2012-12-01

කාටවත් හිල් කරන්ඩ දෙන්ඩ එපා


මේ මට ගිය සතියේ සිද්ධ උන  සිද්ධියක් , මිට කලිනුත් කිහිපවිටක් මේවාගේ දේවල් වෙලා තියන හන්දා මේ ගැන ලියුවොත් හොදයි කියලා හිතුනා ,

මහන මෙෂින් ගැන ලියන එව්වා අටම්හරුප බලනවා වාගේ දාහක් හමාරක් නොබලන බව නං මම හොදට දන්නවා , සමහරක් රසිකයෝ

....... මගුලක් ලියනවා  ඉදගන  ආතල් කතාවක් ලියන්නේ නැතුව ''

කියලත් කියනවා කියලා මම දන්නවා

ඒ උනත් අටම්පහුර ලියන්ඩ පටන් ගන්න කොට මම මෙෂින් ගැන ලියනවා කියලා මගේ හිතේ තිබුනා , ඉස්ඉස්සෙල්ලා ආතල් කතන්දර ලිය ලියා ඉන්න කොට හිතපු නැති විදිහට මම ලියන එව්වා බලන්ඩ කට්ටිය ආපු හන්දා එව්වාම ලිය ලියා හිටියා ,

ඊට පස්සේ මහන මැෂින් ගැන ලියන්ඩ නේද මම මේක පටන් ගත්තේ කියලා මතක් උනා . පස්සේ මෙෂින් ගැනත් ලියන්ඩ පටන් ගත්තා,

මුලදිනං

'' අටමෝ මේක නං හොදයි මෙව්වා නැන්දම්මට ,මට . අම්මට , අපේ ආච්චිට වටිනවා, දැනුම බෙදාගන්න එක වටිනවා , අරකද මේකද ''

කියලා කමෙන්ට් වැටුනා

දැන්නං මෙව්වා බලන කට්ටි හරිම අඩුයි

ඒ උනාට අටමා මෙව්වා දිගටම ලියනවා , මොකද දන්නවද , මහන මෙෂින් ගැන ලියන වෙන කව්රුවත් සීංහල බ්ලොග් ලෝකයේ නැති හන්දා


මේ  තියන අටංහරුප අස්සට හෑමෝටම එන්ඩ කියන්ඩ , එන්ඩ බැරි හන්දා තමා මම මහන මැසිම   කියන බ්ලොග් එකට අටම්පහුරේ මෙෂින් ගැන ලියවෙන ලිපි එකතු කරන්නේ, එතකොට ඉතින් මට කෝල් කරලා නූල් දාගන්ඩ දන්නෑ ඇවිත් දාලා දෙන්ඩ කියන කට්ටියට එහෙම කියන්ඩ පුළුවන්නේ මෙන්න මෙතන තියනවා ගිහිල්ලා බලා ගන්ඩ කියලා,

මහන මෙෂින් ගැන මම දිගටම අතරින් පතර ලියනවා ඉඩක් ලද විටක , දැනට වැඩිදෙනෙක් නොබැලුවාට තව කාලයක් යනකොට ප්‍රයෝජනයක් තියන අය එකා දෙන්නා එකතුවෙයි කියලා හිතනවා,

කොහෙද මේ ලොකු සින්ඩි වලට රීංගවා ගන්න එකනේ අප්පා අමාරු

අයියෝ මල්ලේ පොල් උනානේ

හාහා බලමුකෝ ලිපිය ඔන්න දැම්මා'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


අපේ බොස් සෙනසුරාදා දවසක උදේ මට කියනවා

'' ලක්මාල් මෙන්න මේ මහත්තයට කැරියර් ටයිමින්ග් තියන හැටි පොඩ්ඩක් පෙන්නන්ඩකෝ , ගියර් වීල් එක ගිහිල්ලා ගියර් වීල් එකක් ගත්තා , එයාට දාගන්ඩ පුළුවන්ලු , අහවල් සංස්ථාවේ ඉංජිනේරු මහත්තයෙක් මේ ඉස්සර ඉදන් අපේ හිතවතෙක්''


''ආ ඇත්තද , එන්ඩකෝ''

බලුබෙට්ටක්  දැක්කාවාගේ බැල්මක් මිනිහා දිහාට දාලා , මම කියුවා
( ඇයි යකෝ මෙච්චර වැඩ තියෙද්දි දාහංකෝ මූට දැන් පංති)

ටයිමින්ග් තියන විදිහත් කියලා දීලා

'' මහත්තයා ගියර් වීල් එක ගලවනකොට මෙන්න මෙහෙ.........................''

'' ආ හරි හරි මම දන්නවා මට පුළුවන්''

මිනිහා මම කියන්ඩ හදපු එක අහන්නේවත් නැතුව 'ලොකුඑක' දාලා ගියා
.............................................

ඉරිදා දවල් එනවා පොර මැසිමත් උස්සගන , නයා මැරිච්ච  පනික්කියා වාගේ

'' වීල් එක නං දැම්මා තව මොකක් හරි අවුලක් තියන පාටයි . මේක මට බලලා දෙන්ඩ''

'' දැන්නං බැ ආපු වැඩ වාගයක් තියනවා , හෙට හවසට දෙන්නං''

'' පොඩි වැඩක් තියෙන්නේ දැන් කරන්ඩ''

''ලෙඩෙත් දන්න එකේ , වැඩෙත් පොඩි එකේ ඔයාටම කරගන්ඩ තිබ්බා අපරාදේනේ උස්සගන ආවේ''

එතකොට කතා නෑ , ඇටිකෙහෙල් කාපු රිලවා වාගේ

ගත්තා මැසිම මේසය උඩට , අප්පට සිරි මූ මැසිම කාලා

ගියර් වීල් එක දාන්ඩ නටලා තිබ්බ නැටුමක්




මෙෂින් එකේ හිලකුත් විදලා


එහෙම කරලත් දාගන්ඩ බැරිම තැන ඔක්කොම ටික ගලවලා ( මේන් ෂාෆ්ට් එක පවා )

විනාඩි පහකින් විතර කරන්ඩ තිබ්බ වැඩේට මිනිහා දවසක්ම ගත කරලා තිබ්බා , බෙවල් වීල් , පීඩීන්ග් බෙයාරින්ග් , පීඩ් රෙගියුලේටර් එහෙමත් ඩැමේජ් කරගන

''ඇයි මේ මැසිම හිල් කරේ ''

'' වීල් එකේ ඇණය ගලවන්ඩ ''

'' ඉතින් බොස් කල්පනා කරේ නැද්ද මෙෂින් එක හයි කරාපු එකා කොහොමද හයි කරේ කියලා ''

'' ප්ලැට් එක ඇතුලට දාලා රෙගියුලේටර් ලොක් එක තල්ලුකරලා . රෙගියුලේටර් එක දකුණට කරකවලා 'ටුක්' ගාලා පැන්නුවා , පීඩීන්ග් රෙගියුලේටරය එළියට''

මහත්තයා සද්ද නැතුව වාහනයේ යතුරෙන් ඇහිබැම කහනවා

'' මේන් ෂාෆ්ට් එක ගලවන්ඩ ඇයි බොස් තට්ටු කලේ , බලන්ඩ මෙව්වා ඔක්කොම , තැලිලා , හීරිලා ගිහිල්ලා අපරාදේ , කැලි ටිකටම තුන්දාහක් විතරයයි''

'' ආ එහෙනං මම ලබන සෙනසුරාදා එන්නං 'හොදට හදලා' තියන්ඩකෝ''

ඔය රෙගියුලේටරය ක්‍රම තුනකට හයිකරලා එනවා , මෙන්න ගුරුමුෂ්ටි නැතුව ක්‍රම තුනම





මෙන්න මෙව්වායේ තියෙන්නේ රිවස්නොබ් එක ඇණයෙන් ගලවලා , රෙගියුලේටරයේ ප්ලාස්ටික් මුහුණත ප්ලැට් එකක් දාලා ලිවර් කරන්ඩ , ඊට පස්සේ ඇණ තුන ගලවලා රෙගියුලේටරය එළියට ගන්ඩ



මෙන්න මේ අළුත් මෙෂින් වලනං ඇණ ගලවන්ඩ රෙගියු ලේටරයේ පොඩි සිදුරක් තියලා , ඒ සිදුර පොඩි බොත්තමක් වාගේ කප් එකකින් වහලා තියනවා , ඒ සිදුරෙන් ප්ලැට් එක දාලා ඇන තුන ගලවා ගන්ඩයි තියෙන්නේ


අර මහත්තයා අනාගත්තේ මේ ජාතියේ එකක්



මෙන්න මේ විදිහට ප්ලැට් එක දාලා


ඔය පේන්ඩ තියන ස්ප්‍රින් එකක් එක්ක තියන පින් එක



  ඔය විදිහට එළියට තල්ලු කරන්ඩ


උඩින් දාපු ප්ලැට් ඉස්කුරුප්පු නියනෙන් ලොක් එක එළියට තල්ලු කරන ගමන් , අනිත් අතින් පීඩ්රෙගියුලේටරය දකුනට කරකවමින් එළියට අදින එකයි තියෙන්නේ

අර ඉංජීනේරු මහත්තයා මම ඕක කියලා දෙන්ඩ හදනකොට අහගන ගියානං , ඒ මනුස්සයට කරදරයකුත් නැ , මට කරදරයකුත් නැ

4 comments:

  1. ඉතාම වටින ලිපියක්
    ඒත් මට මේකේ පින්තූර ටික පේන්නේ නැහැනේ..

    ReplyDelete
  2. වටින ලිපියක්.
    ඒත් පිංතූර ටික පේන්නේ නැහැනේ...

    ReplyDelete
  3. මේක මම කලින් පාවිච්චි කරපු ඊමෙල් එකකකින් දාපු පෝස්ට් එකක් ... ඒ ඊමේල් එකට මට ලොග්වේන්න බැරුව ගියා ...ඒ එක්කම බ්ලොග් පෝස්ට් බර ගානක් සහ ... සමහරක් එව්වායේ පින්තුර ගොඩක් ... නැතුව ගිහින් තියනවා ... මම ඉක්මනට මේ පින්තුර නැවත මෙෂින් වලින්ම ඇරගන දාන්නං ... මේකට දාපුවා හොයාගන්න බෑ .. අලුතින්ම ගන්න ඕන

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම
    දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක් ''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො'' ''මොනවා අලවන්ඩද බං'' ''ඇණයක් ගහලා පුටු…
  • how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා  පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.
    අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු…
  • ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය
    වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ මතකය හාර හාරා බොග කොටමින්නේ කඩදාසියක්…
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • උඹ වෙලාවට නාව නං
      ඒ කාලේ අපි හිටියේ බන්ධනාගාර නිලනිවාසයක , ගෙදර හිටියේ මමයි මල්ලියි චුටි අක්කයි තාත්තයි අම්මයි , තාත්ත ඉන්නවා කියුවට ඉතින් ගෙදර ඇත්තෙම නැ ,…
  • overlock machine ,  (ඔවර්ලොක් මෙෂින් ) එහෙමත් නැත්තං දිවට හුරු විදිහට ඕලොක් ..... කතා කරමු ඒ ගැන
    මෙහෙමයි ඉතින් ,  වෙනදා වාගේම  වැඩේ සංකීර්ණ කරගන්නේ නැතුව කතා කරන බාසාවෙන්ම වැඩේ කරගන යමු  අපි , කතා කරන්න  තේරුම් කරන්න …
  • අඩු මුදලකින් පහසුකම් සහ ඉඩකඩ ඇති ලේන් කූඩූවක් සාදාගන්නා ආකාරය
    දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට…
  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • How to write a Sinhala blog ( 5 )  බ්ලොග් ෆලෝ කරන හැටි , කමෙන්ට් කරන හැටි සහ රිප්ලයි කරන හැටි , ලින්ක් දාන හැටි
    හතරවෙනි කොටස මෙතැනින් මෙහෙමයි බ්ලොග් කාරයෙක් විදිහට ගූගල් ෆොපයිල් එක පාවිච්චි නොකර බ්ලොගර් ෆෝපයිල් එක පාවිච්චි කරනවා වාගෙම වැදගත් , අනිත් බ්ලොග්…
  • How to put a Singer 974 shuttle
  • 100 randam posts widget with  image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය
    ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන්…
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • How to adjust the timing on singer zigzag machines
1,645,208

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>