හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග් එකේ පලවෙනි පිටුවේ බ්ලොග් පොස්ට් කියක් පේන්න ඕනද කියල හදන්න , මං හිතන්නේ අන්තිමටම දාපු එක විතරක් පෙනුනහම ඇති , එතකොට පේජ් එක ඉක්මනට ලෝඩ් වෙනවත් එක්ක.
ඊලගට කමෙන්ට් , ඒක ඉතාමත් වැදගත් , කමෙන්ට් ලොකේෂන් එක embedded විදිහට තියන එක තමයි හොදම ,
ඊලගට who can comment අනේ ඉතින් anyone තමා , මෙහෙම නැත්තං ඉතින් බ්ලොග් වලින් වැඩක් නැ , මොකද ඔය ඇනෝල වැඩි හරියක් හෙන ඇරියස්කාරයෝ , වැඩියක්ම කරන්නේ ලියන උන්ට අරින එකම තමා , උන්ගෙන් වැඩක් නැ තමා , ඒ උනාට හොද ඇනෝල ඉන්නවා , එයාලට අපි ඉඩ දෙන්න ඕන , අනික තව ඇනෝල ඉන්නවා ඔය බ්ලොග් ලියන අයම තමයි , සමහරක් වෙලාවට ඇනෝදානවා , ගොඩක්ම කෙලවන්ඩ , සමහරක් වෙලාවට ආදරේට , අරමුන මොකක් උනත් අපි එයාලට ඉඩ දෙන්න ඕන , මොකද දන්නවද ඇනෝල තමයි බ්ලොග් රස කරන්නේ , සමහරක්විට ඒක ඔයාට රස නැති උනාට තව කෙනෙකුට රස වෙයි , ඒක හින්දා එයාලට ඉඩ දෙන්න
ඇනෝ වහල බ්ලොග් ලියනවා කියල හිතාගන නං ඔයා බ්ලොග් ලියන්නේ , ප්ලීස් .....ඩයිරියක් ලියන්න ....එහෙම නැත්තං ....කොල කෑලිවල ලියලා කමඩ් එකට දාල ප්ලෂ් කරන්න
වැඩිය ඉන්නේ කැරි ඇනෝල තමා , ඒහෙම කියල චෝයි ඇනෝලට පාර වහල බ්ලොග් ලියන්න එපා
අටම කියුවට අපිට පුලුවන්ද ගු නාන්ඩ
හරි හරි ඒක තමයි කියන්ඩ යන්නේ
දැං බලන්න උඩ පීන්තුරය බලන්න
comment moderation
sometimes
for posts older than 3 days
කියල දෙන්න , එතකොට අළුත් පොස්ට් එකක් දිහා ඇහැ ගහගන ඉන්න ඕන දවස් තුනයි , ඒ ටිකේ වැටෙන කමෙන්ට් ඔයාගේ හිතට එකඟව වැරදියි හරි , තුන්වෙනි පාර්ශවයකින් ඉල්ලීමක් කලොත් හරි මකලා දාන්න
දවස් තුනට පස්සේ ඉතින් ඒ පොස්ට් එකට වැටෙන කමෙන්ට් ඔටෝ පබ්ලීෂ් වෙන්නේ නැ , ඔයා කැමතිනං විතරක් පබ්ලීස් කරන්න පුලුවන් , ඔය කියුවට දවස් තුනකට පස්සේ කමෙන්ට් වැටෙන්නේ කැස්බෑවා මොකක්ද එකෙන් මොකක්ද එක දකිනවා වාගේ තමා
අනික තමයි ඔය උඩ පින්තුරේ යටම තියන ගූගල් මංගල්ල දෙකට යන්ඩ එපා , බ්ලොග් කාරයෙකුට ඕකෙන් වැඩක් නැ
මෙතන කමෙන්ට් නොටිකේෂන් ඊමෙල් එකට ඔයා බ්ලොග් එකට ලොග් වෙන්න පාවිච්චි කරන ඊ මේල් එක දෙන්න , එතකොට වැටෙන කමෙන්ට් ඔයාට ජීමේල් උඩ ඉදගන බලන්න පුලුවන්
දහවැනි කොටස මෙතැනින්
මේ හා බැදුන වෙනත් ලිපි
බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්
බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද
සිංහල අකුරු ලියන්නේ කොහොමද
තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද
ටෙම්පලේට් සැකසීම
අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම
බ්ලොග් සෙටින්ග්
බ්ලොග් ගැජට්
බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්
blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම
පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි
පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි
බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි
බ්ලොග් ෆලෝකරන හැටි
කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි
පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි
පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද
ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි
ලේබල් ගැජට් එකතු කරන හැටි
පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි
කමෙන්ට් පලවන ආකාරය සැකසීම
කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම
බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර
අපි වගේ චූටි බබාලට අර කොලපාට රවුම් පේන්නේ නෑ මාමේ. රතු පාටින් රවුම දාන්න.
ReplyDeleteඅර ගෝතලං කියල බොලොග් ලියන එකාට ඇනෝ කමෙන්ට් පේන්න බෑ
ReplyDelete