2016-11-21

මං අදි මදි කරනවා



‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘

කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ...

‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො දෙන්නාවත් එක්කගන වරෙං මෙන්න මෙහේ ‘‘

‘‘ ..හ ..හ ...හරි වැඩක්නේ ..එයාලට විතරද සෙල්ලං කරන්ඩ හොද ....මට බැ මං එන්නේ නැ ‘‘

‘‘ කිව්වම අහලා වරෙන් මගෙන් ගුටි කන්නේ නැතුව ,  මම කියල තියනව නේද ..ඉස්සර වගේ උඩදාගන නටන්ඩ එපා කියල ‘‘

‘‘ මට බැ ..හ...හ...ඇයි ..වදේ ..මට තමා ඔක්කොම ...ගේ අස්සටම වෙලා ඉන්ඩ ඕන ...චම්පක්කලැ දිහා යන්ඩ දුන්නෙත් නැ ‘‘

‘‘ පක්කලැ දිහා යන්ඩ අරිනවා මං උඹව ....වේසා කෙල්ලො එක්ක පෑහෙන්ඩ ...උඹ මහ ලොකු ලමිස්සිනේ ....මහ මිනිස්සු නැති අතරේ කොල්ලෝ ගෙවල් අස්සේ දාගන නෙයි නාඩගං නටන පදුරියෝ එක්ක ..පෑහෙන්ඩ ...අරිනවා මං උඹව ....මේ මං උඹට දැනගන්ඩයි කියන්නේ ....මේ අම්මා එක්ක නං කවරමදාවත් ඔව්වා හරියන්නේ නැ  ..කියල  මතක තියාගනිං .... පල පල තෝ...රිංගන්ඩ ..ඔය ගුබ්බැයං අස්සේ ... ඔකුන් තුන් දෙනා තොටත් මිනිහෙක් හොයල දෙයි ‘‘

‘‘ හීඊඉඉඉඉඊඊඊඊඊඊ..........ඇඈ...ඉහි ඉහි .....,,‘‘

‘‘ මොකද පරට්ටි දත්කූරු කන්නේ .....ගලවනවා මං තොගේ දත් ඇන්ද ‘‘

‘‘ ඔහොම මට කියන්නේ ..ඇයි ....මං යන්නේ පත්තර බලන්ඩ ‘‘

‘‘ පත්තර බලන්ඩ ....පත්තර බලන්ඩ .....කිවයපියකෝ ගෙට වෙලා ඉස්කෝල පොතක් ......දහයේ විභාගෙට මාස දෙකයි .... මගුල් කතා පත්තර බලන්ඩ ....ඉස්සෙල්ලා ඉගනගන හිටපිය පස්සේ පුලුවං මගුල් කතා බලන්ඩ ..‘‘



‘‘ හරි හරි ...යනවා මං යනවා ...‘‘

‘‘ ඉතිං පල ..‘‘

‘‘ ඉතින් යන්ඩ අහක්වෙන්ඩ ..... ඔතනට වෙලා ඉන්නේ මට ගහන්ඩනේ ..ඔතනින් අයින් උනහම මම එන්නං ‘‘

‘‘ මෙහේ වරෙන් ..මම උඹට කියන්නේ අන්තිම වතාවට ‘‘

‘‘ ඉතින් ඔයා  වැට ගාවිං අයින් වෙන්ඩ ...මං ගේට යන්නං ‘‘

‘‘ ඒයි ..තොපි දෙන්නට දැං මං වෙනම කියන්ඩ ඕනද ....පොල්ලක් අරගන දෙන්ඩ කලිං වරෙව් ගෙට ‘‘

‘‘ ඕයි ලොකු මල්ලි ..පොඩිත් එක්ක එනවා යන්ඩ.... අම්මා ..ගෙට ගියා ....දැං නං ගහන එකක් නැ .....තමුසෙල දෙන්නා හින්ද තමයි මාත් බැනුම් අහන්නේ .....‘‘

‘‘ අනේ යනවා ඕයි  යන්ඩ ... අපිට යැ අම්මා බැන්නේ .....තමුසේ ..චම්පක්කට ප්‍රීයන්ත අයියගේ ලියුං ගෙනිහිං අහු උන හන්දනේ ...අම්මා තමුසෙට බනින්නේ ....අපි කොල්ලෝ ...අපිට ඕන තැනක සෙල්ලං කරන්ඩ පුලුවං ....අර එදා තමුසෙගේ මගුල් ගෙදරදිත් කියුවේ .... ආච්චි අම්මලා , පුංචිලා ...එහෙම ඉස්සර වගේ කොල්ලො එක්ක නටන්ඩ යන්ඩ එපා කියල ‘‘

‘‘ ඕන එකක් කරගන්නවලා ....මං ගිහිං අම්මට කියනවා ..තමුසෙලා ආවේ නැ කියල ‘‘

‘‘ ඔන්න මං නං ආවා අරයලා කියුවට ආවේ නැ ..අම්මේ ...ඔන්න මටනං බයින්ඩ එපා ‘‘

‘‘ දැං උඹ ඔය උදේට මූණ එහෙම හේදලාද  ‘‘

‘‘ නැතුව ..මං ඉන්නවයැ හඩුවට ‘‘

‘‘ එකෙං කමක් නැ ...ආයෙත් ගිහිං නාගන එහෙම ලැස්ති වෙයං ගමනක් යන්ඩ ‘‘

‘‘ කොහේ යන්ඩද  අම්මේ ...‘‘

‘‘ යන්නෙද ...යන්නේ වල පල්ලට ‘‘

‘‘  කියන්ඩකෝ ...අප්පා ..‘‘

‘‘ අප්පා ..අප්පා තමා අප්පා ....කියුවහම ගිහිං ලෑස්ති වෙයං ‘‘

‘‘ කොහේ යන්ඩද කියන්ඩකෝ .....අනික මට බැ මෙච්චර උදෙං   නාන්ඩ ...ගිහිං ආවහම දාඩියේ බැ ...මං යන තැනක ගිහිං ඇවිත් දවල්නාට කාල එහෙම නානවා ‘‘

‘‘ උඹට බඩගිනිද පුතේ ‘‘

‘‘ නැ මට බඩගිනි නැ ‘‘

‘‘ කොල්ලෝ දෙන්නට නං බඩ ගිනි ඇති නටල නටලා ...පාං අරික්කාලක් කාලා ඇතැ කොල්ලන්ට ‘‘

‘‘ කොහෙද අම්මේ අපි යන්නේ ‘‘

‘‘ රත්නා නැන්ද  ලැ දීහා ‘‘

‘‘ ඒ මොකැ හදිස්සියේ ‘‘

‘‘ කිව්වහම ගිහිං ලෑස්ති වෙයං ......ඒ පාර යක් පැටව් දෙන්නා ..ගේ අස්සෙත් නටන්ඩ ගත්තද .. පලයල්ලා ගිහිං වහල්ල මැදගන නාගන වරෙල්ලා ‘‘

‘‘ මේ දැම්ම ‘‘

‘‘ ඔව් දැම්මම ‘‘

‘‘ අප්පෝ මට බැ සීතලම සීතලයි ‘‘

‘‘ මොන සීතලක්ද දැං දහයත් පැන්නා ‘‘

‘‘ අනේ මට බැ මං මූන විතරක් හෝදන්නං ‘‘

‘‘ චුටි පුතා ..උඹ මගෙන් කන්ඩමයි හදන්නේ .....හොදට කුණු අතුල්ලලා නාපං දෙන්නම ... නැත්තං මං පොල්ලෙල්ලක් ඇරං හම ගහනවා , බලපං උඹල දෙන්නගේ කටේ හැටි විදුරු මහත් සුදු මැලි වෙලා ....කොහෙද දතක් කටක් මදින්නේ නැ මනුස්සප්පෙරේතයෝ වාගේ ‘‘

‘‘ ඔය උඔ ඒ ටිකට හෝදගන ගෙටත් ආවද ‘‘

‘‘ අනේ දැං නාන්ඩ බැ අම්මා ‘‘

‘‘ උඹ ගාව සල්ලි තියනවද ‘‘

‘‘ මාගාව කොහෙමද සල්ලි ‘‘

‘‘ මං දැක්කා පැන්සල් පෙට්ටියේ කාසි වාගයක් තියනවා ‘‘

‘‘ අනේ එක මං එකතු කරන සල්ලි ...හතලිහද කොහෙද තියෙන්නේ ‘‘

‘‘ ඒකට කමක් නැ ... ඒක මට දියං හම්බුනහම  දෙන්ඩ බැරියැ ‘‘

‘‘ ඔය කියුවට දෙන්නේ නැ ‘‘

‘‘ නැත්තං ඉතින් අරහේ යන්ඩ එන්ඩ වෙන්නේ පයිං තමා , කොල්ලො දෙන්නටනං ටිකට් ගන්ඩ ඕන නැ ‘‘

‘‘ ලොකු පුතා ...මොකද උඹ ඔය කොන්ඩෙට කරන්නේ ....බම්ප් එක තියන්ඩ ...තෙල් ටිකක් ගාල පැත්තට පීරපං ..‘‘

‘‘ ඈ ..අම්මේ ..කොහෙද අපි යන්නේ ‘‘

‘‘ රත්නා නැන්ද  ලැ දීහා ‘‘

‘‘ තාත්තා ඒදත් බැන්නානේ අම්මට එහේ යන්ඩ එපා කියල ‘‘

‘‘ අනේ එයාට නටාගන්ඩ කියහං ...ගියා ගියාමයි ...සතියකටත් වැඩියි ...ගෙවල් වල ගෑණු ළමයි ඉන්නවා කියල මතකයක් තියනවනං ..මං ගම වටේ ඇවිදින්ඩ ඕන යැ ‘‘

‘‘ අම්මේ යතුර ගන්ඩද ...හුලං කව්ලුවෙං තියන්ඩද ‘‘

‘‘ පොඩි බෑග් එක අරං ඒකට දාගන එලියට බහිනව ළමයෝ .....කෝ චූටි පුතා  ... ඔය ෂර්ට් එක පැත්තක් එලියේ .......හැමදාම කියනවා ඔහොම පවුඩර් දාන්ඩ එපා කියල ....බක්කරේ වාගේ ......හාහා ඉක්මනට යමල්ලා .... ඉර හැරුනට පස්සේ ගෙවල් වලට ගිහිං වැඩක් ඇතැ ‘‘

‘‘ අම්මේ එතකොට තාත්ත ආවොත් ‘‘

‘‘ ඒකත් ඇත්ත බාගදා ඒ මනුස්සයා ආවොත් කොහොමද ගෙට යන්නේ .... එහෙනං යතුර හුලං කවුලුවෙං තියහං ‘‘

‘‘ එය ඉතින් අස්සයා වාගේ දුහන්ඩ තියාගත්තා ...අක්කගේ අත අල්ල ගන්නවා චූටි පුතා .....එතන ගිහිල්ලත් මර විසේට නටන්ඩ ගන්නේ නැ ....උඹල දෙන්නා .....ලොක්කි උඹ යන්නේ එහෙම නැ ...අර කොල්ලගේ කාමරේ අස්සට රිගන්ඩ දැං උඹ පොඩි ළමයෙක් නෙමෙයි ‘‘

‘‘ අනේ මට බැ අම්මා මෙයාව අල්ලං යන්ඩ ...උඩ පැන පැන යන්නේ ....වැලියි මඩයි දෙකම මගේ ඇගට ඉහෙනවා ‘‘

‘‘ චුටි පුතා හොදට අහගනීන් මම මේ කියන දේ ....උඹල දෙන්නටත් එක්කයි මේ කියන්නේ ....එහෙට ගියාට පස්සේ ...ඕන නැති දේවල් කියවන්නේ නැ , ....තාත්ත ආපු නැති කතා ......උදේට පාං කාපු කතා ...ඊයේ රෑට කෑවේ නැ කියල එහෙම කියන්නේ නැ , ... දවල්ට කන්ඩ කතා කරොත් එහෙම මං අදි මදි කරනවා ....  ඔයාල හොදට කන්ඩ ඕන බඩ පිරෙන්ඩ ...බෙදා ගන්න ඒවා ඉතුරු කරනවා එහෙම නෙමෙයි ‘‘




54 comments:

  1. හ්ම්ම් හරිම තාත්විකයි

    ReplyDelete
    Replies
    1. පලවෙනි කමෙන්ට් එක වැටෙනං හිටියේ නිදාගන්ඩ

      Delete
  2. අම්මෙක් කරන සුමයක්...

    ReplyDelete
  3. කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
    සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
    ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා

    මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා

    දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
    දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
    බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා..

    රඹුක්කන සිද්ධාර්ථ හිමි/බන්දුල විජේවීර/දීපිකා ප්‍රියදර්ශණී

    ReplyDelete
    Replies
    1. දැක්ක කල් මගේ සහෝදරයා

      Delete
    2. ආ කාලෙකිං අපිවත් මතක්වෙලා තියෙන්නෙ

      Delete
  4. ලොබ නැතුව අත පය දිග ඇරලා ලියන උබගේ මේ ලියවිල්ලට තමයි මම කැමැති ..
    දෙකක් දාපු වෙලාවට උබ මේ විදිහට කතා කරනවා අහගෙන ඉන්නත් මම ආසයි

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන්ඩත් ආසයි

      Delete
  5. නිල් වෙරළු පොස්ට් එකේ අන්තිම කෙමෙන්ට් වලට උබ උත්තර දීලා නැහැ එහම කරන්න එපා හැම කෙමෙන්ට් එකකටම උත්තර දීපන්

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්ඩත් හේතු තියනවා

      Delete
  6. ///දවල්ට කන්ඩ කතා කරොත් එහෙම මං අදි මදි කරනවා...... ඔයාල හොදට කන්ඩ ඕන බඩ පිරෙන්ඩ.......//
    කොච්චර නැති බැරිවුනත් තමන්ගේ නම්බුවත් බේරාගෙන දරුවන්ට කෑම ටිකක් සපයා ගන්නා ඔයවාගේ අම්මලා අනන්තවත් ඉන්නවා.
    කතාවනම් මරේ මරු අටං මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. අම්මලා විතරක් නෙමෙයි ගොඩ දෙනෙක් එහෙමයි ....අප් යාලුවෙක් කියන්නේ ඒකට මහකම කියල

      Delete
  7. "අම්මා" ගැන කෙටියෙන්ම, ලියවිල්ල හැමදාමත් වගේ පංකාදුයි

    ReplyDelete
    Replies
    1. එහෙම හිතාගන ලියුවා නෙමෙයි

      Delete
  8. ගැහැනියකයගේ අසහනය විදියට නම් කරනවද මවකගේ අභියෝග කියන්නද....
    මේකෙ මව සහ ගැහැනිය එකක් ද දෙකක් ද

    ReplyDelete
    Replies
    1. අම්මාත් ගැහැනියක්..!

      Delete
    2. ඔය සමීකරන මං දන්නැ බං ඔහේ හිතෙනවට ලියනවා

      Delete
  9. ලොකුපුතය හිච්චිඑකා කාලේ ඉඳන් ට්‍රම්ප් වගේ බම්ප් එක තියලා හිටියේ ඈ....!
    ඒකට දැන්...සංසාරේ...!
    ඉතින් බඩ පිරෙනකං මොනවැයි කෑවේ...?

    ReplyDelete
    Replies
    1. බඩ කට පුරා කනවා හැමදාම

      Delete
  10. නියමයි. සමාජ යථාර්ථය දැකීමට මෙන්ම එය ඉදිරිපත් කිරීමටටත් ඔබේ ඇති හැකියාව ඉතා ඉහලයි.....

    ReplyDelete
  11. අටමා නරකද මේ කතා ටික ඔක්කොම එකතු කරලා කෙටි කථා පොතක් ප්‍රින්ට් කලොත්.

    ReplyDelete
    Replies
    1. කරොත්නං හොදයි ...ඒත් කාටවත් 10% ට දෙන්ඩ හිතක් නැ , තනියම පුලුවං දවසක කරමු නේ

      Delete
  12. මරු...
    මාටින් වික්‍රමසිංහගෙ කතාවක් වගේ!!
    හැබැයි තව ටිකක් රළු වුණානම් හොඳයි. දොස්තයෙව්ස්කි වගේ...

    ReplyDelete
    Replies
    1. දොස්තයෙව්ස්කි කවුද බං පත්තරේක වැඩ කරන පොරකද

      Delete
  13. නියමයි අටමා ලියමු...ලියමු දිගටම.....

    ReplyDelete
  14. adanam apiva andavala na..heh.heh..
    Lalith perera.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මං කවදාවත් උඹලට එහෙම කරලා නැ

      Delete
  15. අටමගේ කතාවක් එනකන් හිටියේ කියවන්න. අපූරුයි.
    ජයවේවා!!!

    ReplyDelete
  16. පට්ට දෙබස් ටික බං. පොඩි කාලෙ අපෙ මව්තුමිය ඔන්න ඔය ආකාරයෙන් තමා මට ආදරෙන් කතා කලේ. මොකද ඉතිං මම කියලත් හොඳ වැඩක් කොරයි, නිතරම පස් පව් ඇරෙන්ට.😂

    ReplyDelete
    Replies
    1. අනික බං ඔය බාසාවෙං නැතුව අපිට කියන දෙයක් තේරෙනවා කියලා යැ

      Delete
  17. හැක්.. නියමයි අමමො.

    මොකක්ද බං අර දාල තියෙන ෆොටෝ එක.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ගැලපෙනම එක..

      Delete
    2. හොය හොය ඉන්ඩ කම්මැලියි බං අහුවෙන එක දැම්මා

      Delete
  18. අටං නැවතත් ක්‍රියාකාරීවීම ගැන අපගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කොරමු.අනං මනං ෆිල්ටර් නොදා දෙන දීම නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනං මනං ෆිල්ටර් නොදා දෙන දීම
      අන්න දැක්කද බිලා කුණුහරුපෙන් බනින එකේ වටිනාකම

      Delete
    2. ෆිල්ටර් කියන්නේ මොනවද ...කනජාතියක්ද

      Delete
  19. මරු නියමෙට ලියල තියනවා, සෙංකොට්ටං වගේ.

    ReplyDelete
  20. රෑට නොකා බඩට කොට්ටේ තියාගෙන නිදාගෙන තියෙනවද?..

    ReplyDelete
    Replies
    1. ඕන තරං බඩගින්නේ ඉදල තියනවා

      Delete
  21. දුක වින්ද හෝ විඳින මිනිස්සුන්ට තමයි තව කෙනෙක්ගේ දුකේ පතුල පෙන්නේ.

    ReplyDelete
  22. අම්මලා ඔහොම තමයි..පොඩි කාලේ අපිට ඕක කරච්චලයක් වගේ දැනුනට පස්සේ තමයි තේරෙන්නේ අම්මලා කොච්චර දුක් විඳිනවද කියලා.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Stitching and Pattern making In easy and simple steps,- Part 3
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
  •  ලබ්බ කියන්නේ ඇයි
    නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල…
  • දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්
    මරණයෙන් මතුම මතු දවසක ආයෙත් ඉපදුනොත් මං ආසයි ලස්සනම පිළකට කිරිල්ලියෝ රෑනක් එක්ක හේන් කුඹුරු පාළු කරන්න හිරිකිත කැත සරුපයෝ ඒ පැත්ත මේ පැත්ත…
  • බෝතාල් පත්තරේ
    සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ …
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • how and when to change machine oil for a high speed sewing machine?
    ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය How to replace oil of High Speed Sewing Machines '' ජුකි මැසිමට දාන තෙල් තියනවද…
  • මෙන්න  බලන්න  මේ  siruba 747 overlock  එකට වෙලා තියන දේ
    මේ  මෙෂින්  එක  සිරුබා නුල් හතරේ  ඔවර් ලොක්  මෙෂින්  එකක් , මේ   මෙෂින්  එක…
  • දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ
    .....මේක වෙන්ඩැති කාමරේ .... ..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ...... ...හරි ..හරි මේක ...තමා…
  • සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
     , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • බාස්ලා.... හොරුද ......
    මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද   ''මේ වෙලාවේ හිනා…
  • DB Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • හැකිනං පොලව හාරාගන වැලලෙනවා
    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත් චේන් එකට…
  • How to write a Sinhala blog  ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය
    හත්වෙනි කොටස මෙතැනින්දැං බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි…
  • 2020 ජනාධිපති කවුද
    මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක් ඝෝටා හොදයි සිරිසේන හොදයි රනිල් හොදයි ෆෝන්සේකා හොදයි චම්පික හොදයි බැසිල් හොදයි චමල් හොදයි එස්බී…
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
1,648,912

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>