2017-01-30

අරක්කු සිකරට් බොන එකේ මොන ආතල් එකක්ද

දැං මේ මං අටහමාරට විතර ගෙදර එනගමං .... චුට්ටක් මොනවාහරි කරන්ඩ කියලා හිතලා දැල් කඩේ ගාවට ලංකරලා  නවත්තලා අල්ලපු කඩේට ගිහින් සිකරට් අරං අනිත් පැත්ත හැරෙනකොට සිහිකල්පනාව නැතුව වාගේ මනුස්සයෙක් ...ඇවිත් බිස්ටල් දෙකයි බිඩි මිටියකුයි ඉල්ලුවා ....මං බයික් එක ගාවට ගිහින් සිකරට් එකක් පත්තු කරන ගමං ඒ පැත්ත බැලුවා ...සිල්ලර  බඩු දාපු සිලි සිලි  කවරයක් එක අතක එල්ලාගන වැලමිට ලගට ... කලිසමක් ඇදලා අත්දිග කමිසය  වැලමිටින් උඩට නමලා .....මේසන් වැඩ කරන කෙනෙක් වාගේ ...අතපයවල හැටියටයි දාගන ඉන්න බාටා දෙකේ පාටටයි ....උඩ  සාක්කුවෙන් එලියට ගත්ත පන්සීයේ කොලයකුයි ...තව සියේ පනහේ විස්සේ කොල ටිකකුයි .... පන්සීය වෙනමම නමලා ඉස්සෙල්ලම උඩ සාක්කුවට තට්ටුවක් දාල එහෙම  ඉතුරු ටිකෙන්      කඩේට සල්ලි දීලා එහෙම එලියට බහින කොටම ...තව කෙනෙක් ආවා ඉස්සරහට .......සරමක් ඇදලා  කමිසයේ අත දෙපාරක් විතර නමලා ...... හම්පටි සෙරෙප්පු දෙකක් දාලා .... ටිකක් පිලිවලයි ....ෂර්ට් එකේ අස්සට අත දාගන සරමේ ඉන එහෙම හදලා ...එක අතකින් සරමේ ඉස්සරහට අත තියාගන එහෙම ආවේ.

‘‘ කෝ ගත්තද ‘‘

‘‘ මම කියුවේ මට විතරයි ගන්නෙ කියල ‘‘

‘‘ ඉතින් හෙට පඩියෙන් අඩු කරගන්ඩ කියල කියුවනේ ‘‘

එහෙම කියනකොට ...පොරගේ මූනේ තිබුනේ හිනාවක්ද ඒ වාගේ එකක්ද මන්දා ....හැබැයි ඒ  මුහුනේ ..ලැජ්ජාව , දුක , අසරණ කමනං හොදටම පිරිලා තිබුනා

‘‘ යකෝ මේ වැඩෙත් පාඩුවට යන්නේ ...අන්තිම හරියට ගෙදරින් සල්ලි ගේන්ඩ වෙයි ‘‘

‘‘ ඉතින් මම හෙට දෙනවනේ ....උවමනාවක්  හන්දනේ ‘‘



‘‘ නිව්ටා උඹට පඩිය දුන්නා ‘‘

‘‘ එහෙනං එකසිය හතලිහක් ..දෙන්ඩකෝ ‘‘

‘‘ මේ වැඩේ  පාඩුුයි බං ....කියන හුත්ත තේරුං ගන් නැනේ ...මා අතේ තියෙන්නෙත් මෙච්චරයි ‘‘

සාක්කුවෙන් ඇද්ද සල්ලි ටිකක් පෙන්නුව පොර ...කඩේ ඇතුලට ගිහිං ...කඩේ ළමයගෙන් මොනවද ඉල්ලුවා

කලිසම ඇන්ද මනුස්සයා ආයෙත් සාක්කුවේ සල්ලි ටික එලියට ඇරං බලලා ...පන්සීය සාක්කුවට දාගන ...ඉතුරු කොල ටික ආයෙත් ගැනලා අතේ තියාගනම ...කලිසං සාක්කුවෙන් ගත්ත බීඩි මිටියෙන් බීඩියක් කටේ ගහගන අනිත් සාක්කුවෙන් ගත්ත ගිණි පෙට්ටියෙන් පත්තු කරං ....අල්ල පැත්තට වෙන්ඩ බීඩිය අල්ලං ....ඔලුව ටිකක් උඩට උස්සලා ...උගුරු දෙක තුනක් ඇද්දා ..මට හිතුනේ බිස්ටල් දෙක කොයි වෙලාවට බොනවා ඇද්ද කියලා බාගදා බත් කාල එකක් බීලා උදේට බොන්ඩ වෙන්ඩ ඇති අනික.


ඔන්න දැං ඒ මනුස්සයා අරක්කු  ඇරං එලියට බහින පොරක් ලගට ගිහින් මොන මොනවදෝ කියුවා .....පොරත් මොනවදෝ කියලා ගියා .....තවත් එන එකෙක් ලගටත් ගියා ....  ඊලගට ආයේ ඇරං යන එකෙක් ලගට ....  ඔන්න එතකොට  ආවා ....ඒ වයසෙම ඒ වාගෙම පොරක් ... ඒ මනුස්සයට  අතේ තියන සල්ලි පෙන්නලත් මොනවද කියුවා .... පොරත් ටික වෙලාවක් මොනවදෝ කියව කියවා ඉදල .... බාගයක් ඇරං ගියා .... පොර දැං හැරිලා මා දිහාට එනවා ...මං හිතුවේ මගෙන් ඉල්ලන්ඩ කියල ....නැ මාවත් පාස්කරං ගියා ..එතනම නවත්තල තිබුන ත්‍රීවීල් එක ලගට ....ටිකකින් ආයෙත් හැරලා ආවා.....මාවත් පාස්කරං ...වයින් ස්ටෝස් එක ඇතුලට ගියා ......මාත් පස්සෙං ගිහින් අරක්කු ගන්ඩ එන මිනිස්සුන්ට ඉඩදිදි කල්මැරුවා ....ඒ මනුස්සා මොනවද කරන්නේ බලන්න.

සාක්කුවේ පන්සීය එලියට ගත්ත මනුස්සයා ....අතේ තිබුන ඉතුරු ටික සාක්කුවට ඔබලා ...

‘‘ ගල්කාලක් ‘‘

ගල් කාල ගත්ත මෑන් බිත්තිය මුල්ලට ගියා ....බිස්ටල් එකක් පත්තුකරගන ....කාල කඩලා ගුඩු ගුඩුස් ගාල ඇරලා දැම්මා ....කාලේ බෝතලේ එතන තිබුන පෙට්ටියට දාලා යන්ඩ ගියා .....

මං කවුන්ටරේට ගිහින් හැනපියර් බාගයක් ඉල්ලුවා .... මම  අර මනුස්සය දීහා ගූ ඇහැ දාගන බලාන ඉන්නවා දැකලද කොහෙද බාර් එකේ පොර බඩු දෙන ගමං කියනවා

‘‘ කොහොද ගහපු ගැහිල්ල ‘‘

‘‘ ඒකනේ ‘‘

‘‘ බියර් ගහපු පොරවල් දැං ආයෙත් අරක්කු ගහනවා ‘‘

‘‘ ගණන් ගිය හන්දා නේ ‘‘

‘‘ ඒක විතරක් නෙමෙයි බියර් පැක්ටේරිය වතුරට යට උනයින් සැහෙන කාලයක් බෝතල් තිබුන්නැ නේ ‘‘

‘‘ ආ ඒකයි ‘‘

‘‘ හැම එකෙන්ම කෙලවෙන්නේ පොඩි මිනිස්සුන්ට ....තියන උන්ට ගානක් ඇතැ අයියේ .... සිකරට් එකක් සීයට ගියත් ගානක් නැ ‘‘

මටනං හිතෙන්නේ  අරක්කු සිකරට් ගණන් වැඩි කරපු එකෙන් සෙතක් වෙන්නෙම නැ ....එකමදේ ..ආණ්ඩුවට බදු මුදල් ටිකක්   වැඩිය එකතු වෙන එක විතරයි .....මෙහෙම ගියහම ඒකත් වෙයිද මිනිස්සු අරක්කු සිකරට් බොන එක අගහිගකං හින්දා අඩු කලොත්

බියර් මිල අඩුවෙන් තියනකොට ...කසිප්පු වැටලීම්....වැඩි වෙනකොට කසිප්පු බීපු අය බියර් වලට ආකර්ෂනය උනා ......ඒ විතරක් නෙමෙයි .......ගංජා මිලදි ගන්ඩ ...තියන පහසුව නැති වෙනකොටත් ගංජා බීපු අයත් බියර් වලට මාරු උනා ....  ෆාමසි වලින් පෙති අරං ගහපු එවුන් ..ඒක ඇහිරෙන කොටත් බියර් වලට තමා මාරු උනේ .....අරක්කු බොන අය උනත් සල්ලි මදිපාඩු  වෙලාවට ....ස්ටෝන්ග් බියර් එකක් ගහලා ගෙදර ගියා ....වෙරි මදි උනත් බඩවත් පිරිලනේ කියල . දැං දැං ආයෙත් තැං තැන්වල නැත්තටම වාගේ නැති වෙලා තිබුන කසිප්පු පැකට් විකුනනවා.

සිකරට් වලදිත් ඔය සෙතේම තමා .....සිකරට් ගණන් වැඩිවෙනකොට ...බිඩි වලටයි ..සුදු බීඩි වලටයි ....හොර සිකරට් වලටයි මිනිස්සු මාරු වෙනවා ...

කෙනෙක් කියන්ඩ පුලුවන් ඔව්වායේ ගණන් වැඩි කරලා ..බොන්ඩම බැරි කරලා දාන්ඩ ඕන කියල .... ප්‍රමිතියක් ඇති දේවල් වලින් මිල වැඩි වීම නිසා මිනිස්සු ඇත් උනහම ...ඊලගට යන්නේ මිල අඩු බාල වස විස ආදේශක වලට ....ඒකෙන් රජයට බදු ආදායමත් නැතිවෙලා යනවා ....ඉක්මනින් මිනිස්සු ලෙඩවෙලා ...රජයට .. ඒ ලෙඩ්ඩුන්ගේ බෙහෙත්හේත් වලටත් වියදං කරන්ඩ වෙනවා ....

අරක්කු සිකරට් මිළ  තිරිසං විදිහට වැඩි නොකර සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගන යෑමෙන් රජයට හොද මට්ටමේ ආදායමක් ලබාගන්ඩත් පුලුවන් . සමහරක් විට ඒ බදු ආදායම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කරන මුදලට සමාන නොවුනත් එයින් සැලකියයුතු මට්ටමේ එකක් වේවි.

කනගාටුදායකම කරුන තමයි බොහෝදෙනෙක් ....කාලකන්නි හිගන්නෝ සල්ලි නැත්තං මොකට බොනවද .... නිකා ඉන්ඩ බැරියැ කියල හිතන එක. ඇයි දෙයියනේ සල්ලි තියන උන්ට විතරද බොන්ඩ හොද ... නැතිබැරි උන් ආතල් එකක් ගත්තහම මොකද ....දැං ඉතින් ඔන්න කියයි ....අරක්කු සිකරට් බොන එකේ මොන ආතල් එකක්ද කියලා ...  ඒක ආතල් නැත්තං අවුරුදු දහස්ගානක කාලයක් පවතීද ... නොබොන අයට නොබීඉන්ඩ අයිතියක් තියනවා වාගේම තමයි ...බොන්ඩ කැමති උන්ට බොන්ඩ තියන අයිතියටත් ගරුකරන්ඩ ඕන.

වෙනකිසිම සතුටක් සතුටුවෙන්ඩ ක්‍රමයක් නැතුව දවසපුරා වැඩකරල බාගෙට මැරිලා ඉන්න එකා ....හවසට කාලක් , ගෝල්ලිප් එකක් ගහලා  තෘප්තිමත් උනාට මක් වෙනවද .... ඒ ගෙවල් වල ගෑණුන්ට එතකොට වදයක් නැතුව ඉන්දියන් නාට්ටි ටිකවත් බැලුවහැකි .....ළමයින්ට ටියුෂන් අරවා මේවා නැති උනත් නිදහසේ  ආණ්ඩුවේ ඉස්කෝලෙන් දුන්න ...ගෙදර වැඩක් කරගත්තහැකි .

දැං කියයි බීලා ගෙදර යන ඔය නුගත් මිනිහා ගෙදර ගිහින්  ගෑණිට ගහල රණ්ඩු කරල කුනුහාරප කියල කෑගහනවා කියල ... උගත්ද නුගත්ද , වැදගත්ද ...පීචංද කියල නැ ....සම හරක් බීපුවහම කොහොමත් ගූ ගොඩවල් ....

ෂොට් එකක් දාල ගෙදරයන බහුතරය ...නාගන බත්ටිකක් කාල ...ළමයි ලපටි එක්ක එක්ක කතා බහකරකර ඉදලා ...ගෑණිට අහවල් එකත් කරල බුදියනවා.

 ගෙදර ඇවිත් බලනකොට මේක බුකියේ තිබුනා 
https://www.facebook.com/ShehabAgency.MainPage/posts/1763787143663698






50 comments:

  1. අනේ අනිච්චං සංසාරේ....

    ReplyDelete
  2. බදු සහ ආදායම අතර ඉකොනොමික් තියරිය හරි. බදු අඩු කළා නම් ඔයිට වඩා බදු ආදායම් එනවා.

    මුලින් යාලුවෝ එක්ක සති අන්තයේ විතරක් කර්මාන්ත. පසුව ටිකෙන් ටික ඇබ්බැහි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රසික දන්නේ නැති නිසා අහන්නේ

      ඔය සිකරට් වලින් අරක්කුවලින් ගන්න බද්දද නැත්තං රජයේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදමද වැඩි

      Delete
  3. උඹටත් බෝතලේ අරගෙන ගෙදර යන්නෙ නැතුව කරන්න තියෙන වැඩ බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ තුන්සිය හැටපස් දවසෙම පැය විසිහතරම දැල් කඩේ දකිනව යැ මං

      Delete
  4. මේ කතාව ගස්ලබ්බා නිතරම කියපු ඒත් ඇත්ත කතාවක්.ගොඩක් එදාවේල කුලී කරන උදවිය දවල්ට මක්ක හරි බඩට දාගන්න එක නවත්තලා.ඒ කන්න සල්ලි නැතුව නෙමෙයි.හවසට බොන පොඩ්ඩෙන් හොඳට වද්ද ගන්න.වදිනකන් බොන්න සල්ලි නැති උනාම තියන ටිකෙන් හරි ආතල් එකක් ගන්න මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නවා.
    පොඩි අඩියක් ගහලා තමුන්ගෙ ලෝකෙට හිතෙන් ගිහිලා පොඩ්ඩක් ස්ට්‍රෙස් රිලීස් කරගන්නවා ඇරෙන්න චෙන්ජ් එකට ට්‍රිප් යන්න,ක්ලබ් යන්න,ටෙන්ශන් අඩු වටපිටාවක වැඩ කරන්න බැරි ගොඩක් අය ඉන්නවා කියලා අළුත්ම වාහනේක ගියේ නැත්නම් ජනතා සේවය කරන්න අමාරු මිනිස්සු(?) න්ට තේරෙන්නෙ නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ හිටං මාත් කියන්නේ

      Delete
  5. බලාගෙන ගියාම ඇත්ත කතාව නොවැ..

    ReplyDelete
    Replies
    1. "මිනිස්සු ලෙඩවෙලා ...රජයට .. ඒ ලෙඩ්ඩුන්ගේ බෙහෙත්හේත් වලටත් වියදං කරන්ඩ වෙනවා" සහතික ඇත්ත අටං අයියේ. මත්ද්‍රවය මිල ඉහල දැම්ම කියල මිනිස්සු බොන එක නවත්තන්න අමාරුයි. එතකොට ඔය කිව්වා වගේ ජරාව බොන්න මිනිස්සු පෙළඹෙනවා. ඒකෙනුත් අන්තිමේදී අවාසිය රජයට. ඒ මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඊට වඩා මුදලක් රජයට වියදං වෙනවා. කසිප්පු ගහන එකා ඉස්පිරිතාලෙට එන්නේ නිකං නෙවෙයිනේ ලෙඩවල් සිය ගානක් අරගෙන නෙ...
      මිනිස්සු බොන එක නතර කරන්න ඕනිනම් මීට වඩා හොඳ දෙයක් කරන්න ඕනි.

      හැබැයි අනිත් අතට ඉස්පිරිතාල වල ඇක්සිඩන්ට් වෝර්ඩ් වල පිරෙන බහුතරය එන්නෙත් කෙල වෙන්න බී ගෙන තමයි. ඉතිං බොන එක හොඳයි කියන්නත් අමාරුයි නෙහ්.. මොකද ඒවටත් ඉතිං රජයට සල්ලි යනවනෙ.. හී හී ..

      "ෂොට් එකක් දාල ගෙදරයන බහුතරය ...නාගන බත්ටිකක් කාල ...ළමයි ලපටි එක්ක එක්ක කතා බහකරකර ඉදලා ...ගෑණිට අහවල් එකත් කරල බුදියනවා" අන්න එහෙම ඉන්නවනං ඉතිං කමක් නෑ..

      Delete
    2. ඔය බදු මුදල්ද නැත්තං බෙහෙත වලට ඉස්පිරිතාලවලට යන වියදමද බං වැඩි ....දන්නේ නැති හින්දයි අහන්නේ සිරාවටම

      Delete
    3. හොඳ ප්‍රශ්නයක් ඒකනං..
      දැන් ඔය බදු ගහන්නේ රජයට සල්ලි හොයා ගන්න කියනවනේ. හොඳට හොයල බලන්න මුන් කොච්චර බදු ගැහුවත් මිනිස්සුන්ට දෙන සහන වැඩි කරනවද කියල. මං නම් දන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පැත්තෙන් විතරයි. නිදහස් අධ්‍යාපනයටයි නිදහස් සෞඛ්‍යයටයි මොකුත්ම වැඩිපුර ලැබෙන්නේ නෑ.

      දන්නවා ඇතිනේ මහාචාර්ය සේනක බිබිලේ මහතා ගැන. එතුමානෙ නිදහස් ඖෂධ පනත ලංකාවට ගෙනාවේ. ඒක නිසා තමයි මිනිස්සු මෙච්චර කාලයක් නොමිලේ නැත්තං සහනදායි මිලකට බෙහෙත් ටික ගත්තේ. දැන් එකටත් කණකොකා අඬල.

      ඇත්තටම දැන් ඉස්පිරිතාල වල OPD එකේ බෙහෙත් නැහැ තියෙන බෙහෙතුත් ගන්නවට වඩා හොඳයි ඒවත් පිටින් ගන්න එක. මොකද ඒවායේ ගුණාත්මක භාවයක් නෑ. දැන් ඔය බෙහෙත් මිල අඩු කළා කිව්වා නේද. ඒත් ඇත්තටම අඩු වෙලාද. ගොඩක් දෙනා ගන්න පැනඩෝල් වගේ ඒවා මිල අඩු වෙලා. ඒවාට හරියන්න මිනිස්සු දීර්ඝකාලීනව ගන්න ගොඩක් බෙහෙත් වල මිල තිබුනටත් වඩා වැඩි වෙලා. එතනිනුත් දුප්පත් අහිංසක මිනිහටමයි කෙල වෙන්නේ.

      ඔය මං කිව්වා වගේ මිනිස්සු බීල ලෙඩ වෙලා ආවහම ගන්න තියෙන බෙහෙත් වලිනුත් වැඩි හරියක් ඉස්පිරිතාල වල නැහැ. විශේෂයෙන්ම මිලෙන් වැඩි ඒවා. ඒවත් පිටින් ගන්න වෙන්නේ. අන්තිමට මිනිස්සු දොස්තරලට බැන බැන යනවා ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ කියල. ඒත් සෞඛ්‍ය භාර ඇමතියා ආවම මල් මාල දාල පිලිගන්නවා. :-D :-D

      හිතල බලන්න බදු මුදල් ද නැත්තං ඉස්පිරිතාලවලට යන වියදමද වැඩි කියල...

      Delete
    4. තාම හිතාගන්න බැ

      Delete
  6. දැන් අඩු වියදමින් හැලි අරක්කු පොඩ්ඩක් ගෙදරදීම පෙරාගෙන දේශිය කර්මාන්ත නගා හිටවලා ඒවාට අතහිත දක්වන්නයි හිතාගෙන ඉන්නේ. දන්න එකෙක් ගෙදර පෙරා ගන්න හැටි කියලා දිපල්ලා......... (මෙතනොල් නොවේ එතනොල් හරිද)

    ReplyDelete
    Replies
    1. ඇයි බන් වවන්නෝ දින්නන්නෝ කියලා කිව්වට අපේ එකෙක්ව පොලිසියෙන් අරගෙන ගියා ගෙදර වවලා

      Delete
    2. http://ctkumara.blogspot.com/2012/08/18.html

      Delete
    3. මාරයත් බාගෙට බං කියල දුන්නෙ

      Delete
    4. එහෙනං මෙන්ඩෝ මාලේ ගමේ පොලිසියේ ඒකාලේ හිටිය ඔවයිසි මහත්තය වෙන්ඩ ඇති

      Delete
    5. මාරයාගේ පොස්ට් එක දාපු ඇනෝලා දෙන්නාටමත් ලියුව මාරයාටත් මගේ හද පිරි මෙච්චා එක පලකරමි. පොලිසියෙන් කුලාගෙන ගියේ නැත්නම් නෙලුම්යාය සම්මාන උලේලට ගෙදර පෙරාපු ඖෂධිය බඩු බොතල් කිහිපයක් අරගෙන එන්නම්.

      Delete
    6. හැදි දෙකක් හදාපං

      Delete
    7. අසංග එනතුරු නෙලුම්යයේ බලා සිටිමි

      Delete
  7. "නොබොන අයට නොබීඉන්ඩ අයිතියක් තියනවා වාගේම තමයි ...බොන්ඩ කැමති උන්ට බොන්ඩ තියන අයිතියටත් ගරුකරන්ඩ ඕන." +++++++++++

    ReplyDelete
  8. සහතතිකෙන්ම ඉස්සර ලාවට සෙට් වෙමු කිව්වම කරන්නෙ ස්ටෝන් එකක් ගහන එක.දැන් ඉතින් එහෙම සෙට් උනොත් අතටත් නෑ හිතටත් නෑ

    ReplyDelete
    Replies
    1. දැනෙන්ඩ තනියම අඩියක් ගහන්ඩත් එකදාස් පන්සියෙනුත් බැරි සයිස් එකක් තියෙන්නෙ

      Delete
  9. අරක්කු වල ඇති රසයත් එහි ඇති මනා ගුණයත් බොන උතුමාණෝ මිස නොබාන දුදන්නෝ දනීද

    ReplyDelete
    Replies
    1. දීකිරට බළල්ලු සාක්කි

      Delete
  10. ෆූහ්.. අනේ මංද. ගල් කාල උගුරු තුනට ගහල දාන ගෑණු කෙනෙක් නං පහුගිය දවසක බුකියෙ සැරිසරනව දැක්ක හිටං

    පව් තමා අප්පා ඔය වගේ අය. ඇගේ අමාරුවට ගල් කාලක් ගහනව. ඒකත් නෑ සමහරුන්ට ඉතිං කෂියකෙලිනව
    ආ මේ ස්ටවුට් නං ගණං අඩු කරල

    ReplyDelete
    Replies
    1. බොන්ඩහැක්ද ඒවා ...කීයක්ලුද දැං

      Delete
    2. ස්ටවුට් කියන්නේ මගේ ආසම බෑන්ඩ් ඒක ..

      Delete
    3. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ ....

      Delete
  11. \\ තවත් එන එකෙක් ලගටත් ගියා .... ඊලගට ආයේ ඇරං යන එකෙක් ලගට .... ඔන්න එතකොට ආවා ....ඒ වයසෙම ඒ වාගෙම පොරක් ... ඒ මනුස්සයට අතේ තියන සල්ලි පෙන්නලත් මොනවද කියුවා .... පොරත් ටික වෙලාවක් මොනවදෝ කියව කියවා ඉදල .... බාගයක් ඇරං ගියා ....//

    \\ සාක්කුවේ පන්සීය එලියට ගත්ත මනුස්සයා ....අතේ තිබුන ඉතුරු ටික සාක්කුවට ඔබලා ...//

    හපොයි..පොඩි ඈයොන්ට මොනාහරි කන්න දෙන්න ගෙනියන්න තිවිච්ච පන්සීය වෙන්නැති, නැත්තං පොඩි එකාට පොත් ගන්න හරි මොහොකට හරි තියාගන්න ට්‍රයි කරන්න ඇත්තේ.......ඒ මනුස්සයා කාගෙනහරි කීයක් හරි ඉල්ලන්නයි ට්‍රයි කරන්න ඇත්තේ...පව් බං..උඹට තිබුනේ පොරට පොඩි සපෝට් එකක් දෙන්න...!

    ReplyDelete
    Replies
    1. මාත් ඒකම තමා ලේ වතුරවෙලා හිටියේ .....ඌට සපෝට් කලානං මටත් කාගෙන් හරි සපෝට් එකක් ගන්ඩ වෙනවනේ ...හේහ ...හෙහ්

      Delete
  12. අනිවා කථාව ඇත්ත. බොන මිනිහා කීය උණත් බොනවා. ගාන වැඩි උනාම ලෝකල් බඩු වලට ඇබ්බැහි වෙනවා. ඒවා ප්‍රමිතියක් නැති නිසා මිනිස්සු ඉක්මණට ලෙඩ වෙනවා.
    සිංහල බ්ලොග්ගල...

    ReplyDelete
  13. දවස පුරා මහන්සිවෙලා හම්බ කරගන්න තුට්‍ටු දෙක බාර් වලට පුදන කාලකන්නි.. ඕකුන්ට ඉතින් වගුතුවක් නෑ.. හැමදාම ඔය චක්කරේම කැරකෙනවා හැර.. පව්, උන්ට ජාතක වෙලා මේ ලෝකෙට එන දරුවෝ..!!

    ReplyDelete
    Replies
    1. දරුවොත් පව්නැ කාලකන්නින්ට ජාතකඋන කාලකන්නි දරුවෝ..!!

      Delete
    2. AnonymousJanuary 31, 2017 at 9:46 AM

      මචං එහෙම කාලකන්නියෙක් බිව්වට මොකද
      කාලකන්නියගේ දරුවොත් කාලකන්නි උඹේ තියරියේ හැටියට
      එතකොට මහත්තුරුන්ගේ ලමයි මහත්ත පැටව්
      මහත්තුරුත් බොනවා සල්ලි හොදට හම්බ කරනවා
      කාලකන්නි අමාරුවෙන් හම්බකරනවා හම්බකරන එකේ බොනවා
      ළමයි බඩගින්නේ
      සල්ලි තියන උන්ගේ ළමයි හොදට කනවා

      ඉතින් උඹගේ පුක ඉක්ක ගහනවද
      උඹ බොනව කියමුකෝ ...නැත්තං බොන්නේ නැ කියමුකෝ
      ඔච්චර පුකේ අමාරුව

      කාලකන්නියගේ ගෑණිට ළමය හැදුවේ උඹද
      හැදුවා නොහැදුවා පැත්තක තියහංකෝ

      කිබෝඩ් එක ඉස්සර පොරටොක් දෙන්නේ
      අනිත් මිනිස්සු ආතල් ගන්නවට
      උන්ගේ ළමයි බඩගින්නේ
      ඉන්නවට ඉරිසියාවේ

      ළමයින්ව බඩගින්නේ තියලා බලහං
      වේලක් දෙකක්

      Delete
  14. දුක සිතෙන සීන් එකක්..

    ජ ය වේ වා !!

    ReplyDelete
  15. මම බීම සීමා කරන්න තීරණය කලා...

    ReplyDelete
    Replies
    1. හොඳයි. වීක් එන්ඩ් එකේ බීපු විදිහට මටත් ඔහොම හිතුනා.

      Delete
    2. පිස්සුනං කෙලින්ඩ එපා සුදා

      Delete
    3. ලොකු පුතාට හොඳ ළමයෙක් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ...
      සරීර සෞඛ්‍යය නරක අතට හැරිලා තියෙන්නේ...

      Delete
  16. පව් බං අහිංසක මිනිස්සු. බේබද්දෙක් වගේ නොබොන, ඒත් හැන්දෑවට හීනියට අඩියක් පුඩියක් ගහන්න කැමති අය කොච්චර ඉන්නවද නේද..එය පබ්වලට. ක්ලබ්වලට යන්න බැරි උදවිය මේ රටවලත් ඉන්නවා. ඒ වගේ අයට මිල අඩු නිශ්පාදන කඩවල් වල තියෙනවා. සයිඩර් ලීටර් තුනක් පවුම් තුනකට අඩුවෙන් ගන්න පුලුවන්. සීයට 10ක් 12ක් වගේ ඇල්කොහොල් පර්සන්ටේජ් එකකුත් තියෙනවා. ලීටර් තුනක් කියන්නේ විශාල ප්‍රමානයක්නේ බං. උනුත් අඩියක් පුඩියක් ගහලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මං කියන්නෙත් .....මේව්වා මහ කැරි වැඩ

      Delete
  17. ආණ්ඩුවට සල්ලි නෑ. කොහෙන් හරි සූරලා ගන්න ඕන. අන්තිමට ලොතරැයිය වැඩිකරන්න ගිහින් ඇන ගත්තේ. උන් නම් ස්ට්‍රයික් කරලා ඒක බේර ගත්තා. මොකද බාර් කාරයෝ ස්ට්‍රයික් කරයියෑ. ඉස්සර වෙලාම මිනිස්සු කාලබීලා ජොලියෙන් ඉන්න ඕන. මිනිස්සු සන්තෝසෙන් නැති රටක කොහෙද දියුණුවක්.

    ReplyDelete
  18. සමහරක් බීලා ගු වෙන නිසා බිලා ආතල් එකක් ගන්න මනුස්සයාගේ ආතල් එකට කෙලින එකට නම් එක හෙලාම විරුද්දයි. ඒ ආතල් එක ගන්න දන්නේ නැත්නම් නොබී ඉන්න ඕනා.

    ReplyDelete
  19. ඕකනේ කියන්නේ වෙන රටවල වගේ ගංජා ටික නීති ගත කලානම් ඉවරයිනේ.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya
     
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
  • Which machine is good ? Singer Soje Hispeed sewing or Old  juki Hispeed sewing machine
    ''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්'' මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා මේ ගැන ටිකක්…
  • ෆෝන් එකෙන් බ්ලොග්  එකක් ලියන්නේ  කොහොමද 12
    බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු ඔන්න එතකොට ඇප් එක ඕපන්…
  • How to adjust the timing on singer zigzag machines
  • අපි නොදන්න බාර් කතා
    ඔන්න  මම මේ ලගදී දවසක ගියා  බාර් එකට ... ඉතින් ඔය ගෙදරට ගෙනත් ගෑණු දරුවෝ එක්ක කයියක් ගහගන අනුමත වෙන එකත් දිගටම කරන්ඩ ගියහම …
  • මහන මෙෂින් අළුත්වැඩියාව
    මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807 
  • වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම  , The wrong needle is the wrong side
    මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.…
  • 100 randam posts widget with  image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය
    ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන්…
  • අම්මට දෙන්ඩ
    ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු…
  • What is the correct needle to be used according to the machine type, නිවැරදි ඉදිකටු වර්ගය කුමක්ද
  • flash drive එකක් Bootable drive එකක් කරගන ඒකෙන්  Windows දාමු
    ඔය මොකක්හරි ඩීවීඩි ඩ්‍රයිවරයක් නැති හරි කැඩිච්චහරි කොම්පියුටරෙකට වින්ඩෝස් දාන්ඩ ගියහම පෙන් එක බූටබල් කරගන්ඩ ඕන වෙනවනේ , එහෙම උනහම මං ඉතින් ජංජාලේ…
  • පිච්චිලා ගිය පහුනු රස්නෙට
    ඊයේ දිනයත් පුරාවට මැෂින් කට්ටක් කඩයට ආවේම නැතිකොට එ්ද මිනිහෙක් වහින වැස්සට තෙමි යමි මම වැස්සට එන ඇමතුමක් බනුවට එමිය කියමිද කොහොමට කෙලවෙලා මගෙ…
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • අස්සට දාන්නේ කොහොමද
    කාලෙකට ඉස්සර මං වැඩකරපු තැනක මම යනකොටත් හිටියා අංකල් කෙනෙක් , පොරට සිංහල,  ඉංගිරිසි , දෙමළ ,අරාබී , ජාබාසාව , මාලදිවයිනේ බාසාව , එතනින්…
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • නිතීය මක්කෙටෙයි
    බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිද හැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිද චුම්බන පිරිමැදුම් පමනක් සුව…
  • මගේ නම ලැසී
    බල්ලන්ට ආදරය කරන උදව්කරන අය , ආසාවට හදන්න අරං අනාත කරන අය සහ සත්තු හදන අපිට පාඩමක් මගේ නම ලැසී , ඉස්සෙල්ලාම මට මතක මම එක ගෙදරක ඉන්නවා ... එහේ…
  • 2020 ජනාධිපති කවුද
    මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක් ඝෝටා හොදයි සිරිසේන හොදයි රනිල් හොදයි ෆෝන්සේකා හොදයි චම්පික හොදයි බැසිල් හොදයි චමල් හොදයි එස්බී…
1,648,588

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>