2012-06-28

දුකට සැපට පද්මකාන්ත


සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා ගත්තා.දරැ පවුල නඩත්තූ කරගන ලස්සනට හිටිය.

මිනිහාට දවසක් මගූල් ගෙදරකදි හම්බ උනා සල්ලිකාර නෝනා කෙනෙක්, මැදි වයසත් කිට්ටු කරපු ස්තීරියාවක් උනාට ලස්සන කඩා හැලෙනවා.

 මීස්ටර් අපිට ජොයින් වෙන්ඩකො , ඔය මීඩ්ල්ඊස්ට් ඇරලා ගොඩ යන්ඩ පුළුවන්ද , අපි අරිනවා යුරෝප්, ඔයා අපිට එක වැඩක් සෙට් කරොත් ලැබෙන ගාණ ඔයාට මීඩ්ල්ඊස්ට් වලට දහයක් යැව්වත් හොයන්ඩ බෑ.

සාන්ත ගෙදර එන ගමන්ම බැස්සා වැඩේට.මග දිගට හම්බෙන උන්ට කියුවා විස්තරය 

ලස්ස 10ට, 15ට, සෙට් කරා කොල්ලෝ කට්ටියක්
ඒ  සෙට් හොයලා දුන්නට සාන්තට ලැබුනා ලස්සයක් විතර,
ඒ සල්ලි ලැබුනට පස්සේ සාන්ත තවත් උනන්දුවෙන් කට්ටිය හෙව්වා

දැන් සාන්තට වෙන වැඩක් නැ, උදේ  ඉදන් රෑ වෙනකන් කට්ටිය හොයනවා.ඔය විදිහට සාන්ත මීනිස්සු 100කටත් වඩා එකතුකලා

ටීක දවසක් යන කොට අර ගෑණී අන්තරස්දාන උනා.
දීපු සල්ලිත් නැ, ඇරපු රටකූත් නැ

දැන් කට්ටිය සාන්තගෙන් සල්ලී ඉල්ලනවා.
කොහෙන් දෙන්ඩද සල්ලි, 

මිනිස්සු ගියා පොලිසී, 

ගෙන්නුවා සාන්තවත් පොලිසියට

පොලිසිය සාන්තයා දැම්මා බලු කූඩුවට

පහුවදා උසාවී දැම්මා

උසාවියෙන් රිමාන්ඩ්කරා,

අමරාගේ උදව්වට කව්රැවත් නෑ, හිතවත් මිනිස්සු ගොඩ දෙනෙක්  සාන්තට රට යන්ඩ සල්ලි දුන්න උන් අතර හිටපු නිසා කව්රැවත් පැත්ත හැරිලවත් බැලුවේ නැ. පුංචී චමිලවත් කරගහගන අමරා උසාවීයටත් ආවා.
අමරා සහ චමීල පුතා බලාගන ඉන්දැද්දි ගාඩ්ලා නිල් පාට බස් එකකට සාන්තව දාගන අරගන ගියා.

බස් එක ටික දුරක් එනකොට ගාඩ්මහත්තයෙක් සාන්තත් එක්ක කතාවට වැටුනා.

‍‍,, මොකද කොල්ලෝ උඹට උනේ ,, 

කියලා සාන්තයත් එක්ක පටන් ගත්ත ඒ කතාව  ගාඩ් මහත්තයා ඉවරකලේ මෙන්න මේ විදිහට 

මගේ නම පද්මකාන්ත, ඇතූලෙදි මහත්තයෙක් හරි රිමාන්ඩ් කාරයෙක් හරි උඹට කේස්එකක් දැම්මොත් මගේ නම කියපන්. මම ගේට් එකටයි , නයිට් ඩියුටි ඉන්න උන්ටයි කියන්නං.
ගෙදර ඉන්නවා වගේ උඹට  ඇතූලේ ඉන්ඩ පුළුවන් සල්ලි ටිකක් වියදම් කරන එක විතරයි කරන්ඩ තියෙන්නේ, මම හෙට උදේට වාට්ටුවට එන්නම් උඹව හම්බ වෙන්න.

හීරගෙවල් ගැන අහලාතියන කතන්දර මතක්වෙලා හොදටම භයවෙලා බෙල්ලේ වැළදාගන්ඩ හිත හදාගන හිටපු සාන්තයට යාන්තං හිනාවක් ගියා.

පහුවදා උදේ ආවා පද්මකාන්ත 

මොකක්ද බං උඹෙ නම කියුවේ

සාන්ත ........සර්

සාන්ත මම කට්ටියට කියලා තියෙන්නේ උඹට හැමදාම නාන්ඩ වතූර දෙන්ඩ කියලා, නැත්තං උඹට එක වතූර බව්සරයකින්   ( ලීටර් 2ක් විතර වතූර අල්ලන පුංචී බාල්දියක්)     පුකත් හෝදලා මුහුණත් හෝදන්ඩ තමා වෙන්නේ,  

එළියෙන් මොනවද ගෙනත් ඕන උඹට

සල්ලි ටිකක් ගෙදරින් ගෙන්නගෙන තියා ගනින්, උඹට ඕන කරන දේවල් කියලා ලීයුමක් ලියලා මට දියන්, මම ගෙදරට ගිහිල්ලා දෙන්නම්

සාන්ත ලියුවා අමරාට ලියමනක්

මගේ ආදර අමරා

මට සමාවෙන්න මේ වෙච්ච දේවල් වලට, මට පුතාවයි ඔයාවයි බලන් නැතූව ඉන්න බැ, පුතාවත් එක්කගෙන මාව බලන්න එන්න.

 මේ ලියුම අරගෙන එන පද්මකාන්ත මහත්තයා මට ගොඩක් උදව් කරනවා. මේ මහත්තයාට රැපියල් දහදාහක් දෙන්න. 

පද්මකාන්ත මහත්තයාට ඔයා එන දවස කියන්න, පෝළිමේ ඉන්නේ නැතූව මාව බලන්න පුළුවන් එතකොට.

මට ඇදුම් දෙක තූනකූත් හත් අට දෙනෙකූට කන්න පුළුවන් බත් මුලකූත් අරගන එන්න
                                                                                      
                                                                       මීට

                                                                            සාන්ත                        

පද්මකාන්ත අමරා හොයාගන ගිහිල්ලා දුන්නා ලියමන, සල්ලි ඉල්ලගන ආවා, සාන්ත අතට 5000ක් දුන්නා, ඉතූරැ පන්දාහා පද්මකාන්තට.

                                 අමරා විසිට් එකට එන දවසට පද්මකාන්ත ඉක්මනට විසිට් එක දාලා දෙනවා.සාන්තට සල්ලි ඕන උනහම පද්ම කාන්ත ඇතූලට ගෙනත් දෙනවා.කොටින්ම හොද ලෝයර් කෙනෙක් පවා අල්ලා දුන්නා.

පද්මකාන්ත සහ සල්ලිවල පිහිටෙන්  සාන්ත දැන් රිමාන්ඩ් ඉන්නේ රජාවගේ. උසාවි දවසට පොලිසිය කියනවා උසාවිට,   තවම වීමර්ශන කටයුතූ ඉවර නැ, සැකකරැට විරැද්ධව තවම පැමීණිලි ලැබෙනවා, තව සැකකාරියක් අත්අඩංගූවට ගන්ඩ තියනවා , ඔන්න ඔය වගේ දේවල්, 

නඩුකාර උත්තමයා ලෝබ නැතූව තව මාසයකට දෙකකට අරිනවා සාන්තයා ඇතූලට. පද්මකාන්තයා සාන්තයට උදව් කරනවා, අමරා කණකර උගස් තියලා සාන්තට සල්ලි එවනවා, රත්තරන් බඩු ඉවර වෙනකොට සල්ලි පොළියටත් ගන්නවා.

දවස් සාන්තට ඇප ලැබිලා ගෙදර යන්න පුළුවන් උනා.අපරාදේ කියන්න බැ පද්මකාන්ත එදා උසාවියටත් ඇවිත් සාන්තට උදව් කරා ඇප දෙන්ඩ ඇපකාරයෝ හොයන්ඩ හිටං,


 සාන්ත තමන්ට ගොඩක් උදව් කරපු පද්මකාන්තට මෙන්න මෙහෙම කියුවා.

සර්  හෙට අනිද්දා දවසක එන්ඩකෝ අපේ ගෙවල් පැත්තේ අඩීයක් ගහලා බත් කටක් කාලා යන්ඩ.

හරි හරි බං මම එන්නං කෝ, උඹ පොඩ්ඩක් කවර් එකේ හිටපන් , සල්ලි ගත්ත උන් පුළුවන් තරම් මගඇරලා.


දවස් දෙක තූනකට පස්සේ උදේ වරුවක පද්මකාන්ත ගියා සාන්තලාගේ ගෙවල් පැත්තේ, ගැහුවා ගෙදර බෙල් එක.

ණය කාරයෝ තවමත් ගෙදරට එන හන්දා සාන්ත අමරා ඩබල කව්රැහරි ආපුවහම ‍චමීලව අරිනවා ඉස්සරහට කව්ද කියලා බලාගන එන්ඩ කියලා.

පුතේ  බලන්ඩ කව්ද බෙල් එක ගහන්නේ කියලා, තාත්තා ඉන්නවද ඇහුවොත් නැ කියලා කියන්ඩ.

එහෙම කියලා දෙන්නා ගේ ඇතූලේ හැංගිලා කන්දීගන හිටියා

!!ආ චූටි පුතා කොහොමද ? තාත්තා ඉන්නවද ගෙදර!!

සද්ද බද්ද නැතූව අමරා ලගට ආපු චමීල 




!!  අම්මීයො අපිත් එක්ක දොයියගත්ත අංකල් ඇවිත්  !!


2 comments:

  1. 💂‍♂️💂‍♂️💂‍♂️💂‍♂️💂‍♂️💂‍♂️💂‍♂️💂‍♂️💂‍♂️

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්
      දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර…
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
  • Restoration Old Rusty Sewing Machine  | full_Restoration | Sticking colo...
  • මාතු පාදං පීතු පාදං අමත පදං
    පෝප් .....පෝප් ..පොං .......පෝං බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති. ‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත…
  • දුකට සැපට  පද්මකාන්ත
    සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා…
  • නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්
    අතීතේ සියවරක් මා ඔබව බලා උන් දොඩමළුව සිනාසුනු දෑත් යුග පටලවන් ගොඩනැගු අපි එදා අනාගත සිහිනයන් දකීදෝ කවුරුවත් අපි දන්න යැයි බියෙන් මා දමා ගිය…
  • How to put a Singer 974 shuttle
  • ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය
    වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ මතකය හාර හාරා බොග කොටමින්නේ කඩදාසියක්…
  • අක්ක ඇන්ටිලා
    දැන් කාලේ සමහරක් ගෙවල්වල රස්සාවක් නොකරන නෝනලාට වෑන්වල පටවලා දරුමල්ලෝ ඉස්කෝලේ දැක්කුවට පස්සේ , ගෙදර තියන ආටෝරාසියක් වැඩ කන්දරාව අහවර කරහම…
  • මටත් වචන පැටලෙනවනෙ අනේ
    අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත් බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ තාත්ත කියනවා දහයට…
  • '' පටි සෙරෙප්පු ''
    ''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ…
  • DP Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද
    ''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද'' ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න…
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
    අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා. සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල්
    ඔන්න ඉස්සර ටික කාලයක් මං වැඩකරපු ආයතනයක හිටියා පිලිගැනීමේ නිලදාරිනියක් ... පොත්ත රතුවට තිබීම සහ කඩ්ඩ පුලුවන් කම ඇරුනහම වෙන නං පුලුවං අල…
  • අපේ හාමිනේට අත මාරුවීම
    බලන්ඩකො අප්පා මට වෙන දේවල්. ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ.  අනේ යකෝ තොපි දුහගන ආවා නේද අන්න අටම්පහුරගේ ගෑණි ඒ නසරාණියා එක්ක ඉන්ඩබැරුව…
  •  How to write a Sinhala blog ( 3 )   බ්ලොග් සෙටින්ග් , බ්ලොග් ගැජට් , බ්ලොගර් ෆොපයිලයේ වැඩිදුර සැකසුම් ,  blog authors හෝ  admin ලෙස තව කෙනෙක් සම්බන්ද කරගැනීම
    දෙවැනි කොටස මෙතැනින් හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන…
  • අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ
    ඉස්සර මම අර යෝගට් කප් හදන රස්සාව කරන කාලේ අපිත් එක්ක හිටියා සමන්ත කියලා පොරක් , කියන කියන ඕන කුණ්ඩවාලියකට ඔලුව වනලා හා කියන හන්දා…
1,645,757

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>