2014-12-04

යුග දිවී රස



‘‘හෙල්ලෝඕ‘‘

‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘

‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා කලබලෙන් ‘‘

‘‘අනේ මට බැ රත්තරනේ ඉහි..ඉහි මේ මිනිහ එක්ක ..මාව මරාගන කන්ඩ හදනව ‘‘

‘‘ඇයි අම්මා මොකද අඩන්නේ ..මොකද උනේ කෝ තාත්ත ‘‘

‘‘ අනේ මෙතන මට රන්ඩු කරල බඩු මුට්ටුත් එහෙට මෙහෙට විසික් කරල මාව තල්ලු කරල දාල එලියට බැහැල කොහෙද ගියා පුතේ ..........මගේ කොන්දත් අමාරුයි , මට නං මේ දුක තවත් විදින්ඩ බැ පුතේ . අවුරුදු හතලිහක් තිස්සේ මන් වින්ද වද වේදනාවක් ‘‘

‘‘ අනේ මන්දා මේ තාත්තලත් පොඩි උන් වෙන්ඩ හදනවනේ ........ෆොන් එක තියන්ඩකෝ අම්මේ ...සරත් කීයට එයිද දන්නේ නැ , මං එන්නං ‘‘

‘‘ හා පුතේ ...අනේ එන්ඩ කෙල්ලෙ ...ඈ..මට මේවා කියන්ඩ ඉන්නේ ඔයාල විතරයි ‘‘

‘‘ හා හා අම්මා ඉන්ඩකෝ ..මම ඉක්මනට එන්නං ‘‘

..........................................................................................


‘‘ මයිගෝඩ් ගේ පිස්සං කොටුව වාගේ ......අපරාදේ මේ වාස් එකත් කැඩිලා , මොකද අම්මා උනේ ...අනේ මන්ද ............කොල්ලො ..කෙල්ලො වාගේ මොකද අම්මා මේ ඔයාල රිලැක්ස් එකේ ඉන්න ඕන කාලේ පිස්සු කරන්නේ , අපිවත් ඔහොම නැනේ ‘‘

‘‘ අනේ රත්තරනේ මට නං බනින්ඩ එපා . මන් වගේ දුක් කන්දරාවක් මිහිපිට කිසිම ගැණියෙක් විදල නැතුව ඇති , මයේ අතේ වරදක් නැ පුතේ ........තිබ්බනං එකම වරද එයා කරන කරන හැම දේටම එදා ඉදන් කරබාගන හිටිය එක විතරයි ‘‘

‘‘ නැ අම්මා මම ඔයාට වරදක් කියනව නෙමෙයි , මං අහන්නේ නිදහසේ සතුටෙන් ජීවත් වෙන්නෙ ඕන කාලේ ඇයි ඔයාල මෙහෙම හැසිරෙන්නේ කියල , මොන ප්‍රශ්නයක්ද , මොන කරදරයක්ද ‘‘

‘‘ දෙයියො තමා දන්නෙ පුතේ , මේ මනුස්සයට එන්ඩ එන්ඩම මාව රුස්සන්නේ නැතුව යනව , මං මොන වරදක් කලාටද , උදේම පත්තර ගොඩ බදාගන ඉන්නකොට මං ලගට ගිහින් හවසට පන්සල් පැත්තේ යන්ද ඇහුවහම ඩෝං ගියා , ඊලගට උදේ කනකොට බත බෙරිවෙලා කියල නොක්කඩු කිය කිය ඉදල , අනල පැත්තකට දාල නැගිටිල හාන්සි පුටුවේ ඉදගන වරුවක් විතර බුලත් කෙල ඉස්සා මිදුල පුරා , අර බාබන්ඩේසියා පාත්තියේ ගන්ඩ දෙයක් නැ , මම ඔව්වටවත් වචනයක් කියන ගෑනියෙක්ද ...ඉහි ඉහි ..........බ්රැස් .........සිරිස්.සුස් ‘‘


‘‘ ඔය ඇදන් ඉන්න රෙද්දේ හොටු හුරන්ඩ එපා අම්මා ..........නාඩා කියන්ඩකෝ ...තාත්ත ඇයි අම්මව තල්ලු කරේ ‘‘

‘‘අනේ මං කවදාවත් ඔය මනුස්සයට වරදක් කලේ තියා හිතුවේවත් නැ පුතේ , එදා ඉදන් දෙයියන්නාන්සෙට වගේ සැලකුවේ , මගේ ලෙඩ අමාරු කමක් වත් නොකියා ඔය මනුස්සයට බෙහෙත් තම්බන්නේ , එහෙව් කරන මටනේ දෙයියනේ මෙහෙම කරන්නේ සලකන්නේ ‘‘

‘‘ හරි හරි ඉතින් මොකද උනේ කියන්ඩකෝ ‘‘

‘‘ ආරියදාස ඇවිත් බොල්ලු ටිකක් අරගන සෝදල  ලිපට කරල ලිපෙන් බානකම්ම අර මිනිහට යන්ඩ නොදි නවත්තාන මහ අව්වේ හිටගන දේසපාලනේ කතා කරනව . මං ලගට ගිහිල්ලා කියුවා .............මාළු ටිකත් ලිපෙන් බෑවා ,   තාම යන්ඩ හම්බුන්නැ නේද ආරියදාස  , මහත්තයො අපි යමු බත් ටිකක් කන්ඩ කියල ..................

මට පුප්පගෙන ඇවිත් ඉස්තෝප්පුවට වෙලා අත්දෙකත් ඉනට ගහගන ඉදල ගෙට ගොඩ වෙනකොට අල්ලපු අඩව්ව තමා මේ ‘‘

‘‘අම්මා දන්නවනේ ..එයාගේ හැටි මොකට ඔව්වට කට දාන්ඩ ගියාද පාඩුවේ හිටියනං ඉවරනේ ‘‘

‘‘ ඉතින් වැරැද්දක් යැ පුතේ මං කියුවේ . උදෙත් හරියට බඩට වැටිච්ච නැති මනුස්සය හාමතේ අව්වේ හිටගන ඉන්නව බලාන හිටිය හැකෑ‘‘

‘‘ මාළු ආරිලටත් වෙන වැඩක් නැද්ද දන්නැ බිස්නස් එකක් කරගන්නේ නැතුව තැන් තැන්වල පල් හෑලි කියවන්නේ ‘‘

‘‘ ඒ මනුස්සයගේ වැරැද්දක් ඇතැ , ඔය ළමයි පොඩි කාලේ ඉදන් හැමදාම එන මනුස්සය , මාළු විකුණල ඉවරවෙලා ඉතුරුවෙන මාළු ටික දීලා යන්ඩනේ ඔය එන්නේ , එදා ඉදන් ඒකනේ හැටිය , හැමදාම ඉතුරුවෙන තැලුන මාළු ටික අපිට දීලා  ඕවිටේ ලිදෙන් නාගනනේ ඒ මනුස්සය ගෙදර යන්නේ , ඉතුරු උනොත් මේ පාරෙන් , නැත්තං පිට පාරෙම ලිදගාවට , ඒකත් ඔය තාත්තම තමයි පුරුදු කරගත්තේ ‘‘

‘‘ අම්ම මුල ඉදන් එයාගේ වැඩ වලට කරබාගන ඉදල , දැන් විරුද්ධ වෙලා මක් කරන්ඩද කලින්ම හදාගන්ඩ තිබුනේ ‘‘

‘‘ එයාගේ සතුටනේ කියල මං කරබාගන උන්නා දරුවෝ ‘‘

‘‘ වරදවා හිතන්ඩ එපා අම්මේ , මං මේ අම්මට වැරුද්දක් කියනව නෙමෙයි , තාත්ත ඔහොම වෙන්ඩ අම්මගෙත් වරදක් තියනව කියන එක දැන් අම්මට උනත් තේරෙනව ඇතිනේ , ඒක හන්දා ඉස්සරහට ඉන්න කාලෙත් ඉස්සර හිටියා වාගේ ඉන්ඩ බලන්ඩ , අම්මලට කරදර වෙන්ඩ ප්‍රශ්නයක් නැනේ . මම සරතුයි හැම දෙයක්ම කරනව , ලොකු අයියත් පුලුවන් හැටියට බලනව , නංගිල දෙන්නත් ඉඩක් ලැබිච්ච ගමන් දුහල එන එකනේ ‘‘

‘‘ අනේ මයේ වරදක් නැ රත්තරනේ ..........මට මෙව්වා මෙහෙම කතා කරන්ඩ පුලුවන් ඔය දරුවා එක්ක විතරයි , අඩු වයසෙන්ම ගෙදරට හොරෙන් මං ආවේ එයාට තියන ආදරේ හන්දා , ඒ ලෙන්ගතුකම අදටත් ඒ විදිහට මගේ හිතේ තියනව , ඔය දරුවෝ දෙන්නගේ සම්බන්දෙට අනිත් අය විරුද්ධ උනත් මම එක පයින් හිටියේ ගෑණියෙග්ගේ හිතේ පිරිමියෙක් ගැන ඇතිවෙන කැක්කුම හොදට දන්න හන්ද ,

මම එහෙම ලෙන්ගතු උනාට එයා කවදාවත් ඒකට වටිනා කමක් දුන්නේ නැ , මගේ හිතේ තියන තරම් ඇල්මක් එයාගේ කවදටත් තිබුන් නැ.  මං වෙනුවෙන් එලියට බැහැල ආව ගෑනී නේද මේ අපා දුක් විදින්නේ කියල කවදාවත් හිතුවේ නැ ‘‘

‘‘ දැන් ඔව්වා ගැන දුක් උනා කියල පලක් ඇද්ද අම්මා ‘‘

‘‘ මං එහෙම ගෙදරට පිටුපාල ආව කියල අපේ අම්මල මට වෙනසක් කලේ නැ , අනිත් දෙන්නට වගේම මටත් දෙන්ඩ තියනදේවල් දුන්නා , දේසපාලනේ කරන්ඩ ගිහින් රස්සා නැති කරගන ඉවර වෙලා ,  ඒ සේරම දේපල සල්ලි කරල අරගන බිස්නස් කරනව කියල බාගයක් ණයට දීලා ඉවර කලා තව ටිකක් එක එකාට පෙළපාලි යන උන්ට කන්ඩ දෙන්ඩ ඉවර කලා , ඉතුරු හරියේ යාලුවන්ට බොන්ඩ දුන්නා , වෙන ගෑණියෙක් නං කරපු දේවල් වල හැටියට මෙලහට වහ දීලා .......අනේ මං මීක් කියුවේ නැ පුතේ .

මට කියල මස් තම්බගන හැමදාම බෝතල් පාටි , බීගන එලිවෙනකං රට හදන හැටි කතා කරනව . ගෙදර ගෑනි ගැන වගේ වගක් නැ , යාලුවොත් එක්ක රටවටේ ඇවින්දින්ඩ ගියා , මාව එක දවස් ආසාවට අතින් අල්ලගන පාරක එක්ක ගිහින් නැ ..... , දරුවෝ හතර දෙනෙකුත් හදාගත්ත මට ඕනවට වගේ , ...එතකොටවත් මං ගැන හිතුවද ......තමුන්ගෙ වැඩේ කරගන සරම හදාගත්ත මිසක්.

‘‘ අන්න අම්මේ ..තාත්ත එනව ..ඔය කතාව දැන් නවත්තන්ඩ ‘‘

‘‘ උදේටත් හරියට කන්ඩ බැරි උනා නේද මහත්තයෝ , බත් ටිකක් බෙදල ගෙනත් දෙන්ඩද ‘‘

61 comments:

  1. බොහොම කාලෙකින් බ්ලොග් පැත්තට ගොඩ වැදුණේ. කතාව නං නියමයි. මේ තමා බහුතර අම්මලාගේ කතාව මචෝ.

    ReplyDelete
    Replies
    1. උඹ දැන් බ්ලොග් අත ඇරල බුකියේ බින්න බැහැලනේ

      Delete
  2. කඳුලින් ඉපදී කඳුලින්ම මියැදෙන..
    රඟ මඩලේ මිනි පහනක් වුව මැන...

    අම්මා...ජීවන උයන් තෙරේ...

    තාත්තෙක් විදියට මට මං ගැනත් පොඩි ලැජ්ජාවක් උපන්නා.. ඔරිජිනල් අටම් ස්ටයිල් කතාවක් කියවන්න ලැබුනට සතුටුයි..ජය ශ්‍රී!

    ReplyDelete
  3. බොහොම අපූරුයි.. කතාව..

    ReplyDelete
  4. මේ වගේ ඉවසගෙන ඉන්න ගෑනු අය ලංකාවේ කොච්චර ඇද්ද? හිතට වැදෙන්න ලියල තියනවා අටම්.

    ReplyDelete
  5. ඊවා රණවීරගේ ස්ත්‍රී වාදී කතා කලාවට කිට්ටු ගතියක් දැනෙනවා. හරිම සජීවියි.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි සුමිත් අයියේ පාං බාගයක් දැක්කා වාගේ

      Delete
  6. අඩෝ අටම් .....අපේ තාත්තවයි, අම්මාවයි මතක්වුනා. අපිත් මොන බයිලා කිව්වත් ඇත්ත කතාවෙදි ගෙදර ගෑණිට අතපසුවීම් වෙනවා බං. ගෙදර ගෑණි කිව්වේ, පිට ගෑණු ඉන්නවා කියලා නෙමේ.....ආදරේට.

    ReplyDelete
    Replies
    1. ගෑණි කියුවහම තමා අප්පා ඇගට දැනෙන්නේ , හාමිනේ පවුල වයිප් අපේ එක්කෙනා කායුවට ඒ ගැම්ම නැ

      Delete
  7. ඔන්න ලංකාවේ පුරුෂයෝ!!!!

    ReplyDelete
  8. බොක්කටම වැදුනා අටමො 
    ඉන්දරේ

    ReplyDelete
  9. අම්මාගෙ භූමිකාවට වඩා කිංකර භාර්යාවයි මෙතන මතුවෙන්නෙ, නේද අටං?

    ReplyDelete
    Replies
    1. කිංකර භාර්යාවයි කියන්නේ මොකක්ද කියල තේරුම දන්නේ නැ කියනවද

      Delete
    2. කීකරු...කීකරු... ඇයි බං කෙටි කතාවක්නෙ.

      Delete
  10. විකාරයි වගේ
    අම්මප වනිත ඇංටි වත් හිටිය නං මොකක් හරි ගොං කතාවක් කිය කිය
    පොඩි කිික් එකක් තියෙන්න තිබ්බ
    කතාව නං හොදයි ඒත් මට දිරෙව්වෙ නෑ

    ReplyDelete
    Replies
    1. කොහෙද හලෝ ගියේ පහුගිය ටිකේ?

      Delete
    2. ඇත්තටම කෝල බං වනිතක්කා

      Delete
  11. එල ද බ්‍රා අයියන්ඩි...බිරිදක් මෙහෙම වෙන එක වාසනාවන්..
    වැදුනා බෝක්කට

    ReplyDelete
    Replies
    1. අවාසනාව දැනුනේ නැද්ද

      Delete
  12. සුපිරියි. ඕක තමයි ඇත්ත බොහෝ තැන්වල.

    ReplyDelete
    Replies
    1. කලබලේට ලියුවට වැඩේ හරි වගේ

      Delete
  13. අටන් පුටේ,

    සින්ගර් මහන මසිමකට,කකුලෙන් පාගන්නේ නැතිව කරන්ටේකෙන් වැඩ කරන මෝටර් එකක් හයි කරගන්ට ඕනි. එව්වා එකක් ගන්ට තැනක් දන්නවද පුටේ කඩවත,කිරිබට්ගොඩ අවටින්?

    ReplyDelete
    Replies
    1. කිරිබත්ගොඩ මාකොලපාරේ නේෂන්ට්‍රස්ට් බිල්ඩිමේ තියන නිවිවෙල්කම් ස්ටෝස් එකට යන්න එතන තියනවා මෝටර්

      Delete
  14. කවුරුත් දන්නා කටුක ඇත්ත ..නියමයි අටම්

    යසෝදරා වේවා... 
    ඔබ යසෝදරා වේවා...//

    එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
    දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
    ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
    රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...

    අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා
    කම්පා වන කලැ උරතල මත හිස සතපවනා
    මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා
    ලෙව් තලැ ඔබ පමණකි මා දුටු දෙව් අඟනා....

    ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය: සෝමපාල රත්නායක
    ගායනය: වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිදින රෙකොඩ්බාර්

      Delete
  15. හැමදාමත් වගේ හදවතට දැනුනු කතාවක් ... හුඟක් වෙලාවට කාන්තාවට අත්වෙන්නේ ඔය ඉරනම ..

    ReplyDelete
    Replies
    1. අත්කරගන්නවා කියුවොත්..................

      Delete
  16. ඉවරයි......ආයෙත් සරමක් නං අඳින්නේ නැහැ ජීවිතේටම....

    ReplyDelete
  17. ගෑනුත් ඉතිං ඕනෙවට වඩා ඉවසන්ඩ ගියාම මිනිස්සු කරේ යනවා නේන්නං.අනික ගෑනුත් තමුන්ට ඕනේ දේ මිනිහට කියන්නැතුව ඌට දිව්‍යඥානේ පහල වෙලා ඒවා තේරුම් ගනී කියලා බලං ඉන්නවා නෙව.

    ReplyDelete
    Replies
    1. මේ කියන විදිහට කියලත් තියනවනේ ඉතින්

      Delete
  18. ඉවසන එකත් ගානට කරන්න ඕනේ...!!

    ReplyDelete
  19. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.. බහුතරයක් මිනිසුන්ගේ සහ බහුතරයක් ගැහැණුන්ගේ කතාව මේ..

    කෙටිකතාවකට ගොනු කරල ලියල තියෙන විදියනම් නියමයි. මේ අටං ඉට්ටැයිල් එකෙන් කියවන්න හුඟක් උන් බලන් ඉන්නවා.. ලියමු ලියමු ලියමු.

    ReplyDelete
  20. මාතෘකාව දැක්කාම හිතට ආපු අදහස නොවෙයි කතාව කියවලා ඉවරවෙන කොට එන්නේ දුකක්.

    නමුත් ඔය සරමේ කතාව ඔයවගේ අම්මා කෙනෙක් ලේසියෙන් කියාවිද?

    ReplyDelete
    Replies
    1. ඔහොම වෙනකොට නොකියා ඉදීද

      Delete
  21. උඹේ ටොපික් එක මට නිකං යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ...
    තේරුම අනුව ගැළපීමක් තියෙනවද කියල දැනීමක් නැත.

    අම්ම කෙනෙකුට වඩා ඇයව කීකරු බාරියක් ඉදිහට දකින්න මම කැමතියි.
    ඒ වගේම කකා ත් කිව්වා වගේම සරමේ සීන් එක මෙතනට ගැළපෙන්නේ නැහැ...
    ලිවීමේ හැකියාව උපරිමයි.
    ජය...!

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒකට මොනවහරි කරමු

      Delete
  22. කොහොම උනත් මෙහෙම හදපන්."තමන්නෙ වැඩේ අහවරවෙලා සරම හොයාගෙන ඇඳගත්ත මිසක"

    ReplyDelete
    Replies
    1. සරමෙ පිහිදාගත්ත මිසක...

      Delete
    2. ඔය දෙකම හරියන්නේ නැ වෙන මොනවහරි කරමු

      Delete
  23. අන්තිම වාක්‍ය.... :O අනේ ඒ වචන ටික නම් බොක්කටම වැදුනා... නියමයි..

    ReplyDelete
  24. මේක කියන්න අමතක උනා. කතාවෙ තේමාවට, හරයට ගැලපෙනම පිංතූරයක් හොයල දාල තියෙනවා. ඒකනම් ආශ්චර්‍යක් වගේ. මේ පිංතූරෙම ඇති කතාව නොකියවාම තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රිය ගහක එතුනු වැලක් වැනිය?

      Delete
    2. හොදවෙලාවට මතක් උනේ

      Delete
  25. ඕක උඹ උඹේ දැක්මෙන් ලිව්වට. රසික කියනවා වගේ ඔහොම දෙයක් කියන්නවත් මොළයක් නෑ මේ වගේ ගෑණු අයට. මොකද මම දන්න පවුල් කීපයකුත් තියෙනවා ඔය වගේ. කවදාවත් මේ කතාව නම් අහලා නෑ. අනික ඉතින් ඔහොම ගොඩක් අයට අතින් ඇදපු ගමන් ඔක්කෝම අමතක වෙනවා. බලන්නේ නැද්ද දෙරණෙ යන සන්නස්ගලගේ අම්මා.

    ReplyDelete
  26. කතාව නම් සහතික ඇත්ත.
    \
    මේ වගේ ය ඕන තරම් ඇති මේ සමාජේ. එත් ඒ හඬ එලියට එන්නේ නැහැ.

    ---

    කතාව නම් බොහොම පංකාදුයි..

    ReplyDelete
  27. යමක් උනහම මනුස්සයට බැන අඬ ගැහුවත්, අවසානයේදී මනුස්සයාගේ සුවච කීකරු ගැහැණිය ලෙස පෙනුනත්, මට පෙනෙන්නේ වෙනත් දෙයක්.

    මොනතරම් අඩුපාඩු ඇතුව විවාහයට එළඹියත් , තමුන්ගේ සහකරු සුමට ලෙස නම්මා ගැනීම ( හදා ගැනීම නෙවෙයි.. ඒක සැර වැඩක්) කලාවක්. එය ස්ත්‍රියකට පිහිටිය යුතුම ගතියක්. එය නොමැති තැන විවාහය මේ වගේ දුඛාන්තයක් වෙනවා. සියලු දේට 'හා' කියන ගැහැණුන් වගේම කිසිවකට 'නොනැමෙන' ගැහැණුන්ද එක ලෙස භයානකයි!

    ReplyDelete
  28. නියම කතාව බන්!

    ReplyDelete
  29. අම්මලා පවු බං

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අටමට පුරස්න දෙකක් , (1) ගූ ගල් කරන සිතියං අක්කට  අපිට පාරවල් කියලා දුන්න හැක්ද , (2) නොපෙනෙන කෙනෙක් ලග ඉන්නවා කියලා කවදහරි දැනිලා තියනවද.
    (1) අද මං ජීවිතේ පලවෙනි වතාවට google map පාවිච්චිකරලා  ගමනක් ගියා , ගෙදරින් පිටවෙනකොට යන්ඩ ඒන තැන දුන්නහම මට යන්ඩ ඕන තැනට යන්ඩ , පාරවල්…
  • How to identify high quality needles
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • How to write a Sinhala blog  ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය
    හත්වෙනි කොටස මෙතැනින්දැං බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි…
  • දුකට සැපට  පද්මකාන්ත
    සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා…
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
  • මගේ හෝබෝ කතා: දං පඳුරට ආ රැහැයියා
    මගේ හෝබෝ කතා: දං පඳුරට ආ රැහැයියා: හොබෝටික්කා ගෙදර ඈයින්ට එහෙම්පිටින්ම හෙන ඩිසපොයින්ට්මන්ට් එකකි. අපේ වර්ගයේ හුඟක් එවුන් මෙන් හොබෝටික්කාට ද මුලින්ම…
  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  • අක්ක ඇන්ටිලා
    දැන් කාලේ සමහරක් ගෙවල්වල රස්සාවක් නොකරන නෝනලාට වෑන්වල පටවලා දරුමල්ලෝ ඉස්කෝලේ දැක්කුවට පස්සේ , ගෙදර තියන ආටෝරාසියක් වැඩ කන්දරාව අහවර කරහම…
  • නියපොතු පාට කල හන්දයි  බේරෙන්නේ
    ඉස්සර වගේ නෑනේ බං සෙට් වෙන්නේ කතා කලත් හිමිහිට මාරුව යන්නේ බ්ලොග් කටු අටවගන කෙලියේ අපිටමනේ ඉස්සර එවුන් දැන් තොට මතකත් නැනේ මතකද උඹට ඉස්සර…
  • පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම
    දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක් ''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො'' ''මොනවා අලවන්ඩද බං'' ''ඇණයක් ගහලා පුටු…
  • ආදරණිය දෙවනි ගෑණිට
    එයා  කොච්චරවත් කියුවා තමා මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා සමහර වෙලාවට ඒක ඇත්ත තමා දැං නං එයා එහෙම කියන්නේත් නැ එයා ගැන වත් ඔයා ගැනවත් එහෙමට වද…
  •  තාත්තයි පුතයි ( වීඩියෝ  සෙන්ටර් කතා )
    මේක මට මතක් උනේ  මයිනගේ තාත්තටම වෑන්ඩෑම් ලව්කරන හැටි පෙන්වපු  කතාව කියෙව්වහම , ඉස්සර මං වැඩට ගිහින් එන ගමං යාලුවෙකුගේ  වීඩියෝ…
  • අනන්තයක්  වෙනකං
    වෙන ළමයි සැර කෙරුවහම දුහලා මාරු වෙනවා කොහේ හරි හැංගෙනවා එක්කෝ තරහ වෙනවා නැත්තං අඩනවා ඒකටත් එක්ක උඹ කපටි හිනාවක් දානවා තාත්තේ මේ දන්නවද චුට්ටක්…
  • සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
     , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
  • මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල
    මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන…
  • How to adjust the timing on singer zigzag machines
  • මෙන්න  බලන්න  මේ  siruba 747 overlock  එකට වෙලා තියන දේ
    මේ  මෙෂින්  එක  සිරුබා නුල් හතරේ  ඔවර් ලොක්  මෙෂින්  එකක් , මේ   මෙෂින්  එක…
  • මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද
    ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘ ‘‘ඔව් ඇයි ..මොකද ‘‘ ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු…
  • වැඩට යන සැමියෝ ... ඔයා ආවද පැටියෝ
    ඔන්න කොළඹින් ටිකක් දුර ගමක ඉන්නවලු ජෝඩුවක් , ඒ දෙන්නා විතරයි , ළමයි බමයි නෑ , ඔය පිරිමි මනුස්සයා නිතර යන්ඩ එන්ඩ තියන කරදරය හන්දයි ..  අතට…
1,645,266

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>