2016-11-22

ලැජ්ජා වෙන්නේ මොකටද




ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ චූටි මෙන්න  ෆෝන් එක රින්ග් වෙනවා ‘‘

‘‘ ඇයි තාත්තේ ‘‘

‘‘ ඔයාට නෙමෙයි අම්මට ‘‘

‘‘ මං කියල තියනවා නේද එයාට චුටි කියන්ඩ එපා කියල...මම තමයි චූටි ....එයා අම්මිච්චා ‘‘

‘‘ හරි හරි අම්මට කතා කරන්ඩකෝ ‘‘

‘‘ අම්මා මෙන්න ඔයාගේ ....අලියා..... කතා කරනවෝ ‘‘

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ හයියෝ කවුද දන්නැ ‘‘

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

‘‘ කවුද දන්නැ කිය කියා ඉන්නේ ගන්ඩකෝ මේක ‘‘

‘‘ හරි හරි ..ඉන්ඩ අනේ ..අතේ වතුර ‘‘

‘‘ හෙලෝ ‘‘

දැං මට අනිත් පැත්තෙං කියන ඒවත් ඇහෙනවා ....අපේ උන්දැ කම්පියුටරයට චාජ් වෙන්ඩ ගහල තිබුන ෆෝන් එක ගලවන්නේ නැතුව එහෙම්මම අරං කනෙන්  තියාගත්ත හන්දා ... වැඩිපුරම ෂොප් එකේ ඉන්න හන්දා පාරේ වාහන සද්දේ පරද්දන්ඩ හොදටම සද්දේ වැඩි කරලයි තියෙන්නේ

‘‘ මේ ඔයා අර බ්ලවුස් එක හැදුවද ‘‘

‘‘ කවුද මේ   ඒ   ..කොයි බ්ලවුස් එකද ...අ...‘‘

‘‘ අර ලානිල් පාට එක ...හිර මදි කියල දෙපැත්තෙං පොඩ්ඩ පොඩ්ඩ ගහල දෙන්ඩ කියුවේ ‘‘

‘‘ ඒක මං අද හදලා දෙන්නං කියුවද ‘‘

‘‘ නැතුව... මං ඔයාට කියුවනේ අද ඕන කියල ‘‘

‘‘ නැ නැ... මම බැ කියුවා ...පුලුවං වෙලාවක හදල දෙන්නං කියලනේ කියුවේ ‘‘

‘‘ ඉතින් අද මට ඕනනේ ...‘‘

‘‘ ඉතින් මම කියුවනේ අද දෙන්ඩ බැ කියල ‘‘

‘‘ එහෙනං ඔයා ඇයි ගත්තේ ‘‘

‘‘ මම ඔයාට බැ කියුවනේ ....ඔයානේ බලෙන්ම දාලා ගියේ ...කමක් නැ එහෙනං පුලුවං වෙලාවක හදලා දෙන්ඩ කියල ‘‘

‘‘ ඉතිං ඔයා ...බැ කියල ආයෙත් ගත්තනේ ‘‘

‘‘ ඒ උනාට මං ඉස්සෙල්ලම කියුවනේ ඔයාට ..මං කඩෙං ගත්ත ඇදුං හදන්ඩ ගන්නේ නැ ....මට බැ කියල ‘‘

‘‘ මම තව ටිකකිං ගමනක් යනවා ...මට ඒක ඇදගන යන්ඩ ඕන ‘‘

‘‘ බැ ..බැ ..මට දැං එන්ඩ බැ ....සනීපත් නැතුව ඉන්නේ ....හරියට ඔලුව කැක්කුමයි ....බබාටත් සනිප නැ .....හොද්ද කර වෙනවා ....මං ෂොප් එකට ආපු ගමං ඔයාට කෝල් එකක් දෙන්නං .....තියනවා එහෙනං ‘‘

‘‘ ....කවුද අනේ ඔය.... ‘‘

‘‘ මල වදේ අනේ .... මෙච්චර කල් ඇදුං නැතුව හිටියා වාගේ .....මහන්ඩ එන අයනං කමක් නැ .....ඔය ආවාමයි  .....කඩේං ගත්ත එකක් හදන්ඩ ඇරං ඇවිත් ....තාම චාජ් වෙලත් නැ .....මෙන්න මේක ඔහොම්මම තියන්ඩ ලොකු .....ගලවන්ඩ එපා .. ‘‘


‘‘ ඉතින් එහෙම කියල හරියනව යැ ...ගත්තා නං දෙන්ඩ එපැ ‘‘

‘‘ මං ගත්තේ නැ අනේ ...ඒ හොල්මන බලෙං දාල ගිහිං .... වද දෙනවා ‘‘

‘‘ හාකෝ   හාකෝ ....කොහෙද ඉතින් කියන එක ගැන නෙමෙයිනේ ...කියවන්නේ ‘‘

‘‘ හපොයි මගේ ..කරවල හොද්ද ....‘‘

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...

ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...


‘‘ මෙන්න ආයෙත් රින්ග් වෙනවෝ ....කලිං නොම්මරේමද කොහෙද ‘‘

‘‘ ඇහෙනවෝ ...මේ එනවෝ ‘‘

‘‘ උස්සලා ස්පිකර් ෆෝන් දාන්ඩ හරිද ‘‘

‘‘ හෙලෝ ‘‘

‘‘ මේ ඔයා එතකොට ඒක හැදුවේ නැද්ද ‘‘

‘‘ නැ නැ ...හදලා තියෙන්නේ ‘‘

‘‘ ඉතිං එහෙනං ඇවිත් කඩේ ඇරලා ..මට ඒක දෙන්ඩකෝ ‘‘

‘‘ අපි ෂොෆ් එක අරින්නේ  දහයට ‘‘

‘‘ ආ එහෙමද  ඉතින් එතකොට වහන්නේ කීයටද ‘‘

( ......අහන්ඩ කඩේ වහන්ඩ උදව් වෙන්ඩ එන්ඩද අහන්නේ කියල.....  )

‘‘  මේ කට වහගන ඉන්ඩ අනේ ‘‘

‘‘ මොකක් ....  මොකක්ද කියුවේ ‘‘

‘‘ නැ නැ වෙන කතාවක් ..මේ අපේ ..එක්කෙනාට කියුවේ ‘‘

‘‘ ආ ඒක මිසක් ... එතකොට කඩේ වහන්නේ කීයටද ‘‘

‘‘  වහන්නේ  අටට ‘‘

‘‘ ඔයාල කොහෙද ඉන්නේ ‘‘

‘‘ නවලෝකගම ‘‘

‘‘ එහෙනං ඇවිත් කඩේ ඇරලා බ්ලවුස් එක මට දෙන්ඩ ‘‘

‘‘ බැ දැන්නං එන්ඩ බැ .....අද තවත් ටිකක් පරක්කු වෙයි ‘‘

‘‘ ඉතිං ලගනේ ...ඇවිත් මට මේක ඇරං දීලා ආයෙත් යන්ඩ ....‘‘

‘‘ බැ බැ පුලුවං කමක් තිබුනනං එනවා ...අමාරු හින්දයි මං කියන්නේ ....මට සනීප නැ ‘‘

‘‘ ඉතිං මට ඒක ඕනනේ ‘‘

‘‘ අනේ මට කතා කරන්ඩත් අමාරුයි ...ඇත්තටම සනිප නැ ... තියනවා එහෙනං ‘‘


...... මල කරදරේ මං මේක ඔෆ් කරල දානවා .....


‘‘ මොකක්ද අනේ ඔය ..ඔයා හරියට මිනිස්සුන්ට පැහැදිලිව නොකියන එකේ වරදනේ ....ඇඹරි ඇඹරී ඉන්ඩ එපා ......පලවෙනි පාරම කියන්ඩ තියන දේ කෙලින්ම ..කියන්ඩ ...එහෙම නැතුව ...නලවන්ඩ ගියහම  තමා ඔහොම වාත වෙන්නේ ...සැරින් සැරේ කෝල් කරකර ‘‘

‘‘ කියනව ලොකූ ....මේ මිනිස්සුන්ට  කියනදේ තේරෙන්නේ නැනේ ‘‘

‘‘ තේරෙන්නේ නැතුව නෙමෙයි ..අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතිකම ..තමන්ගෙ වැඩේ විතරයි ‘‘

‘‘ ඉන්ඩකො මං කරන්නං හොද වැඩක් බ්ලවුස් එක හැදුවට සීයක් නෙමෙයි දෙසීයක්ම ගන්නවා ‘‘


ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං


‘‘ මොන හුයන්නක්ද  මේ ඒ පාර මගේ ෆෝන් එකට ගන්නවා‘‘

‘‘ ඉන්ඩකෝ  හොදවැයිං දෙකක් කියනවා මං මේ පාර නං ‘‘

ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං


‘‘ එපා ඕක ගන්ඩ ...ඔහේ රින්ග් වෙච්චාවේ ‘‘

‘‘හෙලෝ ‘‘

‘‘ මං මේ ඇවිල්ලා කඩේ ඉස්සරහයි ඉන්නේ ‘‘


‘‘ හෙලෝ ....නංගි මේ .....අනේ කරදර කරන්ඩ එපා .......ඔතන දොරේ අපි ගහල තියනවානේ ෂොෆ් එක අරින්නේ උදේ දහයට වහන්නේ රෑ අටට ...ඒ ඇරුනහම පෝයටයි ...හැම මාසෙම හය වෙනිදටයි විතරයි වහන්නේ .....ඇරල තියන වෙලාවක එන්ඩ ‘‘

‘‘ ඉතින් සමහරක් දවසට ඔයා උදෙම්ම කඩේ අරිනවනේ ‘‘

‘‘ ඔව් සමහරක් දවසට හයට හතටත්  එනවා තමයි ...ඒත් අද බැ ‘‘

බීප් ....බීප්

‘‘දැං ඉතිං ඔය හොදවයින් දෙකක්ද ඔය කියුවේ ‘‘

‘‘ ඔහොම නැතුව   ඔයා වගේ මිනිස්සුන්ට සැරෙං කතා කරන්ඩ කියලද මට කියන්නේ ‘‘

‘‘ අනේ මේ ඕක පැත්තකට දාල ඇදට ගිහිං ඇස් දෙක තදකරල වහගන ටිකක් ඇලවෙලා ඉන්ඩ ..එතකොට ඔලුව කැක්කුම අඩුවෙලා යයි ....‘‘

‘‘ එහෙනං ඔයා ගොටු කොල සම්බෝලයක් හදනවද ‘‘

‘‘ අප්පා ගොටුකොලනං ලියන්ඩ බැ ...කංකුං මිටියක් තිබ්බා නේ ඒක තෙල් දාන්නං ‘‘

‘‘ හා එහෙනං ....ඔන්න ඔය ඔයාගේ ෆොන් එකත් ඔෆ් කරල දාන්ඩ ‘‘

‘‘ පිස්සුද මනුස්සයෝ මෙෂින් හදන්ඩ කවුරු හරි කතා කලොත් ‘‘

ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං

අපේ උන්දැ ඇදට ගිහිං විනාඩියක් ගියේ නැ ආයෙත් රිංග්  වෙනවා .....ගොඩ දවසකින් ආතල් එකක් ගත්තෙත් නැ .....වම් කම්මුල ඇගිලි දෙකෙන් එලියට ඇදලා ....නාකි ලොඔු මෝඩ් එකට වොයිස් එක චේන්ජ් කරලා ..ඉස්සුවා ෆෝන් එක

‘‘ හලෝඔඔ....‘‘

‘‘ මේ..... මේ .....අර ඇදුං මහන කෙනා ඉන්නවද ‘‘

‘‘ ඉන්නවා නෝනේ ....ඒ අපේ ලොකු කෙල්ලගේ දෝණියැන්දා නේ ‘‘

‘‘ එයාට ෆෝන් එක දෙන්ඩ ‘‘

‘‘ දැං නං ෆෝං එක ළමයට දෙන්ඩ හැටියක් නැ ...නෝනේ ‘‘

‘‘  දැං ටිකකට කලිනුත් මං කතා කලා ...අංකල් එයාට ෆෝන් එක දෙන්ඩකෝ ‘‘

‘‘ නෝනෙට කියන්ඩ නෝනේ ....ඔය මැහුං සාප්පුවක් දාගන,  මේ කෙලීට ......කන්ඩද ...බොන්ඩද...වතුර ටිකක් ඇගට දාගන්ඩ ඉස්පාසුවක් නැ  ...යකා බැදගත්තා වාගේ ,.... උදේ  හිටං ෆෝං එක කෑගහනවා කෑගහනවා ඉවරයක් නැ , බෙට්ට පුක මුලට තද කරගන ඇඹරි ඇඹරි ගෙයි වැඩ කරකර ඉදලා .... ඔන්න දැං බෙට්ට බාන්ඩ දිහුවා ‘‘



79 comments:

  1. උඹගේ පෝස්ට් ඔක්කෝම එකම මැටි ඇනිල්ලෙන් යන්න අරන් තියෙන්න දැං පෝස්ට් හතර පහක ඉදලම.. ඒකෙන් කියවන්න කම්මැලියි. එකම හට්ටිය නේ එන්නේ. හැක්.. සිරාවට කිව්ව‍ෙ

    ReplyDelete
    Replies
    1. මං ඉතිං ඔයිට වඩා දෙයක් දන්නවා යැ බං , දන්න දේ එපැ කරන්ඩ

      Delete
    2. මැටි ඇනුවට කැටයම් එකිනෙකට වෙනස්නෙ... ඔහෙම ලියාගෙන පලයං

      Delete
    3. එහෙමද එහෙනං කමක් නැ

      Delete
  2. මිෂෙල් ඔබාමට දෙට්ට පිලට යන්නවත් වේලාවක් නැතිව ඇති උඹේ වැඩත් එක්කම කරන්න උනාම.

    ReplyDelete
  3. එක හරි අටමා කාටත් තමන්‍ෙගේ වැ‍ෙඩෙි කර ගත්තාම ඇති.අනිත් එවුන්ට ‍ෙහෙ‍ෙන ගැහුවත් කමක් නැ....

    ReplyDelete
  4. හෙහ් හෙ...එක පාරක් කම්මැලි කමෙන් කියෙව්වා..අන්තිම ටික කියවනකොට කික් එක ආවේ. ආයේ මුල ඉදල කියෙව්වා...

    ReplyDelete
  5. හැම හැම දේකම එක පැත්තක් විතරක් බලන එක ලෝකෙන් උතුම් රටේ ඉන්න ගොඩ දෙනෙක්ට තියන ලොකු දුර්වල කමක් ... ඔය කියපු එක අපි හැමෝටම පොදුයි.

    තමන් වගේම අනෙක් මිනිස්සු ගැනත් හිතනවා නම් මේ ලෝකේ ගොඩක් හොඳ තැනක් ...

    මම අටම ලියන සරල තාත්වික සිදුවීම් යට තියන ලොකු කතන්දර වලට කැමතියි, හැබැයි ආයෙත් අහන්නමයි කියල හිටියේ ...

    ගැත්තාට තරහ අවසර අටංතුමෝ .... මේ බෙට්ටත් ... අර බෙට්ටත් හැර තවත් බෙටි තිබේද ? :)


    මේ යකා ලියන හැම මගුලකම කොහේ හරි ගෑවිච්ච බෙට්ටක් පෙන්නේ මට විතරද මන්ද :)

    ReplyDelete
    Replies
    1. ලියන ඒවට බෙටි ගෑවුනාට මොකද හැමදාම රෙන එකේ

      Delete
    2. මාත් හෙන මනාපයි ඔය බෙටි කතා වලට

      Delete
    3. බෙටි රස දන්නෝ ගූ හදුනන්නො

      Delete
  6. මරූ ඈ..ලියපු ස්ටයිල් එකත් මරු..ඒත් අන්තිම්ස් පෝස්ට් කීපයම මේ ස්ටයිල් ඒක නිසා පොඩි වෙනසක් කරත් කමක් නෑ,නොකරත් කමක් නෑ.........

    ReplyDelete
    Replies
    1. හිතල කරන්නැ , ඔය ලියවෙන විදිහට ලියනවා , අනික මං කැමතියි දෙබස් වලිං ලියන්ඩ

      Delete
  7. හෙහ් හෙහ් කඩේ ඇරලා ඕක දීලා ආව නම් ලේසියි කියල හිතුනේ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. පුරුද්දට යනවා හරි කරදරයි

      Delete
  8. හැම මාසෙම හය වෙනිදට කඩේ වහන්නෙ ඇයි බං?

    ReplyDelete
    Replies
    1. පන්සලේ දවල් දානේ අපිට තියන දවස

      Delete
  9. අපේ ගෙදර ඔකේ අනිත් පැත්ත ...මගේ පෝන් එකෙන් ගෙදර අනිත් එවුන්ට කරදරේ

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒක ලමයෙකුට දීහං

      Delete
    2. සුජිට දෙනවා මාත් , එපා වෙනවා ඕයි

      Delete
  10. මටත් හිතුනේ පැතුම් ට හිතුන එක.. ඔය රෙද්ද දීල ආවනං ඉවරයි.. මහලත් ඉවර එකේ..

    ReplyDelete
    Replies
    1. ඒකට මං ගිහිං හරියන්නේ නැ , අපේ පවුලම යන්ඩ ඕන , ඒ වෙලාවේ එයාට යන්ඩ බැනේ , ඔක නිකං ඇරං යන්නේ නැ , ලොකුයි කියයි පොඩිය් කියයි , කිහිල්ල යටිං ගහන්ඩ කියයි , ඒකමයි හදන ඇදුම් නොගන්ඩත් හේතුව , මහ මල වදයක්

      ස්ටෑන්ඩඩ් සයිස් වලට මහපු ඇදුම් එක එක්කෙනාගේ ඇගවල් වලට හදන එක මහ වදයක් , හරියට එන්නෙත් නැ , ඒ වෙලාවේ සාරි හැට්ටයක් මහත හැකි.

      Delete
    2. ඉතිං උඹට පුළුවන්නෙ ඔය කියන තැනකින් ගහල දීල එන්ඩ, මොකෝ මැසින් අතගාන උඹට ඕක කජ්ජක්ද ?

      Delete
    3. දාල බලන්ඩත් එපෑය

      Delete
  11. ඔහොමනං බෑ පුතෝ. ටිකක් වැඩේ නැගලා යනතුරු පාරිභෝගිකයන්ව ඔඩොක්කුවේ තියාගෙන සලකන්ඩ ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කවුරු හරි කියයි කියල මං හිතුවා මේක ලියනකොටම ....මොනවාහරි තමන්ගේ දෙයක් කරලා බලන්ඩකෝ ...අපේ මිනිස්සු කොච්චර වදදෙනවාද කියලා ...ඔඩෙක්කේ තියාගන සලකන්ඩ බැ ...එහෙම කරනකොට එයාල අපිව ඔඩෙක්කේ ඉන්දවගන වෙන වෙන ඒවා කරන්ඩ එනවා

      Delete

    2. \\\එහෙම කරනකොට එයාල අපිව ඔඩෙක්කේ ඉන්දවගන වෙන වෙන ඒවා කරන්ඩ එනවා//


      හෑ...!

      Delete
    3. ඔව් එහෙම තමා අපේ මිනිස්සු .....අත දෙන්ඩ ගියහම අපිට අතට දෙන්ඩ එනවා .....එතනිං ගියහම වෙන වෙන ඒවත් කරන්ඩ හදනවා .....

      පාරිබෝගිකයා රජාය තියරිය අපේ මිනිස්සුන්ට හරියන්නෙම නැ

      Delete
    4. මහත්තයා හමුදාවේ නේද? දෙමලු කීයක් මැරුවද?

      Delete
    5. මහත්තයා ඔබට සතුටුයිද දැං

      Delete
    6. අටං උඹ ආමි එකේ හිටියා කියලා අපි දන්නේ නෑ

      Delete
    7. පිස්සුද බං මං ගැලවිමේ හමුදාවේවත් ඉදල නැ

      Delete
  12. 'Busy woman how to use toilet ' ? මේ මාතෘකාව දැක්ක ගමන් මට හිනා වෙලා කෙල හිස්මොල්ලේ ගිහිං මාර අමාරු උනා ඔයි. මොකක්ද අයිසේ තමුසෙගෙ ඉංගී‍්‍රසි? නිකං පේරාදෙණියේ උපාධිකාරයෙක්ගේ වගෙනි.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ ඕයි ..කාර්යබහුල කාන්තාවක් වැසිකිලි භාවිතා කරන ආකාරය කියල ගුගල් දෙයියගේ මල්ලි ට්‍රන්ස්ලේට් දෙයියගෙන් ඇහුවහම පොර කියුවේ ඔහොම තමා

      Delete
    2. දෙයියො සේරම එකයි. පිස්සුමයි කෙළින්නෙ..........

      Delete
    3. Gods all one. playing mad only

      Delete
    4. එක් සියලු දෙවිවරුන්ට. එකම පිස්සු සෙල්ලම්

      Delete
  13. ඇදුම දෙනකොට තුන්ඩුවක් දියං අහවල් වෙලාවට එන්ඩ කියල. මගෙ කලිසම් මහන එකාට මම කියල දුන්නෙ මේක. හැබැයි කිවුව වෙලාවට බඩු රෙඩි කරල තියෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් උඩට ගිහිං හරියට කියවලා වරෙන්

      Delete
  14. බ්ලවුස් එක නැතුව යන්න කියහං බන් මල කරදරේ....

    ReplyDelete
  15. අනිත් එකාට හෙණ ගැහිල ගියත් මොකෝ තමුන්ගෙ වැඩේ වෙලාවට කෙරිලා.. ඕක තමයි හැම එකාම හිතන්නෙ.ගේ හදන බාස්ලගෙ ලයින් දැක්කනෙ?
    කඩේ ගහල තියන වෙලාවට ඇරල දුන්නනම් ඉවරයි.නැලවිල්ල ඔරොත්තු දෙනවා හොරයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි බං ...කොහෙද මුන්ට ඒව්වා තේරෙනව යැ

      Delete
  16. මරු කතාව අටමෝ. ලෙහෙසි නැහැ. ඕවගේ වැඩ භාර ගන්නේ නැතුව හිටියම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ගන්නේ නැ ඔය බලෙං දාල ගිහිං

      Delete
  17. මමනං ‍මොකා කොච්චර කෑගැහුවත් ෂොප් එක අරින්නෙ වහන්නෙ මට ඕන වෙලාවට.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දේශ කයාට ෂොප් එකක් තියෙනවා. කොහෙද ? වෙලාවක ගොඩවෙන්න . ඩිස්කවුන්ට් දෙනවද?

      Delete
    2. වැඩක් නැ ඕකා අදුරන්නෙ නැ

      Delete
    3. වෙස් වලාගෙන එනකොට අඳුරන්න පුලුවනැයි.

      Delete
  18. මම අටමාව දන්නේ දුරකථන ඇමතුම් කීපයකට පින් සිද්ධ වෙන්න. ඒ දන්න අටමා මේ විදිහට ඇමතුවේ නැත්නම් ඒක තමයි පුදුමේ. හැබැයි ඒ වගේ උන්ට තේරෙන වෙන භාෂාවක් නෑ. (මොනවා උනත් උන් ගෑණුනේ බං)

    ReplyDelete
  19. හි හී අයියෝ... කෝල් වලට උත්තර දෙන වෙලාවේ කඩේ දහ පාරක් අරින්න තිබුනා ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඇරියා වගේ යැ ඊටපස්සේ දෙන කරදර

      Delete
  20. පිස්සු හුත්තියෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹ් හුම් ගෑවේ කොයි එකී ගැන හිතලද?

      Delete
    2. උඹ් හුම් ගෑවේ කොයි එකී ගැන හිතලද?

      Delete
  21. ඔය විදියේ කස්ටමර්ස් ලා ඉන්නවා...මල පනිනවා...හැබැයි ඔහොම උන්ව අල්ල ගත්තොත් හැම දාම ඒවි...උන්ට සලකන එකේ වාසි පැත්තක් නැත්තෙම නැහැ

    ReplyDelete
    Replies
    1. මොනවාසියක්ද මචං මල වදකාරයෝ .....වගාවක් වෙන වැඩක් ගේන්නේ නැ ...වදම දෙනවා මිසක් ....මටත් ඉන්නවා ඔහොම පොරවල් ටිකක් ...කිලුටු පොතේ ලියල තියෙන්නෙ

      Delete
  22. අටම්පහුර, කෙලින්ම කියන්න පුළුවන් කම තියෙද්දී අයේ මොකටද භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ.. කැමැත්ත නිසාම දෙපාරක්ම කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ///////කෙලින්ම කියන්න පුළුවන් කම තියෙද්දී අයේ මොකටද භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ//////////

      මේක මහ ගැටළුවක් ෆිලෝ...මටත් ඔහොම හිතෙනවා. මම පෝස්ට් එකක් ලියද්දි සංවර කම භාශාවේ අස්සේ හංගනවා. හරි අමාරුයි. මොකද මම වාග් විශාරද කෙනෙක් නම් රංඩු වෙනවා.ඒත් මම වෙනම ආකරයේ හුකන්නෙක්නේ. කුනුහරුප කතා ලියන්න ඕන නැහැ. ඒත් ලියන අය ලිව්වට අපේ තරහකුත් නැහැ. අපේ කාලේ, නෙමේ බං බුදුන්ගේ කාලෙත් ඕවා තියෙන්න ඇති. අද සමාජයේ කොමන් වචන, ලියනකොට භාවිතා කිරීම සුදුසද නැද්ද කියලා, මාත් පොඩි වොච් එකක් දීගෙන ඉන්නවා. කවුරු හරි සංවාදයක් ඕපන් කරන්න. අපිත් බජාර් භාසා වෙල්ලෝ.... :D

      Delete
  23. මම හිතුවේ උබ කියන්න ගියේ මහා වල් කතාවක් කියල. හක් හක් හා නරකමත් නෑ හිටං 😂

    ReplyDelete
  24. "ටලං ...බලං ...ටලං ...බලං ...ටලං.....බලං"

    මං නං ඔය අටමගල පාවිච්චිම කරන්නෙම නැහැ ආයුබෝවන්ඩ... කඩෙන් කෑවනං අහවරයි නෙව

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘  Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට  rashain mobile kiribathgoda
    ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු…
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • රාහු ගිල්ල ආදරේ
    '' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද '' '' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා…
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  • Sri Lankan Style Octopus Recipe
  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද
    '' කීර්ති අයියේ කෝල් එකක් '' වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින්…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • යුග දිවී රස
    ‘‘හෙල්ලෝඕ‘‘ ‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘ ‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා…
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • තවත් එක් කක්කා කතා වස්තුවක්
    මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ…
  • ලල්ලයි පූසී පැටියයි
    ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ…
  • වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම  , The wrong needle is the wrong side
    මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.…
  • මහන මෙෂින් අළුත්වැඩියාව
    මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 
  • How to write a Sinhala blog  ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
    හයවෙනි කොටස මෙතැනින් ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න ඊට පස්සේ ටෙම්පලේට් ඊටපස්සේ කස්ටර්මයිස් ඊටපස්සේ…
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • අපි නොදන්න බාර් කතා
    ඔන්න  මම මේ ලගදී දවසක ගියා  බාර් එකට ... ඉතින් ඔය ගෙදරට ගෙනත් ගෑණු දරුවෝ එක්ක කයියක් ගහගන අනුමත වෙන එකත් දිගටම කරන්ඩ ගියහම …
  • සම හරක්  පිස්සො
    සමහරක්  පිස්සො ඉන්නවා උන්ට පිස්සු කියල උන් දන්නවා තනියම ගිහිං බෙහෙත් ගන්නව තව සමහරක්  පිස්සො ඉන්නවා  උන්ට පිස්සු කියල උන්…
1,649,845

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>