‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘
කෝ ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ ...
‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො දෙන්නාවත් එක්කගන වරෙං මෙන්න මෙහේ ‘‘
‘‘ ..හ ..හ ...හරි වැඩක්නේ ..එයාලට විතරද සෙල්ලං කරන්ඩ හොද ....මට බැ මං එන්නේ නැ ‘‘
‘‘ කිව්වම අහලා වරෙන් මගෙන් ගුටි කන්නේ නැතුව , මම කියල තියනව නේද ..ඉස්සර වගේ උඩදාගන නටන්ඩ එපා කියල ‘‘
‘‘ මට බැ ..හ...හ...ඇයි ..වදේ ..මට තමා ඔක්කොම ...ගේ අස්සටම වෙලා ඉන්ඩ ඕන ...චම්පක්කලැ දිහා යන්ඩ දුන්නෙත් නැ ‘‘
‘‘ පක්කලැ දිහා යන්ඩ අරිනවා මං උඹව ....වේසා කෙල්ලො එක්ක පෑහෙන්ඩ ...උඹ මහ ලොකු ලමිස්සිනේ ....මහ මිනිස්සු නැති අතරේ කොල්ලෝ ගෙවල් අස්සේ දාගන නෙයි නාඩගං නටන පදුරියෝ එක්ක ..පෑහෙන්ඩ ...අරිනවා මං උඹව ....මේ මං උඹට දැනගන්ඩයි කියන්නේ ....මේ අම්මා එක්ක නං කවරමදාවත් ඔව්වා හරියන්නේ නැ ..කියල මතක තියාගනිං .... පල පල තෝ...රිංගන්ඩ ..ඔය ගුබ්බැයං අස්සේ ... ඔකුන් තුන් දෙනා තොටත් මිනිහෙක් හොයල දෙයි ‘‘
‘‘ හීඊඉඉඉඉඊඊඊඊඊඊ..........ඇඈ...ඉහි ඉහි .....,,‘‘
‘‘ මොකද පරට්ටි දත්කූරු කන්නේ .....ගලවනවා මං තොගේ දත් ඇන්ද ‘‘
‘‘ ඔහොම මට කියන්නේ ..ඇයි ....මං යන්නේ පත්තර බලන්ඩ ‘‘
‘‘ පත්තර බලන්ඩ ....පත්තර බලන්ඩ .....කිවයපියකෝ ගෙට වෙලා ඉස්කෝල පොතක් ......දහයේ විභාගෙට මාස දෙකයි .... මගුල් කතා පත්තර බලන්ඩ ....ඉස්සෙල්ලා ඉගනගන හිටපිය පස්සේ පුලුවං මගුල් කතා බලන්ඩ ..‘‘
‘‘ හරි හරි ...යනවා මං යනවා ...‘‘
‘‘ ඉතිං පල ..‘‘
‘‘ ඉතින් යන්ඩ අහක්වෙන්ඩ ..... ඔතනට වෙලා ඉන්නේ මට ගහන්ඩනේ ..ඔතනින් අයින් උනහම මම එන්නං ‘‘
‘‘ මෙහේ වරෙන් ..මම උඹට කියන්නේ අන්තිම වතාවට ‘‘
‘‘ ඉතින් ඔයා වැට ගාවිං අයින් වෙන්ඩ ...මං ගේට යන්නං ‘‘
‘‘ ඒයි ..තොපි දෙන්නට දැං මං වෙනම කියන්ඩ ඕනද ....පොල්ලක් අරගන දෙන්ඩ කලිං වරෙව් ගෙට ‘‘
‘‘ ඕයි ලොකු මල්ලි ..පොඩිත් එක්ක එනවා යන්ඩ.... අම්මා ..ගෙට ගියා ....දැං නං ගහන එකක් නැ .....තමුසෙල දෙන්නා හින්ද තමයි මාත් බැනුම් අහන්නේ .....‘‘
‘‘ අනේ යනවා ඕයි යන්ඩ ... අපිට යැ අම්මා බැන්නේ .....තමුසේ ..චම්පක්කට ප්‍රීයන්ත අයියගේ ලියුං ගෙනිහිං අහු උන හන්දනේ ...අම්මා තමුසෙට බනින්නේ ....අපි කොල්ලෝ ...අපිට ඕන තැනක සෙල්ලං කරන්ඩ පුලුවං ....අර එදා තමුසෙගේ මගුල් ගෙදරදිත් කියුවේ .... ආච්චි අම්මලා , පුංචිලා ...එහෙම ඉස්සර වගේ කොල්ලො එක්ක නටන්ඩ යන්ඩ එපා කියල ‘‘
‘‘ ඕන එකක් කරගන්නවලා ....මං ගිහිං අම්මට කියනවා ..තමුසෙලා ආවේ නැ කියල ‘‘
‘‘ ඔන්න මං නං ආවා අරයලා කියුවට ආවේ නැ ..අම්මේ ...ඔන්න මටනං බයින්ඩ එපා ‘‘
‘‘ දැං උඹ ඔය උදේට මූණ එහෙම හේදලාද ‘‘
‘‘ නැතුව ..මං ඉන්නවයැ හඩුවට ‘‘
‘‘ එකෙං කමක් නැ ...ආයෙත් ගිහිං නාගන එහෙම ලැස්ති වෙයං ගමනක් යන්ඩ ‘‘
‘‘ කොහේ යන්ඩද අම්මේ ...‘‘
‘‘ යන්නෙද ...යන්නේ වල පල්ලට ‘‘
‘‘ කියන්ඩකෝ ...අප්පා ..‘‘
‘‘ අප්පා ..අප්පා තමා අප්පා ....කියුවහම ගිහිං ලෑස්ති වෙයං ‘‘
‘‘ කොහේ යන්ඩද කියන්ඩකෝ .....අනික මට බැ මෙච්චර උදෙං නාන්ඩ ...ගිහිං ආවහම දාඩියේ බැ ...මං යන තැනක ගිහිං ඇවිත් දවල්නාට කාල එහෙම නානවා ‘‘
‘‘ උඹට බඩගිනිද පුතේ ‘‘
‘‘ නැ මට බඩගිනි නැ ‘‘
‘‘ කොල්ලෝ දෙන්නට නං බඩ ගිනි ඇති නටල නටලා ...පාං අරික්කාලක් කාලා ඇතැ කොල්ලන්ට ‘‘
‘‘ කොහෙද අම්මේ අපි යන්නේ ‘‘
‘‘ රත්නා නැන්ද ලැ දීහා ‘‘
‘‘ ඒ මොකැ හදිස්සියේ ‘‘
‘‘ කිව්වහම ගිහිං ලෑස්ති වෙයං ......ඒ පාර යක් පැටව් දෙන්නා ..ගේ අස්සෙත් නටන්ඩ ගත්තද .. පලයල්ලා ගිහිං වහල්ල මැදගන නාගන වරෙල්ලා ‘‘
‘‘ මේ දැම්ම ‘‘
‘‘ ඔව් දැම්මම ‘‘
‘‘ අප්පෝ මට බැ සීතලම සීතලයි ‘‘
‘‘ මොන සීතලක්ද දැං දහයත් පැන්නා ‘‘
‘‘ අනේ මට බැ මං මූන විතරක් හෝදන්නං ‘‘
‘‘ චුටි පුතා ..උඹ මගෙන් කන්ඩමයි හදන්නේ .....හොදට කුණු අතුල්ලලා නාපං දෙන්නම ... නැත්තං මං පොල්ලෙල්ලක් ඇරං හම ගහනවා , බලපං උඹල දෙන්නගේ කටේ හැටි විදුරු මහත් සුදු මැලි වෙලා ....කොහෙද දතක් කටක් මදින්නේ නැ මනුස්සප්පෙරේතයෝ වාගේ ‘‘
‘‘ ඔය උඔ ඒ ටිකට හෝදගන ගෙටත් ආවද ‘‘
‘‘ අනේ දැං නාන්ඩ බැ අම්මා ‘‘
‘‘ උඹ ගාව සල්ලි තියනවද ‘‘
‘‘ මාගාව කොහෙමද සල්ලි ‘‘
‘‘ මං දැක්කා පැන්සල් පෙට්ටියේ කාසි වාගයක් තියනවා ‘‘
‘‘ අනේ එක මං එකතු කරන සල්ලි ...හතලිහද කොහෙද තියෙන්නේ ‘‘
‘‘ ඒකට කමක් නැ ... ඒක මට දියං හම්බුනහම දෙන්ඩ බැරියැ ‘‘
‘‘ ඔය කියුවට දෙන්නේ නැ ‘‘
‘‘ නැත්තං ඉතින් අරහේ යන්ඩ එන්ඩ වෙන්නේ පයිං තමා , කොල්ලො දෙන්නටනං ටිකට් ගන්ඩ ඕන නැ ‘‘
‘‘ ලොකු පුතා ...මොකද උඹ ඔය කොන්ඩෙට කරන්නේ ....බම්ප් එක තියන්ඩ ...තෙල් ටිකක් ගාල පැත්තට පීරපං ..‘‘
‘‘ ඈ ..අම්මේ ..කොහෙද අපි යන්නේ ‘‘
‘‘ රත්නා නැන්ද ලැ දීහා ‘‘
‘‘ තාත්තා ඒදත් බැන්නානේ අම්මට එහේ යන්ඩ එපා කියල ‘‘
‘‘ අනේ එයාට නටාගන්ඩ කියහං ...ගියා ගියාමයි ...සතියකටත් වැඩියි ...ගෙවල් වල ගෑණු ළමයි ඉන්නවා කියල මතකයක් තියනවනං ..මං ගම වටේ ඇවිදින්ඩ ඕන යැ ‘‘
‘‘ අම්මේ යතුර ගන්ඩද ...හුලං කව්ලුවෙං තියන්ඩද ‘‘
‘‘ පොඩි බෑග් එක අරං ඒකට දාගන එලියට බහිනව ළමයෝ .....කෝ චූටි පුතා ... ඔය ෂර්ට් එක පැත්තක් එලියේ .......හැමදාම කියනවා ඔහොම පවුඩර් දාන්ඩ එපා කියල ....බක්කරේ වාගේ ......හාහා ඉක්මනට යමල්ලා .... ඉර හැරුනට පස්සේ ගෙවල් වලට ගිහිං වැඩක් ඇතැ ‘‘
‘‘ අම්මේ එතකොට තාත්ත ආවොත් ‘‘
‘‘ ඒකත් ඇත්ත බාගදා ඒ මනුස්සයා ආවොත් කොහොමද ගෙට යන්නේ .... එහෙනං යතුර හුලං කවුලුවෙං තියහං ‘‘
‘‘ එය ඉතින් අස්සයා වාගේ දුහන්ඩ තියාගත්තා ...අක්කගේ අත අල්ල ගන්නවා චූටි පුතා .....එතන ගිහිල්ලත් මර විසේට නටන්ඩ ගන්නේ නැ ....උඹල දෙන්නා .....ලොක්කි උඹ යන්නේ එහෙම නැ ...අර කොල්ලගේ කාමරේ අස්සට රිගන්ඩ දැං උඹ පොඩි ළමයෙක් නෙමෙයි ‘‘
‘‘ අනේ මට බැ අම්මා මෙයාව අල්ලං යන්ඩ ...උඩ පැන පැන යන්නේ ....වැලියි මඩයි දෙකම මගේ ඇගට ඉහෙනවා ‘‘
‘‘ චුටි පුතා හොදට අහගනීන් මම මේ කියන දේ ....උඹල දෙන්නටත් එක්කයි මේ කියන්නේ ....එහෙට ගියාට පස්සේ ...ඕන නැති දේවල් කියවන්නේ නැ , ....තාත්ත ආපු නැති කතා ......උදේට පාං කාපු කතා ...ඊයේ රෑට කෑවේ නැ කියල එහෙම කියන්නේ නැ , ... දවල්ට කන්ඩ කතා කරොත් එහෙම මං අදි මදි කරනවා .... ඔයාල හොදට කන්ඩ ඕන බඩ පිරෙන්ඩ ...බෙදා ගන්න ඒවා ඉතුරු කරනවා එහෙම නෙමෙයි ‘‘
හ්ම්ම් හරිම තාත්විකයි
ReplyDeleteපලවෙනි කමෙන්ට් එක වැටෙනං හිටියේ නිදාගන්ඩ
Deleteඅම්මෙක් කරන සුමයක්...
ReplyDeleteඔව්
Deleteකඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
ReplyDeleteසුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා
දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා..
රඹුක්කන සිද්ධාර්ථ හිමි/බන්දුල විජේවීර/දීපිකා ප්‍රියදර්ශණී
දැක්ක කල් මගේ සහෝදරයා
Deleteආ... ලේකංතුමා
Deleteආ කාලෙකිං අපිවත් මතක්වෙලා තියෙන්නෙ
Deleteලොබ නැතුව අත පය දිග ඇරලා ලියන උබගේ මේ ලියවිල්ලට තමයි මම කැමැති ..
ReplyDeleteදෙකක් දාපු වෙලාවට උබ මේ විදිහට කතා කරනවා අහගෙන ඉන්නත් මම ආසයි
එහෙම කතා කරන්ඩත් ආසයි
Deleteනිල් වෙරළු පොස්ට් එකේ අන්තිම කෙමෙන්ට් වලට උබ උත්තර දීලා නැහැ එහම කරන්න එපා හැම කෙමෙන්ට් එකකටම උත්තර දීපන්
ReplyDeleteඑහෙම කරන්ඩත් හේතු තියනවා
Delete///දවල්ට කන්ඩ කතා කරොත් එහෙම මං අදි මදි කරනවා...... ඔයාල හොදට කන්ඩ ඕන බඩ පිරෙන්ඩ.......//
ReplyDeleteකොච්චර නැති බැරිවුනත් තමන්ගේ නම්බුවත් බේරාගෙන දරුවන්ට කෑම ටිකක් සපයා ගන්නා ඔයවාගේ අම්මලා අනන්තවත් ඉන්නවා.
කතාවනම් මරේ මරු අටං මහත්තයෝ.
අම්මලා විතරක් නෙමෙයි ගොඩ දෙනෙක් එහෙමයි ....අප් යාලුවෙක් කියන්නේ ඒකට මහකම කියල
Deleteහ්ම්.....
ReplyDeleteමොකද බකමූණා මෝඩ්
Delete"අම්මා" ගැන කෙටියෙන්ම, ලියවිල්ල හැමදාමත් වගේ පංකාදුයි
ReplyDeleteඑහෙම හිතාගන ලියුවා නෙමෙයි
Deleteගැහැනියකයගේ අසහනය විදියට නම් කරනවද මවකගේ අභියෝග කියන්නද....
ReplyDeleteමේකෙ මව සහ ගැහැනිය එකක් ද දෙකක් ද
අම්මාත් ගැහැනියක්..!
Deleteඔය සමීකරන මං දන්නැ බං ඔහේ හිතෙනවට ලියනවා
Deleteලොකුපුතය හිච්චිඑකා කාලේ ඉඳන් ට්‍රම්ප් වගේ බම්ප් එක තියලා හිටියේ ඈ....!
ReplyDeleteඒකට දැන්...සංසාරේ...!
ඉතින් බඩ පිරෙනකං මොනවැයි කෑවේ...?
බඩ කට පුරා කනවා හැමදාම
Deleteනියමයි. සමාජ යථාර්ථය දැකීමට මෙන්ම එය ඉදිරිපත් කිරීමටටත් ඔබේ ඇති හැකියාව ඉතා ඉහලයි.....
ReplyDeleteතැංකියු අනේ
Deleteඅටමා නරකද මේ කතා ටික ඔක්කොම එකතු කරලා කෙටි කථා පොතක් ප්‍රින්ට් කලොත්.
ReplyDeleteකරොත්නං හොදයි ...ඒත් කාටවත් 10% ට දෙන්ඩ හිතක් නැ , තනියම පුලුවං දවසක කරමු නේ
Deleteමරු...
ReplyDeleteමාටින් වික්‍රමසිංහගෙ කතාවක් වගේ!!
හැබැයි තව ටිකක් රළු වුණානම් හොඳයි. දොස්තයෙව්ස්කි වගේ...
දොස්තයෙව්ස්කි කවුද බං පත්තරේක වැඩ කරන පොරකද
Deleteනියමයි අටමා ලියමු...ලියමු දිගටම.....
ReplyDeleteහා හා පුලුවං විදිහකට
Deleteadanam apiva andavala na..heh.heh..
ReplyDeleteLalith perera.
පිස්සුද මං කවදාවත් උඹලට එහෙම කරලා නැ
Deleteඅම්මෙක් කරන සුමයක්! x2
ReplyDeleteඔව්
Deleteඅටමගේ කතාවක් එනකන් හිටියේ කියවන්න. අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි
Deleteපට්ට දෙබස් ටික බං. පොඩි කාලෙ අපෙ මව්තුමිය ඔන්න ඔය ආකාරයෙන් තමා මට ආදරෙන් කතා කලේ. මොකද ඉතිං මම කියලත් හොඳ වැඩක් කොරයි, නිතරම පස් පව් ඇරෙන්ට.😂
ReplyDeleteඅනික බං ඔය බාසාවෙං නැතුව අපිට කියන දෙයක් තේරෙනවා කියලා යැ
Deleteහැක්.. නියමයි අමමො.
ReplyDeleteමොකක්ද බං අර දාල තියෙන ෆොටෝ එක.
ඒක තමා ගැලපෙනම එක..
Deleteහොය හොය ඉන්ඩ කම්මැලියි බං අහුවෙන එක දැම්මා
Deleteඅටං නැවතත් ක්‍රියාකාරීවීම ගැන අපගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කොරමු.අනං මනං ෆිල්ටර් නොදා දෙන දීම නියමයි.
ReplyDeleteජයවේවා..!!
අනං මනං ෆිල්ටර් නොදා දෙන දීම
Deleteඅන්න දැක්කද බිලා කුණුහරුපෙන් බනින එකේ වටිනාකම
ෆිල්ටර් කියන්නේ මොනවද ...කනජාතියක්ද
Deleteපස්ටයි මචං...
ReplyDeleteස්තුතියි මචං
Deleteමරු නියමෙට ලියල තියනවා, සෙංකොට්ටං වගේ.
ReplyDeleteකියවලා නැ බං
Deleteරෑට නොකා බඩට කොට්ටේ තියාගෙන නිදාගෙන තියෙනවද?..
ReplyDeleteඕන තරං බඩගින්නේ ඉදල තියනවා
Deleteපට්ට අටමෝ.
ReplyDeleteදුක වින්ද හෝ විඳින මිනිස්සුන්ට තමයි තව කෙනෙක්ගේ දුකේ පතුල පෙන්නේ.
ReplyDeleteඅම්මලා ඔහොම තමයි..පොඩි කාලේ අපිට ඕක කරච්චලයක් වගේ දැනුනට පස්සේ තමයි තේරෙන්නේ අම්මලා කොච්චර දුක් විඳිනවද කියලා.
ReplyDelete