි

ඔව්වා නිකං ගොං පාට් ඒක නෙමෙයි තියන කතන්දර ටික

1) දෙන ටැබ් එක මොකක්ද , හොද එකක්ද දෙකයි පනහේ බාල එකක්ද.

2) ටෙන්ඩරය දෙන්නේ කාටද , අඩුම මුදලට හොදම එකක් දෙන කෙනාටද.

3) උඩ ඉන්න දේසපාලුවන්ට , නිලදරුවන්ට අතරමැදියන්ට කොමිස් කට්ටය තියන කෙනාටද.

4) ඒ කොහොම දුන්නත් මුදල් සපයාගන්නේ කොහොමද , ණයක්ද , ආධාරයක්ද , ණය ආධාරයක්ද , ණය ගෙවන්නෙ කොහොමද.

5) ටැබ් සපයන ආයතනයෙන් වගකීමක් සපයනවද.

6) උපකරණයේ  දෝෂයක් නිසා ක්‍රීයා විරහිතවීමක් සිදු උනහොත් ඒ අවස්ථාවේදිම අදාල ආයතනය විසින් පාසල වෙත ලබාදී ඇති අමතර ටැබ් එකක් ලබා දෙනවාද.

7) දරුවාගේ අතින් සිදුවන වරදක්නිසා උපකරණයට හානි වීමකදි , හෝ අදාල උපකරන සොරාගැනීමකදි...සහනයක්  ලබා දෙනවාද ..... එසේ නොමැතිනම්   සිසුවා විසින් සම්පූර්ණ මුදල ගෙවා වෙනත් උපාංගයක්  සපයාගත යුතුද.

8) අංක 6 හෝ 7 ක්‍රීයාවලියන්ගෙන්  එකක් සම්පූර්න වනතුරු ( පාසැලේ සියළු ඉගැන්වීම් ටැබ් එක සමග කරනවා යැයි උපකල්පනය කරමින් ) දරුවා අධ්‍යපන කටයුතු සිදු කරන්නේ කෙසේද.

9) දැනට ඉගැන්වීම් කරන විෂය නිර්දේශය හෝ අළුතින් නිර්මාණය කරන විද්‍යත් විෂය නිර්දේශයක් ටැබ් ආධාරයෙන් ඉගැන්වීමට ක්‍රමවේදයක්  දැනට නිර්මාණය කර හෝ සැලසුම් කොට තිබනවාද.

10) එසේ නිර්මාණය කොට  හෝ සැලසුම් කොට තිබෙන ක්‍රමවේදය ප්‍රයෝගික ක්‍රීයාත්මක කිරීමට මුදල් ප්‍රතිපාදන තිබනවාද , නැත්නම් සපයාගන්නෙ කෙසේද.

11) අදාල නැවුම් අධ්‍යපනික ක්‍රමවේදය ප්‍රයෝගික ක්‍රීයාත්මක කිරීම , අවශ්‍ය අනධ්‍යයන කාර්ය්‍ය මංඩලයන් සපයාගන්නේ කෙසේද.

12) නව ක්‍රමය සදහා ගුරුවරුන් පුහුණු කරන්නේ  කෙසේද , සාම්ප්‍රදායික සහ ගතානුගතික හණමිටි ගුරුවරුන් මේ ක්‍රමයට කෙසේ අණුගත වෙයිද ... එසේ නොවන අවස්ථාවන්ගේදි  ගන්නා පියවර කුමක්ද.

13) අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සපයාගන්නේ කෙසේද , පන්ති කාමරය තුල සිටින සියලු දරුවන් අන්තර්ජාලයට සම්බන්දකිරීම සහ අවස්තානුකුලව ඇතිවන ගැටලුවලට මුහුන දෙන්නේ කෙසේද , මුදල් සපයාගන්නෙ කෙසේද

14) වාර පරික්ෂන සහ කඩඉම් විභාග වලදි , විභාග වංචා සිදු නොවීමට සකස්කල ක්‍රමවේදයන් මොනවාද , ඒවා ක්‍රීයාත්මක කිරීමට මිනිස් සම්පත් සහ තාක්ෂණක ක්‍රමවේද ... සපයාගන්නේ කෙසේද ... වරදක් සිදු නොවන බවට සහතික වන්නේ කෙසේද

ඔය දේවල් මොනවා හරි  කරලා ගොඩදාගත්තත් ......තමන්ගේ වැඩේ ගොඩදායිද අපේ .... දැං ඉතින් මොකවත් හරියන්නේ නැ අප්පා  .... නර්සිං යන්ඩත් බැ.... ටීචිංවත් යනවා කියල ... රස්සාවට ආපු ඉස්කෝල මහත්තුරු නෝනලා...


ප.ලි. //


සමන් බන්ඩාර හේරත්

ලක්ෂ්මන් තිලකරත්න

වත්සලා විජේරත්න

තිලිනි ෂැල්වින්

නිනි සෙනෙවිරත්න

සංජීව විතානගේ

සුරංග බණ්ඩාර

මනෝෂ් සදරුවන් 

වත්සලා උපමාලි

ශානිකා හේවගේ

වාගේ පුකේ කඩිය ඉන්න උන්නං වැඩේ යසට කරයි , අනිත් ඈලි මෑලි දුබල ගුරු චරිත නං අදෝමයි කියල දැම්මම කියත හැකි , අකිල නෙමෙයි සක්කරය නෙමෙයි ..... මොකා ඇවිත් මොන ප‍්‍රතිසංස්කරණය ගෙනාවත් ... ඔය අපේ .. ගුරු වලිගෙනං ඇද අරින්ඩ හම්බෙන්නේ නැ මේ කපේ.

22 comments:

  1. මගේ යාලුවෙක් ටැබ් එකට ඩේට කාඩ් දාල මළා.

    ReplyDelete
    Replies
    1. අටම හෙන බුද්දිමතාවෙල ලොකු ලොකු දේවල් ගැනනෙ දැන් පෝස්ට් දාන්නෙ

      Delete
  2. ටැබ් දීම පසු පසින් සිදුවෙන වැඩ ගොඩක් තියනව... දන්නේ නැති අය ගිහින් බලන්න. හැබැයි ඔක්කොම 100%ක් නිවැරදි නෑ...
    https://www.facebook.com/ictadigitaledu/photos/pcb.1606493872765930/1606493516099299/?type=3&theater

    ReplyDelete
  3. හොඳ පොස්ට් එකක් අටමෝ හරියටම උත්තර දෙන්නං සෙනසුරාද ට. කොහෙද ඉතිං උබට උත්තර දුන්න කියල උබ මගේ කමෙන්ට් පබ්ලිෂ් කරන්නෙ නැහැනෙ. හනේ මන්ද? 🙉

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්නෙ නැ මචං මං ... හිටහං තියනවද බලන්ඩ

      Delete
  4. අනිවාර්යයෙන් ඕකුන් ඔව්වයින් බාගෙට බාගයක් කඩා ගන්නව. තව කොටහක් ඔව්ව ගලෝල බලන්න ගිහිං කඩනව. වොරන්ටි දෙන්න ගිහිං කොම්පැණිය බංකොලොත් වෙනව. සමහර එව්ව හොරකං කෙරෙනව. දැනට ලැබෙන පොත්පත් ටිකවත් පරිස්සං නොකරන එකාලා ඔව්ව පරිස්සං කරයි කියල නං හිතන්න අමාරුයි. හැබැයි ඔව්ව දෙන්න ඕනා. එතකොට තමයි ළමයි ඔව්වා පාවිච්චි කරන ආකාරය ඉගෙන ගන්නෙ. අවුරුදු දෙක තුනක් යද්දි ඉබේම හැදෙයි.

    ReplyDelete
    Replies
    1. //හැබැයි ඔව්ව දෙන්න ඕනා. එතකොට තමයි ළමයි ඔව්වා පාවිච්චි කරන ආකාරය ඉගෙන ගන්නෙ. අවුරුදු දෙක තුනක් යද්දි ඉබේම හැදෙයි.//
      ++++++

      Delete
  5. මම ටෙන්ඩරේ ගන්ඩයි ඉන්නෙ......

    ReplyDelete
  6. ෆ්‍රී වයිෆයි එක්ක ටැබ් එකකුත් දුන්නනම් ළමයි සතුටෙන් සිටී කියල මට හිතෙනවා .

    ReplyDelete
  7. ඉතාම වටිනා පෝස්ට් එකක් , වෙනස් වෙන්න වෙනස් විදිහට හිතන්න උවමනාවක් නැති ගොබ්බ දෙස්පාලුවෝයි , උන්ටම හරියන වෘත්තීය සමිති කාරයොයි එක්ක මේක කරන්න ලේසි නෑ .

    අන්තිමට උගන්ඩාව, සුඩානය , සෝමාලියාව වගේ රටවලත් ක්‍රියාත්මක වෙන මේ වගේ වැඩසටහන් අම්මටසිරි ලංකාවට තමා හොඳ නැතිවුනේ , පෝස්ට් එකේ කියල තියෙනවා වගේ වෘත්තීය සමිති සහ අනික් හිඟන්නෝ කරන්නොන ඔන්නෝය උඩ තියන ප්‍රශ්න ටිකට උත්තර හොයන එක.

    ReplyDelete
  8. Balamu mokada venne kiyala

    ReplyDelete
  9. ඔය ඔක්කොම කරනවලු (කටින්)

    ReplyDelete
  10. අටමා මේ පෝස්ට් එකත් මකන්න කළින් ඉක්මනට ඇවිත් කියෙව්වා.

    ReplyDelete
  11. වත්සලා විජේලත් කියන්නේ කවුදැයි බලන්න එමටම ගියා.. බොල ඒ වත්සලා උපමාලි නේ.. විජේලත් ගුරුඔරියක් නෙවෙයිනේ.. අනික ඈ ලංකාවෙත් නෑ..

    හෑ මේ පෝස්ට් එක හැබෑට මොකක් ගැනද තිබ්බේ? :))))

    ReplyDelete
  12. //කඩවසම් දුරකථනය// මාරු...

    ReplyDelete
  13. අටමෝ මේවට උත්තර බ්ලොග් ප-කින් මාතලන්ගෙන් අහලා කියන්නම්

    හා ද ... එහෙම හොඳා ද ?

    හා:)

    ReplyDelete
  14. ප්‍රයෝගික ක්‍රීයාකාරකං අක්කල කියල දුන්නා . නංගිල එක්ක වැඩිදුර අද්‍යයන කටයුතු සිද්ධකලා... ඒකට නම් ඇඬුනා...... Hee Heee...........

    මම මේ බ්ලොග් ලිපියක් හොයන ගමන් ඉන්නේ, කසාද බැඳපු දෙන්නෙක්ගේ ලිංගික ජීවිතයට නැන්දම්මලාගෙන් සහ ලමයින්ගෙන් වෙන බධාවන් ගැන තමයි ඒ ලිපියේ තිබ්බේ, ලිපිය ගැන අදහස් දක්වලා තිබුනු අයත් මරු මරු කතා කියලා තිබ්බා.

    මට ඒ ලිපියේ ලින්ක් එක හෝ ඒ ලිපියේ තිබ්බ බ්ලොග් එක ඔයාලට මතක නම් කියන්නකෝ ලොකු උදව්වක්.... මගේ වයිෆ්ට ඒක පෙන්වන්න ඕනේ....

    ReplyDelete
  15. දැන් තමයි ඔන්න දැන ගත්තේ...
    ඕං මගේ දැනුම...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association
     , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව. මං කැරම්  බෝඩ් …
  • ආ එයා ලොකූ වැඩක්
    කතන්දර අංක එක  මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ…
  • සිකරට් බීලා අහුවෙලා තියනවද
    දවසක් මම මගේ මිතූරෙක් සමග ගමනක් යනකොට හම්බඋනා මිනිහගේ ඉස්කෝලේ යාළුවෙක්.ලස්සන ,රතූ ,පීන් පාට ,උසේ තරමට මහත,වටින ඇදුම් ඇදපු,කැරට් 18ටෙ මාල දාලා,…
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල
    මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන…
  • Leather, Rexin, Curtain Sewing and DP-LR, DB-LR, F2-LR Needles
  • Stitching and Pattern making In easy and simple steps,- Part 1
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • සේන මාමගේ විසප්පුව
    සේන මාමා කියන්නේ බොහොම අහිංසක මනුස්සයෙක් , මං දන්න හිතවතෙක් ලග වැඩ කරනවා නෙමෙයි   වැටිලා ඉන්නවා කියුවොත් නිවැරදියි ... නියමිත වැඩක් පලක්…
  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  • දරුවෙකුට වාගේ සලකන්නං
    ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • '' පටි සෙරෙප්පු ''
    ''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • කොහොමද යාලුවනේ මාව මතකද දන්නැ
    ඉතින් කොහොමද වාස දේසේ , අවුලක් නැනේ  ෆිට් එකේ ඉන්නවනේ නේද , එහෙනං එලකිරි ,  කාලයක් මට බ්ලොග් එකයි  සින්ඩියවාගේ එකයි මග…
  • ඔබත් දරුවන්ට රඹුටන් ආහාරයට ගැනීමට දෙන මවක්ද පියෙක්ද , එසේනම් මේ කරුනු ගැ...
  • Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association
     , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව. මං කැරම්  බෝඩ් …
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
1,646,602

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>