Monday, August 18, 2014

තමන් සිතා සිටිනවාට වඩා බෙහෙවින් තරුණද


උළුඅස්සට හේත්තුවී වැස්ස දෙස බලාහුන් අනුලා ගේට්ටුව ඇරගෙන හනිකට දිව එන මහින්ද දැක නිවස තුලට ගොස් තුවායක් රැගෙන විත් අතින් හිසකෙස් පිසදමමින් සිටි මහින්දට දිගුකලේය

'' ‍‍හොදට තෙමුනානේද ආ ඔලුව පිහදාගන්න ''

'' එහෙමට තෙමුන්නැ ටවල් එපා ''

'' නැත්තේ මොකද ... එක්කො ඔයා ඔහොම්ම නාගන්න මම ඇදුමක් දෙන්නම් ''

'' ඕන්නැ මෙහෙම්ම හුලගට වේලිලායයි''

'' කොහේ වේලෙන්ඩද අනේ මේ මහ වැස්සේ ..එන්ඩ එන්ඩ ....කියුවම අහල එන්ඩකෝ  මහින්ද ''

'' ඕන්නැ අනුලා මට කැම එක ඔතලා දෙන්ඩ , මං මෙහෙම්ම යන්නං .....මේ වැස්ස කීයට පායයිද දන්නැ ''

'' එහෙම වැස්සෙම එලියට බැහැල යන්ඩ මේක අම්බලමක්ද මහින්ද .....අනික කැම ඔතල දෙන්ඩ මං කඩයප්පං කඩයක්ද ...කියුවම අහල මෙන්න මෙහේ එන්ඩ ''

අත රැදි තුවාය දමාගසනා පරිද්දෙන්  මහින්ද දෙසට විසික්ක කර නිවස තුලට යන අනුලා පසු පසින් මව පසුපසින් ඇවිද යන කිකරු දරුවෙක් මෙන් මහින්ද ඇවිද යන්නටවිය. නාන කාමරයේ දොර විවරකල අනුලා

'' නාගන්න මහින්ද ...මම ඔයාට ඇදුමක් අරගන එන්නං ''

කියමින් කාමරයට පිවිසි අනුලා අල්මාරිය විවරකොට සැමියා මියයාමෙන් පසු ඔහුගේ අනෙක් සියලු ඇදුම්  සහ බඩුබාහිරාදිය යාචකයන්ට බෙදා දුන්නද දශකඑකහමාරකටත්  වැඩිකාලයක් එක් තට්ටුවක අසුරා තිබුන අවසන් වරට හදිස්සියේ නිවසට පැමින එක් දිනකට නිවසේ රැදි හුන් දිනයේ සැරසී පැමිනි නිල ඇදුම සහ එදින සවස් කාලයේ තමන් සමග කඩපොලට යෑමට සැරසුන කොට කලිසම , ටිෂර්ට් එක සහ රාත්‍රීයේ ඇදහුන් සරම සමග , සැමියා බෙහෙවින් ආසාකල ඇදුම් කිහිපය ගෙන ඇද මතින් තබා , පලමුව නිලඇදුම සමග නොසේදු සරම ටිෂර්ටය සහ කොට කලිසම සෙමෙන් ගෙන පසෙකින් තබා .  ඉතිරි ඇදුම් වලින් මහින්දට දෙන්නට ඇදුමක් තෝරන අනුලාට

......................සරන බැදුන දිනසිට සැමියා නිවාඩුවට පැමින හිදිනා දින කිහිපයේ අදින ඇදුම් ඔහු නැවත නිවසට පැමිනෙන දින දක්වා සේදිමකින් තොරව තබා ගත් ආකාරය සිහිවි පිටවු සුසුමත් සමග තමන් වරදක් කරනවායැයි හැගුන බැවින් නැවතත් තිබු ලෙසම ඒ ඇදුම් අල්මාරියට දමා  , තම පුතුගේ කාමරයට පිවිස , එහි ඇති අල්මාරියෙන් ලොකු කපු කමිසයක් සමග ඉන සීරුමාරු කලහැකි කලිසමක් රැගෙන නාන කාමරය අසලට පැමින

'' මහී මෙන්න ඔයාට ඇදුමක් ලොක් එකෙන් එල්ලුවා ......ඒක අරගන ඔය ඇදුම සෝදලා වතුර බේරෙන්න මේ ටවල්රැක් එකට දාන්න , යනවෙලාවට මම අයන් කරල දෙන්නං ''

කිසිත් නොකියා ඇගිල්ලට දත් බෙහෙත් ටිකක් ගත් මහින්ද උඩින් පල්ලෙන් දත්වලත් දිවෙහිත් ඇගිල්ලෙන් තදින් තවරා වතුර මල හැර හිසට වැවටන වතුරෙන් කට සෝදා ඉවතට විසිකොට දවාලෙත් නැවනේ යැයි සිතමින් හොදින් ඇග තෙමුන පසු රැදවුමේ ඇති සබන් කෑල්ල අතට ගෙන හිසෙහි තවරාගෙන පපුවෙහිද තවරන මහින්දගේ අතීත මතකයන් දැනුන සබන් සුවදත් සමග විකසිතවන්නට විය.

පාසල් වියේදී නොව වැඩුන තරුණියකව රැකියාවට යන කාලයේදිත් කිසිදු විලවුන් වර්ගයක් නොගැල්වු අනුලා වෙතින් හැමදා හැමු මේ සබන් සුවදටත් වඩා ඇගේ දහඩිය සුවදට තමන් කොතරම් ඇලුම් කලාද ,

දෙදෙනා තනිවුන විටදි අනුලාගේ දහඩිය සුවද වැහෙන කිහිල්ල සිපගන්නා විටදි

'' ඒපා ඔයාට ගද නැද්ද අනේ මගේ දාඩිය මටම ගදයි ඊයියා ''

'' මට සුවදයි අනු ''

'' එපා.... එපා මට ඕන මෙතනට ''

හිස පැත්තට හරවා බෙල්ල පාන අනුලාට

'' එතනටත් දෙන්නං ..... .....මෙතනට දිල ....... ඊ .....ල...ගට .....මෙතන     ...වව් හව්  කියන්නං ''

'' බැ බැ ..... යන්න යන්න එදත් ඔහොම කියල තමයි එපා කියන එකම කලේ ...ඒ කරල  .. මම බැ කියන එකම මටත් කියල කරව ගත්තේ ''

'' ඔයා බයයි ඔයාට හිත පාලනය කරගන්න බැරුව එතනින් එහාට යන්න වෙයි කියල ..............මං එහෙම කරන්නැ පැටියෝ .............මං හෙට මැරුනත් ඔයාට වෙන කෙනෙක් ලගට යන්න බැරි කරන්නේ නැ මම ''

'' එතකොට අනිත් ඔක්කොම හොදයි ඒක විතරයි නරක ...කපටිකම ''

'' මම නං ඒ දවස එනකං ඒ දේ කරන්නැ ..... ‍නරක ළමයි කියුවත් ''

'' අනේ මේ යනව යන්ඩ ''

අතින් ලිස්සා එක් වරම බිමට සබන් කෑල්ල වැටිමෙන් තමන් බොහෝ වේලාවක් එක් තැනම සබන් තැවරුබව වැටහුන මහින්ද හනිකට කලවායේ සහ දෙකකුලේ අතේ තැවරි ඇති සබන් තවරා ගනිමින් බිමට නැවි සබන් කැල්ල අහුලාගන්නා විට තමන් තමන්ම සිතා සිටිනවාට වඩා බෙහෙවින් තරුණදැයි සිතින.

මෙතෙක් කතාව මෙතනින්