2018-08-22

ඉලන්දාරිකම





හන්දියට ඇවිත් විටක් එහෙම අරං කඩේ අයියත් එක්ක කයියක් ගහගහ හපන්ඩ ගත්තා , එතන තියනවා සැලුන් එකක් , ඔතනට පොඩි එකාව කොන්ඩෙ කපන්ඩ දාල මම දන්න අම්මා කෙනෙක් වෙන වැඩකට ගිහිං , අම්මා එනකොට කොල්ලා ලස්සන කට් එකක් ගහගන එලියට වෙලා ඉන්නවා, අම්ම බකට් එක අදිනවා.


මතීෂ ඔය මොකක්ද ඔය කරගන තියෙන්නෙ ,තාත්ත කියුවේ කොටට කපන්ඩ කියලා නේද


ඉතින් මේ කොටටනේ කපල තියෙන්නෙ




මේ .....ඒ.....දෙන්⁣නේ......හම්... ඉස්සරහිං පස්සෙං ඉතුරුකරලා ... දෙපැත්ත කට් ගහල ...... ආයේ ඇතුලට ගිහිං ඔක්කොම එක ගානට කපාගන එනවා , නැත්තං මං තාත්තට කෝල් කරනවා


ඉතින් තාත්ත කපපු විදිහටනෙ මාත් කැපුවෙ




ආ ඉදපං මම කෝල් කරලා ගෙන්නන් නං




කියුව අරුන්දැ හන්දියෙම රස්සාව කරන තාත්තට කෝල් කරනවා , කඩේ අයියයි මම කතාව අහගන , මං කල්පනා කලේ පච්ච කොටල , කරාබු දාල යකඩ උස්සල ලස්සනට ඇග හදාගන , ඩෙනිම් ගහල , බොඩි ෆිට් ටීෂර්ට් ගහල , ඩෙක් ෂූෂ් ගහල ඉන්න තාත්තයි ,




කොන්ඩෙ පාට කරලා , කොටට ඇදලා , මූනට හැම හත්තිලව්වම කරලා , නියපොතු දහය පාට දහයකිං පාට කරල , කරාබු හත අටක් දාල , වැලමිටයි මැණික් කටුවයි අතර අතේ යට පැත්තෙ වැල් අකුරු වැලක් කොටලා ඉන්න අම්මයි , කොල්ල කට් එකක් ගැහුවයි කියල මොකට නහිනවද කියල.


බලන්ඩ අයියේ කොන්ඩෙ කපාගන තියන හැටි


මරු කට්ටෙකක්නෙ කොල්ල බස්සල තියෙන්නෙ


මරුතමා .... ටිං ටිං වගේ




ඔන්න ආවා එතකොටම තාත්තන්ඩිත්


මතිෂ යනවා ගිහිං නෝට් එකට ගහගන එනවා




ඔයා ගිහිං කියන්ඩකො චන්දනට


කියල කට් ගහගන්නවනං නෝට් එකට කපන්ඩ කියන්ඩ බැරි


පොඩි එකා දොර ඇරගන සැලුන් එකට රිංගුවා


තාත්ත කාරයා මට හිනාවක් දාල


බලපං මචං මූ


පව් බං කොල්ලොනෙ ... ආසයිනෙ ... අනික නිමාඩු කාලෙනෙ


මූ තාම හතර වසරේ බං .... ඉලන්දාරිකම








ලියුවේ  මං

14 comments:

  1. හරිනේ, තමන් මොනවා කළත් හැම තාත්තටම ඕනේ පුතා උත්තම පුතෙක් කරගන්ඩ.

    ReplyDelete
    Replies
    1. දරුවෙක් හොදට හැදෙනවට ආසයි

      Delete
  2. කකුළුවා පැටියට කෙලින් යන්න කිව්වලු

    ReplyDelete
  3. දැන් එතකොට මේක 2ක

    ReplyDelete
  4. දැන් එතකොට උපුටන විතරද මෙතන යන්නේ.. "ලියුවේ මං.." චැහ්..

    ReplyDelete
  5. හා හා හා .... එක පට්ට .

    ReplyDelete
  6. ෆේස් බුක් ෆෝස්ට් ෆට්ට

    ReplyDelete
    Replies
    1. එතනට ඇවිත් කියවන්න , තව ගොඩක් තියනවා

      Delete
  7. ape kollath cut ekak gahala..eka poddak waradila. koluwa saloonta baninawa chora cut ekak gahala kiyala

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • දිට්ඨ ධම්ම වේදනීය
                             ඒ  ඉස්කෝලේ නිවාඩු කාලයක්  .... ලොකු අක්කා…
  • අපි නොදන්න බාර් කතා
    ඔන්න  මම මේ ලගදී දවසක ගියා  බාර් එකට ... ඉතින් ඔය ගෙදරට ගෙනත් ගෑණු දරුවෝ එක්ක කයියක් ගහගන අනුමත වෙන එකත් දිගටම කරන්ඩ ගියහම …
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • හොදට පස්සෝනවා
    ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
    අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා. සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට…
  • තාත්තෙක් මං
    රූස්ස ගස් වලින් හැදිච්ච තනි කැළැ මන්ඩියක අවාරෙට වැටිච්ච ඇටයකින් පැලවෙච්ච පළ දරපු ගහෙත් පරාග දුන්න ගහෙත් හෙවන අතරින් පතර ලැබිලා මහ රුස්ස…
  • how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා  පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.
    අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු…
  • වඳ සැත්කම්
    මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු…
1,645,903

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>