ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
‘‘ චූටි මෙන්න ෆෝන් එක රින්ග් වෙනවා ‘‘
‘‘ ඇයි තාත්තේ ‘‘
‘‘ ඔයාට නෙමෙයි අම්මට ‘‘
‘‘ මං කියල තියනවා නේද එයාට චුටි කියන්ඩ එපා කියල...මම තමයි චූටි ....එයා අම්මිච්චා ‘‘
‘‘ හරි හරි අම්මට කතා කරන්ඩකෝ ‘‘
‘‘ අම්මා මෙන්න ඔයාගේ ....අලියා..... කතා කරනවෝ ‘‘
ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
‘‘ හයියෝ කවුද දන්නැ ‘‘
ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
‘‘ කවුද දන්නැ කිය කියා ඉන්නේ ගන්ඩකෝ මේක ‘‘
‘‘ හරි හරි ..ඉන්ඩ අනේ ..අතේ වතුර ‘‘
‘‘ හෙලෝ ‘‘
දැං මට අනිත් පැත්තෙං කියන ඒවත් ඇහෙනවා ....අපේ උන්දැ කම්පියුටරයට චාජ් වෙන්ඩ ගහල තිබුන ෆෝන් එක ගලවන්නේ නැතුව එහෙම්මම අරං කනෙන් තියාගත්ත හන්දා ... වැඩිපුරම ෂොප් එකේ ඉන්න හන්දා පාරේ වාහන සද්දේ පරද්දන්ඩ හොදටම සද්දේ වැඩි කරලයි තියෙන්නේ
‘‘ මේ ඔයා අර බ්ලවුස් එක හැදුවද ‘‘
‘‘ කවුද මේ ඒ ..කොයි බ්ලවුස් එකද ...අ...‘‘
‘‘ අර ලානිල් පාට එක ...හිර මදි කියල දෙපැත්තෙං පොඩ්ඩ පොඩ්ඩ ගහල දෙන්ඩ කියුවේ ‘‘
‘‘ ඒක මං අද හදලා දෙන්නං කියුවද ‘‘
‘‘ නැතුව... මං ඔයාට කියුවනේ අද ඕන කියල ‘‘
‘‘ නැ නැ... මම බැ කියුවා ...පුලුවං වෙලාවක හදල දෙන්නං කියලනේ කියුවේ ‘‘
‘‘ ඉතින් අද මට ඕනනේ ...‘‘
‘‘ ඉතින් මම කියුවනේ අද දෙන්ඩ බැ කියල ‘‘
‘‘ එහෙනං ඔයා ඇයි ගත්තේ ‘‘
‘‘ මම ඔයාට බැ කියුවනේ ....ඔයානේ බලෙන්ම දාලා ගියේ ...කමක් නැ එහෙනං පුලුවං වෙලාවක හදලා දෙන්ඩ කියල ‘‘
‘‘ ඉතිං ඔයා ...බැ කියල ආයෙත් ගත්තනේ ‘‘
‘‘ ඒ උනාට මං ඉස්සෙල්ලම කියුවනේ ඔයාට ..මං කඩෙං ගත්ත ඇදුං හදන්ඩ ගන්නේ නැ ....මට බැ කියල ‘‘
‘‘ මම තව ටිකකිං ගමනක් යනවා ...මට ඒක ඇදගන යන්ඩ ඕන ‘‘
‘‘ බැ ..බැ ..මට දැං එන්ඩ බැ ....සනීපත් නැතුව ඉන්නේ ....හරියට ඔලුව කැක්කුමයි ....බබාටත් සනිප නැ .....හොද්ද කර වෙනවා ....මං ෂොප් එකට ආපු ගමං ඔයාට කෝල් එකක් දෙන්නං .....තියනවා එහෙනං ‘‘
‘‘ ....කවුද අනේ ඔය.... ‘‘
‘‘ මල වදේ අනේ .... මෙච්චර කල් ඇදුං නැතුව හිටියා වාගේ .....මහන්ඩ එන අයනං කමක් නැ .....ඔය ආවාමයි .....කඩේං ගත්ත එකක් හදන්ඩ ඇරං ඇවිත් ....තාම චාජ් වෙලත් නැ .....මෙන්න මේක ඔහොම්මම තියන්ඩ ලොකු .....ගලවන්ඩ එපා .. ‘‘
‘‘ ඉතින් එහෙම කියල හරියනව යැ ...ගත්තා නං දෙන්ඩ එපැ ‘‘
‘‘ මං ගත්තේ නැ අනේ ...ඒ හොල්මන බලෙං දාල ගිහිං .... වද දෙනවා ‘‘
‘‘ හාකෝ හාකෝ ....කොහෙද ඉතින් කියන එක ගැන නෙමෙයිනේ ...කියවන්නේ ‘‘
‘‘ හපොයි මගේ ..කරවල හොද්ද ....‘‘
ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...
‘‘ මෙන්න ආයෙත් රින්ග් වෙනවෝ ....කලිං නොම්මරේමද කොහෙද ‘‘
‘‘ ඇහෙනවෝ ...මේ එනවෝ ‘‘
‘‘ උස්සලා ස්පිකර් ෆෝන් දාන්ඩ හරිද ‘‘
‘‘ හෙලෝ ‘‘
‘‘ මේ ඔයා එතකොට ඒක හැදුවේ නැද්ද ‘‘
‘‘ නැ නැ ...හදලා තියෙන්නේ ‘‘
‘‘ ඉතිං එහෙනං ඇවිත් කඩේ ඇරලා ..මට ඒක දෙන්ඩකෝ ‘‘
‘‘ අපි ෂොෆ් එක අරින්නේ දහයට ‘‘
‘‘ ආ එහෙමද ඉතින් එතකොට වහන්නේ කීයටද ‘‘
( ......අහන්ඩ කඩේ වහන්ඩ උදව් වෙන්ඩ එන්ඩද අහන්නේ කියල..... )
‘‘ මේ කට වහගන ඉන්ඩ අනේ ‘‘
‘‘ මොකක් .... මොකක්ද කියුවේ ‘‘
‘‘ නැ නැ වෙන කතාවක් ..මේ අපේ ..එක්කෙනාට කියුවේ ‘‘
‘‘ ආ ඒක මිසක් ... එතකොට කඩේ වහන්නේ කීයටද ‘‘
‘‘ වහන්නේ අටට ‘‘
‘‘ ඔයාල කොහෙද ඉන්නේ ‘‘
‘‘ නවලෝකගම ‘‘
‘‘ එහෙනං ඇවිත් කඩේ ඇරලා බ්ලවුස් එක මට දෙන්ඩ ‘‘
‘‘ බැ දැන්නං එන්ඩ බැ .....අද තවත් ටිකක් පරක්කු වෙයි ‘‘
‘‘ ඉතිං ලගනේ ...ඇවිත් මට මේක ඇරං දීලා ආයෙත් යන්ඩ ....‘‘
‘‘ බැ බැ පුලුවං කමක් තිබුනනං එනවා ...අමාරු හින්දයි මං කියන්නේ ....මට සනීප නැ ‘‘
‘‘ ඉතිං මට ඒක ඕනනේ ‘‘
‘‘ අනේ මට කතා කරන්ඩත් අමාරුයි ...ඇත්තටම සනිප නැ ... තියනවා එහෙනං ‘‘
...... මල කරදරේ මං මේක ඔෆ් කරල දානවා .....
‘‘ මොකක්ද අනේ ඔය ..ඔයා හරියට මිනිස්සුන්ට පැහැදිලිව නොකියන එකේ වරදනේ ....ඇඹරි ඇඹරී ඉන්ඩ එපා ......පලවෙනි පාරම කියන්ඩ තියන දේ කෙලින්ම ..කියන්ඩ ...එහෙම නැතුව ...නලවන්ඩ ගියහම තමා ඔහොම වාත වෙන්නේ ...සැරින් සැරේ කෝල් කරකර ‘‘
‘‘ කියනව ලොකූ ....මේ මිනිස්සුන්ට කියනදේ තේරෙන්නේ නැනේ ‘‘
‘‘ තේරෙන්නේ නැතුව නෙමෙයි ..අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතිකම ..තමන්ගෙ වැඩේ විතරයි ‘‘
‘‘ ඉන්ඩකො මං කරන්නං හොද වැඩක් බ්ලවුස් එක හැදුවට සීයක් නෙමෙයි දෙසීයක්ම ගන්නවා ‘‘
ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං
‘‘ මොන හුයන්නක්ද මේ ඒ පාර මගේ ෆෝන් එකට ගන්නවා‘‘
‘‘ ඉන්ඩකෝ හොදවැයිං දෙකක් කියනවා මං මේ පාර නං ‘‘
ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං
‘‘ එපා ඕක ගන්ඩ ...ඔහේ රින්ග් වෙච්චාවේ ‘‘
‘‘හෙලෝ ‘‘
‘‘ මං මේ ඇවිල්ලා කඩේ ඉස්සරහයි ඉන්නේ ‘‘
‘‘ හෙලෝ ....නංගි මේ .....අනේ කරදර කරන්ඩ එපා .......ඔතන දොරේ අපි ගහල තියනවානේ ෂොෆ් එක අරින්නේ උදේ දහයට වහන්නේ රෑ අටට ...ඒ ඇරුනහම පෝයටයි ...හැම මාසෙම හය වෙනිදටයි විතරයි වහන්නේ .....ඇරල තියන වෙලාවක එන්ඩ ‘‘
‘‘ ඉතින් සමහරක් දවසට ඔයා උදෙම්ම කඩේ අරිනවනේ ‘‘
‘‘ ඔව් සමහරක් දවසට හයට හතටත් එනවා තමයි ...ඒත් අද බැ ‘‘
බීප් ....බීප්
‘‘දැං ඉතිං ඔය හොදවයින් දෙකක්ද ඔය කියුවේ ‘‘
‘‘ ඔහොම නැතුව ඔයා වගේ මිනිස්සුන්ට සැරෙං කතා කරන්ඩ කියලද මට කියන්නේ ‘‘
‘‘ අනේ මේ ඕක පැත්තකට දාල ඇදට ගිහිං ඇස් දෙක තදකරල වහගන ටිකක් ඇලවෙලා ඉන්ඩ ..එතකොට ඔලුව කැක්කුම අඩුවෙලා යයි ....‘‘
‘‘ එහෙනං ඔයා ගොටු කොල සම්බෝලයක් හදනවද ‘‘
‘‘ අප්පා ගොටුකොලනං ලියන්ඩ බැ ...කංකුං මිටියක් තිබ්බා නේ ඒක තෙල් දාන්නං ‘‘
‘‘ හා එහෙනං ....ඔන්න ඔය ඔයාගේ ෆොන් එකත් ඔෆ් කරල දාන්ඩ ‘‘
‘‘ පිස්සුද මනුස්සයෝ මෙෂින් හදන්ඩ කවුරු හරි කතා කලොත් ‘‘
ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං
අපේ උන්දැ ඇදට ගිහිං විනාඩියක් ගියේ නැ ආයෙත් රිංග් වෙනවා .....ගොඩ දවසකින් ආතල් එකක් ගත්තෙත් නැ .....වම් කම්මුල ඇගිලි දෙකෙන් එලියට ඇදලා ....නාකි ලොඔු මෝඩ් එකට වොයිස් එක චේන්ජ් කරලා ..ඉස්සුවා ෆෝන් එක
‘‘ හලෝඔඔ....‘‘
‘‘ මේ..... මේ .....අර ඇදුං මහන කෙනා ඉන්නවද ‘‘
‘‘ ඉන්නවා නෝනේ ....ඒ අපේ ලොකු කෙල්ලගේ දෝණියැන්දා නේ ‘‘
‘‘ එයාට ෆෝන් එක දෙන්ඩ ‘‘
‘‘ දැං නං ෆෝං එක ළමයට දෙන්ඩ හැටියක් නැ ...නෝනේ ‘‘
‘‘ දැං ටිකකට කලිනුත් මං කතා කලා ...අංකල් එයාට ෆෝන් එක දෙන්ඩකෝ ‘‘
‘‘ නෝනෙට කියන්ඩ නෝනේ ....ඔය මැහුං සාප්පුවක් දාගන, මේ කෙලීට ......කන්ඩද ...බොන්ඩද...වතුර ටිකක් ඇගට දාගන්ඩ ඉස්පාසුවක් නැ ...යකා බැදගත්තා වාගේ ,.... උදේ හිටං ෆෝං එක කෑගහනවා කෑගහනවා ඉවරයක් නැ , බෙට්ට පුක මුලට තද කරගන ඇඹරි ඇඹරි ගෙයි වැඩ කරකර ඉදලා .... ඔන්න දැං බෙට්ට බාන්ඩ දිහුවා ‘‘
උඹගේ පෝස්ට් ඔක්කෝම එකම මැටි ඇනිල්ලෙන් යන්න අරන් තියෙන්න දැං පෝස්ට් හතර පහක ඉදලම.. ඒකෙන් කියවන්න කම්මැලියි. එකම හට්ටිය නේ එන්නේ. හැක්.. සිරාවට කිව්වෙ
ReplyDeleteමං ඉතිං ඔයිට වඩා දෙයක් දන්නවා යැ බං , දන්න දේ එපැ කරන්ඩ
Deleteමැටි ඇනුවට කැටයම් එකිනෙකට වෙනස්නෙ... ඔහෙම ලියාගෙන පලයං
Deleteඑහෙමද එහෙනං කමක් නැ
Deleteමිෂෙල් ඔබාමට දෙට්ට පිලට යන්නවත් වේලාවක් නැතිව ඇති උඹේ වැඩත් එක්කම කරන්න උනාම.
ReplyDeleteමගේ වැඩ ඉතිං මං කරගන්න වානේ
Deleteඅම්මප කියහං..
Deleteඅම්මප
Deleteඑක හරි අටමා කාටත් තමන්‍ෙගේ වැෙඩෙි කර ගත්තාම ඇති.අනිත් එවුන්ට ෙහෙෙන ගැහුවත් කමක් නැ....
ReplyDeleteගොඩ දෙනෙක් එහෙම තමා
Deleteහෙහ් හෙ...එක පාරක් කම්මැලි කමෙන් කියෙව්වා..අන්තිම ටික කියවනකොට කික් එක ආවේ. ආයේ මුල ඉදල කියෙව්වා...
ReplyDeleteමෙලෝ රහක් නැද්ද
Deleteහැම හැම දේකම එක පැත්තක් විතරක් බලන එක ලෝකෙන් උතුම් රටේ ඉන්න ගොඩ දෙනෙක්ට තියන ලොකු දුර්වල කමක් ... ඔය කියපු එක අපි හැමෝටම පොදුයි.
ReplyDeleteතමන් වගේම අනෙක් මිනිස්සු ගැනත් හිතනවා නම් මේ ලෝකේ ගොඩක් හොඳ තැනක් ...
මම අටම ලියන සරල තාත්වික සිදුවීම් යට තියන ලොකු කතන්දර වලට කැමතියි, හැබැයි ආයෙත් අහන්නමයි කියල හිටියේ ...
ගැත්තාට තරහ අවසර අටංතුමෝ .... මේ බෙට්ටත් ... අර බෙට්ටත් හැර තවත් බෙටි තිබේද ? :)
මේ යකා ලියන හැම මගුලකම කොහේ හරි ගෑවිච්ච බෙට්ටක් පෙන්නේ මට විතරද මන්ද :)
ලියන ඒවට බෙටි ගෑවුනාට මොකද හැමදාම රෙන එකේ
Deleteමාත් හෙන මනාපයි ඔය බෙටි කතා වලට
Deleteබෙටි රස දන්නෝ ගූ හදුනන්නො
Deleteමරූ ඈ..ලියපු ස්ටයිල් එකත් මරු..ඒත් අන්තිම්ස් පෝස්ට් කීපයම මේ ස්ටයිල් ඒක නිසා පොඩි වෙනසක් කරත් කමක් නෑ,නොකරත් කමක් නෑ.........
ReplyDeleteහිතල කරන්නැ , ඔය ලියවෙන විදිහට ලියනවා , අනික මං කැමතියි දෙබස් වලිං ලියන්ඩ
Deleteහෙහ් හෙහ් කඩේ ඇරලා ඕක දීලා ආව නම් ලේසියි කියල හිතුනේ නැද්ද..?
ReplyDeleteපුරුද්දට යනවා හරි කරදරයි
Deleteහැම මාසෙම හය වෙනිදට කඩේ වහන්නෙ ඇයි බං?
ReplyDeleteපන්සලේ දවල් දානේ අපිට තියන දවස
Deleteඅපේ ගෙදර ඔකේ අනිත් පැත්ත ...මගේ පෝන් එකෙන් ගෙදර අනිත් එවුන්ට කරදරේ
ReplyDeleteඉතිං ඒක ලමයෙකුට දීහං
Deleteසුජිට දෙනවා
Deleteසුජිට දෙනවා මාත් , එපා වෙනවා ඕයි
Deleteමටත් හිතුනේ පැතුම් ට හිතුන එක.. ඔය රෙද්ද දීල ආවනං ඉවරයි.. මහලත් ඉවර එකේ..
ReplyDeleteඒකට මං ගිහිං හරියන්නේ නැ , අපේ පවුලම යන්ඩ ඕන , ඒ වෙලාවේ එයාට යන්ඩ බැනේ , ඔක නිකං ඇරං යන්නේ නැ , ලොකුයි කියයි පොඩිය් කියයි , කිහිල්ල යටිං ගහන්ඩ කියයි , ඒකමයි හදන ඇදුම් නොගන්ඩත් හේතුව , මහ මල වදයක්
Deleteස්ටෑන්ඩඩ් සයිස් වලට මහපු ඇදුම් එක එක්කෙනාගේ ඇගවල් වලට හදන එක මහ වදයක් , හරියට එන්නෙත් නැ , ඒ වෙලාවේ සාරි හැට්ටයක් මහත හැකි.
ඉතිං උඹට පුළුවන්නෙ ඔය කියන තැනකින් ගහල දීල එන්ඩ, මොකෝ මැසින් අතගාන උඹට ඕක කජ්ජක්ද ?
Deleteදාල බලන්ඩත් එපෑය
Deleteමරු ඩබල...
ReplyDeleteඒ මොකැ
Deleteඔහොමනං බෑ පුතෝ. ටිකක් වැඩේ නැගලා යනතුරු පාරිභෝගිකයන්ව ඔඩොක්කුවේ තියාගෙන සලකන්ඩ ඕනේ.
ReplyDeleteඔය කතාව කවුරු හරි කියයි කියල මං හිතුවා මේක ලියනකොටම ....මොනවාහරි තමන්ගේ දෙයක් කරලා බලන්ඩකෝ ...අපේ මිනිස්සු කොච්චර වදදෙනවාද කියලා ...ඔඩෙක්කේ තියාගන සලකන්ඩ බැ ...එහෙම කරනකොට එයාල අපිව ඔඩෙක්කේ ඉන්දවගන වෙන වෙන ඒවා කරන්ඩ එනවා
Delete
Delete\\\එහෙම කරනකොට එයාල අපිව ඔඩෙක්කේ ඉන්දවගන වෙන වෙන ඒවා කරන්ඩ එනවා//
හෑ...!
ඔව් එහෙම තමා අපේ මිනිස්සු .....අත දෙන්ඩ ගියහම අපිට අතට දෙන්ඩ එනවා .....එතනිං ගියහම වෙන වෙන ඒවත් කරන්ඩ හදනවා .....
Deleteපාරිබෝගිකයා රජාය තියරිය අපේ මිනිස්සුන්ට හරියන්නෙම නැ
මහත්තයා හමුදාවේ නේද? දෙමලු කීයක් මැරුවද?
Deleteමහත්තයා ඔබට සතුටුයිද දැං
Deleteඅටං උඹ ආමි එකේ හිටියා කියලා අපි දන්නේ නෑ
Deleteපිස්සුද බං මං ගැලවිමේ හමුදාවේවත් ඉදල නැ
Delete'Busy woman how to use toilet ' ? මේ මාතෘකාව දැක්ක ගමන් මට හිනා වෙලා කෙල හිස්මොල්ලේ ගිහිං මාර අමාරු උනා ඔයි. මොකක්ද අයිසේ තමුසෙගෙ ඉංගී‍්‍රසි? නිකං පේරාදෙණියේ උපාධිකාරයෙක්ගේ වගෙනි.
ReplyDeleteමෙහෙමනේ ඕයි ..කාර්යබහුල කාන්තාවක් වැසිකිලි භාවිතා කරන ආකාරය කියල ගුගල් දෙයියගේ මල්ලි ට්‍රන්ස්ලේට් දෙයියගෙන් ඇහුවහම පොර කියුවේ ඔහොම තමා
Deleteදෙයියො සේරම එකයි. පිස්සුමයි කෙළින්නෙ..........
DeleteDeyiyo all means. Pissumayi keḷinne
DeleteGods all one. playing mad only
Deleteඑක් සියලු දෙවිවරුන්ට. එකම පිස්සු සෙල්ලම්
Deleteඇදුම දෙනකොට තුන්ඩුවක් දියං අහවල් වෙලාවට එන්ඩ කියල. මගෙ කලිසම් මහන එකාට මම කියල දුන්නෙ මේක. හැබැයි කිවුව වෙලාවට බඩු රෙඩි කරල තියෙන්න ඕනෙ.
ReplyDeleteආයෙත් උඩට ගිහිං හරියට කියවලා වරෙන්
Deleteබ්ලවුස් එක නැතුව යන්න කියහං බන් මල කරදරේ....
ReplyDeleteOhe nam kiyay.........
Deleteඒකනේ
Deleteඅනිත් එකාට හෙණ ගැහිල ගියත් මොකෝ තමුන්ගෙ වැඩේ වෙලාවට කෙරිලා.. ඕක තමයි හැම එකාම හිතන්නෙ.ගේ හදන බාස්ලගෙ ලයින් දැක්කනෙ?
ReplyDeleteකඩේ ගහල තියන වෙලාවට ඇරල දුන්නනම් ඉවරයි.නැලවිල්ල ඔරොත්තු දෙනවා හොරයි.
ජයවේවා..!!
හරියටම හරි බං ...කොහෙද මුන්ට ඒව්වා තේරෙනව යැ
Deleteඑල එල...
ReplyDeleteඋම්මා උම්මා
Deleteමරු කතාව අටමෝ. ලෙහෙසි නැහැ. ඕවගේ වැඩ භාර ගන්නේ නැතුව හිටියම ඉවරයි.
ReplyDeleteගන්නේ නැ ඔය බලෙං දාල ගිහිං
Deleteමමනං මොකා කොච්චර කෑගැහුවත් ෂොප් එක අරින්නෙ වහන්නෙ මට ඕන වෙලාවට.
ReplyDeleteඒ කියන්නේ දේශ කයාට ෂොප් එකක් තියෙනවා. කොහෙද ? වෙලාවක ගොඩවෙන්න . ඩිස්කවුන්ට් දෙනවද?
Deleteවැඩක් නැ ඕකා අදුරන්නෙ නැ
Deleteවෙස් වලාගෙන එනකොට අඳුරන්න පුලුවනැයි.
Deleteමම අටමාව දන්නේ දුරකථන ඇමතුම් කීපයකට පින් සිද්ධ වෙන්න. ඒ දන්න අටමා මේ විදිහට ඇමතුවේ නැත්නම් ඒක තමයි පුදුමේ. හැබැයි ඒ වගේ උන්ට තේරෙන වෙන භාෂාවක් නෑ. (මොනවා උනත් උන් ගෑණුනේ බං)
ReplyDeleteඒකනේ බං
Deleteහි හී අයියෝ... කෝල් වලට උත්තර දෙන වෙලාවේ කඩේ දහ පාරක් අරින්න තිබුනා ගිහින්.
ReplyDeleteඇරියා වගේ යැ ඊටපස්සේ දෙන කරදර
Delete+++++++++++++++++++++++++
ReplyDeleteපිස්සු හුත්තියෙක්නෙ.
ReplyDeleteහම්
Deleteඋඹ් හුම් ගෑවේ කොයි එකී ගැන හිතලද?
Deleteඋඹ් හුම් ගෑවේ කොයි එකී ගැන හිතලද?
Delete
ReplyDeletehttps://1.bp.blogspot.com/-L7XlNIyzTRU/VumV4nlPBFI/AAAAAAAADq0/LjZtQfDyn9kn6XoCmn-IY45FTarb6yPrw/s1218-r/goud%2B%25281%2529.jpg
මොකක්ද මේ
Delete
Deleteබලන්බ්බ
ඔය විදියේ කස්ටමර්ස් ලා ඉන්නවා...මල පනිනවා...හැබැයි ඔහොම උන්ව අල්ල ගත්තොත් හැම දාම ඒවි...උන්ට සලකන එකේ වාසි පැත්තක් නැත්තෙම නැහැ
ReplyDeleteමොනවාසියක්ද මචං මල වදකාරයෝ .....වගාවක් වෙන වැඩක් ගේන්නේ නැ ...වදම දෙනවා මිසක් ....මටත් ඉන්නවා ඔහොම පොරවල් ටිකක් ...කිලුටු පොතේ ලියල තියෙන්නෙ
Deleteඅටම්පහුර, කෙලින්ම කියන්න පුළුවන් කම තියෙද්දී අයේ මොකටද භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ.. කැමැත්ත නිසාම දෙපාරක්ම කියෙව්වා..
ReplyDelete///////කෙලින්ම කියන්න පුළුවන් කම තියෙද්දී අයේ මොකටද භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ//////////
Deleteමේක මහ ගැටළුවක් ෆිලෝ...මටත් ඔහොම හිතෙනවා. මම පෝස්ට් එකක් ලියද්දි සංවර කම භාශාවේ අස්සේ හංගනවා. හරි අමාරුයි. මොකද මම වාග් විශාරද කෙනෙක් නම් රංඩු වෙනවා.ඒත් මම වෙනම ආකරයේ හුකන්නෙක්නේ. කුනුහරුප කතා ලියන්න ඕන නැහැ. ඒත් ලියන අය ලිව්වට අපේ තරහකුත් නැහැ. අපේ කාලේ, නෙමේ බං බුදුන්ගේ කාලෙත් ඕවා තියෙන්න ඇති. අද සමාජයේ කොමන් වචන, ලියනකොට භාවිතා කිරීම සුදුසද නැද්ද කියලා, මාත් පොඩි වොච් එකක් දීගෙන ඉන්නවා. කවුරු හරි සංවාදයක් ඕපන් කරන්න. අපිත් බජාර් භාසා වෙල්ලෝ.... :D
මම හිතුවේ උබ කියන්න ගියේ මහා වල් කතාවක් කියල. හක් හක් හා නරකමත් නෑ හිටං 😂
ReplyDelete"ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං"
ReplyDeleteමං නං ඔය අටමගල පාවිච්චිම කරන්නෙම නැහැ ආයුබෝවන්ඩ... කඩෙන් කෑවනං අහවරයි නෙව