2014-07-01

අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)

අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල්

කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි
ගොරක බික් 8යි
ලුණු තේ හැදි 3යි
ගම්බිරිස් කුඩු තේ හැදි 6යි
කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි
එනසාල් ගෙඩි 4යි
කරාබු නැටි 6යි
අමුමිරිස් කරල් 3යි ( පවුලගෙ රික්වෙස්ට් )
රම්පේ සුට්ටං කෑල්ලයි ( පවුලගෙ රික්වෙස්ට් )
කරපිංචා අහුරක් ( ගොං කරපිංචා එපා , පට්ට කොල  රහයි )

ඉස්සෙල්ලම පවුලට නොපෙනේන්ඩ එකපාරක් මාළු හෝදනව

ගොරක ටික වතුර ජුන්ඩක් දාල ටිකක් තම්බනව ( එහෙම කරහම ගොරකවල තියන අමිහිරි ගතිය නැති වෙනව )

ඊලගට වතුර අයින් කරගත්ත ගොරක බික් 8යි, ලුණු තේ හැදි 3යි ,කුරුදු පොතු අගල් දෙකක විතර කැල්ලයි, එනසාල් ගෙඩි 4යි , කරාබු නැටි 6යි ‍බ්ලෙන්ඩරේට දාල අඹරගන්නවා අන්දෝසංසාර කුඩු  සම්බෝල වෙන්ඩ

දානව පැතලි හට්ටියකට කරපිංචා අහුර ස්පෙඩ් කරල


එලනව මාලු ටික කරපිංචා උඩින් ( ඔතනදි කරපිංචා රසකාරකයක් විතරක් නෙමෙයි ) මාළු ටික අඩිය නොඅල්ලා ඉන්ඩත් හෙල්ප් එකක් දෙනව

ඊලගට අර අමුමිරිස් කරල් 3 පළල දානව අර මාළු වලට උඩින්

ඊලගට අර අන්දෝසංසාර කුඩු  සම්බෝල වෙන්ඩ අඹරගත්ත එකට වතුර අඩු කෝප්ප එකක් දාලා දිය කරගන අර මාළු ටික උඩින් වක්කරල ගෑස් කුකර් එකේ ගින්දර පුලුවං තරං අඩු කරල ගින්දර දාලා වාෂ්ප එලියට නොයන විදිහට වහලා දානව

ඊලගට පවුලට ඒ අහලකටවත් එන්ඩ තහනං කරනව ( නැත්තං සැරින් සැරේ ඇරල බලල උන්දැ ඕකට කෙලවල දානව )

ඊලගට තියෙන්නේ බ්ලොගක් දෙකක් කියවල කමෙන්ට් එකක් දෙකක් දාන එක ( ඇනෝ නෙමෙයි මනුස්සයෝ ෆෝපයිල් එකෙන් )

වැඩේට යන වෙලාව හරියට කියන්ඩ බැරි   හුළංවල ස්වභාවය , වළංවල ස්වභාවය , මාළු වල ස්වභාවය , ගින්දර හන්දා වෙනස්වෙන හන්දා . නහය ටිකක් ඇරගන ඉදලා ලාවට අඩිය අල්ලාගන එනකොට ලිප ඕෆ් කලහම හරි.

වැඩේට අල්ල යන්නේ මැටි හට්ටියක් තමා , දර ලිපක  කරනවනං උඩින් තව හට්ටියක් තියල ඒකට ගිනි අගුරු දානවනං පංකාදු පහයි , අනික තමා එතකොට ගිනි පෙල්ල එලියට ඇදලා අගුරු වලින් ගේම දෙන එක

නැ නැ අපි බෙන්තර ගගෙන් එහේ නෙමෙයි , කැලණි ගගෙන් එහා පැත්තේ සබරගමුවේ

112 comments:

  1. බැන්දට පස්සේ ඔහොම තමා . බඳින්න ඉස්සෙල්ලා උඹත් සිංහයෙක් අටම් අයියේ ...............

    ReplyDelete
    Replies
    1. එහෙමට කියල වෙනසක් නැ බං

      Delete
  2. මේ අටම් ඉස්ටයිල්. අරක මාතලන් ඉස්ටයිල්. මොන ඉස්ටයිල් එකට හරි මට කියන්න ඕන උනේ මේක ගේමක් නම් නෙමේය කියන එක. ගොරකා බික් අරගෙන හෝදගෙන අඹරගෙන පුක ඉරාගන්නේ මක්කටෙයි බන්. ගොරකා ටැල්කම් පවුඩර් එක පට්ට. කිසි කරදරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මචං මං ඒක කවදාවත් අරගන නැ, ගෙනත් බලන්ඩ ඕන

      Delete
    2. අටං ගොරක පවුඩර් එක පහසුයි.. ඒත් ගමේ ගොරක තියනවනං එ්ක මසුරන්. මාතා කියනවා වගේ ඇමූල් තියල් කියන්නේ ගේමක් නොවේ.

      Delete
    3. එහෙමනම් ඇයි ඉතිං ගොරක පේස්ට් ගන්නේ?

      අර තියෙන්නේ බෝතල්වල දාලා මාලු ඇඹුල් තියල් මිශ්‍රනය කෙලින්ම ගන්න!

      බම්බලපිටියේ එම්සී එකේ තියෙනවා ලාරිච් කියලා කඩයක්. ඔය ගෙදර යන ගමන් සහ කුල්ස් වගේ තැනවලත් තියෙනවා මයෙ හිතේ!

      Delete
    4. ලාරිච් එක එළ...
      මස් කරි මිශ්‍රණ මරු!

      Delete
    5. ඉතින් අපරාදේ නේ ගෙදර ගෙනිහින් කන්නේ ඔය ෆයිව් ඉස්ටාර් හොටෙල් වල ශ්‍රී ලංකන් නයිට් එකට ගිහින් කනවා නේ ඉස්මුරුත්තාවටම එනකන්.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඒක ඇත්ත මාතලන්, හොඳ හෝටල්වල් ඉන්න පබිලිස් ලා වගේ චෙෆ් ලා ගොරකා අඹරලා තමයි ගන්නේ, බෝතල්, ටින්, පැකට් දාන්නේ නෑ

      Delete
    8. ටී වී එකේ එහෙම කිව්වට හදන කොට දාන්නෙ පවුඩර්. 400-500 එන මගුල් ගෙවල් වලට උන් අඹරයි ගොරකා. පබිලිස්ලත් අර රජ්ජුරුවන්ට හකුරු හදපු එකා වගේ තමයි. සම හරක් බ්ලොග් ලියන මහත්තුර්ත් එහෙමමයි. පෙන්නන්නේ මහත්තුරු කියලා. ඒ උනාට ගූ ගොඩවල්.

      Delete
    9. කතන්දර මාමේ පස්ස පැත්ත පිහිදගන්න. අන්තිම වාක්ය 2ම ඔයාට

      Delete
    10. මචං....ලේසියට කුඩු පාවිච්චි කරාට, ගලේ අඹරලා ගන්නවා වගේ නැහැ නේද? මම නම් සුදුළුනු , ඉඟුරු තාමත් තලලා තමයි ගන්නේ. කළුකුඩු (බැදපු තුනපහ ) අම්මා ගෙදර වේලලා හදන එකට ගහන්න එකක් නැහැ.

      Delete
    11. අනේ ඔව්වා ගේම්ද මාතේ අපිට

      Delete
    12. කතන්දර සමහරක් ඔය ගෙවල්වලටම ඇවිල්ලා දෙතුන්සීයකට උයන කට්ටිය ගොරක එහෙම අඹරල ගන්නව මමත් දැකල තියනව

      Delete
    13. නලින් අයියාලාගේ ගහම්නං ගොරක ඇති ඕසෙට . කොහොමද ගොරක මදවල රහ

      Delete
  3. මගේ අත්දැකීම නං මෙහෙමයි.මාළු ඇඹුල් තියල් වලට ස්ටෑන්ඩඩ් රෙසිපියක් නැත.එක එක පළාත්වල එක එක ක්‍රමයට.ක්‍රමය අනුව රස වෙනස්.මම කාපු රසම ඇඹුල් තියල යාලුවෙක් දවසක් හදාගන ඉන්දියාවට ගෙනාපු එකක්.හැබැයි ඌ රෙසිපිය දන්නෙ නෑ ලොකු අම්ම හදල දුන්න කිව්වා. තලපත් ඇඹුල් තියලක් මාර රහයි.

    ReplyDelete
    Replies
    1. උඹ කාල තියනවද අයියේ ලින්නෝ ඇඹුල් තියල් හදල , ඒකත් මරු

      Delete
    2. තව මොන මොන ජාති කියයිද දන්නේ නැහැ .

      Delete
    3. ගොරකා අඹරලාම දාන එක තමයි හොඳ. ගොරක හොඳ ඖෂධයක්. කොලෙස්ටරෝල් වගේ හානිකර අපද්‍රව්‍ය පුච්චන්න පුදුම හැකියාවක් තියෙනවා. ඒක තමයි ගොරක කෑමවලට එක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ. පිටිකිරීමේදී ගොරකවල ගුණාත්මකබව හීනවෙනවා. ඒ නිසා ගොරක මඳ අඹරලාම ගන්න එක තමයි හොඳ.

      Delete
    4. ඔව් නේද පිටි කරනකොට රත් වෙනවත් එක්කනේ , අනික අහකටත් යනව ඇති

      Delete
  4. ඇයි බන් පවුලට නොපෙනෙන්න මාළු එක පාරක් හොදන්නේ?

    ReplyDelete
    Replies
    1. නැත්තං මැරෙන්ඩ හදනවනේ බං බාගෙට මාලු හේදුවා අනේ ලොකු තව හොදට හෝදන්ඩ කියල

      Delete
    2. අනිත් ඒවත් භාගෙට වෙන්න ඇති .

      Delete
    3. ආයි අටංට හෝදන්න දෙයක් ඉතිරි කරන්නේ නෑ.... මචෝ...

      Delete
    4. නලින් අංකල් අටමි අහනවා ඇති නේ අටම් කීපාරක් කුරියා හෙදුවද කියලා

      Delete
    5. නලින් අයියා +++++++++++++++++

      Delete
    6. //අනිත් ඒවත් භාගෙට වෙන්න ඇති//

      පුක හෝදගන එහෙම වෙලාවක වරෙන්කෝ පෙන්නන්ඩ

      @sanda wenwee

      Delete
  5. උඹත් ගෑනිට ලකුනු දෙන්න කැමතිම නෑනෙ

    ReplyDelete
    Replies
    1. එහෙම නැ ලොක්කා

      දෙන්ඩ ඕන තැන දෙනවා

      Delete
  6. ගෑණිව අම්මලෑ ගෙදර යවලා වැඩේ කරන එක ලේසියි වගේ මට පේන්නෙ…… හැක්. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය උඹට ලොකු ලයින් දීලා ගෙදර යනව කියල කියුවහම දුප් කියල එලවලා දාහං , උයාගන කන එක මහ බක්කක්ද

      Delete
  7. ඔන්න ස්ටයිල් දෙකටම හදන්න අදිස්ටාන කොරගත්තා...

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හදන දාට අපිටත් කෑමකට ආරාධනා කලාට කමක් නෑ.

      Delete
    2. අඩු පාඩු අපි ගේන්නං . වෙනම කෑලි හත අටක් අයිං කරලා තියහං !!!

      Delete
    3. හැම විදිහකටම කරහං විදානේ

      Delete
  8. ගම්මිරිස් දාන්නෙම නැද්ද බං..? මොකක්ද අර මාත්තුරුකාවේ හරුපේ..?

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් අත්‍යවශ්‍යයි නේ... මේ ඉන්නේ අපේ අනිත් චෙෆ් ස්පැෂලිස්ට්..

      Delete
    2. ඕන් චෙප් මාරේ මාත් දැම්මා රෙසිපියක්. ඒක දැම්මා විතරයි මූ ගම්මිරිස් නැතිව තියාල් හදලා.

      Delete
    3. දාහං බලන්න ලින්ක් එක... ඇයි යකෝ අටමා සද්දේ දැම්මට හේතුව පෙන්නලා නැහැනේ... :D

      Delete
    4. http://maathalan.blogspot.com/2014/06/balapitiya-skipjack-tuna-ambul-thiyal.html

      Delete
    5. මාරේ දාමුද හොද ඉස්ටුවක් හදාගන්න විදියක්......

      Delete
    6. ඇයි මාරේ ඔය දාල තියෙන්නේ

      Delete
    7. ඒකනේ නලින් අයියේ

      Delete
    8. ගම්මිරිස් නැතුව කොහොමද මාතේ

      Delete
    9. දැන් අළුතින් ඔබලා නිකං කලින් හිටං තිබුනා වගේ ටෝක් දෙන්ට එපා යකෝ... :D
      තෝ කිව්ව විදිහට මාළු උයලා කී දෙනෙක් ගුටි කෑවද දන්නේ නැහැ පහුගිය ටිකේ.. :D :D :D

      Delete
    10. හෙහ් හේ අමතක උනා බං

      Delete
    11. :D
      උඹනං අමතක උනා කියයි.. වැරදිලාවත් මේක බලං හදිසියක කවුරු හරි මේක හැදුවනං එහෙමං බං මෙලාට ඩිවෝස් කේස්නේ.. :D

      Delete
  9. හාබර් එකේදි, තලපත් කපල ඉන්න හැටි දැක්කම සංසාරෙ එපා වෙනව. ඒ නිසා තලපත් කන්නෙ නෑ බං.

    ReplyDelete
  10. අටමෝ...ගම්මිරිස් නොදා ඕක හැදුවොත් මචෝ කාලා හමාරයි....

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා දාන්ට ඔන දාන්ට ඔන

      Delete
  11. මම නම් මස් මාළු වලින් තොරයි.. හාල්මැස්සෝ තමා ඉඳ හිටවත් කෑවොත්..

    ReplyDelete
    Replies
    1. හාල් මැස්සා කියන්නේ කෘමියෙක්ද.. යකෝ හාල් මැස්සෝ හන එක තමයි පව් කාරකම. ජීවිත කීයක්ද. හරක් මස් 250 ක් කාපන් පව අඩුයි.

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++

      Delete
    3. හාල් මැස්සෝ අවුල්.. චිකන් අවුලක් නෑ. කරි චිකන් අවුලක්ම නෑ :D

      Delete
    4. මසක් මාලුවක් කාහං මල්ලියේ

      Delete
  12. ෂාහ්.. දෙන්නං ගේම මේ සතියේ ඕෆ් එකේ.. කෙල උනනවා බොල.. අපිට ඉතිං ඇඹුල් තියල් ලංකාවෙන් ගෙනැවිත් කෑවොත් තමා..

    ReplyDelete
    Replies
    1. හදහං මචං කෙලවල්ලොත් හොදයි

      Delete
  13. \\ඉස්සෙල්ලම පවුලට නොපෙනේන්ඩ එකපාරක් මාළු හෝදනව//

    ඒකනම් පට්ට! නැත්නම් ඕක හතර වතාවක් විතර සෝදලා මාලු ටික දියකරලම දානවා. ඊළඟට ආයෙත් සුවඳ අහලත් බලනවා.

    ReplyDelete
    Replies
    1. බොටත් හොදට අත්දැකීම් තියනවා නෙහෙ…

      Delete
    2. ඔය බැන්දෙ නැතුව තාම :D

      Delete
    3. සුවඳ අහලත්

      සුවද අහන්නේ කොහොමද බං

      Delete
  14. අර කංකුං කැඩුවා වගේ නෙවෙයිනේව මෙව්වා මිස්ට අටම් ස්පැෂොල් නෙව ... :)

    ReplyDelete
    Replies
    1. එදා අන්න කුකා උයන ගමං කරපු ජාති . අදින්නා දානයි , පානාති පාතියි ඇරුනහම අනිත් තුනම කැඩුවා

      Delete
  15. හිහි...
    සබරගමුවෙයි කිව්වනෙ..
    ඔහැක්...
    එහෙනං අහන්න දෙයක් නැ..
    පට්ට තමා....
    ඔහැක්

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් මහේෂ්...
      ඉක්මනට ඩොක්ට කෙනෙක් මුනගැහුනනං

      Delete
    2. මුට වමනෙ යන්නෙ, අර ෆොටෝ එක දැකලා බං. ;)

      Delete
    3. පට්ට කමෙන්ට් එක බං :D

      Delete
  16. දැං උඹල දෙන්න මාළු කපන පිහි දෙකක් උරුක් කරන් ගේම දෙන්නද හදන්නෙ.

    ReplyDelete
  17. හදන කෙනෙක්ට මෙක ගිහින් දෙන්න ඕන,වැරදුනොත් අටම් ව තමයි හොයන් එන්නෙ ??

    ReplyDelete
  18. අපේ අයගෙනුත් බහුතරය සබරගමුවේ...... ඒ හින්දා මාතලන් මොනවා කිව්වත් අපි අත්දෙකම උස්සලා අටමාට සහයෝගයට දෙනවා හරිය....................

    ආ... අටමා අර වයිෆ් ව පන්නන කෑල්ල රෙසිපියේ අනිවාර්‍ය අංගයක් කරොත් හොදයි. නැත්තම් අර කියනවා වගේ විනාඩියෙන් විනාඩියට ඕක ඇරලා බලනවා ආයේ දෙකක් නෑ. ඒ විතරක් නම් මදෑ විනාඩියෙන් විනාඩියට ඕකේ රහත් බලනවා. අන්තිමේට බාන්න දෙයක් නෑ.. රහ බලලාම ඉවර වෙලා.............

    ReplyDelete
    Replies
    1. අද දවාලෙත් එය වැඩේ කරා බං මේ මනුස්සය. බාන්ඩ කලින් ඇරල කැවා

      Delete
  19. ඇත්තටම මාළුවා කපන්න කලින් හෝදලා ලේ පිටින් උයා ගත්තා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේක තමයි හරිම ක්‍රමය. සමාන්‍යයෙන් මස් මාළු මුලින් තමයි හෝදන්නේ.

      Delete
    2. +++++++++++++++++++

      ස්ටේක් එකක් රෝස්ට් එකක් හදනකොට මස් හේදුවොත් කොහොම හිටීද...මමත් මස් හෝදන එකට විරුද්ධයි. ඒත් ඉතින් ගන්න තැන අනුව දෙවරක් හිතන්න වෙනවා. මෙහෙදිනම් ගන්න තැන ගැන කලබලවෙන්න දෙයක් නැහැ. ඒත් ලංකාවේ ඔය වැඩේ කරන්න බැහැනේ.

      Delete
    3. ඇත්තටම හොදයි සුදික

      Delete
    4. Il mondo di una povera pazza

      ලංකාවේ මාව හරිම අපිරිසිදු වෙනවා , මාළු කපන ලෑල්ලත් අපිරි සිදුයි , කඩෙත් අපිරිසිදුයි , තැන් තැන්වල බිම දානව , මැස්සො වහනව

      Delete
  20. දැන් ඕක හදන්න කලින් ගෙදර ගෑනි අර විදිහට මාළුවව බදාගෙන ඉන්නත් ඕනද ? එතකොට රසේ වෙනසක් වෙනවද ?

    ReplyDelete
    Replies
    1. නැ හදන්ඩ කලින් ගෑනිව බදාගන හිටහං

      Delete
  21. තලපත් වලින්, ඇඹුල් තියල් හදන්න පුළුවන්, කුරුදු වත්තේ කට්ටියට විතරයි අනේ..... දැන්.....

    දකුණේ ඉට්ටයිල් එක නම්, තාමත් බල මාළු ඇඹුල් තියල්...... හරිද....? ඒවා, සබරගමුවට වඩා වෙනස්.....

    ReplyDelete
    Replies
    1. අනිත් වැඩ ඔක්කොම නවත්තල කන බොන එක විතරක් කරනවනං පුළුවන් අනේ

      Delete
  22. කොහොම හැදුවත් මමනම් හරිම කැමති කෑමක්. මම හිතන්නේ ක්‍රම තුනක් විතර මම රූපවාහිනියෙන් දැකලා තියනවා. යකෝ, හදන විදිහ නෙවෙයි, හදලා, අනික් අඩුම කුඩුමත් ලැස්ති කරලා, කන්ඩ බොන්ඩ කතා කරපියව්.

    ReplyDelete
    Replies
    1. අනේ මාවත් කැන්දං යන්ඩ එදාට ඈ. !!!

      Delete
    2. කැන්දං යන්ඩ තෝ ගෑණියෙක්ද

      Delete
  23. Ranjan.(Düsseldorf.)July 1, 2014 at 6:50 PM

    Kohomaheduwath kamakne,baite ekatath tikak ithuru karagannawala.

    ReplyDelete
  24. ඔහේ පලයන්. චෙෆ් අටමත් එලි බැහැල තියෙන්නේ ඔය.

    ReplyDelete
  25. නොකා ඉන්න එක හොඳයි වගේ බං මේ උඹලා ලියන එක,එක විදියට මේවා හදන් කනවාට වඩා...:D

    ReplyDelete
    Replies
    1. ඒක හරි බං. කෙලවල්ලො කිලෝ එකක් ගන්න සල්ලි වලට තව පොඩි ෆිනෑන්ස් පාරක් දැම්මම මරුටියක් ගේන්ඩ පුලුවං 2010/11 වගේ එකක්.. හැක් .

      Delete
  26. අම්බෝ ඕව හදන්න ගිහිල්ල අනාගන්නවට වැඩිය හොඳා අම්මා දෙන දෙයක් කාල ඉන්න එක..! :)

    ReplyDelete
  27. මාතයියගේ පොස්ටුවටද කියන්න වුනු දේමයි.
    කෑම ගැන දැන් නැති කම ගැන දුක් වෙමි. :(
    මේ ලිපියත් රහට කොටා ඇති බව නම් ටක්කෙටම කිව හැක.

    ReplyDelete
  28. කාගේ ඉස්ටයිල් උනාට මොකෝ කන්න පුළුවන් නම්..

    ReplyDelete
  29. වෙලාවක අටම් සහ මාතලන් විසින් සකස් කරන ලද ඇඹුල් තියල් පාරක් හීනි ෂොට් එකකුත් එක්ක රස විදින්න අවස්ථාව ලදහොත් වඩාත් රසවත් කුමක්දැයි කියා දීමට හැකිය.(ෂොට් 6 ක් 7 ක් ඉක්මවා යාමට පෙර තීරණය ලබා ගැනීමට සැළකිලිමත් වන්න.ඉන් පසුව ඕනෑ එකක් එක රහට දැනෙන්නට ඉඩ ඇත)

    ReplyDelete
    Replies
    1. "ෂොට් 6 ක් 7 ක් ඉක්මවා යාමට පෙර තීරණය ලබා ගැනීමට සැළකිලිමත් වන්න.ඉන් පසුව ඕනෑ එකක් එක රහට දැනෙන්නට ඉඩ ඇත"
      ++++++++++++++++

      Delete
  30. ගොරකා පේස්ට්,ගොරකා කුඩු,(වියළන ලද )ගොරකා,තම්බන ලද ගොරකා වලින් රසේ වෙනස්කම් ඇතිවෙනවා.
    ඇතැම් ව්‍යාංජන උයද්දි ගොරකා ඉති පිටින් දාලා ,ඉදුණු පසුව අයින්කරනවා.

    ගම්මිරිස් නොදා ලාවට සැර එන්න අමුමිරිස් දමා සදන ඇඹුල් තියලත් මං කාලා තියෙනවා.මේක රසයි.

    ඇතැම් පැතිවල ගම්මිරිස්,රතු මිරිස් භාවිතයක් ඇත්තෙම නැති තරම්,මිරිස් වවන පැතිවල නම් අමුමිරිස් තමයි හැම ව්‍යංජනයකටම දාන්නේ.

    අටම්,ඉතිරි කමෙන්ට් වලට රිප්ලයි දමන කම් මං බලන් ඉන්නේ,මේ පොස්ට් එකයි කමෙන්ටුයි,මගේ බ්ලොග් එකටයි,ඉවුම් පිවුම් පොතටයි කොපිකැට් කරගන්න.



    ReplyDelete
  31. ඔක්කොමත් හරි අර උඩින්ම ගොරකා ටිකයි වතුරයි ජුන්ඩාවත් දාලා ටිකක් තම්බන්න කිව්ව ඒකතමයි අව්ල

    ReplyDelete
  32. අටම් ස්ටයිල් එකේ මාලු කරියක්. නියමයි මලේ. ගොරකා අඹරලා ගත්තාම තමා ගුණ. ගම්මිරිස් නොදා රස නැත.

    ReplyDelete
  33. අටමෝ මම අඹුල් තියල් නම් දන්නෙ නෑ . ඒත් ඔය ටිකට තෙල්ටිකක් දාල තව ටිකක් එහා මෙහා කරල ඩෙවල් එකක් හදාගන්න නම් දන්වා. මොකද අවුරදු 10 ක්විතර බෝඩිං වල ලැග්ග නිසා. සිකුරාද දවස්වලට කට්ටිය සෙට් වෙන්ඩ ඩෙවල් දානවා.

    මොනව වුනත් පිරිමි කුස්සියට පැනගත්ත දවසට වියදම සැරයි කටට රහයි...

    ReplyDelete
  34. දැන් සල්ලි ඉතුරු කරන්න පටන් ගන්න ඕන මාළු ගන්න

    ReplyDelete
  35. අටමෝ......මම මාළු කන්න කැමති එකෙක් නෙමේ. පොඩි මාළුනම් ආසයි. මැටි ඇතිලියට යටට කෙහෙල් කොළයක් දාලා..ඒක උඩට තමයි අනිත් බඩු දාන්නේ. කෙසෙල් කොළේ උඩ තමයි ඇඹුල හැදෙන්නේ. කෙසෙල් කොළේ කරවෙලා තෙල් එක්ක බැදනකොට සුවඳයි,,රසයි. එක එක පැතිවල එක එක ක්‍රමනේ.

    ReplyDelete
  36. දැන් ඔය විදිහට උයන්න් ඕනේ අර උඩ ඉන්න මාලුවද යට ඉන්න මාළුවද?

    ReplyDelete
  37. මාතලන්ගෙ එකත් කියවලම ආව.දැන් අපි මෙව හදන්න ඔනද හාමිනෙට කියල හදවගත්තොත් මොකද.

    ReplyDelete
  38. මාතලන්ගෙ එකත් කියවලම ආව.දැන් අපි මෙව හදන්න ඔනද හාමිනෙට කියල හදවගත්තොත් මොකද.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  •  How to write a Sinhala blog ( 3 )   බ්ලොග් සෙටින්ග් , බ්ලොග් ගැජට් , බ්ලොගර් ෆොපයිලයේ වැඩිදුර සැකසුම් ,  blog authors හෝ  admin ලෙස තව කෙනෙක් සම්බන්ද කරගැනීම
    දෙවැනි කොටස මෙතැනින් හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන…
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  •  දළු බුලත්
    ‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘ ‘‘…
  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.
    ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම…
  • උඹ වෙලාවට නාව නං
      ඒ කාලේ අපි හිටියේ බන්ධනාගාර නිලනිවාසයක , ගෙදර හිටියේ මමයි මල්ලියි චුටි අක්කයි තාත්තයි අම්මයි , තාත්ත ඉන්නවා කියුවට ඉතින් ගෙදර ඇත්තෙම නැ ,…
  • 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
    අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා. සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට…
  •  dehiwala national zoological garden දෙහිවල සත්තුවත්තේ  අරක පෙන්නපු සිංහයා
    ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ  උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල ''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද'' ''මොන කේක්ද…
  • මේ හොදම දවස් ....ඔයාට අප්පිරිය නැත්තං
    ‘‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ....රිදෙනවද .....මං ටිකක් අතගාන්ඩද ‘‘ ‘‘ නැ .....එපා ‘‘ ‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ....කෙස් ඉටි වගේ ‘‘ ‘‘…
  • How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
    පස්වැනි කොටස මෙතැනින් පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • ඔයත් තාත්තට බයද
    මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ. මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ…
  • පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම
    දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක් ''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො'' ''මොනවා අලවන්ඩද බං'' ''ඇණයක් ගහලා පුටු…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • ‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘  Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට  rashain mobile kiribathgoda
    ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • මරාගන කෑම
    අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා…
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • අඩු මුදලකින් පහසුකම් සහ ඉඩකඩ ඇති ලේන් කූඩූවක් සාදාගන්නා ආකාරය
    දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට…
1,645,506

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>