2014-12-23

අටං ඉස්ටයිල් කලවං වඩේ


මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ

මයිසුර් පරිප්පු
කඩල පරිප්පු
සුදු කව්පි
උළුදු

ඔක්කොම ටික දැම්මා ඊයේ රැ පෙගෙන්ඩ ,

අද උදේ නැගිටල



 රම්පේ
කරපිංචා
ළුණු
කෑලි මිරිස්
අමු මිරිස්
ලුණු


එහෙම දාල හොදට අඹරල කොටල ගත්තා , ටිකක් විතර කෑලී හිටින්ඩ
වඩයක හැඩේ හිටින විදිහට ගුලි ගහල තෙලට දාල බැද ගත්තා


මෙන්න තියනව බැදපුවා

 යහමින් ටිකක් කන්ඩ කියල හිතන් හිටියේ , කොහෙද කෙල්ලො දෙන්න හතරක් පහක් ඉතුරු වෙන්ඩ ඔක්කොම ටික මල්ලක දාගන ආතටයි ආච්චි අම්මටයි දෙන්ඩ කියල අරගන ගියා.

හදලා බලන්න ඇට වර්ග කලවමට දාල අමුතු රසක් තියෙන්නේ , උඹ්බලකඩ ඉස්සෝ එහෙම දැම්ම නං තවත් රහට එයි.


58 comments:

  1. එක එක ඇට වර්ගය බැදෙන උෂ්ණත්ව වෙනස්.ඒ නිසා වඩේ එකට තෙල් ගොඩක් අල්ලල තියෙනව.නත්තලට මමත් හදන්න ඕනෑ.හැබැයි මම උළුඳු දාන්නෙ නෑ.

    ReplyDelete
  2. ඇතුලට පොඩ්ඩක්වත් ඇල්ලුවේ නැ අයියේ , නියමෙට තියනව , ඔය තාච්චියෙන් අරගන බාපු ගමන් හන්දයි එහෙම පේන්නේ

    ReplyDelete
  3. උඹ හදල තියෙන වඩේ ටිකනම් රස පාටයි. ඒත් මම වඩේ කන්න වැඩි මනාපයක් නැහැ බං...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ලොක්කො හදිසියට අඩියක් ගහන්නෙ කොහොමද ?

      Delete
    2. හදිස්සියට බයිට් මොකටද කැඩුවා කටේ හලාගත්තා

      Delete
    3. කම්මලේ, මම වෙන වෙන ජාති කෑවත් බයිට් එකට වඩේ කන්න බැහැ බං...
      වඩේ එකක් වැරදිලා හරි කෑවොත් කන්නේ පෙඟීච්ච වඩයක් තමයි.

      බොන්න ගියාම නැති බැරි වෙලාවට සුදුළුෑනු බිකක්, හාමිනේට හොරෙන් උම්බලකඩ කෑල්ලක්, බිස්කට් එකක් හරි කෑවත් වඩේනම් බැහැ
      තරහ වෙන්න විතරක් එපා මචෝ...
      සෙට් වෙන වෙලාවක බයිට් නැතුව හරි බොන්නම් වඩේ බැහැ.

      Delete
  4. ඈ.. පට්ට වැඩේ (වඩේ).. කොහොමත් අපි ඉතින් එක එක රසේට කැමතිනේ.. එක එක එව්ව වෙන වෙනම කන්ඩ හම්බුනත් තාම මෙහෙම එක සැරේ කන්ඩ හම්බුනේ නෑ. ලඟදිම එහෙම කන්ඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. (දැක්කම කටට කෙල උනනවනේ. එක නිස වැඩිය මොකුත් කියන්න බෑ..)

    ReplyDelete
  5. චැහ් … ගල් ඩිංගකුත් තිබුනනං !!!

    ReplyDelete
    Replies
    1. යකෝ වඩේත් හදල ,ගලුත් ගේන්නද කියන්නෙ.

      Delete
    2. ඇයි බන් "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න "කියන්නේ .....
      අටමෝ මම 2000 වගේ කාලේ රාගම රණවිරු සෙවන පාරේ වඩේ විකුණුවා ..හැක් හැක්

      Delete
    3. ආ කියන්න බැරි උනා සිංහයාගේ කවි මඩුවෙත් මම තමයි වඩේ බිස්නස් එක කරේ ...

      Delete
    4. අනේ යකෝ ............ඒ පාරේ වඩේ වික්කේ දේවිකා අක්කයි , ඒකිගේ හොර මිනිහයි , හෙහ් හෙහ් .ඒ බුවා උඹනං වෙන්ඩ බැ

      Delete
    5. නැ බන් ඒ පාරේ මුලින්ම කොට්ටම්බා ගහ ළඟ තිබුණු කරත්තේ ....

      Delete
  6. දේශප්‍රේමියකු වශයෙන් මා වඩේ හා තෝසේ කන්නේ නැත. ඌරූ මස් නම් කමි.

    ReplyDelete
    Replies
    1. ඌරූ මස් ගැන ඔබගේ ඇති ලබැදියාව මම හොදින් අදුනමි

      Delete
    2. පුනක්කු ටිකක් කාපන් ..එතකොට මාරම දේශප්‍රේමී වෙවී :v :v

      Delete
  7. ෂහ්... බයිට් එකට මරු.

    ReplyDelete
  8. ගෙදර ඉන්න දවසක් හදලා බලන්න ඕනේ අටං වඩේ.. :D

    ReplyDelete
  9. මේකෙ කඩල පරිප්පු කුඩු වෙන්නෙ නැති වෙන්නද ගන්නෙ. නිවාඩු දවස් ටිකේ හදල බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බාගයක් හොදටම කුඩු කරන්න , අනිත් බාගේ බාගෙට කුඩු කරන්න

      Delete
  10. ඕකට සූදුරු දාන්නේ නැද්ද මචං ?

    ReplyDelete
    Replies
    1. හම් සමහරක් අය දානවා නේද

      Delete
  11. යන්තම් ඇති ඒ පාර පොඩ්ඩක් පළල් කරලා! පුදුමයි! වඩේ බැදෙන්න ඉඩ මදි හින්ද වෙන්නැති :D

    ReplyDelete
    Replies
    1. මේ මට ටිකක් කියනවද ඔයාලගේ තිරයේ මගේ බ්ලොග් එක පේන්නේ කොහොමද කියල , සම්පුර්න පිටුවම පේනවද නැත්තං දෙපැත්ත බලන්න වමට දකුනට තල්ලු කරන්න වෙනවද

      Delete
  12. අා............ අටමාගෙත් ''වඩේ බදිනවා" නේද???

    ReplyDelete
    Replies
    1. අදනං හිතේ හැටියට ඕන තැනක වද්දතහැකි බල්ටි ගගහ කෙල්ලො දෙන්න අම්මලගේ ගෙදර ගියානේ

      Delete
  13. උලුදු වඩේ, පරිප්පු වඩේ.. කවලම් වඩේ.. ඕනි එකක් වඩේනම්.. ෂහ්, මගේ කට ඇවිස්සෙනවා වඩේ කන්න.

    ReplyDelete
  14. මට මතකයි ඒ කාලේ නුගේගොඩ බස් හෝල්ට් එක ලග අන්කල් කෙනෙක් පරිප්පු වඩේ විකුනනවා. උම්බලකඩ එහෙම පෙන්නලාවත් නෑ. එත් හරිම රසයි. පස්සේ මට තේරුණ විදියට නම් එයා ගාපු පොල් කලවම් කරන වගේ වඩේවලට.

    ReplyDelete
  15. මේ මට ටිකක් කියනවද ඔයාලගේ තිරයේ මගේ බ්ලොග් එක පේන්නේ කොහොමද කියල , සම්පුර්න පිටුවම පේනවද නැත්තං දෙපැත්ත බලන්න වමට දකුනට තල්ලු කරන්න වෙනවද

    ReplyDelete
    Replies
    1. දෙපැත්ත බලන්න වමට දකුනට තල්ලු කරන්න වෙනව

      Delete
    2. වයිඩ් ස්ක්‍රීන් එකේවත් සම්පූර්ණ පිටුව පෙන්නන්නෙ නෑ. අඟලක් විතර අදින්න ඕන.

      Delete
    3. අනේ මචං අඹල දේවාල දෙකක් අම්මප

      මට කියහල්ලා රත්තරනේ

      උඹලගේ මොනිටරේ දිග පළලයි
      වින්ඩෝස් ස්ර්‍කීන් ලෙසියුලේෂන් එකයි

      ඊලගට තව පැය බාගෙකින් මට කුනුහාරපෙන් බැන බැන බලලා කියහල්ලා

      එතකොටත් වමට දකුණට තල්ලු කරන්ඩ ඕනද කියල

      මට ඕන හැම මොනිටරයකම ( lcd, සහ led ) ( crt නොසලකා හරිමි ......මං පාවිච්චි කලාට ) වමට දකුණට තල්ලු නොකර මුලු පිටුවම බලන්න පුලුවන් විදිහට , බ්ලොග් එකේ පළල හදාගන්න , මට උදව් කරහල්ලා

      තව එකක් ඔය මොනිටරයේ වම් පැත්තේ තියන බ්ලොග් ලිස්ට් එකට එකතු කරන්න ඕන කැටගරි තව තියනවනං කියහල්ලා

      අටමා පව්නේ බං උදව් කරහල්ලා

      Delete
    4. අප්පා බඩගින්න වැඩි වුණා මේක දැක්කම.. ෂහ්..
      මේකෙත් දකුණට අදින්න වෙනව අටම් අයියෙ සම්පූර්ණ පිටුව බලන්න.. 19' , 1366x768
      blogger එකෙන් fluid width templates දෙනව නම් මේ කිසි අවුලක් නෑ..

      Delete
    5. අටම් අයියා..

      දකුණු පැත්තේ තියෙන ගැජට් බැජට් pane එකේ width එක වැඩියි.
      ඒ හින්ද අපිට දකුණු පැත්තේ තියෙන දේවල් බලන්න ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරන්න වෙනවා.

      Delete
    6. අනේ දැන් බලල කියහං මලේ , දන්න විදිහට හැදුවා

      Delete
    7. ඔය තියෙන්නේ යසටම.

      රයිට් අටම් අයියා..

      දැන් ගොඩ...

      Delete
    8. ආ..දැන් හරි දැන් හරි. දැන්වත් ඕකට වද නොදී එක විදියක තියාගනින් අටම් අයියා..

      Delete
    9. දැන්නං හරි වගේ.

      Delete
  16. වඩේ වලට කොච්චි නැතුව වැඩක් නෑ බොල.

    ReplyDelete
  17. මේ නොකියා කියන්නේ මෛත්රීපාලගේ පක්ෂ එකතුව හොඳයි කියලනේ

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුනා , නැතුව වෙන මොකක්ද , පොගවල බැදල , තව අඩු වැඩිය එකතු කරල ගන්න ඕන , ලිපට දාන්න ඕන මහින්දයි සහෝදර සමාගමයි , රට පෙරට , සුභ අනාගතයක්.

      Delete
  18. //මේ මට ටිකක් කියනවද ඔයාලගේ තිරයේ මගේ බ්ලොග් එක පේන්නේ කොහොමද කියල , සම්පුර්න පිටුවම පේනවද නැත්තං දෙපැත්ත බලන්න වමට දකුනට තල්ලු කරන්න වෙනවද// අන්තිමට කියපු එක. ඒ මදිවට දැන් රිප්ලයි කරන්නත් බෑ. වඩේම බැදි බැදි තියෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. උඹ ඉස්සර ඉදන් ඔහොම්මයි , අහන එකට උත්තර දියන්කෝ

      Delete
    2. දකුණු පස කොලමයේ පළල අඩු කරනු මැනවි

      Delete
    3. ඔන්න කරා අනේ බලල කියහං දැන් ගොඩද කියල

      Delete
    4. පුළුල් තිර වලට නම් ගොඩම තමා.

      Delete
    5. හැරි හැරි ගොඩ ගොඩ (උන්නු හැටියට මලා මදෑ)

      Delete
  19. උදු දැම්මාම ක්‍රිස්පී ගතිය අඩුවෙනවා නේ. ඒ වෙනුවට කඩල දාන්න.

    මයික්‍රෝවෙවු අවන් එකක් තියෙනවා නම් බදින්න කලින් විනාඩි 3-4 තියලා අරගෙන බැදලා බලන්න. තෙල් උරා ගැනීම අඩුයි. ඉක්මනාට බැදෙනවා. ලිහී යන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. හම් කඩල වැඩේ මරු තමා . කව්පි උනත් රස ගුන උනාට වැඩේ අල කරන ගත්යක් නැතුව නෙමෙයි

      Delete
  20. අනේ අම්මේ..

    මේක දැක්කම හීනියට හරි අනුමත කරගන්න තමයි හිත.

    මොනා කරන්නද...තාම ඉන්ටනෙට් එකෙන් බොන්න පුළුවන් තාක්ෂණයක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අනේ බං , උඹ ස්කයිප් පාටි දාල නැද්ද , ඒක පට්ට ආතල් බං , ඔන්න මං එකක් දාගන්නව උඹත් දාගනින් කියල , අවුරුදු ගානකින් දැකපු නැති එකෙක් හරි , කවදාවත් දැකල නැති එකෙක් එක්ක හරි බොන එකේ පට්ට ගතියක් තියනව , වෙනදට කරන වියදමට වඩා යන්නේ දෙසිය අනුනමයයි , ගෙදර අයත් සතුටෙන් ( ඇයි ඉතින් තාත්ත , මනුස්සය එලියට ගියා කියල හිතේ කරදරයකුත් නැ ) , දරුපවුල් එක්කත් කතා කරල , සතුටෙන් කැමරාව ඉස්සරහ තම්බගත්ත දෙයක් බඩට දාගන්ඩත් පුලුවන් . මං දැකල තියනව අපිට වඩා රටෙන් පිට ඉන්න උන්ට මේක පට්ට ආතල්

      Delete
  21. උලුඳු දැම්මම මෙලෙක් වෙන්නැද්ද? අනික ඇටවර්ගවල ප්‍රමාණයන් කියලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හිටුකො මාත් දානවා සම්බෝල හදන හැටි.

      Delete
  22. ඕකට සැමන් දැම්මනම් හරි . සැමන් කිව්වේ මේ සැමන් එකේ තියෙන මාළු ටික නෙවේ . ටින් එක දාලා හොඳට අඹරලා ගත්තනම් යකඩ ඌනතාවය තියෙන අයට මරු . හිහ් හිහ් හිහ් හිහ්

    ReplyDelete
  23. මෙන්න දැන් මීඉ බ්ලොග් එක ප්‍රිය ජනක, සරළ සහ පහසු පෙණුමට තීනව. මේක වෙනස් කරන්න එපා, ඒ වෙනුවට අළුත් ලිපි දාල හැඩ කරහන්.

    ReplyDelete
  24. මේ මහා පාන්දර ජාමේ වඩේ දැක්කම ඇතිවෙන දුක..හිටුකෝ මාත් හදනවා..:D

    ReplyDelete
  25. අම්මේ දැක්කමත් ආසාවේ බෑ. ප්ලේන්ටියකුත් තිබ්බනම් උනු උනු සැර වඩේ එක්ක කියල නිම කරන්න බෑ.
    අටම්ගේ අදහසට ස්තූතියි හදන්න ඕනේ මමත්

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
    ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා …
  • ආදරණිය මිනීමරුවා
    '' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං'' මකුනන් පිරුන බංකුවට අත දික්කරපු ඔවර්සියල් මහත්තයා ඔෆිස් එක ඇතුලට ගියා ,…
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
  • දරුවො නෙමෙයි තොපි ---
    මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක් පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි…
  • Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association
     , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව. මං කැරම්  බෝඩ් …
  • එහෙම එකක් උනාද අප්පා
    ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යලය කියල ඉස්කෝලයක්  තියනවා  නැලිගම ..ඒ කියන්නේ  රාගමයි කඩවතයි අතරේ .... මං ඉස්කෝල තුනකට ගිහින් …
  • '' පටි සෙරෙප්පු ''
    ''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ…
  • Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association
     , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව. මං කැරම්  බෝඩ් …
  • ජාබා නොහොත් මගේ  චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
    මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක්  , පිස්සු යකෙක්  , ගෝත කරුමයක් ... කොටින්ම  වැක්සීන් දුන්නහම  අඩුම…
  • අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ
    ඉස්සර මම අර යෝගට් කප් හදන රස්සාව කරන කාලේ අපිත් එක්ක හිටියා සමන්ත කියලා පොරක් , කියන කියන ඕන කුණ්ඩවාලියකට ඔලුව වනලා හා කියන හන්දා…
  •  මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද
     මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද https://www.youtube.com/watch?v=VEs6D-V89mA මෙන්න ලින්ක් එක සබ්ස්ක්‍රයිබ්…
  • එග් බන් ඇන්ඩ් පුක් බන්
    මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ගැන කතන්දරයක්.  ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි…
  • How to put a Singer 974 shuttle
  • පරි ඇටයේ ... පරිවාසේ
    තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ අම්මට…
  • How to Cutting and Stiching Girls School Unifome - Part 3
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම  , The wrong needle is the wrong side
    මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.…
1,645,809

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>