ඔන්න පහුනු දවසක අදේ වරුවක අපේ අහල පහල ගෙදරක අංකල් කෙනෙක් විකියලගේ තාත්තයි , තව එයාලගේ ගජටෙකුයි එක්ක ඇවිත් කියුවා මයිත්තිරිපාල මහත්තයලට සහයෝගේ දීලා කොරන රුස්වීමක් එයැයිලගේ ගෙදර අද තියනවය ඒකට එන්ඩය කියල , මමත් ඉතින් කියනකොට ඔලුව වනල
‘‘හා අංකල් ‘‘
කියුවට යනවද නොයනවද කියල තීරනය කොරල තිබුන්නැ , මොකද ඔය රටකෑම ගැන මගේ එහෙව් පවුරු පාසානමක් නැති හන්දා , ඒ උනාට මොකද අද කවදාවත් නොවෙන වැඩක් උනානේ අප්පා , පෝය දවසත් වෙලා කනක් ඇහිල හිටියා පන්සලේ ලවුස් පීකරේ සද්දයක් තිබුන්නැ , රැස්වීම හින්දා ගස්බැදල නැතුවද නැත්තං රැස්වීමට ගස් බදින්ඩ දීලද මන්දා ,
පස්සේ ඉතින් මං හවස් අතේ සද්දේ ඇහෙනකොට ඒ පැත්තට ඔලුව දැම්මා , විකියවත් ඇතිනේ ඔය පැත්තේ කියල , ම්හු ඌත් පේන්ඩ නැ , හැබැයි උන්ගෙ තාත්තනං හිටියා , ඔය පස්සෙන් රස්සා ඇරගනත් උන්වත් එතනට නොබහින එකනං කැතයි , සමහරක් යු ඇන් පී කාරයෝ ඔය කොස් ඇට බෑවිල්ලට කැමති නැ කවුරු මොනව කියුවත්.
ඇයි දෙයියනේ කොහෙදෝ යන පිට මිනිහෙක් ගෙට පැනල ගෑණි නිදාගන ඉන්න ඇදේ බුදිය ගත්තා වාගෙනේ.
පස්සේ ඉතින් ගෙදර එන්ඩ හැරෙන කොට ඔන්න ගමේ ඇමතිතුමත් ආවා , ඒ සද්දේ අහගන එනකොට තමා අපේ විකියා ඔය කන බොන තැනක මොනවහරි ගේන්ඩ කියල පිටත් කොරන්ඩ හදනකොට දාන සිංහ වාක්කිය මතක් උනේ.
‘‘ අනේ මේ තොපිට ඕන්නං ඕන එකෙක් කඩේ පලයව් ....අඩෝ මං අහවල් ඇමති තුමාවත් කඩේ ඇරිය කොල්ලෙක් ‘‘
අනේ ඉතින් අපි කරබාගන ඉන්නව , චන්ඩියනේ ඉතින් , සුවර් එකට ඇමතිතුමාට ( ඒ කාලේ ) ඒකට රස්සාව දෙනකොටත් ඒ සිද්ධිය මතක් වෙලා තමයි අනිත් රස්සාව ඌගේ යාලුවට දීලා ඔය රස්සාව ඕකට දෙන්ඩ ඇත්තේ , නැත්තං ඉතින් අම්මේ අපිට බලාගන්ඩ තිබ්බා මු කරන කෙලි , දැන්නං ටිකක් අපි කනක් ඇහිල කරදරයක් නැතුව පාඩුවේ ඉන්නව , පොරට කෑල්ලක් සෙට් වෙලා හන්දා , හැබැයි ඉතින් බැන්දට පස්සේ බලාගන්ඩ බැරියැ කොල්ලගේ සෙල්ලං , ඔය නහර වැඩි අයියලා බලු කුක්කෝ , ගෙම්බෝ වාගේ වෙනව බැන්දට පස්සේ , ඒ ගෑල්ලමය හෙන වසපාටයි , ( හොද වැඩේ ඹ්කට වෙන්ඩ ඕන ඔහොම්ම තමයි )
අනිත් කාරනාව තමයි ඔය ලැබෙන හැම දෙයක්ම බෙදාහදාගන කනවයි කියල සපත කරල ගිවිසුම් ගහපු යාලුවට අන්තිමට මොකද කියන්නේ කියල , අනිකත් ඉතින් දැං ඔය නැවේම හන්දා සද්දයක් නැ , අපි ඇහුවහම දෙන්නම කියන්නේ .
‘‘ කතා බහක් නැ බං ඒ ගැන කියුවහම මග ඇරල යනව ‘‘
මොකක් කියුවා ...ඉරිසියාව...............අනේ ආයිබොවන්ඩ ..වචනයක් කියුවනං ඒ විදිහට තියෙන්ඩ ඕන ..මොකද එක පකඩ කෑල්ල බෙදාගන කාපු යාලුවොනේ , අපිනං එහෙමයි ...අම්මා දෙනව කියුවත් තාත්ත ගස් බැදල හරි දෙනව.
ඒ උදාහරනේ සැර වැඩිද මන්දා , ඒ උනාට මම නං දන්නව අපේ තාත්ත අද උනත් කැමතියි අම්මව කාට හරි දීලා දාන්ඩ තියනවනං , ආයේ ඉතින් මොකටද රෙන පුකට රේන්ද , ඇත්ත කතන්දරේ ඒකනේ.
ඔන්න ඉතින් ඉස්සර විකියා පෙර පාසැල්වත් නොයන කාලේ දවසක් උදේ දහයට එකොලහට තාත්ත තේ ජුංඩක් බොමුද ඇහුවහම අම්මා කියුවලු සීනි ඉවරවෙලා අරගන එන්ඩ කියල , තාත්තත් ඇදුමක් දාගන පාරට බහිනකොටම ඔන්න ගමේ ඇමති තුමා දොරකඩටම වාහනේ දාල කොහෙද යන්ඩ කතා කරාලු.
( නැ ..නැ බං දැං වාගේ නෙමෙයි ඒ කාලේ ඔය පරිවාර රථ කතන්දර නැ , රනින්ග් සෝට පිටින් ආසනේ බහින්නේ ඇමති ගොල්ල )
යකෝ ගෙදර ගෑණි වගේද ඇමතියා , පොර වාහනේට නැගල හවස් වෙනකං වටයක් ගහල කෑම කෙසේවෙතත් හොදට බීල එහෙම ඇමතියම එලවං ආපු වාහනෙන් ගෙදෙට්ට බැස්ස විතරයි විකියලගෙ අම්ම ගත්තලු පොල්මල අතට , අප්පට දැන් තොයිලේ සැරටම යනවලු , මොනව උනත් මං විකියලගෙ තාත්තට කැමති වෙන මොකවත් නෙමෙයි , පොරත් මං වගේ , ජාතිය අමතන්ඩ ගියහම ආයේ ඉතින් කැට නැ , ඇරල දානව ගමටම ඇහෙන්ඩ.
තොයිලේ නැගලම යන හන්දා , විකියා බැස්සලු එලියට ,බැහැල පාර අයිනේ හිට ගත්තලු , එහෙම නැතුව දුම්මල ගහන්ඩද , පාන්පැල පෙරලන්ඩද, කපුවගේ මුනට කලින් මතුරපු වතුර ගහන්ඩද .
ඔන්න ඉතින් එක්කං එන්ඩ ගිය අනිකවත් එක්කගන ආයෙත් ලොක්කව පටවං යන්ඩ එනවලු ඇමටියා.
‘‘ පුතා තාත්තට කතා කරන්ඩ ‘‘
‘‘ ඒ මොකෝ ‘‘
‘‘ තොය ඇයෙනවනේ තද්දේ ‘‘
‘‘ එලා ...එලා තෙමෙයි , එයා තලල , තාත්ත තීනී දේන්ද නන තොත ඔයා එත්ත දිහින් ‘‘
අනේ ඉතින් මොකවත් නොකිය ඉස්සරට පැද්ද ඇමටිය ඉස්සරහ තිබ්බ කඩෙන් සිලි සිලි මල්ලක් පුරවල සීනි ඇරගන හරවං ඇවිත් විකියා අතට දුන්නලු
‘‘ මේක අම්මට දීලා තාත්තට කියන්ඩ මං ඇවිත් ඉන්නව කියල ‘‘
සීනී ඇමති අර දාලා ගියපු බල්ලා හපලා වගේ කතාවක්..
ReplyDelete;d
Delete:d
Deleteඒ කතාව මං දන්නේ නැනේ කියහංකෝ
ReplyDeleteඅටන්පහුර
ReplyDeleteඅටන්පහුර
අපේ පහුර
කක්කා පහුර.
ආසයි නේ
ReplyDeleteවිකියමද මන්දා
ඇමටිය සීනි උරෙංම කෑවෙ නැද්ද?
ReplyDeleteඇමතියවත් කඩේ ඇරපු විකියව උඹල කඩේ යවන්න හදන එකනම් වැරදියි තමයි.
ReplyDeleteඔය තරමට තටම තටම කතා කරපු විකියට ඔය සිද්ධිය මතක තිබ්බෙ කොහොමෙයි...
පැනි ඇමති ගැනත් මොනා හරි ලියන්න ඉතිං...
ReplyDelete//හැබැයි ඉතින් බැන්දට පස්සේ බලාගන්ඩ බැරියැ කොල්ලගේ සෙල්ලං , ඔය නහර වැඩි අයියලා බලු කුක්කෝ , ගෙම්බෝ වාගේ වෙනව බැන්දට පස්සේ , //
ReplyDeleteඔය කෑල්ල කපලා දාහං.. අපිටත් විලිලැජ්ජාව කියල දෙයක් තියනවා .හැක් :D :D
චැහැ...ඔහමත් අපිව නෝන්ඩි කරනවද? කපලා දාපිය ඒ කෑල්ල
Deleteඅපි වගේ පාඩුවේ හිටියනං ඉවරයිනේ....!! ඔය නිසා තමා මම බදින්නේ නැත්තේ.. ඕ යේස්..!!!
Deleteඔකට කියන්නෙ බය නෙමෙයි ගව් රවේ
Deleteහිහි
ReplyDeleteමෙන්න මරු ඉට්ටෝරියක්...
හිහි හිනා කෝටියයි...
මං හලි ආතයි මේ වගේ ඉත්තෝලි වලත...
හිහි
අන්න එහෙම තමයි පොරවල්. හැදෙන ගහ දෙපෙත්තෙං දැනෙනවා කියන්නෙ ඕකට නෙව.
ReplyDeleteඒ කාලෙ ඇමතිලා එහෙම හරි හොඳයි බං.
ReplyDeleteදැනුත් ඇමතිලා එහම තමයි.
ReplyDeleteමේකාලෙ නං සීනි නෙවෙයි බං රීල පුකහෝදපං කිව්වත් කරයි.
ReplyDeleteදැන්නම් සීනි වලටත් ඇමති කෙනෙක් ඉන්නවනේ. අපරාදේ ඒ දවස්වල සීනි ඇමතිකම තිබුනානම් අටම්ලගෙ ඇමතිතුමාට සීනි ඇමති වෙන්න තිබුණ. මොනව උනත් හාමිනේ පෝස්ට් එක කියවපු දවසට අටම්ට සීනි නෙමේ පස් කන්න වෙන්නෙ.
ReplyDeleteහිටහන් මම උබලගේ ගෙදරටම ඇවිත් උබේ වයිෆ්ට මේ පොස්ට් එක පෙන්නනවා.
ReplyDelete:p :p :p :p :p :p :p :p
අපේ ලොක්ක (තාත්තත්) දවසක් පොල් ගේන්නම් කියල ඔහොම ගිහින් දවස් තුනකින් ආවේ.. හැක් හැක්.. හැබැයි මන්තිරිය නම් පොලයක් තියා කුරුම්බාවක්වත් අරන් ආවේ නෑ ආපහු උන්දැව බලන්න..
ReplyDeleteඋන් තමයි අටමො නියම ජනතා නියෝජිතයො. අඩු ගානෙ තමන්ගෙ ආධාරකාරයගෙ ප්‍රශ්ණ දිහාවත් සාධාරණව බලනව.
ReplyDeleteපොඩ්ඩක් ඉඳපන් වනිතා අක්කට කියලා ඉල්ලලා දෙන්න. බර අදින්න .... ඉඳපන්.
ReplyDeleteසීනි රත්වෙනකොට පැණි වෙනවා වාගේ සිනී අැමති රත්වෙනකොට පැණිෙයා් වෙනවා.
ReplyDeleteසීනි රත්වෙනකොට පැණී වෙනවා වාගේ, හදුන්පත රත්වෙනකොට අැමතියෝ පැණියෝ නොවේද?
ReplyDelete