2012-07-12

කාගෙද බං මූ



මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක් ඇතූලත ඉහලටම ගිය පොරක්,නිතර  සතූටින් ඉන්න කපටි බුද්ධියක් තියන මිනිහට ඉන්නේ මට වාගේම දුවලා දෙන්නෙක්.

ජයන්තලාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවාලු ඇම්ඩන් ටයිප් කොල්ලෙක්,කොල්ලා කියුවට කොලු තාත්තෙක්.කොල්ලගේ නම ශාන්.ඒ කාලයේ පෙර පාසල් ගිය කොල්ලා උනාට කොල්ලත් එක්ක කතා කරලා දිනන්ඩ බැරිලු.දවසක් ජයන්ත උන්ගේ නැන්දම්මට කතා කරනවලු , කතා කරනවලු උන්දැට ඇහෙන්නැලු.ජයන්ත ශාන්ට කියුවලු ගිහිල්ලා උන්දැට කතා කරන්ඩ කියලා, මු ගිහිල්ලා කියනවලු මෙහෙම.

!! ආච්චියේ කන්දෙකේ හොටුද අන්න නල්ලමලේ බෑණා ගිරිය පුප්පගන කැගහනවා  උඹ මෙතන බණ පොත් පෙරලනවා !!

හිතාගන්න පුළුවන්නේ කොල්ලගේ තරම

දවසක් ඉරිදා දවාලක ආවාලු ජයන්තගේ අයියා.

 අයියාකාරයා ගෙට ගොඩ වෙන කොටම ශාන් කොල්ලා ආවාලු ඉස්සරහට.

කාගෙද බං මු කියලා ආදරේට කොල්ලගේ ඔලුව පොඩ්ඩක් අතගැවලු අයියාකාරයා.

අයියට රවල බලපු කොල්ලා දැක්කහම ජයන්තගේ ඇග හීතලවෙලා ගියාලු මූ මොනවා කියයිද කියලා.

කොහොම හරි අයියා ගෙනාපු බෝතලයත් ගහලා මදිහරියට ගෙදර තිබුන කොටයකටත් වග කියපු දෙන්නා දැන් නන්දොඩවනවලූ,

අයියා කාරයා දිහා සැරින් සැරේ ශාන් කොල්ලා බලනවලු දිරවන්නැති ඩයල් එකකින්, ජයන්තයත් සැරින් සැරේ බලනවලු කොල්ලා කොයි වෙළාවේ පටී රෝල් කරයිද කියලා.

කොහොම හරි අයියාකාරයා යන්ඩ කියලා නැගිට්ටලු,

ලොකූ මල්ලි මම එහෙනං ගිහිල්ලා එන්නං ඈ කියලා මැන් නැගිටලා එලියට යනවලූ ආයෙත් මොනවා හරි කියාගන ගෙට එනවලු.

මං යනවා කියලා එළියට බැහැලා ආයෙත් කුස්සියට රිංගලා ජයන්තගේ පවුලත් එක්ක කයිය ගහනවලු 

මං යනවා නංගියේ කියලා සාලේට ඇවිත් කෝමගේ කෙල්ලො දෙන්නා කියලා ළමයි දෙන්නත් එක්ක කයිය ගහනවලු 

මං යනවා එහෙනං කියලා  ආයෙත් ගෙට ගොඩවෙලා ...................ඒක නෙමෙයි ලොකු මල්ලි දැන් අර චමින්දලාගේ අක්කලා කොහෙද බං ඉන්නේ කියලා තව කතාවක් පටන් ගන්නවලු.

බැරිම තැන ජයන්ත අයියව ඇදගන ගේට්ටුව ලගට ඇවිත් 

අයියේ හවස් වෙනකොට පාරට පොලිස්කාරයෝ බහිනවා වැඩියි දැන් තමුසේ යනවකො කියුවලු. 

හරි හරි බං අවුලක් උනොත් එක කෝල් එකයි කියලා බයික් එක ලගට  ඇවිත්

බයික් එක ලග හිටපු ශාන් කොල්ලට මෙහෙම කියුවලු


මං ගිහිල්ලා එන්නං කොල්ලො එහෙනං ඈ


!!   යනවා කියලා කියකියා දැන් කීපාරක් ගෙට රිංගූවද, ඉතින්  දැන්වත් යන මගුලක පලයන්කො      -ත්තො    !!


4 comments:

  1. බීල කොරන මෙහෙම නාඩගං හිංදා නේන්නං යන තරමක් වලි යන්නෙ.ඕක කිව්වෙ පොඩි එකා නෙවේ නං බලන්න තිබුනා...
    රහයි කතාව

    ReplyDelete
  2. මෙහෙම කතා ලියන්ඩ එපාබන් තව පොඩ්ඩෙන් ඔෆිස් එකේ උන් හිතන්නේ මටපිස්සුවෙන් හිනාවෙනවා කියලා ,,,,එළකිරි ආ !

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • DP Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  •  ලබ්බ කියන්නේ ඇයි
    නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල…
  • එහෙම එකක් උනාද අප්පා
    ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යලය කියල ඉස්කෝලයක්  තියනවා  නැලිගම ..ඒ කියන්නේ  රාගමයි කඩවතයි අතරේ .... මං ඉස්කෝල තුනකට ගිහින් …
  • HA-2045 ballpoint needles applied to household machines
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • How to identify high quality needles
  • මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද
    ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘ ‘‘ඔව් ඇයි ..මොකද ‘‘ ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු…
  • සුපවයිසර් කෝ
    මේ චාටර්ම චාටර් සිද්ධිය උනේ කාලයකට ඉස්සර මම යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන ආයතනයක වැඩ කරන කාලේ , ඒ ආයතන‍යේ වැඩ රාජකාරි සිද්ධ උනේ සේවාමුර ක්‍රමයට,…
  • බැද දමා තිබු තැනින්
    ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා ටික දුරක් ගංදියේ…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 4
  • තාත්තෙක් මං
    රූස්ස ගස් වලින් හැදිච්ච තනි කැළැ මන්ඩියක අවාරෙට වැටිච්ච ඇටයකින් පැලවෙච්ච පළ දරපු ගහෙත් පරාග දුන්න ගහෙත් හෙවන අතරින් පතර ලැබිලා මහ රුස්ස…
  • සුද්දා වගේ එලියට ඇදල
    ‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘ ‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘ ‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං…
  • මාතු පාදං පීතු පාදං අමත පදං
    පෝප් .....පෝප් ..පොං .......පෝං බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති. ‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • covid 19 solution to safety From the betel
  • ලොකූ අයියා
    ඇත්ත නම දාලා මෙ කතාව මම කීයුවොතින් අනිවා ර්‍බලොග් එකටයි ජිවිතයටයි දෙකටම නැවතිමෙ තීත තියන්ඩ වෙනවා සිකූරැයි.එ නිසා ලොකූ අයියා කීයලා…
  • How to Cutting and Stiching Girls School Unifome - Part 3
1,645,759

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>