‘‘හෙල්ලෝඕ‘‘
‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘
‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා කලබලෙන් ‘‘
‘‘අනේ මට බැ රත්තරනේ ඉහි..ඉහි මේ මිනිහ එක්ක ..මාව මරාගන කන්ඩ හදනව ‘‘
‘‘ඇයි අම්මා මොකද අඩන්නේ ..මොකද උනේ කෝ තාත්ත ‘‘
‘‘ අනේ මෙතන මට රන්ඩු කරල බඩු මුට්ටුත් එහෙට මෙහෙට විසික් කරල මාව තල්ලු කරල දාල එලියට බැහැල කොහෙද ගියා පුතේ ..........මගේ කොන්දත් අමාරුයි , මට නං මේ දුක තවත් විදින්ඩ බැ පුතේ . අවුරුදු හතලිහක් තිස්සේ මන් වින්ද වද වේදනාවක් ‘‘
‘‘ අනේ මන්දා මේ තාත්තලත් පොඩි උන් වෙන්ඩ හදනවනේ ........ෆොන් එක තියන්ඩකෝ අම්මේ ...සරත් කීයට එයිද දන්නේ නැ , මං එන්නං ‘‘
‘‘ හා පුතේ ...අනේ එන්ඩ කෙල්ලෙ ...ඈ..මට මේවා කියන්ඩ ඉන්නේ ඔයාල විතරයි ‘‘
‘‘ හා හා අම්මා ඉන්ඩකෝ ..මම ඉක්මනට එන්නං ‘‘
..........................................................................................
‘‘ මයිගෝඩ් ගේ පිස්සං කොටුව වාගේ ......අපරාදේ මේ වාස් එකත් කැඩිලා , මොකද අම්මා උනේ ...අනේ මන්ද ............කොල්ලො ..කෙල්ලො වාගේ මොකද අම්මා මේ ඔයාල රිලැක්ස් එකේ ඉන්න ඕන කාලේ පිස්සු කරන්නේ , අපිවත් ඔහොම නැනේ ‘‘
‘‘ අනේ රත්තරනේ මට නං බනින්ඩ එපා . මන් වගේ දුක් කන්දරාවක් මිහිපිට කිසිම ගැණියෙක් විදල නැතුව ඇති , මයේ අතේ වරදක් නැ පුතේ ........තිබ්බනං එකම වරද එයා කරන කරන හැම දේටම එදා ඉදන් කරබාගන හිටිය එක විතරයි ‘‘
‘‘ නැ අම්මා මම ඔයාට වරදක් කියනව නෙමෙයි , මං අහන්නේ නිදහසේ සතුටෙන් ජීවත් වෙන්නෙ ඕන කාලේ ඇයි ඔයාල මෙහෙම හැසිරෙන්නේ කියල , මොන ප්‍රශ්නයක්ද , මොන කරදරයක්ද ‘‘
‘‘ දෙයියො තමා දන්නෙ පුතේ , මේ මනුස්සයට එන්ඩ එන්ඩම මාව රුස්සන්නේ නැතුව යනව , මං මොන වරදක් කලාටද , උදේම පත්තර ගොඩ බදාගන ඉන්නකොට මං ලගට ගිහින් හවසට පන්සල් පැත්තේ යන්ද ඇහුවහම ඩෝං ගියා , ඊලගට උදේ කනකොට බත බෙරිවෙලා කියල නොක්කඩු කිය කිය ඉදල , අනල පැත්තකට දාල නැගිටිල හාන්සි පුටුවේ ඉදගන වරුවක් විතර බුලත් කෙල ඉස්සා මිදුල පුරා , අර බාබන්ඩේසියා පාත්තියේ ගන්ඩ දෙයක් නැ , මම ඔව්වටවත් වචනයක් කියන ගෑනියෙක්ද ...ඉහි ඉහි ..........බ්රැස් .........සිරිස්.සුස් ‘‘
‘‘ ඔය ඇදන් ඉන්න රෙද්දේ හොටු හුරන්ඩ එපා අම්මා ..........නාඩා කියන්ඩකෝ ...තාත්ත ඇයි අම්මව තල්ලු කරේ ‘‘
‘‘අනේ මං කවදාවත් ඔය මනුස්සයට වරදක් කලේ තියා හිතුවේවත් නැ පුතේ , එදා ඉදන් දෙයියන්නාන්සෙට වගේ සැලකුවේ , මගේ ලෙඩ අමාරු කමක් වත් නොකියා ඔය මනුස්සයට බෙහෙත් තම්බන්නේ , එහෙව් කරන මටනේ දෙයියනේ මෙහෙම කරන්නේ සලකන්නේ ‘‘
‘‘ හරි හරි ඉතින් මොකද උනේ කියන්ඩකෝ ‘‘
‘‘ ආරියදාස ඇවිත් බොල්ලු ටිකක් අරගන සෝදල ලිපට කරල ලිපෙන් බානකම්ම අර මිනිහට යන්ඩ නොදි නවත්තාන මහ අව්වේ හිටගන දේසපාලනේ කතා කරනව . මං ලගට ගිහිල්ලා කියුවා .............මාළු ටිකත් ලිපෙන් බෑවා , තාම යන්ඩ හම්බුන්නැ නේද ආරියදාස , මහත්තයො අපි යමු බත් ටිකක් කන්ඩ කියල ..................
මට පුප්පගෙන ඇවිත් ඉස්තෝප්පුවට වෙලා අත්දෙකත් ඉනට ගහගන ඉදල ගෙට ගොඩ වෙනකොට අල්ලපු අඩව්ව තමා මේ ‘‘
‘‘අම්මා දන්නවනේ ..එයාගේ හැටි මොකට ඔව්වට කට දාන්ඩ ගියාද පාඩුවේ හිටියනං ඉවරනේ ‘‘
‘‘ ඉතින් වැරැද්දක් යැ පුතේ මං කියුවේ . උදෙත් හරියට බඩට වැටිච්ච නැති මනුස්සය හාමතේ අව්වේ හිටගන ඉන්නව බලාන හිටිය හැකෑ‘‘
‘‘ මාළු ආරිලටත් වෙන වැඩක් නැද්ද දන්නැ බිස්නස් එකක් කරගන්නේ නැතුව තැන් තැන්වල පල් හෑලි කියවන්නේ ‘‘
‘‘ ඒ මනුස්සයගේ වැරැද්දක් ඇතැ , ඔය ළමයි පොඩි කාලේ ඉදන් හැමදාම එන මනුස්සය , මාළු විකුණල ඉවරවෙලා ඉතුරුවෙන මාළු ටික දීලා යන්ඩනේ ඔය එන්නේ , එදා ඉදන් ඒකනේ හැටිය , හැමදාම ඉතුරුවෙන තැලුන මාළු ටික අපිට දීලා ඕවිටේ ලිදෙන් නාගනනේ ඒ මනුස්සය ගෙදර යන්නේ , ඉතුරු උනොත් මේ පාරෙන් , නැත්තං පිට පාරෙම ලිදගාවට , ඒකත් ඔය තාත්තම තමයි පුරුදු කරගත්තේ ‘‘
‘‘ අම්ම මුල ඉදන් එයාගේ වැඩ වලට කරබාගන ඉදල , දැන් විරුද්ධ වෙලා මක් කරන්ඩද කලින්ම හදාගන්ඩ තිබුනේ ‘‘
‘‘ එයාගේ සතුටනේ කියල මං කරබාගන උන්නා දරුවෝ ‘‘
‘‘ වරදවා හිතන්ඩ එපා අම්මේ , මං මේ අම්මට වැරුද්දක් කියනව නෙමෙයි , තාත්ත ඔහොම වෙන්ඩ අම්මගෙත් වරදක් තියනව කියන එක දැන් අම්මට උනත් තේරෙනව ඇතිනේ , ඒක හන්දා ඉස්සරහට ඉන්න කාලෙත් ඉස්සර හිටියා වාගේ ඉන්ඩ බලන්ඩ , අම්මලට කරදර වෙන්ඩ ප්‍රශ්නයක් නැනේ . මම සරතුයි හැම දෙයක්ම කරනව , ලොකු අයියත් පුලුවන් හැටියට බලනව , නංගිල දෙන්නත් ඉඩක් ලැබිච්ච ගමන් දුහල එන එකනේ ‘‘
‘‘ අනේ මයේ වරදක් නැ රත්තරනේ ..........මට මෙව්වා මෙහෙම කතා කරන්ඩ පුලුවන් ඔය දරුවා එක්ක විතරයි , අඩු වයසෙන්ම ගෙදරට හොරෙන් මං ආවේ එයාට තියන ආදරේ හන්දා , ඒ ලෙන්ගතුකම අදටත් ඒ විදිහට මගේ හිතේ තියනව , ඔය දරුවෝ දෙන්නගේ සම්බන්දෙට අනිත් අය විරුද්ධ උනත් මම එක පයින් හිටියේ ගෑණියෙග්ගේ හිතේ පිරිමියෙක් ගැන ඇතිවෙන කැක්කුම හොදට දන්න හන්ද ,
මම එහෙම ලෙන්ගතු උනාට එයා කවදාවත් ඒකට වටිනා කමක් දුන්නේ නැ , මගේ හිතේ තියන තරම් ඇල්මක් එයාගේ කවදටත් තිබුන් නැ. මං වෙනුවෙන් එලියට බැහැල ආව ගෑනී නේද මේ අපා දුක් විදින්නේ කියල කවදාවත් හිතුවේ නැ ‘‘
‘‘ දැන් ඔව්වා ගැන දුක් උනා කියල පලක් ඇද්ද අම්මා ‘‘
‘‘ මං එහෙම ගෙදරට පිටුපාල ආව කියල අපේ අම්මල මට වෙනසක් කලේ නැ , අනිත් දෙන්නට වගේම මටත් දෙන්ඩ තියනදේවල් දුන්නා , දේසපාලනේ කරන්ඩ ගිහින් රස්සා නැති කරගන ඉවර වෙලා , ඒ සේරම දේපල සල්ලි කරල අරගන බිස්නස් කරනව කියල බාගයක් ණයට දීලා ඉවර කලා තව ටිකක් එක එකාට පෙළපාලි යන උන්ට කන්ඩ දෙන්ඩ ඉවර කලා , ඉතුරු හරියේ යාලුවන්ට බොන්ඩ දුන්නා , වෙන ගෑණියෙක් නං කරපු දේවල් වල හැටියට මෙලහට වහ දීලා .......අනේ මං මීක් කියුවේ නැ පුතේ .
මට කියල මස් තම්බගන හැමදාම බෝතල් පාටි , බීගන එලිවෙනකං රට හදන හැටි කතා කරනව . ගෙදර ගෑනි ගැන වගේ වගක් නැ , යාලුවොත් එක්ක රටවටේ ඇවින්දින්ඩ ගියා , මාව එක දවස් ආසාවට අතින් අල්ලගන පාරක එක්ක ගිහින් නැ ..... , දරුවෝ හතර දෙනෙකුත් හදාගත්ත මට ඕනවට වගේ , ...එතකොටවත් මං ගැන හිතුවද ......තමුන්ගෙ වැඩේ කරගන සරම හදාගත්ත මිසක්.
‘‘ අන්න අම්මේ ..තාත්ත එනව ..ඔය කතාව දැන් නවත්තන්ඩ ‘‘
‘‘ උදේටත් හරියට කන්ඩ බැරි උනා නේද මහත්තයෝ , බත් ටිකක් බෙදල ගෙනත් දෙන්ඩද ‘‘
බොහොම කාලෙකින් බ්ලොග් පැත්තට ගොඩ වැදුණේ. කතාව නං නියමයි. මේ තමා බහුතර අම්මලාගේ කතාව මචෝ.
ReplyDeleteඋඹ දැන් බ්ලොග් අත ඇරල බුකියේ බින්න බැහැලනේ
Deleteකඳුලින් ඉපදී කඳුලින්ම මියැදෙන..
ReplyDeleteරඟ මඩලේ මිනි පහනක් වුව මැන...
අම්මා...ජීවන උයන් තෙරේ...
තාත්තෙක් විදියට මට මං ගැනත් පොඩි ලැජ්ජාවක් උපන්නා.. ඔරිජිනල් අටම් ස්ටයිල් කතාවක් කියවන්න ලැබුනට සතුටුයි..ජය ශ්‍රී!
ඇගට දැනුනද
Deleteබොහොම අපූරුයි.. කතාව..
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteමේ වගේ ඉවසගෙන ඉන්න ගෑනු අය ලංකාවේ කොච්චර ඇද්ද? හිතට වැදෙන්න ලියල තියනවා අටම්.
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteඊවා රණවීරගේ ස්ත්‍රී වාදී කතා කලාවට කිට්ටු ගතියක් දැනෙනවා. හරිම සජීවියි.
ReplyDeleteඅම්මට සිරි සුමිත් අයියේ පාං බාගයක් දැක්කා වාගේ
Deleteඅඩෝ අටම් .....අපේ තාත්තවයි, අම්මාවයි මතක්වුනා. අපිත් මොන බයිලා කිව්වත් ඇත්ත කතාවෙදි ගෙදර ගෑණිට අතපසුවීම් වෙනවා බං. ගෙදර ගෑණි කිව්වේ, පිට ගෑණු ඉන්නවා කියලා නෙමේ.....ආදරේට.
ReplyDeleteගෑණි කියුවහම තමා අප්පා ඇගට දැනෙන්නේ , හාමිනේ පවුල වයිප් අපේ එක්කෙනා කායුවට ඒ ගැම්ම නැ
Deleteඔන්න ලංකාවේ පුරුෂයෝ!!!!
ReplyDeleteඅැයි කාන්තාවෝ
Deleteබොක්කටම වැදුනා අටමො
ReplyDeleteඉන්දරේ
ස්තුතියි හෙහ් ..හෙහ්
Deleteඅම්මාගෙ භූමිකාවට වඩා කිංකර භාර්යාවයි මෙතන මතුවෙන්නෙ, නේද අටං?
ReplyDeleteකිංකර භාර්යාවයි කියන්නේ මොකක්ද කියල තේරුම දන්නේ නැ කියනවද
Deleteකීකරු...කීකරු... ඇයි බං කෙටි කතාවක්නෙ.
Deleteවිකාරයි වගේ
ReplyDeleteඅම්මප වනිත ඇංටි වත් හිටිය නං මොකක් හරි ගොං කතාවක් කිය කිය
පොඩි කිික් එකක් තියෙන්න තිබ්බ
කතාව නං හොදයි ඒත් මට දිරෙව්වෙ නෑ
කොහෙද හලෝ ගියේ පහුගිය ටිකේ?
Deleteඇත්තටම කෝල බං වනිතක්කා
Deleteඑල ද බ්‍රා අයියන්ඩි...බිරිදක් මෙහෙම වෙන එක වාසනාවන්..
ReplyDeleteවැදුනා බෝක්කට
අවාසනාව දැනුනේ නැද්ද
Deleteසුපිරියි. ඕක තමයි ඇත්ත බොහෝ තැන්වල.
ReplyDeleteකලබලේට ලියුවට වැඩේ හරි වගේ
Deleteඅටන් පුටේ,
ReplyDeleteසින්ගර් මහන මසිමකට,කකුලෙන් පාගන්නේ නැතිව කරන්ටේකෙන් වැඩ කරන මෝටර් එකක් හයි කරගන්ට ඕනි. එව්වා එකක් ගන්ට තැනක් දන්නවද පුටේ කඩවත,කිරිබට්ගොඩ අවටින්?
කිරිබත්ගොඩ මාකොලපාරේ නේෂන්ට්‍රස්ට් බිල්ඩිමේ තියන නිවිවෙල්කම් ස්ටෝස් එකට යන්න එතන තියනවා මෝටර්
Deleteකවුරුත් දන්නා කටුක ඇත්ත ..නියමයි අටම්
ReplyDeleteයසෝදරා වේවා...
ඔබ යසෝදරා වේවා...//
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...
අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා
කම්පා වන කලැ උරතල මත හිස සතපවනා
මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා
ලෙව් තලැ ඔබ පමණකි මා දුටු දෙව් අඟනා....
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: වික්ටර් රත්නායක
ස්තුතියි ඇවිදින රෙකොඩ්බාර්
Deleteහැමදාමත් වගේ හදවතට දැනුනු කතාවක් ... හුඟක් වෙලාවට කාන්තාවට අත්වෙන්නේ ඔය ඉරනම ..
ReplyDeleteඅත්කරගන්නවා කියුවොත්..................
Deleteඉවරයි......ආයෙත් සරමක් නං අඳින්නේ නැහැ ජීවිතේටම....
ReplyDeleteඇත්තටම සරං අදිනවද
Deleteගෑනුත් ඉතිං ඕනෙවට වඩා ඉවසන්ඩ ගියාම මිනිස්සු කරේ යනවා නේන්නං.අනික ගෑනුත් තමුන්ට ඕනේ දේ මිනිහට කියන්නැතුව ඌට දිව්‍යඥානේ පහල වෙලා ඒවා තේරුම් ගනී කියලා බලං ඉන්නවා නෙව.
ReplyDeleteමේ කියන විදිහට කියලත් තියනවනේ ඉතින්
Deleteනියමයි කතාව.
ReplyDeleteඔන්න මං ඉන්නව ඇ
Deleteඉවසන එකත් ගානට කරන්න ඕනේ...!!
ReplyDeleteඋඹද බං මේ කියන්නේ
Deleteලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.. බහුතරයක් මිනිසුන්ගේ සහ බහුතරයක් ගැහැණුන්ගේ කතාව මේ..
ReplyDeleteකෙටිකතාවකට ගොනු කරල ලියල තියෙන විදියනම් නියමයි. මේ අටං ඉට්ටැයිල් එකෙන් කියවන්න හුඟක් උන් බලන් ඉන්නවා.. ලියමු ලියමු ලියමු.
කෝ බං වෙලාවක්
Deleteමාතෘකාව දැක්කාම හිතට ආපු අදහස නොවෙයි කතාව කියවලා ඉවරවෙන කොට එන්නේ දුකක්.
ReplyDeleteනමුත් ඔය සරමේ කතාව ඔයවගේ අම්මා කෙනෙක් ලේසියෙන් කියාවිද?
ඔහොම වෙනකොට නොකියා ඉදීද
Deleteඋඹේ ටොපික් එක මට නිකං යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ...
ReplyDeleteතේරුම අනුව ගැළපීමක් තියෙනවද කියල දැනීමක් නැත.
අම්ම කෙනෙකුට වඩා ඇයව කීකරු බාරියක් ඉදිහට දකින්න මම කැමතියි.
ඒ වගේම කකා ත් කිව්වා වගේම සරමේ සීන් එක මෙතනට ගැළපෙන්නේ නැහැ...
ලිවීමේ හැකියාව උපරිමයි.
ජය...!
එහෙනං ඒකට මොනවහරි කරමු
Deleteකොහොම උනත් මෙහෙම හදපන්."තමන්නෙ වැඩේ අහවරවෙලා සරම හොයාගෙන ඇඳගත්ත මිසක"
ReplyDeleteසරමෙ පිහිදාගත්ත මිසක...
Deleteඔය දෙකම හරියන්නේ නැ වෙන මොනවහරි කරමු
Deleteඅන්තිම වාක්‍ය.... :O අනේ ඒ වචන ටික නම් බොක්කටම වැදුනා... නියමයි..
ReplyDeleteස්තුතියි
Deleteමේක කියන්න අමතක උනා. කතාවෙ තේමාවට, හරයට ගැලපෙනම පිංතූරයක් හොයල දාල තියෙනවා. ඒකනම් ආශ්චර්‍යක් වගේ. මේ පිංතූරෙම ඇති කතාව නොකියවාම තේරුම් ගන්න.
ReplyDeleteස්ත්‍රිය ගහක එතුනු වැලක් වැනිය?
Deleteහොදවෙලාවට මතක් උනේ
Deleteඕක උඹ උඹේ දැක්මෙන් ලිව්වට. රසික කියනවා වගේ ඔහොම දෙයක් කියන්නවත් මොළයක් නෑ මේ වගේ ගෑණු අයට. මොකද මම දන්න පවුල් කීපයකුත් තියෙනවා ඔය වගේ. කවදාවත් මේ කතාව නම් අහලා නෑ. අනික ඉතින් ඔහොම ගොඩක් අයට අතින් ඇදපු ගමන් ඔක්කෝම අමතක වෙනවා. බලන්නේ නැද්ද දෙරණෙ යන සන්නස්ගලගේ අම්මා.
ReplyDeleteටීවි බලන්නේ නැ බං
Deleteකතාව නම් සහතික ඇත්ත.
ReplyDelete\
මේ වගේ ය ඕන තරම් ඇති මේ සමාජේ. එත් ඒ හඬ එලියට එන්නේ නැහැ.
---
කතාව නම් බොහොම පංකාදුයි..
ස්තුතියි
Deleteයමක් උනහම මනුස්සයට බැන අඬ ගැහුවත්, අවසානයේදී මනුස්සයාගේ සුවච කීකරු ගැහැණිය ලෙස පෙනුනත්, මට පෙනෙන්නේ වෙනත් දෙයක්.
ReplyDeleteමොනතරම් අඩුපාඩු ඇතුව විවාහයට එළඹියත් , තමුන්ගේ සහකරු සුමට ලෙස නම්මා ගැනීම ( හදා ගැනීම නෙවෙයි.. ඒක සැර වැඩක්) කලාවක්. එය ස්ත්‍රියකට පිහිටිය යුතුම ගතියක්. එය නොමැති තැන විවාහය මේ වගේ දුඛාන්තයක් වෙනවා. සියලු දේට 'හා' කියන ගැහැණුන් වගේම කිසිවකට 'නොනැමෙන' ගැහැණුන්ද එක ලෙස භයානකයි!
නියම කතාව බන්!
ReplyDeleteඅම්මලා පවු බං
ReplyDelete