2012-12-01

කාටවත් හිල් කරන්ඩ දෙන්ඩ එපා


මේ මට ගිය සතියේ සිද්ධ උන  සිද්ධියක් , මිට කලිනුත් කිහිපවිටක් මේවාගේ දේවල් වෙලා තියන හන්දා මේ ගැන ලියුවොත් හොදයි කියලා හිතුනා ,

මහන මෙෂින් ගැන ලියන එව්වා අටම්හරුප බලනවා වාගේ දාහක් හමාරක් නොබලන බව නං මම හොදට දන්නවා , සමහරක් රසිකයෝ

....... මගුලක් ලියනවා  ඉදගන  ආතල් කතාවක් ලියන්නේ නැතුව ''

කියලත් කියනවා කියලා මම දන්නවා

ඒ උනත් අටම්පහුර ලියන්ඩ පටන් ගන්න කොට මම මෙෂින් ගැන ලියනවා කියලා මගේ හිතේ තිබුනා , ඉස්ඉස්සෙල්ලා ආතල් කතන්දර ලිය ලියා ඉන්න කොට හිතපු නැති විදිහට මම ලියන එව්වා බලන්ඩ කට්ටිය ආපු හන්දා එව්වාම ලිය ලියා හිටියා ,

ඊට පස්සේ මහන මැෂින් ගැන ලියන්ඩ නේද මම මේක පටන් ගත්තේ කියලා මතක් උනා . පස්සේ මෙෂින් ගැනත් ලියන්ඩ පටන් ගත්තා,

මුලදිනං

'' අටමෝ මේක නං හොදයි මෙව්වා නැන්දම්මට ,මට . අම්මට , අපේ ආච්චිට වටිනවා, දැනුම බෙදාගන්න එක වටිනවා , අරකද මේකද ''

කියලා කමෙන්ට් වැටුනා

දැන්නං මෙව්වා බලන කට්ටි හරිම අඩුයි

ඒ උනාට අටමා මෙව්වා දිගටම ලියනවා , මොකද දන්නවද , මහන මෙෂින් ගැන ලියන වෙන කව්රුවත් සීංහල බ්ලොග් ලෝකයේ නැති හන්දා


මේ  තියන අටංහරුප අස්සට හෑමෝටම එන්ඩ කියන්ඩ , එන්ඩ බැරි හන්දා තමා මම මහන මැසිම   කියන බ්ලොග් එකට අටම්පහුරේ මෙෂින් ගැන ලියවෙන ලිපි එකතු කරන්නේ, එතකොට ඉතින් මට කෝල් කරලා නූල් දාගන්ඩ දන්නෑ ඇවිත් දාලා දෙන්ඩ කියන කට්ටියට එහෙම කියන්ඩ පුළුවන්නේ මෙන්න මෙතන තියනවා ගිහිල්ලා බලා ගන්ඩ කියලා,

මහන මෙෂින් ගැන මම දිගටම අතරින් පතර ලියනවා ඉඩක් ලද විටක , දැනට වැඩිදෙනෙක් නොබැලුවාට තව කාලයක් යනකොට ප්‍රයෝජනයක් තියන අය එකා දෙන්නා එකතුවෙයි කියලා හිතනවා,

කොහෙද මේ ලොකු සින්ඩි වලට රීංගවා ගන්න එකනේ අප්පා අමාරු

අයියෝ මල්ලේ පොල් උනානේ

හාහා බලමුකෝ ලිපිය ඔන්න දැම්මා'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


අපේ බොස් සෙනසුරාදා දවසක උදේ මට කියනවා

'' ලක්මාල් මෙන්න මේ මහත්තයට කැරියර් ටයිමින්ග් තියන හැටි පොඩ්ඩක් පෙන්නන්ඩකෝ , ගියර් වීල් එක ගිහිල්ලා ගියර් වීල් එකක් ගත්තා , එයාට දාගන්ඩ පුළුවන්ලු , අහවල් සංස්ථාවේ ඉංජිනේරු මහත්තයෙක් මේ ඉස්සර ඉදන් අපේ හිතවතෙක්''


''ආ ඇත්තද , එන්ඩකෝ''

බලුබෙට්ටක්  දැක්කාවාගේ බැල්මක් මිනිහා දිහාට දාලා , මම කියුවා
( ඇයි යකෝ මෙච්චර වැඩ තියෙද්දි දාහංකෝ මූට දැන් පංති)

ටයිමින්ග් තියන විදිහත් කියලා දීලා

'' මහත්තයා ගියර් වීල් එක ගලවනකොට මෙන්න මෙහෙ.........................''

'' ආ හරි හරි මම දන්නවා මට පුළුවන්''

මිනිහා මම කියන්ඩ හදපු එක අහන්නේවත් නැතුව 'ලොකුඑක' දාලා ගියා
.............................................

ඉරිදා දවල් එනවා පොර මැසිමත් උස්සගන , නයා මැරිච්ච  පනික්කියා වාගේ

'' වීල් එක නං දැම්මා තව මොකක් හරි අවුලක් තියන පාටයි . මේක මට බලලා දෙන්ඩ''

'' දැන්නං බැ ආපු වැඩ වාගයක් තියනවා , හෙට හවසට දෙන්නං''

'' පොඩි වැඩක් තියෙන්නේ දැන් කරන්ඩ''

''ලෙඩෙත් දන්න එකේ , වැඩෙත් පොඩි එකේ ඔයාටම කරගන්ඩ තිබ්බා අපරාදේනේ උස්සගන ආවේ''

එතකොට කතා නෑ , ඇටිකෙහෙල් කාපු රිලවා වාගේ

ගත්තා මැසිම මේසය උඩට , අප්පට සිරි මූ මැසිම කාලා

ගියර් වීල් එක දාන්ඩ නටලා තිබ්බ නැටුමක්




මෙෂින් එකේ හිලකුත් විදලා


එහෙම කරලත් දාගන්ඩ බැරිම තැන ඔක්කොම ටික ගලවලා ( මේන් ෂාෆ්ට් එක පවා )

විනාඩි පහකින් විතර කරන්ඩ තිබ්බ වැඩේට මිනිහා දවසක්ම ගත කරලා තිබ්බා , බෙවල් වීල් , පීඩීන්ග් බෙයාරින්ග් , පීඩ් රෙගියුලේටර් එහෙමත් ඩැමේජ් කරගන

''ඇයි මේ මැසිම හිල් කරේ ''

'' වීල් එකේ ඇණය ගලවන්ඩ ''

'' ඉතින් බොස් කල්පනා කරේ නැද්ද මෙෂින් එක හයි කරාපු එකා කොහොමද හයි කරේ කියලා ''

'' ප්ලැට් එක ඇතුලට දාලා රෙගියුලේටර් ලොක් එක තල්ලුකරලා . රෙගියුලේටර් එක දකුණට කරකවලා 'ටුක්' ගාලා පැන්නුවා , පීඩීන්ග් රෙගියුලේටරය එළියට''

මහත්තයා සද්ද නැතුව වාහනයේ යතුරෙන් ඇහිබැම කහනවා

'' මේන් ෂාෆ්ට් එක ගලවන්ඩ ඇයි බොස් තට්ටු කලේ , බලන්ඩ මෙව්වා ඔක්කොම , තැලිලා , හීරිලා ගිහිල්ලා අපරාදේ , කැලි ටිකටම තුන්දාහක් විතරයයි''

'' ආ එහෙනං මම ලබන සෙනසුරාදා එන්නං 'හොදට හදලා' තියන්ඩකෝ''

ඔය රෙගියුලේටරය ක්‍රම තුනකට හයිකරලා එනවා , මෙන්න ගුරුමුෂ්ටි නැතුව ක්‍රම තුනම





මෙන්න මෙව්වායේ තියෙන්නේ රිවස්නොබ් එක ඇණයෙන් ගලවලා , රෙගියුලේටරයේ ප්ලාස්ටික් මුහුණත ප්ලැට් එකක් දාලා ලිවර් කරන්ඩ , ඊට පස්සේ ඇණ තුන ගලවලා රෙගියුලේටරය එළියට ගන්ඩ



මෙන්න මේ අළුත් මෙෂින් වලනං ඇණ ගලවන්ඩ රෙගියු ලේටරයේ පොඩි සිදුරක් තියලා , ඒ සිදුර පොඩි බොත්තමක් වාගේ කප් එකකින් වහලා තියනවා , ඒ සිදුරෙන් ප්ලැට් එක දාලා ඇන තුන ගලවා ගන්ඩයි තියෙන්නේ


අර මහත්තයා අනාගත්තේ මේ ජාතියේ එකක්



මෙන්න මේ විදිහට ප්ලැට් එක දාලා


ඔය පේන්ඩ තියන ස්ප්‍රින් එකක් එක්ක තියන පින් එක



  ඔය විදිහට එළියට තල්ලු කරන්ඩ


උඩින් දාපු ප්ලැට් ඉස්කුරුප්පු නියනෙන් ලොක් එක එළියට තල්ලු කරන ගමන් , අනිත් අතින් පීඩ්රෙගියුලේටරය දකුනට කරකවමින් එළියට අදින එකයි තියෙන්නේ

අර ඉංජීනේරු මහත්තයා මම ඕක කියලා දෙන්ඩ හදනකොට අහගන ගියානං , ඒ මනුස්සයට කරදරයකුත් නැ , මට කරදරයකුත් නැ

4 comments:

  1. ඉතාම වටින ලිපියක්
    ඒත් මට මේකේ පින්තූර ටික පේන්නේ නැහැනේ..

    ReplyDelete
  2. වටින ලිපියක්.
    ඒත් පිංතූර ටික පේන්නේ නැහැනේ...

    ReplyDelete
  3. මේක මම කලින් පාවිච්චි කරපු ඊමෙල් එකකකින් දාපු පෝස්ට් එකක් ... ඒ ඊමේල් එකට මට ලොග්වේන්න බැරුව ගියා ...ඒ එක්කම බ්ලොග් පෝස්ට් බර ගානක් සහ ... සමහරක් එව්වායේ පින්තුර ගොඩක් ... නැතුව ගිහින් තියනවා ... මම ඉක්මනට මේ පින්තුර නැවත මෙෂින් වලින්ම ඇරගන දාන්නං ... මේකට දාපුවා හොයාගන්න බෑ .. අලුතින්ම ගන්න ඕන

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Points to consider when using Face mask and Public Water taps
  • How to write a Sinhala blog ( 5 )  බ්ලොග් ෆලෝ කරන හැටි , කමෙන්ට් කරන හැටි සහ රිප්ලයි කරන හැටි , ලින්ක් දාන හැටි
    හතරවෙනි කොටස මෙතැනින් මෙහෙමයි බ්ලොග් කාරයෙක් විදිහට ගූගල් ෆොපයිල් එක පාවිච්චි නොකර බ්ලොගර් ෆෝපයිල් එක පාවිච්චි කරනවා වාගෙම වැදගත් , අනිත් බ්ලොග්…
  • Sri Lankan Grandma's Recipe Beef curry
  • ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීම
    ඔන්න ඉතින් තියන කෑලි දෙකට අමතරව ගේ පිටි පස්සට තව  කාමරයක් කුස්සියක් සහ ගේ අස්සේ කක්කුස්සියක් පුලුවං කාලෙක අටවාගන්ඩ කියල අත්තිවාරං කෑල්ලක්…
  • වැඩට යන සැමියෝ ... ඔයා ආවද පැටියෝ
    ඔන්න කොළඹින් ටිකක් දුර ගමක ඉන්නවලු ජෝඩුවක් , ඒ දෙන්නා විතරයි , ළමයි බමයි නෑ , ඔය පිරිමි මනුස්සයා නිතර යන්ඩ එන්ඩ තියන කරදරය හන්දයි ..  අතට…
  • එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ
    හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ නහය දිග මාම අපේ මාමලු          …
  • covid 19 solution to safety From the betel
  • වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය
    බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින්…
  • අටමට පුරස්න දෙකක් , (1) ගූ ගල් කරන සිතියං අක්කට  අපිට පාරවල් කියලා දුන්න හැක්ද , (2) නොපෙනෙන කෙනෙක් ලග ඉන්නවා කියලා කවදහරි දැනිලා තියනවද.
    (1) අද මං ජීවිතේ පලවෙනි වතාවට google map පාවිච්චිකරලා  ගමනක් ගියා , ගෙදරින් පිටවෙනකොට යන්ඩ ඒන තැන දුන්නහම මට යන්ඩ ඕන තැනට යන්ඩ , පාරවල්…
  • යුග දිවී රස
    ‘‘හෙල්ලෝඕ‘‘ ‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘ ‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා…
1,645,181

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>