2018-08-22

ඉලන්දාරිකම





හන්දියට ඇවිත් විටක් එහෙම අරං කඩේ අයියත් එක්ක කයියක් ගහගහ හපන්ඩ ගත්තා , එතන තියනවා සැලුන් එකක් , ඔතනට පොඩි එකාව කොන්ඩෙ කපන්ඩ දාල මම දන්න අම්මා කෙනෙක් වෙන වැඩකට ගිහිං , අම්මා එනකොට කොල්ලා ලස්සන කට් එකක් ගහගන එලියට වෙලා ඉන්නවා, අම්ම බකට් එක අදිනවා.


මතීෂ ඔය මොකක්ද ඔය කරගන තියෙන්නෙ ,තාත්ත කියුවේ කොටට කපන්ඩ කියලා නේද


ඉතින් මේ කොටටනේ කපල තියෙන්නෙ




මේ .....ඒ.....දෙන්⁣නේ......හම්... ඉස්සරහිං පස්සෙං ඉතුරුකරලා ... දෙපැත්ත කට් ගහල ...... ආයේ ඇතුලට ගිහිං ඔක්කොම එක ගානට කපාගන එනවා , නැත්තං මං තාත්තට කෝල් කරනවා


ඉතින් තාත්ත කපපු විදිහටනෙ මාත් කැපුවෙ




ආ ඉදපං මම කෝල් කරලා ගෙන්නන් නං




කියුව අරුන්දැ හන්දියෙම රස්සාව කරන තාත්තට කෝල් කරනවා , කඩේ අයියයි මම කතාව අහගන , මං කල්පනා කලේ පච්ච කොටල , කරාබු දාල යකඩ උස්සල ලස්සනට ඇග හදාගන , ඩෙනිම් ගහල , බොඩි ෆිට් ටීෂර්ට් ගහල , ඩෙක් ෂූෂ් ගහල ඉන්න තාත්තයි ,




කොන්ඩෙ පාට කරලා , කොටට ඇදලා , මූනට හැම හත්තිලව්වම කරලා , නියපොතු දහය පාට දහයකිං පාට කරල , කරාබු හත අටක් දාල , වැලමිටයි මැණික් කටුවයි අතර අතේ යට පැත්තෙ වැල් අකුරු වැලක් කොටලා ඉන්න අම්මයි , කොල්ල කට් එකක් ගැහුවයි කියල මොකට නහිනවද කියල.


බලන්ඩ අයියේ කොන්ඩෙ කපාගන තියන හැටි


මරු කට්ටෙකක්නෙ කොල්ල බස්සල තියෙන්නෙ


මරුතමා .... ටිං ටිං වගේ




ඔන්න ආවා එතකොටම තාත්තන්ඩිත්


මතිෂ යනවා ගිහිං නෝට් එකට ගහගන එනවා




ඔයා ගිහිං කියන්ඩකො චන්දනට


කියල කට් ගහගන්නවනං නෝට් එකට කපන්ඩ කියන්ඩ බැරි


පොඩි එකා දොර ඇරගන සැලුන් එකට රිංගුවා


තාත්ත කාරයා මට හිනාවක් දාල


බලපං මචං මූ


පව් බං කොල්ලොනෙ ... ආසයිනෙ ... අනික නිමාඩු කාලෙනෙ


මූ තාම හතර වසරේ බං .... ඉලන්දාරිකම








ලියුවේ  මං

14 comments:

  1. හරිනේ, තමන් මොනවා කළත් හැම තාත්තටම ඕනේ පුතා උත්තම පුතෙක් කරගන්ඩ.

    ReplyDelete
    Replies
    1. දරුවෙක් හොදට හැදෙනවට ආසයි

      Delete
  2. කකුළුවා පැටියට කෙලින් යන්න කිව්වලු

    ReplyDelete
  3. දැන් එතකොට මේක 2ක

    ReplyDelete
  4. දැන් එතකොට උපුටන විතරද මෙතන යන්නේ.. "ලියුවේ මං.." චැහ්..

    ReplyDelete
  5. හා හා හා .... එක පට්ට .

    ReplyDelete
  6. ෆේස් බුක් ෆෝස්ට් ෆට්ට

    ReplyDelete
    Replies
    1. එතනට ඇවිත් කියවන්න , තව ගොඩක් තියනවා

      Delete
  7. ape kollath cut ekak gahala..eka poddak waradila. koluwa saloonta baninawa chora cut ekak gahala kiyala

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    '' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද '''' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද '''' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක්…
  • How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්
                                           …
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
  • ඔයා එනකං ඇහැරගන ඉන්නේ වෙන මොකටද
    මේ ඉන්නේ චමෝදී බබා, එයාට නම් හෙන ගොඩාක් තියනවා , චම්මා, අත්තී, චම්මිණිබෝලේ , දද්දී, අම්මෝ තව ගොඩක් තියනවා, මෙයා ඉස්සරනං තාත්තා එක්ක හරි…
  • How to put a Singer 974 shuttle
  • ෆෝන් එකෙන් බ්ලොග්  එකක් ලියන්නේ  කොහොමද 12
    බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු ඔන්න එතකොට ඇප් එක ඕපන්…
  • මහත්තයට කියන්නැ
    අද කතාව මම දන්න ( තරමක් මිතුරු ) කමල් කියලා මේසන් බාසුන්නැහේ  කෙනෙක් තමයි කියුවේ . මිනිහට ඉතින් නිකම්ම බාස් කියලා කියන්නත් බැ, බාස්…
  • DP Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  •  චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
     
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  •  How to write a Sinhala blog ( 3 )   බ්ලොග් සෙටින්ග් , බ්ලොග් ගැජට් , බ්ලොගර් ෆොපයිලයේ වැඩිදුර සැකසුම් ,  blog authors හෝ  admin ලෙස තව කෙනෙක් සම්බන්ද කරගැනීම
    දෙවැනි කොටස මෙතැනින් හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන…
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • බැද දමා තිබු තැනින්
    ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා ටික දුරක් ගංදියේ…
  • Points to consider when using Face mask and Public Water taps
  • තවත් එක් කක්කා කතා වස්තුවක්
    මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ…
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • පාසැල් තුලින් පෞරුෂය සහ විනය සංවර්ධනය කරන්නේ නෑ
     
1,646,941

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>