මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ
මයිසුර් පරිප්පු
කඩල පරිප්පු
සුදු කව්පි
උළුදු
ඔක්කොම ටික දැම්මා ඊයේ රැ පෙගෙන්ඩ ,
අද උදේ නැගිටල
රම්පේ
කරපිංචා
ළුණු
කෑලි මිරිස්
අමු මිරිස්
ලුණු
එහෙම දාල හොදට අඹරල කොටල ගත්තා , ටිකක් විතර කෑලී හිටින්ඩ
කරපිංචා
ළුණු
කෑලි මිරිස්
අමු මිරිස්
ලුණු
එහෙම දාල හොදට අඹරල කොටල ගත්තා , ටිකක් විතර කෑලී හිටින්ඩ
වඩයක හැඩේ හිටින විදිහට ගුලි ගහල තෙලට දාල බැද ගත්තා
මෙන්න තියනව බැදපුවා
යහමින් ටිකක් කන්ඩ කියල හිතන් හිටියේ , කොහෙද කෙල්ලො දෙන්න හතරක් පහක් ඉතුරු වෙන්ඩ ඔක්කොම ටික මල්ලක දාගන ආතටයි ආච්චි අම්මටයි දෙන්ඩ කියල අරගන ගියා.
හදලා බලන්න ඇට වර්ග කලවමට දාල අමුතු රසක් තියෙන්නේ , උඹ්බලකඩ ඉස්සෝ එහෙම දැම්ම නං තවත් රහට එයි.
එක එක ඇට වර්ගය බැදෙන උෂ්ණත්ව වෙනස්.ඒ නිසා වඩේ එකට තෙල් ගොඩක් අල්ලල තියෙනව.නත්තලට මමත් හදන්න ඕනෑ.හැබැයි මම උළුඳු දාන්නෙ නෑ.
ReplyDeleteඇතුලට පොඩ්ඩක්වත් ඇල්ලුවේ නැ අයියේ , නියමෙට තියනව , ඔය තාච්චියෙන් අරගන බාපු ගමන් හන්දයි එහෙම පේන්නේ
ReplyDeleteඋඹ හදල තියෙන වඩේ ටිකනම් රස පාටයි. ඒත් මම වඩේ කන්න වැඩි මනාපයක් නැහැ බං...
ReplyDeleteඇයි බං ලොක්කො හදිසියට අඩියක් ගහන්නෙ කොහොමද ?
Deleteහදිස්සියට බයිට් මොකටද කැඩුවා කටේ හලාගත්තා
Deleteකම්මලේ, මම වෙන වෙන ජාති කෑවත් බයිට් එකට වඩේ කන්න බැහැ බං...
Deleteවඩේ එකක් වැරදිලා හරි කෑවොත් කන්නේ පෙඟීච්ච වඩයක් තමයි.
බොන්න ගියාම නැති බැරි වෙලාවට සුදුළුෑනු බිකක්, හාමිනේට හොරෙන් උම්බලකඩ කෑල්ලක්, බිස්කට් එකක් හරි කෑවත් වඩේනම් බැහැ
තරහ වෙන්න විතරක් එපා මචෝ...
සෙට් වෙන වෙලාවක බයිට් නැතුව හරි බොන්නම් වඩේ බැහැ.
ඈ.. පට්ට වැඩේ (වඩේ).. කොහොමත් අපි ඉතින් එක එක රසේට කැමතිනේ.. එක එක එව්ව වෙන වෙනම කන්ඩ හම්බුනත් තාම මෙහෙම එක සැරේ කන්ඩ හම්බුනේ නෑ. ලඟදිම එහෙම කන්ඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. (දැක්කම කටට කෙල උනනවනේ. එක නිස වැඩිය මොකුත් කියන්න බෑ..)
ReplyDeleteචැහ් … ගල් ඩිංගකුත් තිබුනනං !!!
ReplyDeleteයකෝ වඩේත් හදල ,ගලුත් ගේන්නද කියන්නෙ.
Deleteඇයි බන් "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න "කියන්නේ .....
Deleteඅටමෝ මම 2000 වගේ කාලේ රාගම රණවිරු සෙවන පාරේ වඩේ විකුණුවා ..හැක් හැක්
ආ කියන්න බැරි උනා සිංහයාගේ කවි මඩුවෙත් මම තමයි වඩේ බිස්නස් එක කරේ ...
Deleteඅනේ යකෝ ............ඒ පාරේ වඩේ වික්කේ දේවිකා අක්කයි , ඒකිගේ හොර මිනිහයි , හෙහ් හෙහ් .ඒ බුවා උඹනං වෙන්ඩ බැ
Deleteනැ බන් ඒ පාරේ මුලින්ම කොට්ටම්බා ගහ ළඟ තිබුණු කරත්තේ ....
Deleteදේශප්‍රේමියකු වශයෙන් මා වඩේ හා තෝසේ කන්නේ නැත. ඌරූ මස් නම් කමි.
ReplyDeleteඌරූ මස් ගැන ඔබගේ ඇති ලබැදියාව මම හොදින් අදුනමි
Deleteපුනක්කු ටිකක් කාපන් ..එතකොට මාරම දේශප්‍රේමී වෙවී :v :v
Deleteෂහ්... බයිට් එකට මරු.
ReplyDeleteගෙදර ඉන්න දවසක් හදලා බලන්න ඕනේ අටං වඩේ.. :D
ReplyDeleteමේකෙ කඩල පරිප්පු කුඩු වෙන්නෙ නැති වෙන්නද ගන්නෙ. නිවාඩු දවස් ටිකේ හදල බලන්න ඕනෙ.
ReplyDeleteබාගයක් හොදටම කුඩු කරන්න , අනිත් බාගේ බාගෙට කුඩු කරන්න
Deleteඕකට සූදුරු දාන්නේ නැද්ද මචං ?
ReplyDeleteහම් සමහරක් අය දානවා නේද
Deleteයන්තම් ඇති ඒ පාර පොඩ්ඩක් පළල් කරලා! පුදුමයි! වඩේ බැදෙන්න ඉඩ මදි හින්ද වෙන්නැති :D
ReplyDeleteමේ මට ටිකක් කියනවද ඔයාලගේ තිරයේ මගේ බ්ලොග් එක පේන්නේ කොහොමද කියල , සම්පුර්න පිටුවම පේනවද නැත්තං දෙපැත්ත බලන්න වමට දකුනට තල්ලු කරන්න වෙනවද
Deleteඅා............ අටමාගෙත් ''වඩේ බදිනවා" නේද???
ReplyDeleteඅදනං හිතේ හැටියට ඕන තැනක වද්දතහැකි බල්ටි ගගහ කෙල්ලො දෙන්න අම්මලගේ ගෙදර ගියානේ
Deleteඋලුදු වඩේ, පරිප්පු වඩේ.. කවලම් වඩේ.. ඕනි එකක් වඩේනම්.. ෂහ්, මගේ කට ඇවිස්සෙනවා වඩේ කන්න.
ReplyDeleteමට මතකයි ඒ කාලේ නුගේගොඩ බස් හෝල්ට් එක ලග අන්කල් කෙනෙක් පරිප්පු වඩේ විකුනනවා. උම්බලකඩ එහෙම පෙන්නලාවත් නෑ. එත් හරිම රසයි. පස්සේ මට තේරුණ විදියට නම් එයා ගාපු පොල් කලවම් කරන වගේ වඩේවලට.
ReplyDeleteමේ මට ටිකක් කියනවද ඔයාලගේ තිරයේ මගේ බ්ලොග් එක පේන්නේ කොහොමද කියල , සම්පුර්න පිටුවම පේනවද නැත්තං දෙපැත්ත බලන්න වමට දකුනට තල්ලු කරන්න වෙනවද
ReplyDeleteදෙපැත්ත බලන්න වමට දකුනට තල්ලු කරන්න වෙනව
Deleteවයිඩ් ස්ක්‍රීන් එකේවත් සම්පූර්ණ පිටුව පෙන්නන්නෙ නෑ. අඟලක් විතර අදින්න ඕන.
Deleteඅනේ මචං අඹල දේවාල දෙකක් අම්මප
Deleteමට කියහල්ලා රත්තරනේ
උඹලගේ මොනිටරේ දිග පළලයි
වින්ඩෝස් ස්ර්‍කීන් ලෙසියුලේෂන් එකයි
ඊලගට තව පැය බාගෙකින් මට කුනුහාරපෙන් බැන බැන බලලා කියහල්ලා
එතකොටත් වමට දකුණට තල්ලු කරන්ඩ ඕනද කියල
මට ඕන හැම මොනිටරයකම ( lcd, සහ led ) ( crt නොසලකා හරිමි ......මං පාවිච්චි කලාට ) වමට දකුණට තල්ලු නොකර මුලු පිටුවම බලන්න පුලුවන් විදිහට , බ්ලොග් එකේ පළල හදාගන්න , මට උදව් කරහල්ලා
තව එකක් ඔය මොනිටරයේ වම් පැත්තේ තියන බ්ලොග් ලිස්ට් එකට එකතු කරන්න ඕන කැටගරි තව තියනවනං කියහල්ලා
අටමා පව්නේ බං උදව් කරහල්ලා
අප්පා බඩගින්න වැඩි වුණා මේක දැක්කම.. ෂහ්..
Deleteමේකෙත් දකුණට අදින්න වෙනව අටම් අයියෙ සම්පූර්ණ පිටුව බලන්න.. 19' , 1366x768
blogger එකෙන් fluid width templates දෙනව නම් මේ කිසි අවුලක් නෑ..
අටම් අයියා..
Deleteදකුණු පැත්තේ තියෙන ගැජට් බැජට් pane එකේ width එක වැඩියි.
ඒ හින්ද අපිට දකුණු පැත්තේ තියෙන දේවල් බලන්න ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරන්න වෙනවා.
අනේ දැන් බලල කියහං මලේ , දන්න විදිහට හැදුවා
Deleteඔය තියෙන්නේ යසටම.
Deleteරයිට් අටම් අයියා..
දැන් ගොඩ...
ආ..දැන් හරි දැන් හරි. දැන්වත් ඕකට වද නොදී එක විදියක තියාගනින් අටම් අයියා..
Deleteදැන්නං හරි වගේ.
Deleteවඩේ වලට කොච්චි නැතුව වැඩක් නෑ බොල.
ReplyDeleteමේ නොකියා කියන්නේ මෛත්රීපාලගේ පක්ෂ එකතුව හොඳයි කියලනේ
ReplyDeleteඅන්න උඹට තේරුනා , නැතුව වෙන මොකක්ද , පොගවල බැදල , තව අඩු වැඩිය එකතු කරල ගන්න ඕන , ලිපට දාන්න ඕන මහින්දයි සහෝදර සමාගමයි , රට පෙරට , සුභ අනාගතයක්.
Delete//මේ මට ටිකක් කියනවද ඔයාලගේ තිරයේ මගේ බ්ලොග් එක පේන්නේ කොහොමද කියල , සම්පුර්න පිටුවම පේනවද නැත්තං දෙපැත්ත බලන්න වමට දකුනට තල්ලු කරන්න වෙනවද// අන්තිමට කියපු එක. ඒ මදිවට දැන් රිප්ලයි කරන්නත් බෑ. වඩේම බැදි බැදි තියෙයි වගේ.
ReplyDeleteඋඹ ඉස්සර ඉදන් ඔහොම්මයි , අහන එකට උත්තර දියන්කෝ
Deleteදකුණු පස කොලමයේ පළල අඩු කරනු මැනවි
Deleteඔන්න කරා අනේ බලල කියහං දැන් ගොඩද කියල
Deleteපුළුල් තිර වලට නම් ගොඩම තමා.
Deleteහැරි හැරි ගොඩ ගොඩ (උන්නු හැටියට මලා මදෑ)
Deleteඋදු දැම්මාම ක්‍රිස්පී ගතිය අඩුවෙනවා නේ. ඒ වෙනුවට කඩල දාන්න.
ReplyDeleteමයික්‍රෝවෙවු අවන් එකක් තියෙනවා නම් බදින්න කලින් විනාඩි 3-4 තියලා අරගෙන බැදලා බලන්න. තෙල් උරා ගැනීම අඩුයි. ඉක්මනාට බැදෙනවා. ලිහී යන්නෙත් නැහැ.
හම් කඩල වැඩේ මරු තමා . කව්පි උනත් රස ගුන උනාට වැඩේ අල කරන ගත්යක් නැතුව නෙමෙයි
Deleteඅනේ අම්මේ..
ReplyDeleteමේක දැක්කම හීනියට හරි අනුමත කරගන්න තමයි හිත.
මොනා කරන්නද...තාම ඉන්ටනෙට් එකෙන් බොන්න පුළුවන් තාක්ෂණයක් නැහැනේ.
අනේ බං , උඹ ස්කයිප් පාටි දාල නැද්ද , ඒක පට්ට ආතල් බං , ඔන්න මං එකක් දාගන්නව උඹත් දාගනින් කියල , අවුරුදු ගානකින් දැකපු නැති එකෙක් හරි , කවදාවත් දැකල නැති එකෙක් එක්ක හරි බොන එකේ පට්ට ගතියක් තියනව , වෙනදට කරන වියදමට වඩා යන්නේ දෙසිය අනුනමයයි , ගෙදර අයත් සතුටෙන් ( ඇයි ඉතින් තාත්ත , මනුස්සය එලියට ගියා කියල හිතේ කරදරයකුත් නැ ) , දරුපවුල් එක්කත් කතා කරල , සතුටෙන් කැමරාව ඉස්සරහ තම්බගත්ත දෙයක් බඩට දාගන්ඩත් පුලුවන් . මං දැකල තියනව අපිට වඩා රටෙන් පිට ඉන්න උන්ට මේක පට්ට ආතල්
Deleteඋලුඳු දැම්මම මෙලෙක් වෙන්නැද්ද? අනික ඇටවර්ගවල ප්‍රමාණයන් කියලා නෑ නේද?
ReplyDeleteහිටුකො මාත් දානවා සම්බෝල හදන හැටි.
Deleteඕකට සැමන් දැම්මනම් හරි . සැමන් කිව්වේ මේ සැමන් එකේ තියෙන මාළු ටික නෙවේ . ටින් එක දාලා හොඳට අඹරලා ගත්තනම් යකඩ ඌනතාවය තියෙන අයට මරු . හිහ් හිහ් හිහ් හිහ්
ReplyDeleteමෙන්න දැන් මීඉ බ්ලොග් එක ප්‍රිය ජනක, සරළ සහ පහසු පෙණුමට තීනව. මේක වෙනස් කරන්න එපා, ඒ වෙනුවට අළුත් ලිපි දාල හැඩ කරහන්.
ReplyDelete"වඩේ පහක්" වෙලාද ?
ReplyDeleteමේ මහා පාන්දර ජාමේ වඩේ දැක්කම ඇතිවෙන දුක..හිටුකෝ මාත් හදනවා..:D
ReplyDeleteඅම්මේ දැක්කමත් ආසාවේ බෑ. ප්ලේන්ටියකුත් තිබ්බනම් උනු උනු සැර වඩේ එක්ක කියල නිම කරන්න බෑ.
ReplyDeleteඅටම්ගේ අදහසට ස්තූතියි හදන්න ඕනේ මමත්