2014-11-30

ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ



බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික වෙලාවක් වාඩිවෙලා උන්න කතන්දරේ තමා , අද කියන්ඩ යන්නේ අපේ අම්මා ජීවිතේට කරපු ලොකුම ගොංකම ගැන .

ඔන්න ඉතින් ඒකාලේ මට ඔය මොනවහරි ගලවන්ඩ හදන්ඩ නිර්මානේ කොරන්ඩ තියනවනං වෙන මොකවත් ඕන නැනේ , කාලෙන් කාලෙට එන වසන්ගත මං ඕනවටත් වැඩිය බදාගන හැල්මේ දුහනව , ආයේ ඉතින් කෑමක් බීමක් නින්දක් නැ . මොකක් හරි කොරනකොට පුරස්නයක් ආවද ඒක විසදගන්න කං මං නෙමෙයි පස්ස බලන්නේ ,

ආයේ ඉතින් බයිසිකලේ ගලවල කෙලව ගත්තනං විංකලේ අංකලයත් එක්කම දවසම එතන ඉදල හරි හදන විදිහත් බලාගන අයින් කරපු කෑල්ලක්  ඉල්ලගන ඇවිත් ගොඩදාල මිසක් පස්ස බලන්නේ නැ , ඒ කාලේ සමහරක් කාර්මිකයෝ , මේසන් බාස්ලනං මම වැඩ පොලක් කරන තැනකට එනවටත් කැමති නැ , ඇයි ඉතින් ඒකල වැඩක් කොරගන්ඩ යැ , මම අහන එව්වට උත්තර දෙනව ඇර ,

හිතමුකෝ කොහේහරි පොල් ගහක් කපනව කියල , ගහ කපන්ඩ ඒ මනුස්සය දාන කට් එකත් මට හෙන පුරස්නයක් ,

‘‘ අංකල් ඇයි මේ පැත්ත ඉස්සෙල්ලා කැපුවේ ‘‘

‘‘ ඉතින් ඒ පැත්තෙන්ම කැපුවනං ඉවරයිනේ මොකට දෙපැත්තක් කපනවද ‘‘

ඔන්න ඔහොම ඉතින් මගේ විමසිලිමත් දැස්

අද කාලේ කොල්ලො ගත කරන්නේ මොන ජීවිතද කියල වෙලාවකට මට හිතෙනව ඉස්සර කොල්ලො කාලේ කරපු කියපු දේවල් මතක් වෙනකොට , මොනතරම් නිදහස් සුන්දර ජීවිතද අපි ගතකලේ , අනික ඒ නිදහස හින්දම එක එකා ඇතුලේ එක එක ප්‍රයෝගික දක්ෂතා මතුවෙච්ච හැටි , ජීවන කුසලතා වර්ධනය වෙච්ච හැටි මතක් වෙනකොටත් හරිම ආශ්වාදජනකයි.

ගහකට නැගගන්ඩ , පැලෙන්නේ නැතුව කුරුම්බයක් බිමට දාන්ඩ , දර කෑල්ලක් පලාගන්ඩ , ස්පාක්ප්ලග් එකක් ගලවල සුද්ද කරල හයිකරගන්ඩ , ඇන්ටනාවක් හයි කරගන්ඩවත් බැනේ දැන්  ඉන්න එකාලට .

ඇයි ඉතින් ගහක් කපන තැනක , ගෙයක් හදන තැනක  බලාගන ඉන්නව බැහැල ඉන්න කෑල්ල දැක්කොත් චාටර් කියලනේ හිතාගන ඉන්නේ. අනේ ඉතින් තමන් ගෙයක් හදන දාට තමා කොල්ලටයි , කෑල්ලටයි දෙන්නටම කෙලවෙන්නේ . අවුරුදු  විසිපහක් හම්බකරකර ගෙවන්ඩ ගත්ත ඉඩමේ  දෙන්නම ගන්ඩ පුලුවන් ඔක්කොම ණය අරගන පොදි ගහපු සල්ලි මල්ල දියකරල බාසුන්නැහේ බාසුන්නැහේ සීහින මාලිගාව ඉදි කෙරුවට පස්සේ තමයි නුවන පෑදෙන්නේ .



ඊට පස්සේ බාසට හෙන ඉල්ලනව සල්ලි කැවා කියල , ඇයි හත්දෙයියනේ එකෙන් දෙකෙන් කෙලවනකොට වැරැද්ද පෙන්නන්ඩ දැනුමක් තිබ්බනං වැඩේ ගොඩ දාගන්නවනේ . කොහෙද එහෙම දෙයක් දැනගන්ඩ වැඩක් කරන පිලිවල දන්න එකක් යැ විභාග පාස් කලාට , එහෙම දැනගන්ඩ ඉතින් තමුන්ගේ මහරාල ගෙවල් හදන කොට වැලි ටිකක් හලල දීලා , බදාමයක් , කොන්කිරිට් එකක් අනල තියෙන්ඩ එපෑය.ඉතින් තමන්ගේ ගේ හදනකොට බාස් කියනදේ දේව වාක්කිය වාගේ අදහල , කරන නිරපරාද කාලකන්නි වැඩ දිහා කට ඇරගන බලාගන ඉදලා , පස්සේ හුල්ලනව ,

අඩුම තරමේ තමන්ගේ ගෙට ගාන්ඩ තීන්ත ටිකවත් මැච් කරල ගන්ඩ තරම් දැනුමක් නැ , ගේන බඩුවක මුට්ටුවක ගූණාත්මක බව පිරික්සල බලන්ඩ තරමටවත් මොලයක් නැ , කඩේ මුදලාලිය හොදයි කියන ඒ යකාට ‍ලාභය වැඩි බඩුව උස්සගන ඇවිත් කෙල උනාට පස්සේ ක‍ඩේ අයිතිකාරයගේ මැනියන්ට මතක වස්තර පූජා කොරන එකනේ කොරන්නේ , කඩ දාන්නේ ලාභ ගන්ඩනේ දෙයියනේ , අපි දැනගන්ඩ ඕන හරිදේ තෝරල බේරල ගන්ඩ .

වැඩිය ඕන්නැ සමහරක් කොල්ලො ඉන්නවා ,..මේ හොද තානාන්තර දරන අයෝම පුරුසයෝ , හොල්ඩරේට දාගන්ඩ ගිහින් සී එප් එල් බල්බ් එක බිදගන්නවනේ ,.අනේ ඉතින් අන්තිමට ගෙදර එකාට බැරි හන්දා ඊලග දවසේ ගෙදර ගැනි අහල පහල එකෙක්ට කියල බල්බ් එක මාරු කරගන පස්සෙං පහු අහවල් එකත් කරගන ජිවිතේ එලිය කරගන්නව , කොල්ලට වෙන්නේ සි එප් එල් එක අතේ තියාගන හූල්ල කන්ඩ.

වෙන මොකවත් නෙමෙයි හේතුව මනුස්සයෙක් වැඩක් කරනකොට බලාගන ඉන්ඩ , නොදන්න දෙයක් අහගන්ඩ තියන ලැජ්ජාව , ටැස් කොරල බලන්ඩ තියන බය ,  නැත්තං ඔය පරණ එකක් පාවිච්චි කරපු එකක් හරි හොයාගන ගලවල කරල වැඩ සටහන බලාගන පරතිකර්මෙකුත් කෙරුවනං එහොම වෙනවද , එහෙම වැඩක් බලාගන ඉන්න එක මදි පුංචි කමක් කියල තමා හිතාගන ඉන්නේ.

ආ ඉතින් එව්වා වැඩක් නැ බහිමුකෝ කතාවට , ඔන්න ඉතින් මං ඒ දවස්වල මයේ හිතේ අටවසරෙද කොහෙද , වෙසක් එක ලංවේගන එනකොට තැන් තැන් වල කැරකෙන කූඩු එහෙම ගහනව මං ඉතින් ඉස්කෝලේ ඇරිල දුරම පාරෙන් ඉක්මනට ගෙදර එන එකානෛ් . ආයේ ඉතින් හතරට පහට බත් කෑවට මොකැ , ගස්වල ගඩාගෙඩි එහෙම තියෙන්නේ .ඒ දවස්වල අපි උන්න ඉසව්වේ පත සයිස් කැරකෙන කුඩු දෙකක් තුනක් , ගල්වල හන්දියේ තඩි තොරණක් එහෙම ගැහුවා , තව ඉතින් තැන් තැන්වල එක එක කූඩු , නැලිගමත් හොද කුඩුවක් ගැහුවා ,නැලිගම තොරණ ගහන්ඩ පටන් ගත්තට පස්සේ ඒක නැවතුනා . පස්සේ තොරණත් නැතුව ගියා , දැන්නං ඒ පැත්ත පලාතේ වෙසක් ආතල් එකක්වත් නැ ,

රටේ හැම තැනම එහෙමයි , දැන් ඉතින් එව්වා කොහේ කරන්ඩද , අපි පොඩි කාලේ උන්න ඒවට ඇල්මක් ආසාවක් උනන්දුවක් තිබුන වැඩිහිටියේ බාගයක් මැරිලා , ඉතිරුවෙච්ච අනිත් උන්ට කරගන්ඩ උවමනාව තිබුනට ඇගේ හයියත් නැ . සාක්කුව බරත් නැ , අතරින් පතර එකෙක් දෙන්නෙක් නං බිසිනොස් එකට කොරගන යනව , ඒ ඇරුනහම ඔව්වයේ පසුපෙලේ හිටපු ඇල්මක් ආසාවක් ආදරයක් ඇම්මක් තිබුන අපි වගේ  හැත්තැව දසකේ උන් දෙමන්දර අතරමං වෙලා .

මේ රෙද්ද හරි යන්නැ බොලව් කාණු පනිනව , .........ඔන්න ඉතින් මටත් හිතුනා කියමුකේ කැරකෙන කුඩුවක් ගහන්ඩ , සැහෙන කාලෙක ඉදන් හිතේ තිබුනට කරගන්ඩ බැරි වෙච්ච හන්දා මම හිතුවා මේ පාරනං පොඩියට හරි කුඩුවක් කැරකෙන්ඩ ගහන එක ගහනවමයි කියල , අනික ඕකට තක්කෙටම හරියන මෝටරයකුත් මං ලග තිබුනා , ඒක දෙසිය තිහෙන් වැඩ කරන කොහෙන්ද මන්දා හම්බුන පොඩි මෝටරයක් . ආයේ දගලන්ඩ දෙයක් නැ වේගය අඩු කොරන්ඩ . බොහොම හිමින් තමා කැරකෙන්නේ , මයේ හිතේ අර බොක්ස් පැන් එකක හුලං කරකවල හරවල අරින ඉස්සරහ රවුමේ මෝටරයක්ද කොහෙද , ආයේ තව තිබුනා අඩියක් එක හමාරක විතර බයිසිකල් රෝදයක් ඇක්සල් , බෝල කෝන් නට් එක්කම , තව වෙන මොනවද , හොයන්ඩ අමාරුම දෙක තියනවනේ , ලී මඩුවෙන් අහක යන වීදුරු කෝටු වාගේ ලී කැලි ඉල්ලගන ඇවිත් ඇණ ගහල හැදුවා රිම් එකේ සයිස් එකට මහ කුඩුව , වහලේ පල හයක් තියල දලදා මාලිගාව වාගේ එකක් , ඕන්නං අඩි එකහමාරක් දෙකක් ඇති . ඔන්න වහලේ පලකෝටු හය එලියට පන්නල ඒ හැඩේම පැටවු කුඩු හයක් ගහන්ඩ ගියහම තමා පුක ඉරුනේ .

මහ කුඩුවත් එක්ක ගත්තහම ඒකට ගැලපෙන සයිස් එකට පැටව් කුඩු ගහන එක තමා කෙලිය, ඒ සයිස් එකට ඇණ ගහල හදන එක පට්ට ගේමක් , කෝටු රැහැල පොඩියට සයිස් කරහම ඇන ගහනව බොරු , පස්සේ මොකද කරන්නේ , කොළඹ ඉස්කෝලෙකට යන ඒ ලෙවල් අයියා කෙනෙක්ගෙන් ඉල්ලගන ආවා පොර p c b බෝඩ් විදින්ඩ කැසට් මෝටරයකට එස්ලොන් බටයක් ගහල හැඩල් එකකුත් හදල , හීනිම හීනී ඩ්රිල් කට්ටක් දාන්ඩ ‘‘හුකුංප්ලාන්ට්‘‘ එකක් ( පොර මොකක් හරි වැඩක් කරගන්ඩ අටවන අටම්පහුරු වලට කියුවේ එහෙම ) දාපු හෝම් මේඩ් ඩ්රිල් මෙෂින් එක , එකෙන් විදල කම්බි කෑලි බස්සල ඒ කම්බි බැදල එකට අඹරල යාන්තං පැටව් කූඩු  ටිකත් හදාගත්තා කියමුකෝ.

අපේ ගෙදර තිබුනා ටිකක් දිග මිටි බංකුවක් ඕකේ එක පැත්තක හිලක් හදල රිම් එකේ ඇක්සල් එක පහලටම කරකවල උඩ නට් එක තද කරල ලෑල්ලට යටින් අනිත් නට් එක දාල මහ කුඩුව හයි කලා බංකුවට . මෝටරය හයි කරල අනිත් පැත්තට දැම්මා පටියක් , කරන්ට් එක දීලා බලපුවහම ගානට කැරකෙනව , දැන් ඉතින් තියන පුරස්නේ තමට කුඩුව ඇතුලට කරන්ට් එක ගන්න එක , තහඩුවක් පටි කපලා කුඩුවට යටින් රවුම් දෙකකට බංකුවට ගහල කම්බි තුන හතරක්  තහඩුවට ගෑවෙන විදිහට තියල ස්ප්‍රීන් වලින් ඇදල තද කෙරුවා ,

මගේ ලග තිබුනා ටුවෙල් වෝල්ට් සික්ස් වෝල්ට් දෙකම ගන්ඩ පුලුවන් ට්‍රන්ස්පෝමරයක් ඒ දවස්වල හැටියට ජාතිභාන්ඩේ , පත සයිස් ඇම්පියර් දෙකතුනක අවුටුපුට් එකක් තිබුනා ඒකට , කුඩුව ඇතුලට ගල් වලෙන් අහුලගන ආපු වෙඩි වයර් පටලල දැම්මා පැටවුන්ට ටෝච් බල්බ් , මහකුඩුවට දැම්මා එක පැත්තක් පිච්චිච්ච මෝටර් සයිකල් බල්බ් එකක් , බංකුවට ගහපු තහඩු දෙකට කොච්ච ඇණ දෙකකින් ට්‍රන්ස්පෝමරය අමුනපුවහම මහ එලියක් නැතුවට තරමකට පත්තු වෙනව මහකුඩුවේ බල්බ් එක  , යකා දත් හිටෙව්වා වාගේ පිලිවලට ගහපු තහඩු ටික හන්දා , සැරින් සැරේ කලා මැදිරියෝ වාගේ පත්තු වෙනව පැටවු ටිකත් ,

පස්සේ ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගන රෝසපාට කොල ගෙනල්ල ඇලෙව්වා කුඩු ටික , අනේ ඉතින් අර බල්බ් වල එලිය මදි , පස්සේ මොකද කලේ මහකුඩුවේ බල්බ් එක ගලවල , පොඩි බල්බ් තුන තුන පේලි දෙකකට අමුනල දුන්නා ටුවෙල් වෝල්ට් , අන්න එතකොටනං ගානට එලියයි කුඩු ටික, දැන් කොහොමද මහ කුඩුව එලිය කරන්නේ , යටින් විතරක් රිම් එකට බැදල තියන හන්දා කුඩුව උඩින් මොකවත් පැටලෙන්ඩ විදිහක් නැති එකේ වාසිය අරගන වහලෙන් වයර් එකක් බස්සල දැම්මා කුඩුව මැද්දල වොට් සීයේ පත බල්බ් එකක් , දැන් වැඩේ හරි වෙසක් එකට තව දවසක් දෙකක් තියන හන්දා , සැරින් සැරේ එක එක එව්වා කරකර ඉදලා වෙසක් දවසේ උදේම නැගිටල වඩිමුබුවට ඇණ ටිකක් ගහල , තාත්ත කලින් පාර මායාදුන්නෙන්ද කොහෙදෝ ගෙනා සීරිස් බල්බ් වැල එල්ලුවා , ඒ කාලේ එහෙමත් එකෙකුට තමයි ඔව්වා තිබ්බේ , ඒ තිබ්බත් අපි වගේ උන්ට නෙමෙයි , කලර් ටීවි එහෙම තිබුන සල්ලිකාර ගෙවල්වල තමා , ඇයි ඉතින් මගේ මතකේ හැටියට ඒ දවස්වල ඕකක් රුපියල් හත් අටසීයක් උනා , අපි කියුවේ ඔටෝ මැටික් බලුප් වැල් කියල , බලුප් දෙලහකටද  විස්සකටද සැරයක් තිබුන තිබුන එක බල්බ් එකක පිලමන්ට් එක රත් උනහම ඩිස්කනෙක්ට් වෙන කොට ඒකටම අමුනල තියන අනිත් බල්බ් ටිකත් ඕෆ් වෙනව , යලට මහට තැනින් තැන ඕප් වෙනකොට කියල වැඩක් නැ අලංකාරේ . දැන් ළමයි ඔව්වා දැකල තියන එකක් යැ. එකසිය පනහට කොටුවෙ විකුනන්ඩ තියන බලුප් වැල් වල තින්ත බින්දුවක් වාගේ චිප් එකකින් මැවෙන රටා දැක්කහම ඇඩෙනව අප්පා.

පස්සේ ඉතින් ඔන්න හවස් වෙනකොට එකා දෙන්නා එලියට බැහැල පන්සල් යනව , වෙසක් බලන්ඩ යනව මගේ කුඩුවට තියන ප්‍රතිචාරත් නරක නැ , ඒ උනාට එකෙක්වත් සත පහක් දෙන්නැනේ යකෝ , මං හිතාගන හිටියේ මහ කුඩුවලට වගේ කීයක් හරි හම්බෙයි කියල , ම්..හු....සත පහක් නැ , ඔය අතරේ වැහැපං අම්මා එක පාරටම වැස්සක් , පායනකං ගෙටවෙලා ඉදල , ලී පුටුවක් අරන් එලියට ආව මං මිදුල මැද්දේ පුටුව තියාගන කුඩුව දිහා බලාගන ඉන්නව.

ඔන්න එතකොට තමයි මං දැක්කේ වැස්සෙන් පස්සේ බලුප් වැලේ එක පැත්තක් වැඩ කරන්නේ නැ කියල , ගෙට ගිහිල්ලා කැබිනට් ලාච්චුවෙන් ඔටෝ මැටික් බලුප් එකකුයි නිකං එකකුයි සාක්කුවට දාගන පොඩි මේස කෑල්ලත් උස්සගන එලියට ආව මං මේසය උඩින් පුටුව තියල නැගල බල්බ් එකින් එක ගලව ගලවා හොද බලුප් එක ගගහ චැක් කොරනව හුකා එකපාරටම

ක්රුන්.......................ගාගන මාව ගැස්සිගන ගියා ,

 ඒත් එක්කම පුටුවත් පෙරලගන මං  බිම , ඔලුව පිටි පස්ස බිම වැදිලා , බිම තියන වැහි වතුර පිටේ ගෑවෙනකොට තමා මට තේරුනේ කරන්ට් එක වැදුන බවත් පාවෙලා බිමට එනකොට අරගන ආපු බලුප් වැල තාම පත්තුවෙන බවත් තව දුරටත් කරන්ට් එක වැදි වැදි පපුවට හේතු කරගන බලුප් වැල අල්ලගන ඉන්න බවත්.

ඇගිලි දිග ඇරල අත ගසල අහක් කරන්ඩ හැදුවට බැ , නැගිට ගන්ඩත් බැ ,

කන්දෙක අස්සෙන්  එනව නිකං ...ක්රෑන්........ක්රූන්...............ගාල සද්දයක් .... .හැබැයි මට හොද සිහිය.

ඔන්න මං ගෙදර දොර දිහා බලනකොටම අපේ අම්මා එනව දුහගන

මම නිදහසේ තියන දකුනු අත අමාරුවෙන් උස්සල දෙපාරක් දෙපැත්තට වනල දොර පැත්තට දික් කරල

....එපා .....ක්රුන්......අරහෙන් ...ක්රූන්..... කියුවා

ගේ ඇතුලට ආපහු දුහපු අම්මා ප්ලග් එක ගලවල එනකොට මම ක්රුන් ක්රුන් කියන එක නවත්තල බිම නිදාගන ඉන්නව සැපට , ඒ අස්සේ හොදට දාපු අංකල් කෙනෙක් ඇවිත් ඇග තලන්ඩ ලෑස්තිය.

මට කිසි අමාරුවක් නැති බවත් , ටික වෙලාවක් එහෙම්ම ඉදලා නැගිටින බවත් කියල බොහොම අමාරුවෙන් බේරුන මං , බැලුවා වම් අත දිහා වයර් එක අතේ පැටලිලා දඹරඇගිල්ලයි  මැදගිල්ලයි පිච්චිලා , මැද ඇගිල්ලේ කට්ට පේන්ඩ පුංචි සිදුරක් හැදිලා , ඇගිලි දෙක හොල්ලන්ඩ බැ .

‘‘ තෝ මැරෙන්ඩද හදන්නේ බූරුවෝ ‘‘

කියල අත දිග ඇරල දෙන කනේ පාරක් කන්ඩ බලාගන මං අම්මා දිහා බැලුවා

'' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ''

73 comments:

  1. මම ණය ගෙව්වෙ අවුරුදු හයේදි @-)

    ReplyDelete
    Replies
    1. අවුරුදු හයේදි ගෙව්ව හැටි කියනවකෝ හලෝ

      Delete
    2. මට ඉස්සෙල්ලම බුදු ෂොක් එකක් වැදුනෙ අවුරුදු හයේදී.

      Delete
  2. අද කාළේ ඉන්න කොල්ලෝ උඹට වඩා වැඩ කාරයෝ නිසා තමයි උඹ කලා වගේ ගොං වැඩ නොකරන්නේ..

    ReplyDelete
    Replies
    1. කොල්ලොන්ගේ පැත්තට කතා කලාට කොල්ලෙක් වෙන්ඩ බැ බං , ඇත්තට මුහුන දියන් උඹත් දැන් නාකි පප්පෙක් , අගමැති පපපා වාගේ

      Delete
  3. ඒ මොකක්ද ඒ සින් එක

    ReplyDelete
  4. සහතික ඇත්ත අටං.
    ස්කිල් ලෙවල් එක එන්න එන්නම බහිනව.
    පුහුණුවලට එන ළමයින්ගෙන් හොඳටම ඒක තේරෙනව.
    දැන් අවුරුදු පහලවක් තිස්සේ විතර හොඳටම දැක්ක එකක් ඕක මම. කිව්ව වගේම බාස්ලාගෙ හීන තමා හැබෑ වෙන්නේ අන්තිමට.
    කම්මැලි කම වැඩිවෙච්චි හින්දද එහෙම නැත්නම් තමන්ට යමක් වැරදෙන බව කාට හරි පෙනෙයි කියල තියෙන බොරු බය නිසාද මන්ද මේ දරුවන් අතගහල යමක් කරන්න නොපෙළඹෙන්නෙ.
    වැඩක් කරනකොට අරහම කරන්න මෙහෙම කරන්න කියන්න නම් ඕසෙට.

    ReplyDelete
    Replies
    1. හම්මේ කාලෙකින්

      මොන පුහුනුව ගැනද ඔය කියන්නෙ

      Delete
    2. දැන් තියෙන්නෙ වෙනම ක්‍රමයක්. ඉස්සර හැමෝම ටික ටික හැමදේම දන්නව. දැන් ඉන්න අය එකක් හොඳටම දන්නව. වෙන කේස් එකක් නෑ.

      Delete
    3. හැමවෙලේමත් එහෙම වෙන්නේ නැනේද

      Delete
  5. දැන් ඉන්න තරුණ පරපුර නම් 'ක්ලීන් සූට් - එම්ප්ටි පොකට්'

    ReplyDelete
    Replies
    1. එහෙම්ම කියන්ඩ එපා ඉතින්

      Delete
  6. කාලෙකට පස්සෙ අටං ... ඉතින් ඉතින් ... :>)

    ඔව් උඹ කියන කතාව සහතික ඇත්ත ,, අද කාලේ එවුන්ට තඹ සතේක ඔය වගේ ප්‍රයෝගොක දැනුමක් නෑ ,,, ඒ අතින් අපි සෑහෙන්න අවාසනාවන්තයි බොළ....
    පුතෝ කරන්ටෙක ඇඟිල්ලට වැදුන එක හොඳයි ,, හදිස්සියේ වැටෙද්දී කොනක් එහෙම අහවල් එකේ ගෑවුනා නං ඉතින් දෙයියන්ගේම පිහිටයි ඉතින් ,, කොහොම හරි උඹ යහතින් නෙ ...

    /* '' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ '' */
    මේ කතාව නං මටත් කියල තියනව ,මාත් ඉතින් පවුලේ ලොකු එකානෙ ,,
    එහෙම තමා බං අම්මල :)

    ReplyDelete
    Replies
    1. දැක්නේ නැ බං සැහෙන දවසකින්

      Delete
  7. අටමො,
    මම උඹේ භාෂාවටනම් සදා ගරු කරනව. මේ වෙසක් කූඩුටිකත් බලහන්කො මේ එකකවත් ප්‍රේම් නෑ කඩදාසියි කාඩ්බෝඩුයි විතරයි.
    .https://www.youtube.com/watch?v=KkQmVPBzpy8

    https://www.youtube.com/watch?v=pqmQUjM5PjQ

     https://www.youtube.com/watch?v=dy6aqCc_TIY

    ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. අනේ ශෝක්,,, අටම් අයියේ වීඩියෝ ඉමේජ් කමෙන්ට් දාන හැටි මටත් කියාදෙන්නකෝ,, ඒ වගේම මගේ බ්ලොග් එකේ එහෙම කමෙන්ට් දාන්න කරන්න ඕනේ දෙත් කියා දෙන්නකෝ

      Delete
    2. එළ මචං එළ

      කවුදමේ ඉන්දරේ

      ප්‍රවින්ද

      Delete
    3. ඇයි බං දැම්ම දවසෙම මං පෝස්ට් එකක් දැම්මේ ඒ ගැන .

      Delete
    4. අනේ බං දැන් හොයන්ඩ බැ මට හෙනට වැඩ . අනික් කමෙන්ට් වලට රිප්ලයි දානකොට ලින්ක් එක හොල දාන්නං

      Delete
    5. අටමො, 
       "කව්දමේ ඉන්දරේ" 
      නමින්නම් චන්දරේය. මගේ අතිබොක්කෙක්වන ඔබා (සනත් ජීවත්වසිටියදී) මා උගේ බොගවල්වල ඉන්දරේ නමින් බව්තීස්කොට ඇත.

      Delete
    6. ආ ඒ කාලේ කියෙව්වට අපි ලියුවේ නැනේ . ඒකයි මතක නැත්තේ

      Delete
  8. මම ඉස් ඉස්සර වෙලාම තනියෙන් කැරකෙන කූඩුවක් ගැහුවේ පිටකෝට්ටේ අපේ ලොකු අක්කලාගේ ගෙදර. 1969 දි. ලයිට් නෑ. කූඩුව කැරකෙන්නේ චිමිනි ලාම්පුවේ දැල්ලේ රස්නෙන්. උණුසුම් වායු ධාරාව මගින් හුළං පෙත්තක් කරකවනවා, ඒ පෙත්ත සවිකර තිබෙන්නේ සිලින්ඩරාකාර කළු කඩදාසියක. ඒ කඩදාසියේ නුවර පෙරහැර කැටයම් කපා තියනවා. ලාම්පු එලියෙන් ඒ කැටයම් වල ඇති පින්තූර සුදුපාට තල් කඩදාසියකට වැටෙනවා. මල් හතයි.

    කරන්ට් එක දෙතුන් පාරක්වත් වද්දවාගන්නේ නැතුව වැඩ ඉගෙනගත්ත එකාගෙන් ඇති වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපිත් කොලා ඔව්වා අපිත් කොලා

      Delete
  9. උඹ කියන කතාව ඇත්ත බං. දැං ඉන්න එවුවංට මෝටරේකට වයර් කෑලි දෙකක් අමුණගන්න තේරෙන්නෙ නෑ. ඒත් ගංවල ඉන්න ගොඩක් කොල්ලන්ට ටවුන්වල වගේ පහසුකං නැති හින්ද උං ඔය කෙතේ මඩේ වැඩ ඉගෙනගන්නව.

    //නැත්තං ඔය පරණ එකක් පාවිච්චි කරපු එකක් හරි හොයාගන ගලවල කරල වැඩ සටහන බලාගන// උඹ කියන්නෙ දැං ඉන්න කොල්ලො මේක කරන්නෙ නෑ කියලද? :D

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ මේ මොනවද , අනේ මන්ද බං උඹල

      Delete
  10. නොස්ටැල්ජික් කේස් එකක් වගේ... අටමො. පහුගිය කාලෙ කොල්ලො වෙච්චි උඹල අද කාලෙ කොල්ලො ගැන කියන විදිහටම කාලෙකදි අද කාලෙ කොල්ලො හෙට දවසෙ කොල්ලො ගැනත් කියනව බං... අපේ තාත්තලත් අපිට ඔහොමම කිවුව බං. පරම් පරාවෙං පරම් පරාවට සිතුවිලි ආකල්ප අවශ්‍යතා තාක්ෂනය දැනුම ඔය හැම එකක්ම වෙනස් වෙනව බං. ලෝකෙ ඉස්සරහට යන්නෙ එහෙමනෙ. උඹ ඕව හිතල මූලං තද කොරගන්න ඕනය..? හෙහ්...හෙහ්..

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් මගේ ඕක අමුතුවෙන් තදවෙන්ඩ දෙයක් ඇතැ කොයි වෙලෙත් දත් මිටි කකා ඉන්න එකනේ

      Delete
  11. මාරයා මහතා ලොරියත් සමග විනෝද වෙන උද්වේගකර අවස්ථාවක්...
    https://www.facebook.com/video.php?v=995941460446217&fref=nf

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට තුති , පට්ට වැඩ්ඩෙක් නේද බං , හැබැයි ඉතින් මාරයෙකුයි ලොරියකුයි අල්ලගත්ත එක තමා බං කැත

      Delete
  12. සහතික ඇත්ත.. කැරකෙන කූඩුවක් තිය නිකන් කූඩුවක් හදන්නත් අද කාලේ ළමයින්ට බෑනේ..

    අම්මට සද්දේ ඇහිල දුවගෙන ආවයින් ඔයින් ගියා.. :)

    ReplyDelete
    Replies
    1. නාවනං මේ දුක කොයි කියල හිතෙන් නැද්ද

      Delete
  13. කුඩුවක් හදපු කාලයක් මතක නෑ බොලව් දැන්නම්...

    ReplyDelete
  14. කරන්ට් වදිලාම දැන් 230 වැඩි ගානක් නෑ

    ReplyDelete
    Replies
    1. එාහනං අඩුවක් ටෙස්ටරයක් ඕන නැතිවෙයි නේ

      Delete
  15. මං හිතන්නෙ උඹට ඔය නුහුගුනේ ආවෙ ඔයින් පස්සෙ වෙන්න ඇති ..

    ReplyDelete
    Replies
    1. මීට වඩා තදේට තිබුනා ඒකෙන් ටිකක් අඩු උනා

      Delete
  16. කලින් කොටස කියවලා තිබුණ නිසා හොදයි,, ඔයාගේ සිද්දිය කියවද්දී මතක් උනේ දවසක් දේශක තුමාගේ බ්ලොග් එකෙත් එයාට කරන්ට් වැඩිච්ච එකක් කියෙවුවා ඒක.. කතා දෙක එකට සම්බන්ද කරපු විදිය නම් නියමයි,,,

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් කරන්ඩ දෙයක් තිබිබේ නැ බං කොහොමත් දෙකම එකට සම්බන්දයි

      Delete
  17. මමත් අප්‍රමානෙට දුක් වෙන කාරණයක් තමයි, ළමයි අතපත ගාලා වැඩ ඉගෙන ගන්නේ නැති එකට. ඒ කාලේ අපිට තිබ්බ නිදහස දැන් ඉන්න එවුන්ට නෑ බං. කරන්ට් නොවදී ඔය වගේ වැඩක් කරා නම් ඒකත් වැඩක් නෑ. මෙන්න මේ පොස්ට් එකෙන් මමත් කියන්න උත්සහ කලේ ඔය ටික තමයි.
    මේ හැකියාවන් කොහේ ගියාද ?

    ReplyDelete
    Replies
    1. මං මේක කියෙව්වද මන්දා

      Delete
  18. ඒ කාලෙ හිටියෙ බං දෙයක් හිතෙන් හිතල තර්කෙන් විමසල අලුත් දෙයක් ඉගෙන ගන්න එවුන්. ඉතින් උන් අලුතින් නිර්මාණ කලා. ඒ වගේම එහෙම් මෙහෙන් ගැජට් බැජට් අමුණගෙන හැම මඟුලම කඩෙන් ගන්නෙ නැතුව අටව ගත්තා. ඒත් අද ඉන්නෙ එහෙම එවුන් නෙවෙයි. මොකෙක් හරි දෙනකල් බලන් ඉන්න, මොකෙක් හරි කියනකල් බලන් ඉන්න, මෙලෝ දෙයක් හිතල කරන්න බැරි රොබෝ ගොං පැටවු. ඒත් මෙහෙම ඒව ලියනකොට පොඩ්ඩක් බලාගෙන. උඹ රට ආපස්සට ගල් යුගයට වැදි යුගයට අරන් යන්න හදනවා කියල ලේබල් ඇලවෙයි වර්ථමාන ශ්‍රේෂ්ඨ ඩිජිටල් රොබෝ පරපුරෙන්.

    ඒක නෙවෙයි, කරන්ට් එක වැදුනම මට මාරයා එනව අයියා. පුදුම විදියට කේන්ති යනවා ටිකක් වෙලා යනකල්. එහෙම වෙලා නැත්ද. ඇයි බං ඒ?

    ReplyDelete
    Replies
    1. ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසෙ අවුල් වෙනවා බං. අපේ මොලේ කිරියා කොරන්නෙ ආරෝපිත සෝඩියම් සහ පොටෑසියම් අයන වලිංනේ. ඉතිං ඒවා හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගියාම මොලේ සමහර කලාප උදාසීන වෙනවා සමහර කලාප පුල් කචල් (ටික වෙලාවකට විතරයි). ඇයි මනෝෂ්, උන්මත්තකයින් සනීප කරන්නෙත් කරන්ට් එක වද්දලනෙ. ඒක හැබැයි වෝල්ට් 50 ක විතර ධාරාවක් කියලා, මට ඕක අල්ලන්න කලිං කිව්වා. හැක්...හැක්...

      Delete
    2. ආ..දැන් තේරුණා.. උඹට තැන්කු වේවා..

      Delete
    3. උඹල දෙන්නම වෝල්ට් 50 ක විතර ධාරාවක් අල්ල ගනිල්ලා එක අග්‍රයක් .......එක්කෝ ඕන නැ

      Delete
    4. දෙන්නට තරහ ගියාද නැනේද .........එහෙනං ඔන්න ඔහේ තව පාරක් අල්ල ගනිල්ලා

      Delete
  19. ඉස්සරවෙලා අටම්ට තැන්කූ කිව්වා තියෙන වැඩ රාජකාරි අස්සේ ආපහු පොස්ටු අටවන්න හිතපු එකට. කොච්චර වැඩ තිබුනත් පෝස්ට් එකක් අටවන එකත් එක වැඩක්ය කියලා හිතුවාම ඉඳිකට්ටට නූල දානවා වගේ ලේසි වැඩක්නේ අටම්ට මේකත්...
    අපේ කාලේ වගේ නෙමෙයිනේ අටම් දැන්...අපි නොකරපු නොදන්න දේවල් ගොඩාක් දැන් ඉන්න ලමයි දන්නවා...ඒ ලෝකේ හැටි...ඒ කෙසේ වෙතත් මමනම් තරුන අයට පුලුවන් හැමවෙලාවෙම කියන්නේ අතේ පයේ හයියෙන් කරන්න පුලුවන් කරුමාන්තයක් ඉගෙනගන්නය කියලා, මොකද හදිස්සියකට ඔය බොසෙක් එක්ක මල පැන්නම රස්සාව දමලා ගහලා ඇවිත් තමන්ගේම කියලා කඩයක් දාගන්න පුලුවන් වෙන්න ඕනි නිසා.
    ඒ විතරක් නෙමෙයි, පිරිමි ලමයි උනාම වේලක් දෙකක් තනියම උයාපිහාගන්නත් පුරුදුවෙනවානම් බිරින්දෑ නෑ ගෙදර උනාම කඩේ දුවන්න වෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ ඕන අප්පා . ඒකට හරිම ආසයි ඒ උනාට වැඩ හිර උනහම එපා වෙනවා , මේ කමෙන්ට් ටික දාන්නෙත් දාන්ඩම ඕන හන්දා වැඩ නවත්තල, උයා පිහාගන්ඩ පුලුවන් එකනං මාර වටිනව

      ‘‘ මම යනව යන්ඩ , තනියම කන බොන හැටි බලාගත්ත හැකි එතකොට ‘‘

      කියුවහම

      ‘‘ අනේ පලයන්කො කියුවහැකි ‘‘

      Delete
  20. අපෙ අම්මට නම් මං නය ගෙවල ඉවර කරන්න තව ආත්ම සීයක් යයි.
    අටං වගේ තමයි මාත්..හැම මඟුලම බලන් ඉඳල ඉගෙන ගන්න ආසයිගොඩක් දේ ඉගෙන ගත්තෙ තාත්තාගෙන් ..
    නැන්දම්මගෙ ගෙදර වැඩකට ආපු බාසා කියල තිබ්බ සරත් මහත්තයා එක්ක වැඩක් කරල බේරෙන්න බෑ කියලා. වැඩ දන්න එකාට හොර කරන්න බෑනෙ..
    සාමන්‍ය මිනිස්සුන්ගෙ කාර්මික දැණුම ගැන කවර කතාද ? තාක්ෂණික සමතුන් කරන විකාර දැක්කම. මං වරායෙ ඉන්නකොට මගෙ නිල නිවාසෙ වැසිකිලියට අළුතින් කොමොඩ් එකක් දැම්මෙ ෆෝමන් කාරයාගෙ අධීක්ෂණය යටතෙ. මං රෑ වැඩ ඇරිල ඇවිත් බලනකොට මුං ටයිල් මැද්දෙ වලක් හාරලා කොමෝඩ් එක වලේ බස්සලා අඟලක් එකහමාරක් විතර.. බලන්න කැතයි.. හොඳ වෙලාවට සිමෙන්ති තද වෙලා තිබ්බෙ නැති නිසා මං ගලවල දැම්මා. පහුවදා මං ඒක හයි කරන හැටි උගැන්නුවා. ඔන්න තරම.

    ReplyDelete
    Replies
    1. එය ටයිල් මැද්දේ වලවල් හාරන එකාල නං තාමත් ඉන්නව අප්පා , මොන මංගල්ලෙකට එහෙම කරනවද මන්දා . අර ඔයා කියුව යකඩ බාස්ගෙනං වැඩ පට්ට නීට් නේද

      Delete
  21. අහිංසක අම්මා. පපුව කොච්චර පත්තු වෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. එයත් මං වගේ තමා ඔව්වා එහෙමට ඇගට ගන්නේ නැ

      Delete
  22. කරන්ට් වැදිලා නැති දෑත් මක්කටෙයි ..:D
    මමත් වෙසක් කුඩුවක් නිසා එලොව යන්න ගියා තනියම නෙවෙයි මල්ලිත් එක්කම .තාත්තා නොහිටියානම් සොරිම තමයි ...
    දැන් ඉන්න පරපුර හැමදේම කරන්නේ කොම්පියුටර් එකෙන් නේ බන් .අපි පැද්දේ රෝද හතරක් කපාලා ඒවාට රේසර් රෝද එහෙම සෙට් කරලා හදාගත්ත ලි කරත්ත .වත්ත වටේ පැදලා අත පය තුවාල කරගත්තා .එත් මචෝ දැන් එහෙම නෑ .දැන් කොල්ලෝ පදින්නේ ෆෙරාරි , පත රේසින් ට්‍රැක් වල .හැබැයි තියෙන්නේ කොම්පියුටර් එකේ .ලේසියි , පහසුයි .......

    කුරුම්බැට්ටි මැෂිමේ
    මගෙ කුරුම්බැට්ටි මැෂිමේ
    ගවුම් පොඩිත්තක් මහලා ඕනද
    කමිස පොඩියක් මහලා ඕනද
    කොස් කොළයක් මෙහෙ අරගෙන ආවොත්
    රැලි රැලි කපලා
    ඔපනැලි තියලා
    ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්
    කුරුම්බැට්ටි මැෂිමේ
    මගෙ කුරුම්බැට්ටි මැෂිමේ
    ගවුම් පොඩිත්තක් මහලා ඕනද
    කමිස පොඩියක් මහලා ඕනද
    කූරටු ඉඳිකටුවෙන් හිල් විදලා
    ලේන්සු පොඩියක්
    මල් මල් සායක්
    කොස් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්
    කුරුම්බැට්ටි මැෂිමේ
    මගෙ කුරුම්බැට්ටි මැෂිමේ
    ගවුම් පොඩිත්තක් මහලා ඕනද
    කමිස පොඩියක් මහලා ඕනද
    කුරුම්බැට්ටි මැෂිමේ
    මගෙ කුරුම්බැට්ටි මැෂිමේ

    ගායනය: එල්සි රොද්‍රිගෝ
    පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව: සරත් දසනායක

    ReplyDelete
    Replies
    1. ඇයි පොල්කොට කරත්තේ , වදමල් තලලා දාපු ටයර් එක , රිම් එක එව්වා පට්ට ආතල් බං

      Delete
  23. පාවිච්චියක් නොමැතිකම නිසාත් පොඩි කාලෙ තිබුණ හැකියාවන් පස්සෙ කාලෙකදී අමතක වෙලා යනවා නේද බං.

    ReplyDelete
    Replies
    1. එහෙමත් නැ අයියේ උවමනා උනහම පිහදාල පොලිස් කරල මතු කරල ගත්ත හැකි

      Delete
  24. සති දෙකකට උඩදි පාන්දර බස් එකට නැග්ග පංති යන්න ටික දුරක් යනකොට තේරැනා සල්ලි එකතු කරන කොන්දොස්තර මහත්තයා නැතිබව ඩැයිවර් මහත්තයා එලවනවා සල්ලි ගන්නවා සමහර එවුන් පිටිපස්සේ දොරෙන් හොරෙන් බැහැලා යනවා..මම ඩැයිවර් කොලුවගෙන් ඇහැව්වා සල්ලි ටික එකතු කරලා දෙන්නද කියලා? අනේ මල්ලියෝ ලොකු දෙයක් කියපු ඩැයිවර් අයියට සල්ලි ටික එකතු කරලා දිලා මගේ බස් ගාස්තුවත් දිලා බැස්සේ..දැන් මම දන්නවා මට බ්‍රා නැතිවුනෙත් බස් එකක සල්ලි එකතු කරන්න හරි පුලුවන් කියලා.

    ReplyDelete
    Replies
    1. ටෙම්පරියක් අල්ලල දෙන්ඩද

      Delete
  25. කොමන්ටු වලට උත්තර දාපිය

    ReplyDelete
    Replies
    1. කොහොමහරි දානව ටිකක් හිටු

      Delete
  26. මටත් උඹට තිබුන කියපු ලෙඩේ අඩුවක් නැතුව පිහිටලා තිබුනා...
    සමහර බුවාලා කැමති නැහැ අපි ප්‍රශ්න අහනවට,
    අදටත් ගැරේජ් එකකට ගියත් එව්වයේ ඉන්න ලොන්ත බාස්ලා ඇස්දෙක අරගෙන කරන්න හදන ගොන් වැඩ පෙන්නලා දෙනවටවත් උන් කැමති නැහැ...
    උඹේ වෙසක් කූඩු කතාව කියෙව්වම තමයි මට මතක් උනේ මමත් එහෙම වැඩක් කරපු හැටි...
    මට ඕනේ උනේ පුංචි පැටව කුඩුවක් හදන්න.
    මහ කුඩුව වට ප්‍රමාණය අඟල් 6 ක් වගේ තියෙන තරුවක්.
    පැටියෙක් අඟල් දෙකක් වගේ ඇති.
    පැටවුන්ට LED බල්බ් දැම්මේ. පොඩි මෝටරයක් දාලා කරකෙන්නත් සෙට් කරා.
    වෝල්ට් 9 බැටරිය මහ කුඩුව ඇතුලේමයි තිව්වේ.
    ඒක හදන්න සෑහෙන්න කට්ටක් කන්න උනා...
    අන්තිමට කූඩුව හැදුවට කොළ අලවන්න කලින්ම මට වැඩේ එපා වෙලා වෙන මොකක්හරි වැඩක් පටන් ගත්තා.

    ////'' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ''////
    මම බැලුව උඹ මේ මට මොකක් හරි කියනවද කියලා. උඹත් ලොකු පුතෙක්... එළද බ්‍රා...
    අපේ අම්මට ගෙවන්න තියෙන ණයනම් ගෙවල ඉවර කරන්න බැහැ බොලව්...

    ReplyDelete
    Replies
    1. මට වැඩේ එපා වෙන එක නං හොද දෙයක් නෙමෙයි

      Delete
  27. අටම් මං ආස ඔයාගේ මේ පණ්ඩිත වැඩ තියන කතා වලට...... නොදන්න කාලේ ඇන්ටගේ වැඩ වගේ......

    ReplyDelete
  28. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14700-2014-12-01-08-37-04

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි ..................බොහෝමත්ම ස්තුතියි

      Delete
  29. පරිස්සමින් හිටු,උඹලාට විදුලියෙන් අපලයි.

    ReplyDelete
  30. නැවත ආගමනයට වැල්කම් කිවුවා....ලැජ්ජාවෙන් වුනත් කියන්න වෙනවා මම අයිති වෙන්නෙත් උඹ ඔය දොස් කියන පරම් පරාවට.ඔය වයර් කෑලී,සර්කිට් බෝර්ඩ් මට පේන්න බෑ.මම සරුන්ගල් හදන්න ඉගන ගත්තෙත් අවුරුදු 21දී.දැන් ටිකක් වැඩක් ගොඩ දාගන්න පුළුවන් වුනාට තාමත් අපේ අම්මට තරම් මට ඔයවගේ වැඩ බෑ.

    ReplyDelete
    Replies
    1. දැන් කොල්ලො සරුංගල් හදනව හරි අඩුයි , මං නං මේ පාරත් කෙල්ලො දෙන්නා එක්ක එකතුවෙලා සරුංගල් හතරක්ම හැදුවා , තවම දෙකක් තියනව , එකක් වැස්සට තෙමුනා , අනික ලොක්කි අතින් කැඩුනා

      Delete
    2. දැං පවුලත් එක්ක එකතු වෙලා කොල්ලෙක් හදපං

      Delete
  31. කතා දෙකම එකට කියවපු නිසා කඳුලුත් ආව අටමෝ..

    ReplyDelete
  32. මරැ මචං ඒ කාලේ මට 2.50ක් හම්බ වුනා කියන්නෙ LED බල්බ් එකක් ගෙදර. තොරන් වල ඉස්සර තිබ්බෙ ෆ්ලෑෂර් කොටේ කියලා ලබ්බක්නේ. මමත් රවුම් කොටයක් වටේ සැමන් සැමන් ටින් වල පතුරැ කපල ගහලා හදලා තිබුනා සුපිරි පෑසර් කොටයක්. පාරෙ වයර් කෑල්ලක් ඇණයක් නට් එකක් තිබුනොත් ගෙදර අරන් යන පුරැද්ද තවම ටික ටික තියෙනව.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>