පස්සේ පස්සේ ඉතින් අන් සැපතට බාදා කරන්ඩ හොද නැති හන්දා , උඹල ඕන එකක් බලාගනිල්ලා කියල අපේ ලොකු එකීටයි මහ එකීටයි ඕන එකක් කරගන්ඩ දීලා බ්ලොගක් කියවාගන හිටියා.
සෝචණියයි කියහල්ලකෝ අපේ ලොකු කෙල්ල ටික දවසකින් මම මොනවහරි කියුවහම මට කියනවා
‘‘ ඔබ මේ සැබැවක්ද පවසන්නේ ‘‘
අනාතයි .... මේකි පට්ට කොරියන් වෙලා ........... ඉතින් අපේ උන්දැට කම්ප්ලේන් කරනවා
‘‘ ඔය මල ජරාව මං නං බලන්නේ නැ ... අහවල් චැනල් එකේ යනවා සෝක් කතාවක් ... මට ඒක බලන්ඩත් නැ.... ඕකී බලන්නේ ඔය .... මටත් අප්පිරිය කතා (නැති ) එව්වා ... ඒකම බලන්ඩ ඕන කියලා මට වද දෙනවා මං ඉතින් මගේ වැඩක් කරගන්නවා ‘‘