2014-12-07

ගමේ ඇමති සහ සීනි


ඔන්න පහුනු දවසක අදේ වරුවක අපේ අහල පහල ගෙදරක අංකල් කෙනෙක් විකියලගේ තාත්තයි , තව එයාලගේ ගජටෙකුයි එක්ක ඇවිත් කියුවා මයිත්තිරිපාල මහත්තයලට සහයෝගේ දීලා කොරන රුස්වීමක් එයැයිලගේ ගෙදර අද තියනවය ඒකට එන්ඩය කියල , මමත් ඉතින් කියනකොට ඔලුව වනල

‘‘හා අංකල් ‘‘

කියුවට යනවද නොයනවද කියල තීරනය කොරල තිබුන්නැ , මොකද ඔය රටකෑම ගැන මගේ එහෙව් පවුරු පාසානමක් නැති හන්දා , ඒ උනාට මොකද අද කවදාවත් නොවෙන වැඩක් උනානේ අප්පා , පෝය දවසත් වෙලා කනක් ඇහිල හිටියා පන්සලේ ලවුස් පීකරේ සද්දයක් තිබුන්නැ , රැස්වීම හින්දා ගස්බැදල නැතුවද නැත්තං රැස්වීමට ගස් බදින්ඩ දීලද මන්දා ,
පස්සේ ඉතින් මං හවස් අතේ සද්දේ ඇහෙනකොට ඒ පැත්තට ඔලුව දැම්මා , විකියවත් ඇතිනේ ඔය පැත්තේ කියල , ම්හු ඌත් පේන්ඩ නැ , හැබැයි උන්ගෙ තාත්තනං හිටියා , ඔය පස්සෙන් රස්සා ඇරගනත් උන්වත් එතනට නොබහින එකනං කැතයි , සමහරක් යු ඇන් පී කාරයෝ ඔය කොස් ඇට බෑවිල්ලට කැමති නැ කවුරු මොනව කියුවත්.

ඇයි දෙයියනේ කොහෙදෝ යන පිට මිනිහෙක් ගෙට පැනල ගෑණි නිදාගන ඉන්න ඇදේ බුදිය ගත්තා වාගෙනේ.

පස්සේ ඉතින් ගෙදර එන්ඩ හැරෙන කොට ඔන්න ගමේ ඇමතිතුමත්  ආවා , ඒ සද්දේ අහගන එනකොට තමා අපේ විකියා ඔය කන බොන තැනක මොනවහරි ගේන්ඩ කියල පිටත් කොරන්ඩ හදනකොට දාන සිංහ වාක්කිය මතක් උනේ.

‘‘ අනේ මේ තොපිට ඕන්නං ඕන එකෙක් කඩේ පලයව් ....අඩෝ  මං අහවල් ඇමති තුමාවත් කඩේ ඇරිය කොල්ලෙක් ‘‘

අනේ ඉතින් අපි කරබාගන ඉන්නව , චන්ඩියනේ ඉතින් , සුවර් එකට ඇමතිතුමාට ( ඒ කාලේ ) ඒකට රස්සාව දෙනකොටත් ඒ සිද්ධිය මතක් වෙලා තමයි අනිත් රස්සාව ඌගේ යාලුවට දීලා ඔය රස්සාව ඕකට දෙන්ඩ ඇත්තේ , නැත්තං ඉතින් අම්මේ අපිට බලාගන්ඩ තිබ්බා මු කරන කෙලි , දැන්නං ටිකක් අපි කනක් ඇහිල කරදරයක් නැතුව පාඩුවේ ඉන්නව , පොරට කෑල්ලක් සෙට් වෙලා හන්දා , හැබැයි ඉතින් බැන්දට පස්සේ බලාගන්ඩ බැරියැ කොල්ලගේ සෙල්ලං , ඔය නහර වැඩි අයියලා බලු කුක්කෝ , ගෙම්බෝ වාගේ වෙනව බැන්දට පස්සේ , ඒ ගෑල්ලමය හෙන වසපාටයි , ( හොද වැඩේ ඹ්කට වෙන්ඩ ඕන ඔහොම්ම තමයි )

අනිත් කාරනාව තමයි ඔය ලැබෙන හැම දෙයක්ම බෙදාහදාගන කනවයි කියල සපත කරල ගිවිසුම් ගහපු යාලුවට අන්තිමට මොකද කියන්නේ කියල , අනිකත් ඉතින් දැං ඔය නැවේම හන්දා සද්දයක් නැ , අපි ඇහුවහම දෙන්නම කියන්නේ .

‘‘ කතා බහක් නැ බං ඒ ගැන කියුවහම මග ඇරල යනව ‘‘

ඔන්න ඕකනේ වැඩේ අනුන්ගේ වාහන පදිනකොටනං බෙදාහදාගන පදිනව , තමන්ට කියල මොරිස් මයිනර් කට්ටක් , පියට් කට්ටක් ගත්තහම අසාවට අතගාල බලන්ඩ පරානේ සම යාලුවට දෙන්නේ නැ , ඉතින් අපි වාගේ ලොරි බාගයක් ගත්තහම අහවරනේ , මොකද කවුරු එන්ඩද නගින්ඩ , හිතේ බයක් නැතුව ඕන තැනක පාක් කරල ගියහැකි , අනික ආලවට්ටං සුකුරුත්තං නැතුවට ඕන බරක් දණ ගහල අදිනව , ( අපේ ගෑණී මේක දකීද බං )

මොකක් කියුවා ...ඉරිසියාව...............අනේ ආයිබොවන්ඩ ..වචනයක් කියුවනං ඒ විදිහට තියෙන්ඩ ඕන ..මොකද එක පකඩ කෑල්ල බෙදාගන කාපු යාලුවොනේ , අපිනං එහෙමයි ...අම්මා දෙනව කියුවත් තාත්ත ගස් බැදල හරි දෙනව.

ඒ උදාහරනේ සැර වැඩිද මන්දා , ඒ උනාට මම නං දන්නව අපේ තාත්ත අද උනත් කැමතියි අම්මව කාට හරි දීලා දාන්ඩ තියනවනං , ආයේ ඉතින් මොකටද රෙන පුකට රේන්ද  , ඇත්ත කතන්දරේ ඒකනේ.

හරි හරි ඔව්වා වැඩක් නැ බහිමුකෝ සීනි කතන්දරේට

ඔන්න ඉතින් ඉස්සර විකියා පෙර පාසැල්වත් නොයන කාලේ දවසක් උදේ දහයට එකොලහට තාත්ත තේ ජුංඩක් බොමුද ඇහුවහම අම්මා කියුවලු සීනි ඉවරවෙලා අරගන එන්ඩ කියල , තාත්තත් ඇදුමක් දාගන පාරට බහිනකොටම ඔන්න ගමේ ඇමති තුමා දොරකඩටම වාහනේ දාල කොහෙද යන්ඩ කතා කරාලු.

( නැ ..නැ බං දැං වාගේ නෙමෙයි ඒ කාලේ ඔය පරිවාර රථ කතන්දර නැ , රනින්ග් සෝට පිටින් ආසනේ බහින්නේ ඇමති ගොල්ල )

යකෝ ගෙදර ගෑණි වගේද ඇමතියා , පොර වාහනේට නැගල  හවස් වෙනකං වටයක් ගහල කෑම කෙසේවෙතත් හොදට බීල එහෙම ඇමතියම එලවං ආපු වාහනෙන් ගෙදෙට්ට බැස්ස විතරයි විකියලගෙ අම්ම ගත්තලු පොල්මල අතට , අප්පට දැන් තොයිලේ සැරටම  යනවලු , මොනව උනත් මං විකියලගෙ තාත්තට කැමති වෙන මොකවත් නෙමෙයි , පොරත් මං වගේ , ජාතිය අමතන්ඩ ගියහම  ආයේ ඉතින් කැට නැ , ඇරල දානව ගමටම ඇහෙන්ඩ.

තොයිලේ නැගලම  යන හන්දා , විකියා බැස්සලු එලියට ,බැහැල පාර අයිනේ හිට ගත්තලු , එහෙම නැතුව දුම්මල ගහන්ඩද , පාන්පැල පෙරලන්ඩද, කපුවගේ මුනට කලින් මතුරපු වතුර ගහන්ඩද .

ඔන්න ඉතින් එක්කං එන්ඩ ගිය අනිකවත් එක්කගන  ආයෙත් ලොක්කව පටවං යන්ඩ එනවලු ඇමටියා.

‘‘ පුතා තාත්තට කතා කරන්ඩ ‘‘

‘‘ මතනං බෑ‘‘

‘‘ ඒ මොකෝ ‘‘

‘‘ තොය ඇයෙනවනේ තද්දේ ‘‘

‘‘ ඇයි මොකද වෙලා තියෙන්නේ ‘‘

‘‘ එලා ...එලා තෙමෙයි , එයා තලල , තාත්ත තීනී දේන්ද නන තොත ඔයා එත්ත දිහින් ‘‘

අනේ ඉතින් මොකවත් නොකිය ඉස්සරට පැද්ද ඇමටිය ඉස්සරහ තිබ්බ කඩෙන් සිලි සිලි මල්ලක් පුරවල සීනි ඇරගන හරවං ඇවිත් විකියා අතට දුන්නලු

‘‘ මේක අම්මට දීලා තාත්තට කියන්ඩ මං ඇවිත් ඉන්නව කියල ‘‘





25 comments:

  1. සීනී ඇමති අර දාලා ගියපු බල්ලා හපලා වගේ කතාවක්..

    ReplyDelete
  2. ඒ කතාව මං දන්නේ නැනේ කියහංකෝ

    ReplyDelete
  3. අටන්පහුර
    අටන්පහුර
    අපේ පහුර
    කක්කා පහුර.

    ReplyDelete
  4. ආසයි නේ

    විකියමද මන්දා

    ReplyDelete
  5. ඇමටිය සීනි උරෙංම කෑවෙ නැද්ද?

    ReplyDelete
  6. ඇමතියවත් කඩේ ඇරපු විකියව උඹල කඩේ යවන්න හදන එකනම් වැරදියි තමයි.
    ඔය තරමට තටම තටම කතා කරපු විකියට ඔය සිද්ධිය මතක තිබ්බෙ කොහොමෙයි...

    ReplyDelete
  7. පැනි ඇමති ගැනත් මොනා හරි ලියන්න ඉතිං...

    ReplyDelete
  8. //හැබැයි ඉතින් බැන්දට පස්සේ බලාගන්ඩ බැරියැ කොල්ලගේ සෙල්ලං , ඔය නහර වැඩි අයියලා බලු කුක්කෝ , ගෙම්බෝ වාගේ වෙනව බැන්දට පස්සේ , //

    ඔය කෑල්ල කපලා දාහං.. අපිටත් විලිලැජ්ජාව කියල දෙයක් තියනවා .හැක් :D :D

    ReplyDelete
    Replies
    1. චැහැ...ඔහමත් අපිව නෝන්ඩි කරනවද? කපලා දාපිය ඒ කෑල්ල

      Delete
    2. අපි වගේ පාඩුවේ හිටියනං ඉවරයිනේ....!! ඔය නිසා තමා මම බදින්නේ නැත්තේ.. ඕ යේස්..!!!

      Delete
    3. ඔකට කියන්නෙ බය නෙමෙයි ගව් රවේ

      Delete
  9. හිහි
    මෙන්න මරු ඉට්ටෝරියක්...
    හිහි හිනා කෝටියයි...
    මං හලි ආතයි මේ වගේ ඉත්තෝලි වලත...
    හිහි

    ReplyDelete
  10. අන්න එහෙම තමයි පොරවල්. හැදෙන ගහ දෙපෙත්තෙං දැනෙනවා කියන්නෙ ඕකට නෙව.

    ReplyDelete
  11. ඒ කාලෙ ඇමතිලා එහෙම හරි හොඳයි බං.

    ReplyDelete
  12. දැනුත් ඇමතිලා එහම තමයි.

    ReplyDelete
  13. මේකාලෙ නං සීනි නෙවෙයි බං රීල පුකහෝදපං කිව්වත් කරයි.

    ReplyDelete
  14. දැන්නම් සීනි වලටත් ඇමති කෙනෙක් ඉන්නවනේ. අපරාදේ ඒ දවස්වල සීනි ඇමතිකම තිබුනානම් අටම්ලගෙ ඇමතිතුමාට සීනි ඇමති වෙන්න තිබුණ. මොනව උනත් හාමිනේ පෝස්ට් එක කියවපු දවසට අටම්ට සීනි නෙමේ පස් කන්න වෙන්නෙ.

    ReplyDelete
  15. හිටහන් මම උබලගේ ගෙදරටම ඇවිත් උබේ වයිෆ්ට මේ පොස්ට් එක පෙන්නනවා.
    :p :p :p :p :p :p :p :p

    ReplyDelete
  16. අපේ ලොක්ක (තාත්තත්) දවසක් පොල් ගේන්නම් කියල ඔහොම ගිහින් දවස් තුනකින් ආවේ.. හැක් හැක්.. හැබැයි මන්තිරිය නම් පොලයක් තියා කුරුම්බාවක්වත් අරන් ආවේ නෑ ආපහු උන්දැව බලන්න..

    ReplyDelete
  17. උන් තමයි අටමො නියම ජනතා නියෝජිතයො. අඩු ගානෙ තමන්ගෙ ආධාරකාරයගෙ ප්‍රශ්ණ දිහාවත් සාධාරණව බලනව.

    ReplyDelete
  18. පොඩ්ඩක් ඉඳපන් වනිතා අක්කට කියලා ඉල්ලලා දෙන්න. බර අදින්න .... ඉඳපන්.

    ReplyDelete
  19. සීනි රත්වෙනකොට පැණි වෙනවා වාගේ සිනී අැමති රත්වෙනකොට පැණිෙයා් වෙනවා.

    ReplyDelete
  20. සීනි රත්වෙනකොට පැණී වෙනවා වාගේ, හදුන්පත රත්වෙනකොට අැමතියෝ පැණියෝ නොවේද?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • ලල්ලයි පූසී පැටියයි
    ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • හොදට පස්සෝනවා
    ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම…
  • දරුවො නෙමෙයි තොපි ---
    මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක් පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි…
  • අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ
    ඉස්සර මම අර යෝගට් කප් හදන රස්සාව කරන කාලේ අපිත් එක්ක හිටියා සමන්ත කියලා පොරක් , කියන කියන ඕන කුණ්ඩවාලියකට ඔලුව වනලා හා කියන හන්දා…
  •  කූඹියෝ වෙනුවෙන්  මගේ මෙව්වා ඒක
    මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම …
  • මහන මෙෂින් අළුත්වැඩියාව
    මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 
  • දරුවෙකුට වාගේ සලකන්නං
    ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න…
  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  • Making and tempering a traditional rock drilling chisel
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • ලොකුසාදුයි සල්ගාදුයි
    ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු. ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු. තව…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ
    හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ නහය දිග මාම අපේ මාමලු          …
  • දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්
    මරණයෙන් මතුම මතු දවසක ආයෙත් ඉපදුනොත් මං ආසයි ලස්සනම පිළකට කිරිල්ලියෝ රෑනක් එක්ක හේන් කුඹුරු පාළු කරන්න හිරිකිත කැත සරුපයෝ ඒ පැත්ත මේ පැත්ත…
  • pace maker
  • ලැජ්ජා වෙන්නේ මොකටද
    ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ... ‘‘ චූටි මෙන්න  ෆෝන් එක රින්ග් වෙනවා ‘‘ ‘‘ ඇයි තාත්තේ ‘‘ ‘‘ ඔයාට…
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
1,645,533

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>