එතුමාට කතාකල හැකි අයෙක් හෝ එතුමාට සමීප කෙනෙකුට කතා කලහැකි අයෙක් මේ ඉල්ලීම දකිනවානං කරුණාකරලා ජනාධිපතිතුමාගේ අවධාන මේ ජාතික අවශ්‍යතාවයට යොමුකරන්න.
ගූගල් සිංහල පරිවර්තකය හරියට වැඩකරන්නේ නෑ
https://translate.google.com/
බොහෝවිට පෙන්වන්නේ වැරදි දේවල් , ගූගල්ට ස්වෙච්චා වෙන් ඉදිරිපත් වෙලා වචන , යෙදුම් , වාක්‍ය නිවැරදි කරන අයට තනියම මේක කරන්න බෑ , ඒ නිසාම සමහරක් විට වැරදි දේ එකතු වෙනවා ඇති.
https://translate.google.com/community?source=mfooter#en/si
වසර ගණනන් මේ දිහා බලන් හිටපු , පාවිච්චි කරපු , පුලුවන් විදිහට හරියටම දන්න වචන පමණක් එකතු කරපු කෙනෙක් විදිහට මම මේ ඉල්ලන්නේ. අපිට මේ වැඩේ කරලා දෙන්න.
විෂයපතයට අදාල වන රාජය්‍ය ආයතනයක් හරහා ගුගල් සමාගම සම්බන්ද කරගන , සිංහල සහ ඉංග්‍රීසී භාෂාව පිළිබදව හසල දැනුමක් ඇති පිරිසක් යොදවා ......... ගුගල් සිංහල ඉංග්‍රීසි එසැනින් පරිවර්තකය නිවැරදිව සකසා දෙන්න.
සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තකය නිවැරදිව සැකසුනොත් .... වෙනත් භාෂාවන් වලින් ලියැවුන දේවල් පවා 100% නිවැරදිව නැති උනත් ......... ආසන්න වශයෙන්වත් පරිවර්තනය කරගන්න අපිට පුලුවන් වෙයි.
නැවත වරක් ඉල්ලනවා .......... අතිගරු ජනාදිපතිතුමනි ... ගූගල් සිංහල පරිවර්තකය අපිට නිවැරදිව සකසා දෙන්න.