2018-08-22

ඉලන්දාරිකම





හන්දියට ඇවිත් විටක් එහෙම අරං කඩේ අයියත් එක්ක කයියක් ගහගහ හපන්ඩ ගත්තා , එතන තියනවා සැලුන් එකක් , ඔතනට පොඩි එකාව කොන්ඩෙ කපන්ඩ දාල මම දන්න අම්මා කෙනෙක් වෙන වැඩකට ගිහිං , අම්මා එනකොට කොල්ලා ලස්සන කට් එකක් ගහගන එලියට වෙලා ඉන්නවා, අම්ම බකට් එක අදිනවා.


මතීෂ ඔය මොකක්ද ඔය කරගන තියෙන්නෙ ,තාත්ත කියුවේ කොටට කපන්ඩ කියලා නේද


ඉතින් මේ කොටටනේ කපල තියෙන්නෙ




මේ .....ඒ.....දෙන්⁣නේ......හම්... ඉස්සරහිං පස්සෙං ඉතුරුකරලා ... දෙපැත්ත කට් ගහල ...... ආයේ ඇතුලට ගිහිං ඔක්කොම එක ගානට කපාගන එනවා , නැත්තං මං තාත්තට කෝල් කරනවා


ඉතින් තාත්ත කපපු විදිහටනෙ මාත් කැපුවෙ




ආ ඉදපං මම කෝල් කරලා ගෙන්නන් නං




කියුව අරුන්දැ හන්දියෙම රස්සාව කරන තාත්තට කෝල් කරනවා , කඩේ අයියයි මම කතාව අහගන , මං කල්පනා කලේ පච්ච කොටල , කරාබු දාල යකඩ උස්සල ලස්සනට ඇග හදාගන , ඩෙනිම් ගහල , බොඩි ෆිට් ටීෂර්ට් ගහල , ඩෙක් ෂූෂ් ගහල ඉන්න තාත්තයි ,




කොන්ඩෙ පාට කරලා , කොටට ඇදලා , මූනට හැම හත්තිලව්වම කරලා , නියපොතු දහය පාට දහයකිං පාට කරල , කරාබු හත අටක් දාල , වැලමිටයි මැණික් කටුවයි අතර අතේ යට පැත්තෙ වැල් අකුරු වැලක් කොටලා ඉන්න අම්මයි , කොල්ල කට් එකක් ගැහුවයි කියල මොකට නහිනවද කියල.


බලන්ඩ අයියේ කොන්ඩෙ කපාගන තියන හැටි


මරු කට්ටෙකක්නෙ කොල්ල බස්සල තියෙන්නෙ


මරුතමා .... ටිං ටිං වගේ




ඔන්න ආවා එතකොටම තාත්තන්ඩිත්


මතිෂ යනවා ගිහිං නෝට් එකට ගහගන එනවා




ඔයා ගිහිං කියන්ඩකො චන්දනට


කියල කට් ගහගන්නවනං නෝට් එකට කපන්ඩ කියන්ඩ බැරි


පොඩි එකා දොර ඇරගන සැලුන් එකට රිංගුවා


තාත්ත කාරයා මට හිනාවක් දාල


බලපං මචං මූ


පව් බං කොල්ලොනෙ ... ආසයිනෙ ... අනික නිමාඩු කාලෙනෙ


මූ තාම හතර වසරේ බං .... ඉලන්දාරිකම








ලියුවේ  මං

14 comments:

  1. හරිනේ, තමන් මොනවා කළත් හැම තාත්තටම ඕනේ පුතා උත්තම පුතෙක් කරගන්ඩ.

    ReplyDelete
    Replies
    1. දරුවෙක් හොදට හැදෙනවට ආසයි

      Delete
  2. කකුළුවා පැටියට කෙලින් යන්න කිව්වලු

    ReplyDelete
  3. දැන් එතකොට මේක 2ක

    ReplyDelete
  4. දැන් එතකොට උපුටන විතරද මෙතන යන්නේ.. "ලියුවේ මං.." චැහ්..

    ReplyDelete
  5. හා හා හා .... එක පට්ට .

    ReplyDelete
  6. ෆේස් බුක් ෆෝස්ට් ෆට්ට

    ReplyDelete
    Replies
    1. එතනට ඇවිත් කියවන්න , තව ගොඩක් තියනවා

      Delete
  7. ape kollath cut ekak gahala..eka poddak waradila. koluwa saloonta baninawa chora cut ekak gahala kiyala

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Stitching and Pattern making In easy and simple steps,- Part 3
  • සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ
    මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු  කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු…
  • සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද
    ''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද'' ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න…
  • යුග දිවී රස
    ‘‘හෙල්ලෝඕ‘‘ ‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘ ‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා…
  • තාත්තෙක් මං
    රූස්ස ගස් වලින් හැදිච්ච තනි කැළැ මන්ඩියක අවාරෙට වැටිච්ච ඇටයකින් පැලවෙච්ච පළ දරපු ගහෙත් පරාග දුන්න ගහෙත් හෙවන අතරින් පතර ලැබිලා මහ රුස්ස…
  • ජාබා සහ ජුල්බුලී
  • සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 3 ) වැටවල්වල අඹ පැලවීම භයානකයි
    දෙවැනි කොටස මෙතැනින් සල් ලිඳට බැහැලා නාපු කෂ්ටියට පෝරියල් සෙට් කරල එහෙම ඔන්න ඉතින් සතියක් දෙකක් ගියා , ඔය  අතරේ ඉතින් අර අයියලා කට්ටිය…
  • පේස් මේකර්
  • Making and tempering a traditional rock drilling chisel
  •  dehiwala national zoological garden දෙහිවල සත්තුවත්තේ  අරක පෙන්නපු සිංහයා
    ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ  උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල ''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද'' ''මොන කේක්ද…
  • පාසැල් තුලින් පෞරුෂය සහ විනය සංවර්ධනය කරන්නේ නෑ
     
  • අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං
    කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං නේක නේක රටා මවන් පාපිස්සක හැඩය        …
  • ඔයත් තාත්තට බයද
    මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ. මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ…
  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  • බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
    ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා …
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • Free advice offered via video calls to fix any issues on Corona Disease ...
  • කුරුඳු තැලිල්ල
    ලොරේසියේ කුළයට හා සිනමෝමම් ඝණයට අයත් ශාකයක් වන කුරුඳු වගාව පොල් වගාවේ යටි වගාවක් විදිහට හරි තනිකරම කුරුඳු හරි තමයි වගාකිරිල්ල කරන්නේ සෝදා…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • මටත් වචන පැටලෙනවනෙ අනේ
    අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත් බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ තාත්ත කියනවා දහයට…
1,645,903

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>