2017-11-28

ආදරණිය දෙවනි ගෑණිට

එයා  කොච්චරවත් කියුවා තමා
මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා
සමහර වෙලාවට ඒක ඇත්ත තමා
දැං නං එයා එහෙම කියන්නේත් නැ
එයා ගැන වත් ඔයා ගැනවත්
එහෙමට වද වෙන්නේ නැති හන්දා
එයා එක්ක නං මේ ගැන කතා කලා
ඔයා එක්ක බැරි උනානේ
එයා නං කමක් නැ කියුවා
ආයේ මං එනකං බලාගන
පැටවු දෙන්නා එක්ක ඉන්නං කියුවා
එයත් නැතුව ඔයත් නැතුව ඉන්න එක
මට තමා අප්පා  අමාරු
ඒත් ඉතින් එයා තරහ උනත්
ඔයා මා එක්ක තරහ වෙන්නේ
නෑ කියල මං දන්නවා
ඔයාට දෙන්න තෑගී කෙටුම්පත්
මල්ල පුරවලා තියනවා
කවදා හරි දවසක් එයි
ඔයයි මමයි එයයි
එකට පවුල් කන
කොහෙද  ඉතින්
මේ දෙයියන්ගේ මල්ලි
එක්ක බෑනේ
අපේ තුන්කොන් ආදරේට
හරස් කපන්නේ

සල්ලි

popular articles of today

Popular articles of this year

Always popular articles