2016-11-17

නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives


යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ වාගේ මලු , ඔය පිටින් තද නිල්පාට උනාට ගෙඩිය පොඩිකරහම සාමාන්‍ය වෙරළු වාගේම කොලපාටයිලු , මේ ගහ තියෙන්නේ කොළඹ නගරයේමයි, ඒ ගෙදර අය දන්න තරමට තව මේ ජාතියේ ගහක් තියනවලු පේරාදෙනියේ , මයේ හිතේ මල්වත්තේ වෙන්ඩ ඇති ,

ඒ ගෙදර අය දන්න දවසේ ඉදං ඔය ගහ මිදුලේ තියනවලු හැබැයි ඇටයක් පැලවෙන්නේ වත් , මුලකිං පැලයක් දාන්නේවත් නැලු , කිහිප විටක්ම විදුලි බල මණ්ඩලයෙන් ගහ කපන්න  කියලා බල කලත් අතු ටිකක් විතරක් කපලා ගහ බේරාගත් බවත් , එන්න එන්නම ගහ ලොකුවෙන හන්දා ඉදිරියට මුලින්ම කපන්න වෙයිද දන්නැ කියලත් කියුවලු ,


මේ ෆෝටෝ එක අරගන තියෙන්නේ 2011 අවුරුද්දේ , සමහරක්විට දැං ගහ කපලද දන්නෙත් නැ , යාළුවගේ  පරණ හාඩ්ඩිස්ක් එකේ තව ගහේ සහ ගෙඩිවල ෆෝටෝ තිබිලා තිබුනත් , රිකවරි කරද්දි අස්ථාන ගතවෙලා , මට හොයාගන්න ලැබුනේ මේ ෆොටෝ  දෙක විතරයි , මං කවදාවත් දැකලා තිබුනේ නැති නිසාත් , කියවන අය මේ ශාකය ගැන දන්නවානං ඒ තොරතුරු දැනගන්නත් , මං වගේ නොදන්න අයට දැනගන්නත් මේක මෙහෙම ලියලා දාන්ඩ හිතුවා . ( කමක් නැ නේ..ඒ.. )






98 comments:

  1. මාත් මේ දැක්කාමයි නිල්පාට වෙරළු.
    කොල පාටට ඉඳලා ඇතිවෙලාවත්ද ? හැක්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙරළුත් පක්ෂේ මාරු කරලා

      Delete
  2. කලින් දැකලාවත් අහලාවත් නැති දෙයක්. වෙරළු ගහ මහ විසාල එකක් බව පෙනෙනවා. පේරාදෙණිය උද්‍යානයෙන් ඇහුවොත් විස්තර කියයි.

    බෙදාහදා ගත්තාට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සමහරක් විට ඔය පැත්තෙත් ඇති , මේල් එකක් ලැබුනා , දෙල්ගොඩත් තියනවා කියල

      Delete
  3. I think there is a another tree at bawa's lunuganga watta in benthota

    ReplyDelete
    Replies
    1. ඔව් කිහිපදෙනෙක්ම කියුවා

      Delete
  4. පුදුමයි.

    සාමාන්‍යයෙන් හාඩ් ඩිස්ක්වලින් හම්බ වෙන්නේ නිල්පාට වෙන ජාති.

    ReplyDelete
    Replies
    1. සුපිරි කමෙන්ට් එක රසික.. හැක්

      Delete
    2. උගේ මිම්මෙන් අනිත් උන්වත් මනින ගොබිලෙක්. ඌටම හරියන හාල්පාරුවේ දෙන්නෙක්

      Delete
    3. ආයෙත් අහලා...නාහෙ පටන්ම

      Delete
    4. රසික ඇත්තටම ඒවා බලන්නේ නැද්ද ...මං නං බලනවා

      Delete
  5. අටං මම ඔය ගහක් දැකලත් තියනවා කාලත් තියනවා,අපේ පැත්තෙ ජෙට්වින්ග් හොටෙල් කාරයන්ගෙ පොල් වත්තක් තියනවා,ඒ මිනිස්සු කොහෙන්ද රටකින් ගෙනල්ලා හිටවපු ගහක්,තාමත් තියනවද දන්නෙ නෑ,ඉස්සර වත්තෙ වැඩකරපු පවුලක ඇදුනුම් කමට අපි වත්තට පයිනවා,දැන් නම් බල්ලෙක්ටවත් එන්න දෙන්නෙ නෑ..ඉස්සර අපි ඇට හිටවන්න ට්‍රයි කලා පැල උනේ නම් නෑ

    ReplyDelete
    Replies
    1. ඈ....කොහෙද කියපන් ඔය පොල් වත්ත තියෙන්නෙ, අපේ ලොක්කගෙන් ඕකෙ ගෙඩි ටිකක් ඉල්ල ගන්න පුළුවන්, මම වෙලාවක ගහ ගැන විස්තර අහගන්නම්.

      Delete
    2. උබලෑ ලොක්කගෙ අම්මගෙ ඔය ඉඩම,,දංකොටුව කිරාගාර කියන ගමේ...ඔය වයසක උන්දෑ එනවා මාසෙකට පාරක්වත්.උන්දැට දෑවැද්දට දුන්නු ඉඩමක්ලු කුරේරා බස් මුදලාලි..

      Delete
    3. පෙරේරාට එරෙහිව කුරේරා ටෙලියේ රඟපෑවේ ඔය කුරේරා නේද?

      Delete
    4. @ කම්මලා ..පැලයක් ඉල්ලගනින්

      Delete
    5. @ ඩිලා හම්මේ බං මේකෙං එලියට ආපු කතා තැංකියු තැංකිව්

      Delete
  6. මතක විදිහට නලින් අයියා වෙන්න ඕනේ... ලඟදී මූණු පොතේ සටහනක් දාලා තිබුනා නිල් වෙරලු ගැන.අහලා බලපන් .

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඇති ඌ නොයන හතර දික්බාගයක් නැනේ

      Delete
  7. අපේ ගෙදර තියෙන වෙරළු ගහටත් අවුරුදු 30ක් විතර. ගෙඩි වැටිල තාම පැළයක් හැදිල නැහැ. වෙරළුවල අවුලක්ද මන්ද.
    නිල් වෙරළුනම් දැකල නැහැ.
    ඉස්සර ඔයවගේ ලබ්බක් දැක්කම අපි කියනව අටපට්ටමට දාන්න කියල.
    දැන් අටම්පහුරට දාගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. කොහොමටත් වෙරළු ගස්යට වැටෙන ගෙඩිවල තරමට පැල හැදෙන්නේ නැනේද

      Delete
  8. ඉස්සර මද්දටත් නිල් පාට දේවල් හම්බ වෙනවPC format කරන කාලේ (වෙරලුනම් නෑ හැබැයි).
    ඔය ගෑනු ලමයින්ගෙ එහෙම PC's කරන්න ආවම මුලින්ම පොඩි රිකවරියක් දාල බලනව. මොකටවත් නෙමෙයි අප්ෆා අමතක වෙලා වෙලා එහෙම තිබ්බොත් පව්නෙ.

    ReplyDelete
  9. හාඩ් එකේ තිබ්බ නිල්පාට ඒව බලල තමයි ඔය වෙරළු නිල්පාට වෙලා තියෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙනං දැං උඹ මුගලං වාගේ වෙන්ඩ එපෑය

      Delete
  10. Replies
    1. වෙරළු මල් ඩිරින්ක් ඕන නං කියන්න.. ඒකත් දෙන්නං

      Delete
    2. ඒක ඉතිං අර අහවැල් අයියට තමයි දෙන්න වෙන්නෙ. අටම ගාව ඕන තරං තියෙනව මයෙ හිතේ. හැක්..

      Delete
    3. මං එහෙම ස්ටොක් තියාගන්නේ නැ බං , පිටකරල දානවා

      Delete
  11. මමත් කොහේදී හරි ඔයින් ගහක් දැකල තියෙනවා බං, දිහාව මතක නැහැ...
    සිංහරාජේ දිහාවේ තියෙනවා "ගල් වෙරළු" කියල ගස් වර්ගයක්, ඒවනම් කන්න බැහැ...

    ReplyDelete
  12. මමත් මේ වගේ වෙරලු දැක්කමයි. වෙරලු එක එක පාට උනාට වෙරලු මලෙන් එන සුවඳ නම් ඉතින් එකම වගේනේ. හැක් හැක්. ඉස්සර හොස්ටල් කෙල්ලො කොල්ලෙක් එක්ක යාලු වෙච්ච අලුත එන්න ටිකක් රෑ උනොත් රූම් එකේ අනිත් කෙල්ලෝ වදේ ගහනවා වෙරලු මල් සුවඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. උඹල හෝදල පිහදාල ආපහු ඇරලවන්ඩ එපෑය

      Delete
  13. https://www.alltravels.com/sri-lanka/western/veyangoda/photos/current-photo-51049974

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා ඔය තියෙන්නේ

      Delete
  14. අපි නං ඔව්වා ගොඩාක් කලින් දැක්කා.. සිංහරාජෙත් තියේලු හිටං.. නුවර පැත්තේ විකුණනන්කත් තිබුනා

    අර ප්‍රසා දීල තියෙක්කේ අපි දන්න බුවෙක්ගේ එකක්

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් එහෙමට රටේ තොටේ ඇවිද්ද ඇයෝ නෙමෙයි නේ ආයි බොවං

      Delete
    2. ඕකට කියන්නේ හීනමානය කියල බං

      Delete
  15. ඔන්න මම අටමිපහුරට අලුත්.මමත් ඔහෝම එකක් දැක්ක ජංජාලේ කැරකෙන කොට....

    ReplyDelete
    Replies
    1. මාත් දැං නං දැක්කා ගොඩක්ම

      Delete
  16. අර පාට පාට පිනි ජම්බු ගහ වාගේ නිල් වෙරළු ගහකුත් හොයාගෙන හිටවංගනිං.

    ReplyDelete
  17. This is scientifically known as elaeocarpus ganitrus. Looks like introduced species. Couldn't find any details of it's distribution in Sri Lanka. There is one tree in Lunu Ganga. (Bawa garden). As far as I know few other trees are distributed in the wet zone.
    This is popular tree in India and has a medicinal value. Fruit has large seed covered with thin pulp. Taste similar to common "Veralu" little more sweeter (I have eaten it once). Seed is used to make prayer beads "nawa guna wela".

    ReplyDelete
  18. පලයන්ඩෝ බොරු කියන්නෙ නැතුව.
    වෙරලු ගෙඩියක් හරි වෙන මොනව හරි ඇටයක් තීන්ත ටින් එකට වැටිලා එච්චරයි

    ReplyDelete
  19. ජය බෝලි නාත් ! ස්තූතියි අදයි මෙහෙම දෙයක් දැක්කෙ

    ReplyDelete
    Replies
    1. ජය බෝලි නාත් කියන්නේ කවුද බං

      Delete
    2. ජය බෝලි නාත් කියන්නෙ මූන මැද නහයක් තියෙනෙ කෙනෙක්. හැක් ! හැක් !

      Delete
  20. There is a tree in BAWA garden,Aluthgama

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිහිප දෙනෙක්ම කියුවා , ඔතනට ගිහිං තිබුනට ඒක දැක්කේ නැ

      Delete
  21. අටමෝ...නිල් වෙරළු දැක්කමයි. නොයෙකුත් පාට තක්කලි, කැරට්, සහ එකම එලවලුව පාට පාටින් දැකලා තියෙනවා, කාලා තියෙනවා. මේක නම් දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්වා පෙන්වන්ඩ ඉතින් අපිම ඉන්ඩ ඕන

      Delete
  22. අටං...උඹේ වෙරලු ගෙඩි දෙක මොන පාටද......

    ReplyDelete
    Replies
    1. අයියා ඔහොමත් අහනවද මිනිස්සුන්ගෙන්

      Delete
    2. තොපි තුං දෙනා වාගේ මහඹබා බීලා ඉන්නකොට මාවත් මැව්වා කියල හිතුවද ... මට තියෙන්නේ රඹුටං ගෙඩි දෙකක් , ටිකක් කළුයි දකුනු පැත්තේ එක වම් පැත්තේ එකට වඩා මිලිමීටර් පහක් විතර පාත් වෙලා තියෙන්නේ .....කොහෙද ගුගල්ලා පොටෝ දාන පහසු කමට කෙලියනේ නැත්තං ෆෝටෝ එකක් අප්ලෝඩ් කරන්ඩ තිබ්බා

      Delete
  23. නිල් වෙරලු ගැන අහලා නැහැ..විකෘතියක් වෙන්න පුලුවන්...botany දන්න පොරක් නැද්ද බ්ලොග් අවකාශයේ

    ReplyDelete
    Replies
    1. This is scientifically known as elaeocarpus ganitrus. This is not native to our country. Couldn't find any details of it's distribution in Sri Lanka. There is one tree in Lunu Ganga. (Bawa garden). As far as I know few other trees are distributed in the wet zone.
      This is popular tree in India and has a medicinal value. Fruit has large seed covered with thin pulp. Taste similar to common "Veralu" little more sweeter (I have eaten it once). Seed is used to make prayer beads "nawa guna wela".

      Delete
    2. තොරතුරු වලට ස්තුතියි , elaeocarpus ganitrus එහෙනං ඒකයි විද්‍යත්මක නාමය

      Delete
    3. ඔය ඉන්නේ කොච්චියෝ

      Delete
  24. නිල් වෙරළු ඇහුවමයි දැක්කමයි මේ... වෙරළු වගේම කොලෙත් හරිම ලස්සනයිනෙ.මම කියන්නෙ ආර පලවෙනි පොටොවේ වෙරළු එක්ක තියන් ඉන්නේ වෙරළු කොල වෙන්න ඇතිනේ.

    ReplyDelete
  25. http://www.serendib.btoptions.lk/article.php?issue=74&id=1775

    මේ ලිපියේ වෙරළු ගැන තියනවා හොද විස්තරයක්. නිල් වෙරළු ගැනත්. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සෙරෙන්ඩිබ් සගරාවේ.

    ReplyDelete
    Replies
    1. හම් බැලුවා , ස්තුතියි

      Delete
    2. ඒ ගහ තාම තියෙනවා

      Delete
  26. මාතලේ ටවුන් එක මැද තියන උද්‍යානයේ නිල් වෙරළු ගහක් තියෙනවා. මේවාට කියන්නෙ රුද්‍රාක්‍ෂ කියලා. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න නවගුණවැලට ගන්නෙත් මේවයෙ ඇට තමයි.

    ReplyDelete
    Replies
    1. රුද්‍රාක්‍ෂ ඒක ඉන්දියාවේ නම වෙන්න ඇති

      Delete
  27. කොලේ නිකන් ක්‍රෝටන් කොළ වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
  28. අටම වෙරළු ගෙඩි ටිකක් අරං නිල්පාට ගාල.. හහ්.. ඒ මදිවට කොලත් පාට කරල අපි අහුවෙයි ඕවට...! ;)

    ReplyDelete
    Replies
    1. උඹට විතරයි මොලේ තිබුනේ

      Delete
  29. නිල් පාට වෙරළු? දැක්කමයි බං. අනික ඔය ෆොටෝ එකේ කලර් කම්බිනේෂන් එක මරු 👊🏽

    ReplyDelete
  30. අනේ කමක් නැ.. දැක්කේ මේ අද තමා :)

    ReplyDelete
  31. ඉන්දියාවේ නේපාලේ රුද්‍රාක්ශ තියෙනවා. හින්දු අය එහෙන් ඔය ඇට ගෙන්නා ගන්නවා. නවගුණ වැල වගේ හදලා බෙල්ලේ දාගෙන ඉන්නවා. සමහරු තනි එකක් බෙල්ලේ දානවා. Bracelet එකක් වගෙත් දාගෙන ඉන්නවා දැකලා තියෙනවා.
    වෙරළු වලට නෑකමක් ඇති. ඒත් වෙනම විශේෂයක්. විකෘතියක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. තවත් කෙනෙක් මේ ගැන කියල තිබුනා

      Delete
  32. මාතලේ පාර්ක් එකේ තියනව මේ ජාතියේ නිල් වෙරළු ගහක්. ඇතුල්වෙන තැනම වගෙ.

    VT Nanayakkara Park - Matale

    ReplyDelete
  33. Kola pata weralu hodai nil weralu hodaaaaai

    ReplyDelete
  34. kelani campas eke hostal ekak laga thiyenawa.me dawaswala gedith thiyenawa.nodekapu ayata balanna puluwan wei awith.

    ReplyDelete
  35. බොහොම දුක පුවතක්.. 2017/01/24 බොරෑල්ල ටිකල් පාරේ තිබුන නිල් වෙරලු ගහ නොසෑලකිලිමත් ලොරි රියදුරෙකුගෙ හදිසිය නිසා. අපට අහිමි ව්ය.

    ReplyDelete
  36. අපේ ඉස්කෝලේ යාළුවෙකුත් ගෙනාවා.උගේ ගෙදර ළඟ ගෙදරක තියෙනවාලු.ඕවා ගෙනාවාම ආසාවට ඒ කාලේ ඌට ගෙඩියකට රුපියල් 5 ගාණේ දීලා ගත්තේ.ඒත් රස වෙරළු රසමයි.ඇටේ වෙරළුවලට වඩා රවුම්.

    ReplyDelete
  37. ගහ උසයි පොල් ගහක් තරමට. මහතයි අත් දෙකෙන් බදන්න බෑ. පේරාදෙණිය මල් වත්තේ ගස් 4ක් විතර, මාතලේ VT Park එකේ ගස් 5ක් විතර, නාවුලට කලින් කවුඩුපැලැල්ල පන්සලේ ගහක්, මාතලේ උඩුපිහිල්ල ගමේ ගස් දෙකක් විතර, මාවනැල්ල හෙම්මාතගම පාරේ කෙරමිණිය ආයුර්වේද විද්‍යාලයේ ගහක්, ගෙලිඔය ගහක්, පූජාපිටියේ ගහක් තිබ්බා. ගෙඩිය ලොකු උනාට මදේ තියෙන්නේ ටිකයි.

    ReplyDelete
  38. ගහ උසයි පොල් ගහක් තරමට. මහතයි අත් දෙකෙන් බදන්න බෑ. පේරාදෙණිය මල් වත්තේ ගස් 4ක් විතර, මාතලේ VT Park එකේ ගස් 5ක් විතර, නාවුලට කලින් කවුඩුපැලැල්ල පන්සලේ ගහක්, මාතලේ උඩුපිහිල්ල ගමේ ගස් දෙකක් විතර, මාවනැල්ල හෙම්මාතගම පාරේ කෙරමිණිය ආයුර්වේද විද්‍යාලයේ ගහක්, ගෙලිඔය ගහක්, පූජාපිටියේ ගහක් තිබ්බා. ගෙඩිය ලොකු උනාට මදේ තියෙන්නේ ටිකයි.

    ReplyDelete
  39. මම ළඟදී නුවර යත්දී පැලයක් අරන් ආවා. මාවනැල්ල හරියේ කොළ කැඳ විකුණන අන්කල් කෙනෙක් විකුණනවා. මම පැල කරලා තියෙනවා. මට ගෙඩියකුත් දුන්නා කන්න. මම හිතුවේ ගෙඩියේ පේන්ට් ගාලා කියළා. ඒ තරමට නිල පාටයි. ඒ වුණත් වෙරළු රසයි. මේ ගැන තියෙන පෝස්ටර් එකක් තිබිලා මම පොටෝ ගහගෙන ආවා. ඒක මම උඹට එවන්නම්.

    ReplyDelete
  40. ඔබත් නිල් වෙරළු ගැන දැන ගන්න කැමතිනම්
    https://www.facebook.com/rudraksha.nilweralu.1/posts/112654019563717

    ReplyDelete
  41. නිල් වෙරළු ගැන විස්තර දුන්න සැමට පිංසිදුවන්නටය

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>