Popular Posts
2026-07-24
ඉස්සර පවුල් සංවිදානේ
ඔන්න ඉතින් එක ගෑණු කෙනෙක් ගෙදර රෑ නිදාගන්ඩ ගිහිං මිනිහට කියුවලු කතාව ..........
‘‘ මට නං බයයි ඒයි උපරේසන් කරන්ඩ .... ඔයා කරගන්ඩකෝ ‘‘
‘‘ පිස්සුද ඔයි ඔව්වා කරහම බරවැඩ කරන්ඩත් බැරිවෙනවලු ‘‘
‘‘ ඒ මිසිලනං කියුවේ එහෙම නැ ... කියල ‘‘
‘‘ කෝ අර දුන්නයි කියුව කෙහෙල්මල ගන්නවා බලන්ඩ ‘‘
‘‘ මෙට්ටේ අස්සේ ගැහුවා අර මලයක්කුන්ට අහුවෙයි කියල .......... ඔය පැත්තේ කොට්ටෙ හරියේ තියෙන්නේ ... අත දාල ගන්නවා ‘‘
මිනිහත් ඉතින් එකක් ඇරං පැකට් එකත් කටින් කඩලා අරං බලනවලු
‘‘ තල තෙල් ගාලද මන්දා ඕයි මේකේ .......... අම්ම අප්ප කාලේ දැකලද මෙව්වා ........... අෑ ඕයි ..... අර ගෑණු ....... ඔච්චර ගොඩක් ඉස්සරහ දිවේ කටේ නොගෑවී ඔව්වා කොහොම කියෙව්වද ‘‘
‘‘ මිසීල විතරක් නෙමෙයි ඩැයිබර්උන්නැහෙයි .... අතට මේස් දාපු තව එකෙකුයි ....දොස්තර හාමුයි ........තවත් එකෙකුයි පිරිමිත් හිටියා ඒයි ........... අර අරඹේ ගෙදර තේ උඩිච්චි අහන එව්වට පැන පැන උත්තර දුන්නේ ...... ඕකිටනං මොකද මහපාරේ හරි රෙද්ද උස්සයි ‘‘
‘‘ ගමේ එකාල ඔක්කොම හිටියද ‘‘
‘‘ නැතුව .......... පදු ගොඩැල්ලේ උනුත් ඇවිත් හිටියා .............. මං නං ඉන්නවට හිටියා ....... පැද්දියෝ එක්ක එක බංකුවේ කවද ඉදගනද ............. මේ.... ඒයි ‘‘
‘‘ ..ඇයි ‘‘
‘‘ අපි ඕක අන්දවලා ඉදල බලමුකෝ ‘‘
‘‘ මට බෑ ඕයි රෙද්ද ‘‘
‘‘ අනේ ඒයි ...බලමුකෝ ....... කල් අල්ලනවත් කියුවා ‘‘
‘‘ හම් ‘‘
පස්සේ ඉතින් කොන්ඩම් එක දාල වැඩේ කරල අරූ වඩු පට්ටලෙං බැස්සලු .... ගෑණි කියනවලු
‘‘ මේ ඒ්යී ....... ‘‘
‘‘ ඇයි ඕයි ‘‘
‘‘‘‘‘‘‘‘ ඒක හරියන්නැ ... නිකං මොකදෝ මොකදෝ වාගේ ............ අර දවසක් තමුසෙගේ සරම අහු උනේ ...ආං එදා වාගේ ‘‘‘‘‘‘‘‘‘‘
2022-06-13
ඉස්සෙල්ලම ගහපු එකා
" ඕක දීපං යකෝ .. ලොන්තේ දාලා ගත්ත කේජී කෑල්ල ඔලුවම කන්ඩ ඕනවට ... ඔතන්ඩ ගන්නවා, පරයෝ තව අපි තුන් දෙනෙක් ඉන්නවා, තෝ සිකරට් එකක් පත්තු කළත් ඔහොමයි, ආර් අකුරත් පහුකරලා තමයි අනිකට දෙන්නේ ...... බලපිය භල්ලෝ මෝල්කෙන් බාගයක්ම තෝ ගහලා "
" සිරාවටම බොක්ක .... මාත් ඕක කියන්ඩමයි හිටියේ "
" හරි හරි බං ආ , කෝ ගැජට් කෑල්ලක් දීපං "
" ආ ඉදා .... කිරි ටොපී කෑලිටික ඔක්කොම කන්ඩ එපා හොදද... අපිටත් දියං "
" කෝ බං කලවං කරපු සිකරට් එකේ ඉතුරු බාගේ "
" තෝනේ එතුවේ ..... තෝ ගාවම ඇති .... ඒකත් පැලිය තනියම "
" ඈ බං සුසන්තයෝ .. කවුද අර පල්ලෙහා පාරේ නලව නලව එන ඇන්ටිපා එක ........ පට්ටයි යකෝ "
" ආ ඔය අර ..... සරත් අයියගේ පවුල කාන්ති අක්කනේ "
" මොන "
" ඇයි බං අර ... මහ ඉස්පිරිතාලේ වැඩකරන්නේ ...... බෙහෙත් දාන ගෙදර "
" අඩේ ඒකීද ...... කොන්ඩේ ස්ටේට් කරලා ....... ඩෙනිමක් ගහලා කොහේ අදුරන්ඩද යකෝ "
" හම්මෝ මේ ...... මං අර බ්රේක් ගහන්ඩ පස්ස රෝදෙට කකුල තියලා ...... කකුල ඇබරිලා ගිහින් හිරවෙලා වැටිලා.. දනිස්ස බරුගැහුන වෙලාවේ ..... ගියානේ බං බෙහෙත් දාන්ඩ ..... දවල්නේ .... සරත නෑනේ ...... ගෑණිනේ ඉන්නේ ..... ඔය හුයන්නි තුවාලේ වැලි පිරිලා කියලා ..... කතුරට ගෝස් කෑල්ලක් දවටලා ඇරං සර්ජිකල් ස්ප්‍රීට් පොගවලා ..... ඇතිල්ලුවා බොල ....... මට ගූ හුජ්ජ ගියේ නැති ටික විතරයි "
හේහේ හ් හේ
" හිනාවෙන්ඩ එපා වේසාවනේ ...... ඉහලුම් නැතිකමට මට පඩයකුත් ගියා ....... ඕකී ..... කිසි අනුකම්පාවක් නැතුව බං තුවාලේ ඇතිල්ලුවේ ..... ඒ කරලා කහපාට බෙහෙතක් ගාලා ගෝස් කෑල්ලක් තියලා ..ප්ලාස්ටර් කෑළී තුනක් ගහලා එකසිය පනහක් ගත්ත බොල "
" මේ ඕක හෙන සීන් එක හරිද ...... දැන් පදින්නේ .... 815 බස් එකේ කොන්දා "
" එකෙක් කියලද යකෝ ...... කඩේ සිසිරයා...... අර ටැපික් එකේ ඉන්න කොන්ඩෙ බොකුටු පොලිස්කාරයා.... ග්‍රමසේවක රාළහාමිත් කොටුව පනිනවලු බං "
" ඇයි යකෝ සමනා , මාළු ප්‍රීයන්තයා, එතකොට ගුණේ මාමා "
" අඩෝ උඹලැ ගුණේ මාමද "
" ඔව් බං බැදලත් නැති එකේ ඌත් වතුර මාරු කරගන්න එපෑය ..... අපි නොදන්නව වගේ ඉන්නව ඉතින් ...... හැබැයි ඕකී ...... ඌගෙන් තදේට දත ගලවනවා "
" හම්මට සිරි එහෙමද "
" ඉතින් බං සරත් ලොක්කා දන්නැද්ද බං ඔව්වා "
" සමහර විට දන්නවත් ඇති බං ..... කරගන්ඩ දෙයක් නැතුවහරි කපටිකමට හරි ...සද්ද නැතුව ඉන්නව ඇති "
" ඒ මේ මචංලා ...... අර කාන්ති අක්කගේ ලොකු කොල්ල ඉන්නව නේ ..... මම දවසක් උඹලා එක්ක සෙට්වෙලා ඉදල ගෙදර යනකොට ..... ඔය වත්තේ ඉදන් පාරට ගොඩ උනා බං "
" අඩෝ .....නෑ ..... ඌ හෙන පොඩි එකෙක් නේ බං "
" මෝල් අමාරුව තද උනහම .... ඔව්වා අදාල නෑ බොල ...... අහලා නැද්ද බුරියෙන් පල්ලෙහාට ...නෑදෑකං නෑ කියලා "
" මචං මේ අහපල්ලා හරියට ඇත්ත නැත්ත නොදැන ඔය වගේ දේවල් කියන්ඩ එපල්ලා බං ...... උඹලා හරියට කතා කරන්නේ එකීගේ අහවල් එකට අත තියං හිටියා වගේනේ "
" අනේ මේ සුසන්ත .... බෝකාපං ... තෝ ඒ ඒසිව සුද්ද කරන්ඩ එන්ඩ එපා ..... අපි දන්නවා තෝත් සරත් ලොක්කට අයියේපයියේ ගාගන එහේ රිංගනවා කියල "
" අනේ යකෝ තොපේ කටේ මහගෙඩි දාන්ඩ ඕන ..... මට එහෙම මෝල් අමාරුවක් නෑ ..... මම කියුවේ ...... ඔහොම කථාකරන එක හරි නෑ කියලා ..... තොපි ඕන වේසාපාරක් ගහගනියව් "
" අනේ මේ පල පල යන්ඩ ..... අපි නොදන්න සුද්දවන්තයා .... තෝ බුදුවෙලානේ "
" ඕකට ඔය සෙට් එකටම කලින් ගැහුවේ ...... අර එස් එප් එකේ ඉන්න අරවින්දයා "
" නෑ බං ..... ඊට කලින් ...... ඉහලගම චන්දනයත් එක්ක සීන් එකක් තිබ්බා "
" ඇයි බං ..... ඔය ළමයි එහෙම පොඩිකාලේ සාන්තයත් ඇද්දා ඕක "
" හරි හරි .... දැන් උඹලා . බලාගන හිටියා වාගේ කියනවනේ අරූ ගැහුවා මූ ගැහුවා කියලා ...... එහෙනං ..... කියහල්ලා බලන්ඩ ....... කවුද ඕකට ඉස්සෙල්ලාම ගැහුවේ කියලා "
" වෙන කවුද සුසන්තයෝ ..... තෝම වෙන්ඩ ඇති ...... දැන් ටිකකට කලින් ඒකිට පත්තිනි වරම දෙන්ඩ හැදුවෙත් උඹනේ ..... එහේ රිංගන්නෙත් අපිද .....නැනේ නෑනේ ... උඹනේ ....... ඒ නිසා ඉස්සෙල්ලම පට්ටලේ දාන්ඩ ඇත්තේ උඹ "
" මගුලක් කියනවා ....නැ යකෝ ....... පුලුවන් නං කියහල්ලා ..... උඹලා හොඳට දන්න එකෙක් "
" අබේපාල මාමද "
" නෑ "
" එහෙන් හාඩ්වෙයාර් එකේ බර්ටියා "
" නෑ "
" තැපැල් පියුං "
" නෑ "
" ලයිට් බිල් කාරයා "
" පිස්සුද ඕයි "
" එහෙනං "
" දැන් තොපි හෙන නං ලිස්ට් එකක් කියුවනේ ..... ඒ උනාට ඉස්සෙල්ලම ගහපු එකා දන්නෑ ..... උඹල හොඳට දන්න එකෙක් ..... පුලුවන් නං කියහල්ලා "
" ලොකු හාමුදුරුවෝද "
" පිස්සුද යකෝ ...තෝව අපායේ යයි "
" එහෙනං ඉස්කෝලේ මහත්තය "
" නෑ "
" ගුනේරිස් ආතා "
" පිස්සුද බං ...ඒ වයසක මනුස්සයා නෙමෙයි "
" අඩෝ නාකියා උනාට ගුනේරිස් පට්ට කොබා "
" නෑ නෑ බොලව් ඔය එකෙක්වත් නෙමෙයි "
" අඩෝ කියහංකෝ කවුද කියලා අගය නොකර "
" බෑ "
" එහෙනං තොපේ මහ එකාද "
" හේහ් .. හේහ් ... යකෝ කාන්ති අක්කට ඉස්සෙල්ලාම ගැහුවේ .... මිනුවන්ගොඩ ඉදන් කසාද බැදලා කැන්දං ආපු සරත් අයියා "
2021-10-05
අන්න පුතේ අහස දම්පාට වෙලා
2020-09-24
මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා
2020-04-10
මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
2019-11-01
භාවිතාකල මහන මැසිමක වටිනාකම සහ ගෙම්බාමාක් ඇන්ටික්
භාවිතාකල මහන මැසිමක වටිනාකම සහ ගෙම්බාමාක් ඇන්ටික්
‘‘ අයියේ මේ මැසිම තිස්දාහක් කියනවා ඒ ගානට වටිනවද ‘‘
‘‘ මචං මට මේ මැසිම විකුණාගන්න ඕන , කීයකට දෙන්න පුලවන්ද ‘‘
ඔන්න ඔය වාගේ කතා බොහෝ දෙනෙක් මගෙන් නිතරම අහනවා , අන්න ඒ නිසා මේ ගැන යමක් ලියන්න ඕන කියලා හිතුනා , මේක ටිකක් නෙමෙයි ගොඩක් සංකීර්ණ පැනයක් , ඒක නිසා පොදුවේ සියලු අවස්තාවන්ට සහ සියල්ලන්ට ගැලපෙන විදිහට එක් එක් කරුනු විදිහට ලියන්නං , එතකොට තේරුම් ගන්න පහසුවෙයි.
( 1 ) පාවිච්චි කරපු මහන මැසිමක් කීයකට විකුණන්න පුලුවන්ද
සන්නාමය සහ මාදිලිය කුමක් උනත් වෙළදපලේ එම සන්නාමයේ එම මාදිලියේ අලුත් මැසිමක වටිනාකමෙන් බාගයයි ............ කඩේ අලුත් එක 50000 නං සෙකන්ඩ් හෑන්ඩ් 25000 යී
( 2 ) මේක මං පාවිච්චි කලේම නෑ , ඇදුං කෑලි පහක් ඕන්නං මහන්න ඇති ..... මැසිම දාලා තිබ්බ පෙට්ටිය හිටන් තියනවා , තවම වොරන්ටි එකත් තියනවා , අනික මම ගෙවන්ඩ ගත්තේ ගෙවලා ඉවර වෙනකොට 50000 මැසිම 65000 ක් උනා
ඒ කිසිවක් අදාල වෙන්නේ නෑ ....... ඉල්ලන අය ඉල්ලන්නේ වෙළදපලේ වටිනාකමෙන් බාගයකට
( 3 ) අහවලා මීට වඩාකල් පාවිච්චි කරලා මේ මැසිමම 35000 ට දුන්නනේ
ඔව් වෙන්න ඇති , කිසිවක් නොදන්න අයට ඒ විදිහට විකුණාගන්න පුලුවන් ....... සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ප්‍රයිස් දන්න කෙනෙකුට ඔය කියන මහ ගණන් වලට දෙන්න බෑ , සානුකම්පිතව සලකලා යම් කෙනෙක් ඒ ගානට ගන්න පුලවන් , එහෙම නැත්තං නොදන්නකම.
( 4 ) ඉතින් හොද තත්වයේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කඩෙන් ගන්ඩ ගියහම 25000 ට ගන්ඩ බෑනේ
ඔව් එතනදි කඩේ අයිතිකාරයා මැසිමේ අලුත් වැඩියාවන්ට යම්කිසි මුදලක් වැයකරලා තියනවා ... ඔහුගේ ලාභයත් එකතු කරලා එනකොට ගාන ටිකක් වැඩියි , නමුත් ඔබ විකුණන්න ගියහම හැමෝම ඉල්ලන්නේ කුණුකොල්ලෙට.
( 5 ) මගේ මැසිම මම විකුණන්න හදනකොට හැමෝම ඉල්ලුවේ 15000 ට
ඔව් එහෙම වෙන්න පුලුවන් , පාවිච්චි කල මැසිමක වටිනාකම අලුත් මැසිමෙ වටිනාකමෙන් බාගයයි කියුවට මෙහෙම දෙයකුත් වෙනවා , මැසිම කුණු දුවිලි වැදිලද , සීරිලාද , සමහර ආවරණ වාගේ කොටස් කැඩිලද , මෝටර් වාගේ දේවල් මාරු කරලද , වෙනත් ඔරිජිනල් කොටස් වෙනුවට වෙන දේවල් සවිකරලද , මැසිම කොච්චරකල් පාවිච්චි කරලද , සන්නාමය මොකක්ද , මාදිලිය මොකක්ද , ඔබ ඒ මැසිමෙන් මැහුවේ මොනවද ...... ඔන්න ඔය වාගේ හේතු ගොඩක් මූලික කරගන පාවිච්චි කරපු මහන මැසිමක වටිනාකම අර හරි අඩක් කියන සීමාවේ ඉදන් පහලට යනවා.
( 6 ) ජුකියක සෝජියක , ගෙදර පාවිච්චි කරන සිංගර් එකක වටිනාකමත් අර විදිහටම භාගයයිද
නැහැ ... සන්නාමය සහ මාදිලියත් එක්ක වෙනස් වෙනවා ....... සරලව ගත්තහම ..... හයිස්පීඩ් එකක වටිනාකම ගොඩක් අඩුවෙන්නේ නැ ..... ඊට වඩා තරමක් වටිනාකම අඩුවෙනවා ස්ටෑන්ඩ් සහ ටේබල් සහිත සිග්සැග් එකක් , ..... ඊටත් අඩුයි ස්ටෑන්ඩ් සහ ටේබල් තියන නෝමල් මැසිමක ....... හවුස්හෝල්ඩ් ඔවර්ලොක් එකක හෝ ෆෝටබල් මැසිමක වටිනාකම ඊටත් අඩුවෙනවා.
( 7 ) පරණ මැෂින් හොදයි කියනවනේ ...... ජපානේ , ඇමරිකාවේ , එන්ගලන්තේ , බ්‍රසීලයේ , ජර්මනියේ හදපු පරණ මැෂින් නං හොද ගානකට විකුණගන්ඩ පුලුවන් ඇති නේද
මොන පිස්සුද ....... සමහරක් විට එව්වා ගන්නේ ....... කෑළි ගලවලා වෙන මැෂින් වලට අමතර කොටස් ගන්ඩ ....... එහෙම නැත්තං දාහට පන්සීයට යකඩවලට උණු කරන්ඩ.
( 8 ) ඉතින් අනේ ඔය කියනවනේ ගෙම්බාමාක් ඇන්ටික් මැෂින් ලක්ෂ ගණන් වලට ගන්නවා කියලා ... අපේ ආච්චිටත් ගෙම්බා මාක් එකක් තියනවා ...... ඒයා ඒකෙන් මහන්නෙත් නෑ .. කාමරේ හංගලා තියන් ඉන්නේ
මොනවාහරි දෙයකට ඇන්ටික් වැලිව් එකක් ඇඩ්වෙන්ඩ අවුරුදු 100 ක් පනින්න ඕන ...... ඔය ඇන්ටික් ඇන්ටික් ගාන එව්වට අවුරුදු 100 පැනලා නෑ ...... අනික ඔය ගෙම්බාමාක් කතාව ......... ඔය හැමෝම මැරෙන්ඩ හදන්නේ ....... පරණ මහන මැෂින්වල තියන ලෝගෝ එකක් අල්ලගන ........ පරණ සීමන්කෝ ( සිංගර් මැනුෆැක්චර් කම්පණි ) මැෂින්වල තියන , රොකට් ෂටල් එකක් අස්සට දාපු බොබින් එකක් සහ හරහට ගහපු ඉදිකටු දෙකක් තියන ...... අතපය දිග ඇරපු ගෙම්බෙක් වාගේ පේන ලෝගෝ එක තියන ඇමරිකාවේ හෝ එන්ගලන්තෙ හදපු ස්ටෑන්ඩ් තියන මැෂින් අල්ලගන ගෙම්බා මාක් කියලා නටනවා.
ඇත්තම ගෙම්බාමාක් මැසිමක් තියනවා ...... ඒකට ස්ටෑන්ඩ් එකක් නෑ .... මේසය උඩ තියන දල සැකැස්මක් තියන අතින් කරකවන .... ප්‍රථමික මහන මැසිමක් ..... අන්න ඒකේ කොටලා තියනවා ඇත්තම ගෙම්බෙක් ....... මැසිම මේසේ උඩ තිබ්බහමත් තඩි ගෙම්බෙක් වාගේ .......... ඒක ඇත්තටම ගොඩක් පැරණි මැසිමක් ........ හදලා තියෙන්නේ ඕලන්දයේ ...... අන්න ඒකනං ඇන්ටික් තමා.
හැබැයි කට කයිය විතරයි .......... ලස්ස ගානට ගත්ත එකෙකුත් නෑ වික්ක එකෙකුත් නෑ.
( 9 ) ඒ උනාට පරණ එව්වා හොදයි අප්පා
මට දැන් මේකනං කියල කියලා සීමාව පැනලා තියෙන්නේ , ඇයි එහෙනං අනිත් හැම දේම ගන්නකොට අලුත් දේ හොයන්නේ ..... මහන මැෂින් විතරක් පරණ එව්වා හොදයි කියන්නේ ..... Old is gold කියලා ........ ඇයි පරණ ගෑණියෙක්ව මිනිහෙක්ව කසාද නොබදින්නේ .......
( 10 ) අනේ නිකං යන්ඩ අනේ ....... අපි මේ පරණ එව්වා හොදට පාවිච්චි කරන්නේ ...... මේ දැනුත් මහන ගමං ....... මේක ජුකී 555 එකක් ........ මං ගත්තෙත් පාවිච්චි කරපු එකක් . මං ලගත් දැන් අවුරුදු දොලහක්
මේකට දෙන්න තියන උත්තරේ මෙහෙමයි .......... නාකී පාට්නර් කෙනෙක් එක්කත් සෙක්ස් කරන්න පුලවන් .......... හැබැයි අවුල් ගොඩක් තියනවා ...... ඒක ටිකක් නෙමෙයි ගොඩක් බෝරින් ...... කිසි ගෝ එකක් නෑ ....... සමහර විට ලිහිසි ද්‍රවය්‍ය එහෙමත් වෙනමම යොදවන්න වෙනවා ......... ඒක හෙන වෙහෙසකර අත්දැකීමක් ........... හැබැයි සෙක්ස් පාට්නර් තරුණයි නං ......... ඒ අත්දැකීම හරිම ආස්වාදජනකයි....... සිංහලෙන්ම කියුවොත් .නාකි ගෑණුන්ට ළමයි හම්බෙන්නැ.
( 11 ) එතකොට මට මේක හොද ගාණකට විකුණාගන්නම බැරිද .......... මට දැන් මේක ඕන නෑ ........ මගේ වැඩේට මේක ගැලපෙන්නේ නැ ..... නමුත් දෙකපහට මේක දීලා දාන්නත් බෑ
පුලුවන් ........ හොද ගාණකට විකුණාගත්ත හැකි ........ ගොං මෝඩයෙක් අල්ලගන , එයාගේ ඇගේ ඕක ගහලා ........ ඔයාගේ පව් ටික එයාට දීලා බේරෙත හැකි ........ ඔය අවුල් මොකුත් වෙන්නේ නෑ ...... දෙයක් මිළදි ගන්න කොට ..... තමන්ට මේක ගැලපෙනවද , ඉදිරි වැඩ වලටත් උවමනා වෙනවද කියලා හොදින් හොයලා බලන්න .... ලාභය දැක්කට උස්සං එන්ඩ එපා.
ලාභ බඩුවේ හිලක් තියනවාම තමයි
( 12 ) පාවිච්චි කරපු මැසිමක් ඔය විදිහට අලුත් එකේ එකේ වටිනාකමෙන් භාගයකට හෝ පාවිච්චිය නරකනං තවත් අඩුකරලා ගත්තං නං හරි නේද එතකොට
මෙහෙමයි මගේ උපදෙස නං පාවිච්චි කරපුවා ගන්ඩ එපා ..... අමාරුවෙන් හරි අලුත් එකක් ගන්ඩ.
2019-10-29
අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප දෙනෙකුත් අයාලේයන සුනඛයන් සපාකෑමට ලක් උනා , අපේ උන්දැව පාරේ යනකොට කොහෙදෝ ඉදන් ආපු බල්ලෙක් කාලා දුහලා , පොඩි දුවව ළමා උයනේ ඔන්චිල්ලා පැද පැද ඉන්නකොට , අනිත් දුවව ඉස්කෝලේ ඇතුලෙදි , තවත් කෙනෙක්ව කඩයක හදන බල්ලෙක් ( කඩකාරයා එයාලගේ කියලා පිලිගන්නේ නෑ ) , තව කෙනෙක්ව ගෙදරක හදන බල්ලෙක් ඒ බල්ලා තරමක් මිළ අධික බල්ලෙක් උනත් ඒකවත් නියමිත දිනයට එන්නත් කරලා නැ.
ඔය මම උඩින් කියුව සපාකෑම් සිංහල හවුන්ඩ්ලා කරපුවා නෙමෙයි , බිරිද සහ දරුවන් කියන හැඩහුරුකම්වලින් ක්රෝස් බ්‍රීඩ් බල්ලෝ , නිකමට මතක් කරලා බලන්න දැන් පාරවල්වල ඉන්න තරමක් ඉන්නේ කලවං බල්ලෝ , පොඩි කාලේ ලස්සන නිසා උස්සං යනවා , ලොකු වෙනකොට ගහලා පන්නනවා , පරිසරයට ඔරොත්තු දෙනවත් අඩුයි උන්...... අනේක දුක් විදලා යක්කු වෙනවා ඒ සත්තු.... මගේ ලග ඉන්නවා පාරට අතඇරපු ඩෑෂ්හවුන්ඩ් කෙනෙක් . ගෙදරට ගෙනාපු මුල් කාලයේ එක්තරා හැඩයක් සහ පෙනුමක් තියන කාන්තාවන්ට බේරන්න බැරි විදිහට කන්න පනිනවා , දැන්නං එහෙම නැ , හොදටම කියනඑක අහන්නේ එයා , කාටවත් හපන්න පයින්නේ නැ.
රාජ්‍ය නොවන සංවිධාන වලින් ගොඩාක් මේ ගැටලුවට මැදිහත් උනත් එයාලගේ ශක්තිය මදි මේ ගැටලුව විසදන්න.
ජලභීතිකාවෙන් ආරක්ෂා කරගැනීමට ජංගම සායන මගින් සුනඛයන් නොමිලේ එන්නත් කිරීම අනාදීමත් කාලයක ඉදන් රජය විසින් සිදුකරනවා , ඒ නැතත් තමන්ගේ ප්‍රදේශයේ තියන රජයේ සත්ව රෝහලෙන් තමන්ගේ සුරතලාව , රුපියල් 500 කටත් වඩා අඩු මුදලකින් එන්නත් කරගන්න පුලවන් , එතෙන්ට යන්ඩ ලැජ්ජයි වාගේ නං ... දැන් හැම තැනම තියන පුද්ගලික සායනයකින් රුපියල් 1000 කට අඩු මුදලකට ජලභීතිකාව සදහා එන්නත් කරගන්න පුලුවන්.
ඉතින් කරනවද නෑ ........ ජලභිතිකාව සහ සුනඛයන් සදහා නිර්දේශිත අවම එන්නත් කිහිපය වසරක් සදහා පුද්ගලික සායනකින් එන්නත් කලත් වැය වෙන්නේ රුපියල් 3000 කට අඩු මුදලක් ....... රජයේ සායනයෙන් 1500 ක් යන්නෙත් නෑ.
හැබැයි යම් සතෙකුගේ සපාකෑමකට ලක් උනහම ... අදාල පුද්ගලයා ජලභිතිකාවෙන් ආරක්ෂාකරගැනීමට එන්නත් සදහා විතරක් රජය විසින් රුපියල් 100000 කට අධික මුදලක් වැය කරන්න ඕන. ........... ( මේක දකින පශු වෛද්‍යවරු සහ වෛද්‍යවරු මම කියන දේවල් වල අඩුපාඩු සහ වැරදි තියනවනං නිවැරදි කරන්න )
ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා ... බල්ලට එකපාරක් පිස්සු බලු රෝගෙට විද්දහම ඇති , මුලු ජීවිත කාලේටම ඒ ඇති කියලා , පළමුවෙනි අවුරුද්දේ මාත්‍රා තුනක් තියනවා ......ගොඩ දෙනෙක් ඔන්න බලු පැටියට පලවෙනි සුලු මාත්‍රව දෙනවා .......... දෙවනි එක තමයි නියම මාත්‍රව ඒක දෙන්නෙත්නැ , වයස වසරක් වීමට පෙර තියන තුන්වෙනි එක දෙන්නෙත් නෑ ......... ඊට පස්සේ අහල පහල පන්සලකට නොමිලේ ජලභීතිකාවට බෙහෙත් විදින්න ආවොත් යලට මහට විදිනවා .... සමහරු ඒහෙමත් නැ.
බල්ලෝ විතරක් නෙමෙයි , පුසෝ වාගේ සුරතල් සත්තු සියල්ලන් ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕන .........සතෙක් හපාකෑවහම තුවාලය හොදින් හෝදලා හැකි ඉක්මනින් රෝහලකට යන්න ඕන.
දැන් අපි දැකලා තියනවනේ මෙතෙක් සුරතල් සතුන් වෙනුවෙන් පැවතුන රජයන් විසින් කරපු දේවල් 100% සාර්ථක නෑ .
අපි හදන සත්තුන්ව වලක්වාගත හැකි රෝග සදහා නිසි පරිදි එන්නත් කරන්න ඕන ( පශු වෛද්‍යවරු නිර්දේශ කරන සියලුම එන්නත් )
සතෙක් හදන්න ගන්න කලින් හොදින් හිතන්න ( පාරේ ඉන්න බල්ලෙක්ද , උසස් කුලයක බල්ලෙක්ද අදාල නෑ ) ඒ සතාව නාවන්න කන්න බොන්න දෙන්න බෙහෙත් ඇරං දෙන්න ඌ එක්ක සෙල්ලං කරන්න සහ සතාට ආදරය කරන්න තමන්ට කාලය , මුදල් සහ නිරවුල් මානසික මට්ටමක් තියනවද කියලා , හොදින් සලකන , රැකබලාගන්න කිසිම සතෙක් කවරදාකවත් මනුස්සයෙකුට පහරදෙන්න උත්සාහ කරන්නේ නෑ , ගෙදර බල්ලා යක්ෂයෙක් වෙලානං හදන කෙනාගේ අඩුපාඩුවක් තමයි.
බල්ලන්ව දකින දකින කෙනාට පහර දෙන මට්ටමෙන් හැදුවේ නැ කියලා ඌ නිකං කකා බුදියන්නේ නැ , ඔබව ඔබේ සමීපතයන් සහ දේපල ආරක්ෂාකරන්න අවශ්‍ය විටක ගැටලු ඇති නොවන මට්ටමින් ඉදිරිපත් වෙනවා විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය අවස්ථාවක යම් පුද්ගලයෙකුට විරුද්ධව මෙහෙයවන්නත් පුලුවන්.
තමන්ට පැටවුන් බලාගන්න බැරිනං කිසිමවිටක තමන්ගේ සතුන්ට ලිංගික ක්‍රීයාකාරකම්වල යෙදෙන්න දෙන්න එපා , ගැහැණු සහ පිරිමි සතුන් සියල්ලන්වම වන්දීකරණ සැත්කම්වලට භාජනය කරන්න.
විකිනීමේ අරමුනින් ඇති කරන උසස් කුලයේ සතුන් වටිනාකම , ශක්තිමත්බව සහ නීරෝගීභාවය අඩුවෙන ආකාරයෙන් නොගැලපෙන සහ රෝගි සතුන් සමග අභිජනන කරන්න එපා.
මොනම හේතුවකටවත් සතුන් පාරට ගෙනත් දාන්න එපා
නිවාස වල ඇතිකරන සියලුම සතුන්ගේ තොරතුරු එක්රැස් කිරීම සහ සතුන් ඇතිකිරීම සදහා සුදුසු පරිසරයක් පවතිනවද කියලා පරීක්ෂාකරන්න ඕන.
මේ කාර්ය්‍යට අලුතින් සේවකයන් බදවාගන්න උවමනා නෑ , අදාල පලාත් පාලන ආයතන , ග්‍රම නිලධාරි , පලාත් පශු වෛද්‍යකාර්යාල , මහජන සෙඛ්‍ය නිලධාරි , ප්‍රදේශිය ලේකම් , පොලීසිය .......... මේ අයගේ රාජකාරියට අදාල ඔවුන් දැනට මැදිහත් නොවෙන වගකීම් මේවා.
2019-10-26
ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
මට තව දුරටත් ඔයාට දෙන්න සල්ලි නැ , තිබුන අන්තිම පන්සීයෙන් කඹයක් ගෙනාවා , මේසය උඩින් පුටුවක් තියලා , ඒක වහලේ ගැටගහලා අනිත් කොන මගේ බෙල්ලට බැදගන බිමට පනිනවා , ඔව් හැමදාම අන්තිමට මගේ ඇග උඩට වැටිලා ඔයා kiss කරපු , රතුවෙන්න දත්පාරවල් හිට්ටවපු බෙල්ල කැඩිලා , ආදරෙන් උරාබීපු දිව එලියට පයින්න බිමට පයිනවා.
ඒක නවත්වන්න පුලුවන්කම තියෙන්නෙත් ඔයාට විතරයි , මගේ අසරණ දරුවෝ තුන්දෙනාට අනුකම්පා කරලාවත් ඉස්සර වාගේ මාලගට ඇවිත් ආදරෙන් බදාගන්න , මට පේන්න ඔය Video ටික delete කරන්න රත්තරනේ, මම ඔයාට ඉස්සර වාගේම ආදරේ කරන්නං , පණ වාගේ සලකන්නං , ළමයි ඉස්කෝලේ ඇරිලා එන්න තව පැය පහක් තියනවා , තව පැය තුනක් මම බලාගන ඉන්නවා ඔයා එනකං.
අනේ ඇවිත් මගෙන් සල්ලි නං ඉල්ලන්න එපා , අර හැමදාම ඔයා ඉල්ලපු රිදෙයි කියලා බයට මම කරන්න නොදුන්න දේ කරන්න දෙන්නං හැමදාමහරි.
පසුව ලියමි
මම මේ ටික මේ විදිහටම කොලයක ලියලා සාක්කුවට දාගත්තා
2019-09-16
බෝතාල් පත්තරේ
සෙනසුරාදා දවසක උදය වරුවේ ..... ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා මම ටිකක් දවල් වෙනකං නිදි , නින්ද කැඩුනා කියහංකෝ ... ටං ටිං ටුං .......... කියලා බෝතල් ගැටෙන සද්දෙකිං , බෝතල් ගැටෙන හඩක් කියන්නේ ඉතින් මැරිලා හිටියත් අපි නැගිටිනවනේ බං.
මළ අතේ තියං නිදි ඇදේම ඉදන් කං දුන්නා .. අපේ නැන්දම්මාගේ මදුර මනෝහර කටහඩ ...... ඒ අස්සේ අටමිගේ සද්දෙත් ලාවට ඇහෙනවා
හප්පේ අමාලී ...... මාමට හපන්නේ බෑණා ....... මාමගේ කාලේ බාගේ බෝතල් විතරයි ......... මෙතන ඔක්කොම ලොකු බෝතල් ....... මේ කිරල මූඩි තියන බොතල් ......... හැඩය වෙනස් බෝතල් වෙනම දාන්ඩ ... රට අරක්කු බෝතල් ගන්නැ ......... එව්වා හොදයි පිරිත් වතුර දාන්ඩ , පොල් තෙල් ගේන්ඩ හෙම ........... මේ මේ... මේ ලස්සන බෝතලේ වතුර පුරවලා මැසිම ගාවින් තියාගන්ඩ .......... මතකනේ .ඩෙංගු හැදිලා ඉදලා ගෙදර එනකොට දොස්තර මහත්තයා කියුවා ...... හොදට වතුර බොන්ඩ කියලා ....
අනේ අම්මේ කියවන්නේ නැතුව ඔය ටික මල්ලට දාන්ඩකෝ
ඔහොම බෑ ... ආදරෙන් හරි ටිකක් තදින් හරි කියලා හදාගන්ඩ ඕන ...... පේනවනේ තාත්තලා .....
ඉතින් ඔයා හදාගත්තද
ඕක ඔය යාලුවෙක් ගෙනත් දුන්න එකක් අනේ .......... ගණන් කියලනං කියුවා දහදාහක් විතරලු
ඔව්වා අම්මේ ......... පරම්පරාගානක් ....... එකම පවුලක අය හදන ඒවාලු ........... ඒකයිලු ඔය ගණන් ....... ඔය රස වෙන කිසිම එකක නෑලු ........ ලක්ස ගණන් වටින ඒවත් තියනවලු ......... ඒවා හදන විදිහ වෙන කවුරුත් දන්නේ නෑලු ....... ඒක දන්නේ ඒ අයගේ පවුලේ අය විතරයිලු ............ ඔය ඔයතියන පොඩි බෝතලේ කොලයක් අලවලා තියෙන්නේ ඔය ඕක ............ ඔය අත්සං කරලා තියෙන්නේ ......... දැන් ඒවා හදන සුද්දලු
හපොයි මේ හැලි අරක්කු බෝතල්ද .......... සුද්දොත් හැලි අරක්කු බොනවද ........ ඔව්වට බොකු දිරනවා ළමයෝ
දැන්නං අහං හිටියා හොදටම ඇති ...... බැස්සා එලියට
නැමේ මෙව්වට වතුර පිරුනහම මදුරුවෝ බෝවෙනවනේ පුතේ ........ ඒකයි මං බොතල් ගන්න ළමයට එන්ඩ කියුවා ......... දැන් ඩෙංගු බලන්ඩ නේවී එකෙනුත් එනවා
කවුද ළමයෝ ඔව්වා ඇරං යන්නේ .....
ඉතින් ඔයා මල්ලක දාගන ඇරං යන්ඩකෝ වයින් ස්ටොස් එකට ...... විස්සක් ........ විසිපහක් ගත්තහැකි
දැන් ඉතින් මොකවත් කියන්නේ නෑ ........ මං කටට එඩ්රස් නැති එකා උනාට ... සමහර වෙලාවට මගේ වැඩ උන්දැට දිරෙව්වේ නැති උනාට මට පණ ඇරලා ......... තමන්ගේ පුතාල දෙන්නට තියන සෙනෙහස කොහොමද .එහෙම්ම තමයි මටත් .......... එකම වෙනස අර කොල්ලෝ දෙන්නට වාගේ ......... නීති පණවන්ඩ එන්නේ නෑ ......... අටමි හරහා මුට්ටිය දාලා බලනවා හැර ..........
ඔන්න එනවා ඩයල් එක ......... එන්ඩ කියුව බුවා ..........
පරණ හට්ටි මුට්ටි , කේතල් , පිත්ල බඩු , කැඩුන ප්ලාස්ටික් පුටු , පරණ කොම්පියුටර් , පරණ වොෂින් මැසීන් ............. ඔහොම පතරන්ගයක් කියාගන ඇවිත් බුවා බැස්සා වත්තෙං
මාත් මූව අල්ලගන්ඩ තමා හිටියේ ........ බඩු අතටම කෝට් ......... මූ තමයි නැන්දම්මව රවට්ටගන ........ නැන්දම්ම මාර්ගෙන් ගෑණිවත් ෂේප් කරගන ........... මං ගෙදර නැති අල්ල පනල්ලේ ...... මගේ ඇන්ටික් මෙෂින් ........ අවුරුදු බරගානක් එකතු කරපු මෙෂින් පාට්ස් ......... තඹ , පිත්තල , අලුමීනියම් ........... ඔක්කොම ඉස්සුවේ ......... කොටින්ම අවුරුදු එකසිය පණහක් විතර පරන පිත්තල ලාම්පුවක් සහ ....... මම පාවිච්චි කරපු ......... හොදට වැඩ කරන ....... ඉන්ග්ලන්ඩ් ...... ධමනි ලාම්පුවකුත් නෑ .......... මම ගෙදර එනකොට
ඈ මල්ලි .... ඔයාල පරණ ඕනම දෙයක් ගන්නවා නේද , පරණ ගෑණු ගන්නේ නැද්ද බං ...... දෙකක් තියනවා දෙකම ඇරගන එකකට සල්ලි දියං
ඌත් ලේසිපාසු පොරක් නෙමෙයි ...... පිටිය බලලා බැට් එක දාන පොරක් ... ටිකක් ඉදලා ... මව්යානෙයි ලූනාරෝවරෙයි දිහාත් බලලා එහෙම ... බෝතල් ගෝනි දෙක ටාටා බඩියට දාලා ... අත් දෙකත් තට තට ගාලා ගසලා........... වාහනේ ස්ටාර්ට් කරන ගමං.
'' අපි පරණ යකඩ ගත්තට බෙලෙක්ක ගන්නේ නෑ මහත්තයා ''
අපි ලේසියට ගෙදර තියන කුණු අස්කරගන්ඩ ක්‍රමයක් සහ කීයක් හරි ගන්ඩ ක්‍රමයක් විදිහට දැක්කට .සහ විහිලුවට ගත්තට ......... මේක යට තියනවා ලොකු කතාවක් ........... ටිකක් විතර දුකත් හිතෙන කතාවක්
ඉස්සර ඔය නාඩාර් බිස්නස් එක තිබුනේ දෙමළ කුල කිහිපයක් අතේ .... පස්සේ ඒකට මුස්ලිම් ඩයල් බැස්සා
ඔය වැඩේ පේනවට වැඩිය සංකීර්ණ සිද්ධියක් , දෙමල සහ මුස්ලිම් අය අතේ අනාදිමත් කාලයක්
තිබුන බිස්නස් එකට අනූගනන්වල අමුද්‍රව්‍ය හොයාගන්න අමාරුනිසා පිත්තල සහ ඇලුමීනියම් වාත්තු කරපු අය බැස්සා , ඈත පලාත්වල ට ගිහින් පරණ බඩු එකතු කරලා උණු කරලා බඩු හැදුවා.
මගේ පාසල් මිතුරන් දෙදෙනෙක් හිටියා ඒ දෙන්නා සතියට දවස් කිහිපයක් ඔය නුවර අවට ගම්වලට ගියා තවත් වැඩිහිටියෙක් එක්ක පිත්තල එකතු කරන්න , තව මිතුරෙක් වසර දෙකක් ෆේල් වෙලා මගේ පන්තියටම වැටුනා ... අද ඒ තුන්දෙනාම ලොකු සල්ලි කාරයෝ ... පරණ ලෝහ වර්ග එකතු කරලා .... රට පටවන අයට දෙන එක තමයි කරන්නේ , හැබැයි එයාල පාරම්පරික වාත්තුකාරයෝ ........ වක්කරනවා ආයේ .......කියන්ඩ ඇද කුද නෑ සුපිරියි.
මුල් කාලේ ඈත ඇවිදලා හොයාගන එන දේවල් උණු කරලා බඩු හැදුවා , මම දන්න ඒ වාගේ අය බොහෝ පිරිසක් ඉන්නවා.
එයාල පාරම්පරික වාත්තුකරුවෝ ......... රාගම සහ කඩවත සහ කැලණිය ඔය අවට ගං වාත්තු වලට ඉස්සර හරි ප්‍රසිද්ධයි , විශේෂයෙන් කාර්මික සහ ඉදිකිරිම් වලට අවශ්‍ය දෑ නිෂ්පාදකයෝ ....... ඔය පිත්තල පහන් වාගේ දේවල් නොහැදුවාමත් නෙමෙයි. ඉස්සර වාහනයක , මැසිමක කෑල්ලක් උනත් ලියවන පට්ටලේට ඕන මූලික හැඩයට සහ ඕනම ලෝහයකින් වක්කරලා දුන්නා එයාල.
දැන් ඉන්නේ අර අමුද්‍රවය නැති නිසා නාඩාර් බිස්නස් එකට බැස්ස දෙවනි පරම්පරාව ... එයාලගේ කලින් පරම්පරාවේ බහුතරයක් වාත්තු වැඩ අත ඇරියා ........... දැන් වාත්තු රස්සාවේ ඉන්නේ කිහිප දෙනයි අර පට්ට වැඩ දාපු සීයලා , මාමලා ගොඩක් අය වෙන රස්සාවල් හොයාගන ... වැඩකරන්න ලෝහ වර්ග නැති උන එකට යුද්ධය බලපෑවාද කියලත් හිතෙනවා
ඒ පරම්පරාවල අපේ වයසේ සහ අපිට වයසින් අඩු සියල්ලන්ම වාත්තු නොකලට පරණ බඩු එකතු කරන එක කරනවා , සියලු දේ එකතු කරනවා.
ඒකෙන් ප්ලාස්ටික් සහ පොලිතින් එකතු කිරීමෙන් පසු වර්ගීකරනය කරනවා , pp , hips , hdpe ආදී වශයෙන් .... අන්න ඒ ටික ක්‍රෂර් වලින් කෑලි කඩලා ක්‍රෂ් විදිහට හරි .......... ඒ ක්‍රෂ් ... පෙලඩයිසර්වලට දාලා පෙලට් කරලා පෙලට් විදිහට හරි ... ප්ලාස්ටික් බඩු හදන අයට දෙනවා
ප්ලාස්ටික් බඩු හදන අය හිතුමතේ එයාලට කැමති විදිහට ....... වර්ජීන් මැටීරියල් ..... සහ මාස්ටර් බෑජ් ..... කලවං කරලා හෝ නැතුව ...... ප්ලාස්ටික් බඩු හදලා විකුණනවා , බඩුවල කොලිටිය කැලේ .............ඒක හදලා ........... හරිපාරට ගන්න පුලුවන් ..රට කරවන උන්ට උවමනාවක් තියනවනං.
යකඩ , පිත්තල , ඇලුමීනියම් , ඊයම් , තඹ වාගේ ලෝහ වෙන වෙනම උණු කරලා කුට්ටි හදනවා , ඒවා ඉන්දියාවට පටවනවා.
අපේ තිබුන කර්මාන්තය ඉවරෙටම ඉවරයි , ලංකාවේ හදපු හයිය පිත්තල සරනේරුවක් හොයාගන්ඩ නෑ , ඇල්මේනියං තාච්චියක් නෑ කඩවල්වල.ලංකාවේ හදපු .............. ඒකට මෙහෙම දේකුත් බලපෑවා ........ මෙයාල ඇල්මේනියන් බඩු හැදුවා ඊයම් එහෙම කලවං කරගන ......... වැඩේ වැරදියිනේ ........... දැනුවත් කිරීම් ගියා .............. දේශිය ලෝහ හැලි වලං ........... ප්‍රතික්ශේප කලා මිනිස්සු ............ අන්න ඒකත් බලපෑවා ...... ෆුඩ් ගේරේටඩ් මැටිරිල් වලින් ඇර ........ හිතෙන හිතෙන ..... අහුවෙන අමුද්‍රවය වලින් උයන පිහින බාජන හදන එක මහ බයානක වැඩක්.
ඒ වාගේම තමයි ........ බලන්න දැං ........ හොද පිත්තල සරනේරුවක් , කොන්ඩි පට්ටමක් , අසව්වක් , ලොක් එකක් , හුළං කොක්කක් තියද ලංකාවේ හදපු.
අපේ පරණ බඩු ටික ඉන්දියාවට ගිහින් ... ඊයම් සහ ඇලුමීනියම් කලවංකරපු ඉන්දියන් සරනේරු ලංකාවට එනවා , අපි ගෙවල් වලට හයිකරනවා . ( ලගදි ජනෙල් දොරවල් වලට දාපු එවා බලන්න ඒවායේ පිත්තල තියද ) ........ අපේ රටේ හදපු බඩු ලස්සන නැතුවට කල්ප කාලාන්තරයක් පැවතුනා.
තවම පරක්කු නැ මේක ආපහු හරවන්න ඕන ... රට ඇතුලේ තියන ලෝහ ටික එලියට යන එක නවත්වන්න ඕන , ඒ තාක්ෂණය දන්න පරම්පරාව තාම නැතිවෙලත් නෑ , එයාල තාම ඉන්නවා , ඒ වාත්තු මඩු වාත්තු ලිප් තාම තියනවා , ඒවායේ දැන් පරණ බඩු ගොඩගහලා , වගකිවයුත්තන්ට උවමනාව තියනවනං ........ඒ වාත්තු ලිප් නැවත.........පත්තු කරන්න පුලවන්.
වරද නිවැරදි කරනවනං තවම කාලය තියනවා .... වැඩේ පටන් ගත්තොත් රටෙන් එලියට ලෝහ ගෙනියන ... දෙමළ සහ මුස්ලිම් විය්‍යපාරත් නවත්වන්න පුලුවන් ........ රට ඇතුලේ ඉල්ලුම හරියට හැදුවොත් ...... එයාලට ලෝහ රට පටවන්න ඕන වෙන්නේ නෑ.
ලංකාවේ පලාත් කිහිපයක පැතිරිලා තිබුන කර්මාණ්ත නැවත පණගහලා ආවොත් ........... ඉන්දියාවට අරින්න ලෝහ ඉතුරු වෙන්නේ නැ .............. දැනටත් සුලුවශයෙන් කර්මාන්තය පවතිනවා බොහෝ පලාත්වල.
ලංකාවේ හදනවා ... ටියුබ්ලස් ටයර් උනත් දාන්න පුලුවන් ඇලෝයි ත්‍රීව්ල් රිම් , ඒවා ඉන්දියාවේ නැ ......... ඒවා හදන්නේ ලංකාවේ ගෙවල්වල තියන වාත්තු මඩුවල ..අපේ පරන තාක්ෂණය සහ දැනුමෙන්.
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
2019-07-23
බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්
ආදරෙන් හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි දුකයි , ඉතින් මොකද කරන්නේ උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු ගමං වැඩේ ගොඩ.
නමුත් සමහරක් ඩයල් වලට ඔන්න ආයෙත් හැදෙනවා , ඉතින් වෙට්ගේ හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ අහිංසකයා මක්කොරන්ඩද.
අපේ ගොංසන්ලා පාජාවේ ගිහින් පාරේ ඉන්න ඩයල් වලින් ලෙඩේ ආපිට ගේනවා
එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක් විදිහට ලෙඩේ ඇවිල්ලා.
එහෙම නැත්තං අපි සමබල අහාරවේලක් දුන්නා උනත් බව්සන්ලාගේ තෝරතෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂන සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.
ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින බෙහෙතක් තමයි මේක , ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන් උනත් ලෙඩේ සුව වෙනවා , නැවත මතු උනුනොත් නැවත මේ බෙහෙතම කරන්න.
නමුත් සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දෙන්න ඊට පස්සේ මේ බෙහෙත කරන්න , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත් දුන්නට පස්සේ මේක කරන්න , ඒ මගින් නැවත රෝගය නොඑන්නම සුවකරගන්න පුලවන්.
හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි
කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න
සතාව හොදින් නාවලා හමේ තෙත නැති උනාට පස්සේ අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන
දැන් සතාව කූඩුවට දාලා තියන්න , නැත්තං මෑන් ඕය බෙහෙත එව්වායේ මෙව්වායේ උලනවා
දවස් පහක් නාවන්න එපා , හයවෙනි දවසේ නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම කරන්න
ඒ විදිහට හතර පාරක් කරන්න , ඒ කියන්නේ මාසයක්
ආයේ ලෙඩේ මතුවෙන්නේ නැ , හදිස්සියේ හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි උනාට ගැටලුවක් නැ , ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක් උනත් පාවිච්චි කරන්න.
රෝගයක් නැති සතෙකුට උනත් නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත් පුලුවන්.
2019-07-05
ඌරු මස් රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
ඌරු මස් රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ කුට්ටියක් ගෙන කුඩා ගොරකා බික් දෙකක් සහ ලුණු පුරවලා තේ හැදි 1 ක් සහ කහ තේ හැදි කාලක් සමග පියන සහිත උස් බාජනයකට වතුර කෝප්පයක් යොදා පියන වසා විනාඩි 10 ක් තම්බාගන්න , දැන් බාජනය විවර කර මස් කැබැල්ල අනිත් පසට පෙරලා තවත් විනාඩි 10 තම්බාගන බාජනයෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
නිවුනාට පසු පිටත හම තෙල් කැබැල්ලේ ඉහල කෙලවරෙන් කපා ඉවත්කොට තෙල් සහ මස් දෙකම එකකෑල්ලට සෙට් වෙන විදිහට සිහින් දිගු කැබලි කපාගන්න පසෙකින් තබාගන්න.
තරමක ලොකු ළූණු ගෙඩි 2 රවුම් කපාගන්න , අමු මිරිස් කරල් 6 ක් දිගට පලාගන්න .... ඒ දෙකම එකට දමාගන ගම්බිරිස් පුරවලා තේ හැන්දක් සහ ලුණු තේ හැදි බාගයක් දමා හොදින් අතගාලා පැත්තකින් තියාගන්න .
සුදු ළූණු බික් හතරයි
අබ තේහැදි කාලයි
නියපොත්තක් තරමේ ඉගුරු කැබැල්ලයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
කුඩා කුරුදු පොතු කැබැල්ලයි
හොදින් තලාගන පසෙකින් තබාගන්න
දැන් බාජනයක් ලිප තබා පොල් තෙල් මේස හැදි තුනක් දමාගන්න ... එයට රම්පේ කැබැල්ලක් සහ කරපිංචා සමග කලින් තලාගන සූදානං කරගත්ත
සුදු ළූණු බික් හතරයි
අබ තේහැදි කාලයි
නියපොත්තක් තරමේ ඉගුරු කැබැල්ලයි
එනසාල් දෙකයි
කරාබු නැටි දෙකයි
කුඩා කුරුදු පොතු කැබැල්ලයි
සියල්ල දමාගන නහයට ලාවට බැදෙන සුවද එනකොට කලින් සූදානම් කරගත්ත , ලොකු ළූණු , අමු මිරිස් , ගම්බිරිස් , ලුණු සියල්ලම එකතුකර හොදින් පෙරලන්න ... ලොකු ළූණු බැදෙන සුවද නහයට දැනෙන විට ... මස් ටිකත් එකතු කර ... හොදින් පෙරලමින් කලවම් කොට ... පියනකින් වසා ... ගින්දර අඩු කොට ... විනාඩි තුනක් ලිපේ තබන්න.
දැන් ලුණු සහ සැර මදිද කියලා බලන්න ... තමන්ට මදියි කියලා හිතෙනවානං පමණක් ..ගම්බිරිස් සහ ලුණු තමන්ට උවමනා ප්‍රමාණයට එකතු කර හොදින් පෙරලමින් ... විනාඩි දෙකක් පමන තවදුරටත් බැදගන්න.
කරලා බලලා හොදද කියලා කියන්න බලන්න.

අදත් හැදුවා , ටිකක් කලු පාට කරියක් .......... මේ රෙසපිය ඉක්මනටම හදලා හරි පින්තුරය දාන්නං , නිතර හැදුවට ..... පින්තුර ගන්නේ නෑ අප්පා ........... හදාගත්තා කෑවා.......... දුහන පුහුල් කියන්නේ පින්තුරක් ගන්ඩවත් ඉවසිල්ලක් නැති කෑමක්.
2019-07-01
ජාබා නොහොත් මගේ චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක් , පිස්සු යකෙක් , ගෝත කරුමයක් ... කොටින්ම වැක්සීන් දුන්නහම අඩුම දවස් පහක්වත් බෙහෙත් විද්ද තැන පෙන්න පෙන්න සියලු සැප විදින්ඩයි බලන්නේ , බෙහෙත් ගේන්ඩ ඇරන් යනවා කියලා දැනගත්තහම අල්ලනවා බොරු ....... අල්ලගත්තහම උස්සලම පටවන්ඩ ඕන , වැක්සීන් කාඩ් එක එලියට ගත්තත් මූ වැනිෂ් වෙනවා , එක දවසක් උස්සගන ඇවිත් ත්‍රීවිල් එකට නගින කොටම ඇගේ චූ කරා ......... ගහන්ඩද බයින්ඩද ..... ත්‍රීවිල් මල්ලිට ඉන්ඩ කියලා දෙන්නම නාලා ආයෙත් පටවන් ගියා.
ගෙදර වහලෙට ලේනෙක් මීයෙක් ආවොත් බිත්තියට කටුස්සෙක් හූනෙක් ආවොත් . වත්තට හරකෙක් ...... පිට බල්ලෙක් ආවොත් වෙන බල්ලෝ ගේම ඉල්ලුවට ......... මූ එන්නේ බුර බුරා අපි ගාවට ... අපි තමයි මූට අදාල සතාව එළවලා දෙන්ඩ ඕන ........... අපේ දෝනිලා ..... ලගට දුහගන ඇවිත් බිත්තිය හරි වහලේ හරි පෙන්න පෙන්න බුරනකොට ....... ළමයි දෙන්නා .එහෙම උඩ ඉන්න උන්ට උඩිහප්පෝ කියලා නම දැම්මා ............. බුවා ඒ වචනය ඉක්මනට අල්ල ගත්තා ........... පස්සේ ජාබා වාත වෙනකොට ළමයි කරන්නේ ....... අන්න උඩිහප්පෙක් ඉන්නවා කියන එක ......... එහෙම කරලා උඩ පෙන්නුවහ ........ මූ ගේ ඇතුලෙයි ........ ගේ වටෙයි උඩ බල බලා ..... වහලෙට බුර බුර යනවා.......... පස්සේ මූ බොරුවටත් ඌට අවදානය ගන්න ඕන උනහම .......... අපිට උඩිහප්පෝ පෙන්වනවා .......... ඇති උඩි හප්පෙක් නෑ.
දැන් මූ හෙන නැඩයා ........ තාත්ත පාරේ හිටිය පොරක් අම්මා පොමනේරියන් ......... අම්මගෙන් ඇවිත් තියෙන්නේ ඇගේ සයිස් එක ......... තාත්තගේ පාට ............ දෙවියන් වහන්සෙගේ අප්සට් නිර්මාණයක් ......... කෑලි ටොක් කරනවා .... එක කෑල්ලක් වත් හරියට ටෝක් වෙන්නේ නෑ ..... පාරේ ෆයිට් කරලා පොර වෙලා කෑලී ලයින් කරගන්ඩත් බෑ ........ දවසක් බුවා නෑ අපි හතර දෙනාම හතී රටේ ඇවිද්දා ... මේකව හොයන්ඩ .......... පස්සේ පාන්දර දෙකට විතර මෙහෙයුම අවලංගුකලා ..... පහුවදා දවල් එකොලහට විතර බුවා ආවේ ........ හම්මේ තිබ්බ හොර ලෙඩ ......... දෙන දේ කාගන්ඩත් බෑ ...... හැබැයි ඇගපුරා තුවාල ........... ගෙදර උන් රවට්ටගන පුල් සැපක් ගත්තා සතියක් විතර.
මූ හෙන බූරුවා ... පාරේ ඉන්න කෑලී ටොක් කරලා එක්ක එනවා ......... මූ ඒකිව එක්කං එන්නේ බත් දෙන්නං කියලා ........... කෙල්ලව ගේ එහා පැත්තෙන් එක්කං ඇවිත් කුස්සියේ තියන බත් එක ඒකිට දීලා ....... අපි ලගට ඇවිත් .දගර ඩාන්ස් , කොක් ඩාන්ස් දානවා අපේ අවධානය කුස්සිය පැත්තට නොයන්ඩ ........ ඔඩෙක්කෙට පයිනවා .උම්මා දෙනවා .එක විකාරයයි .......... අරකි හොදට බත් එක කාල .. මූට පුක පෙන්නලා මාරු වෙලා යනවා ........... මේකා ඊලගට ඉතින් ඉන්නවා ... ඉස්සරහ අත්දෙක උඩින් ඔලුව තියාගන ......... හිමාලයා මැරිච්ච ලේස්ටර් පිගොට් වාගේ.
දවසකින් දෙකකින් මට වැඩේ මාට්ටු .... මම පාරම්බබා හිටියේ දෙන්නං තොට කියලා ......... කොහොමහරි මම අලස සුවය විදිමින් ඉන්න වෙලාවක ... ඒ මොහොත උදාඋනා ......... මට හරි චූන් ඉතින් ....... ප්‍රර්ථනාකරපු කාළකන්නි සතුට විදින්ඩ පුලුවන්නේ තව මොහොතකින්.
ඩයල් එක ටෝක දාලා ලයින් කරගන කෑල්ල එහා පැත්තට කුස්සියට දක්කනවා මගේ ගූ ඇහැට මාට්ටු .... මම සීං ගාලා දුහලා ගිහින් ....... අයිස්පෙට්ටිය ගාව බිමින් ඉදගන හැංගුනා ......... මේකා කෑම එක ගාවට ආවා ...... මූ පන්නං ආපු ....... ඇන්ටී ...... දොරගාව ........ ඒ පැත්ත බලලා ....... ලව් ඇක්ෂන් එකක් දැම්මා ......... අර ඇන්ටි ...... ( හෙන වයසයි පන්සලේ ඉන්නේ ) බත් එක ලගට ආවා ..... චූටි පුතා කූක් කූක් එකක් දාලා .නෑට්ට වනලා ......... පස්ස නටවලා ........ නට්ට උස්සලා .බෙල්ල කෙලින් කරලා ........... චූචූ පැත්තට හොම්බ දික්කරා ........... අරකි පඩේකට ගණන් ගන්නේ නැතුව බත් කෑවා.
අන්න එතකොට තමයි බුවාට අපිව මතක් උනේ ...... දැන් අපිව බැලන්ස් කරන්ඩත් ඕනනේ ........ ඉස්සරහට එන්ඩ ඕනනේ ........ මම ඉන්න තැන පාස් කරන්ඩ එන කොටම මම ඉන්න තැනින් හිට ගත්තා .............
මොකෝ චූටි පුතා
මූ නැට්ට එක්ක ඇගත් වනලා ... දගර ඩාන්ස් එකක් දාලා .......... චූට්ටකින් ......... වටේ කැරකි කැරකි වහලේ දිහා බල බලා බිත්තියට කකුලුත් තිය තිය ... වහලෙට බුර බුරා
මට උඩිහප්පෝ පෙන්නුවා කියන්ඩකෝ
මූ වාගේම දෝදූ කෑල්ලක් ගෙදර ඉන්න කවුරුහරි ඉන්නවානං දවස් දෙක තුනකට මූට පොඩි නිවාඩුවක් ගතකරන්ඩ චාන්ස් එකක් දෙන්ඩ.............ප්ලීස් ,මොකද ඉස්සරහට මට ගෙදර ඉන්ඩත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ මූ පන්සල් සූදුවටත් නැඔුරු වෙනවා වාගේ ... ජුල්බුලියට ෂොට් එක දෙන්ඩ ෆුල්ට්‍රයි.
2019-06-30
ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත් කඩේට අල්ලලාමයි , මේ කියන කාලේ vcd සහ vhs කරට කර යන කාලේ ... සොනී ඩෙක් එකක් සහ සොනි වි සී ඩී එකක් තිබුනා උනත් සමහරක් රයිට් කරපු වි සීඩී සොනි එකේ දුහන්නේ නැතිනිසා .. ඔසාකි කියන චයිනීස් ප්ලේයර් එකකුත් ගත්තා. ඒක අර සෝනි එක වාගේ පතරංග ප්ලේයර් එකක් නෙමෙයි දැක්කහම හරි ආසයි.... හුරුබුහුටි භාණ්ඩේ.
ඒක ගෙනාපු මුල් කාලේ දවසක උදේ වරුවේ බුදුපහන තියලා හදුන්කුරු එහෙම ගහලා ,සාම්බ්‍රනි දුම් අල්ලා එහෙම ටිකක් වෙලා හිටියා ..උදේ නමය හමාරට විතර ඇති .. වස කම්මැලියි .... සෙනසුරාදා උදෙන්ම කට්ටිය එනවා අඩුයිනේ ... අලුතින් බැස්ස ෆිල්ම් ඔක්කොම වාගේ බලලා තිබුන නිසා , දාගත්තා ලේස්බියන් ට්‍රීබලක් ......... ඔව් ඔව් එකපාර දෙක තුනක්ම බලාගන්ඩ පුලුවන් හින්දා පොඩි එකෙක් වෙච්චමං ඒ කාලේ වැඩිපුර බැලුවේ එව්වා තමයි.
ටික වෙලාවකින් පෙරලගන දුහගන එනවා කඩේ ගෙදර කොල්ලා
අයියේ අයියේ .. මොනවද ඔය කරන්නේ .. අන්න අපේ තාත්ත tnl බලන්ඩ ටීවි එක ටියුන් කරනකොට ... තමුසේ බලන බ්ලූ එක අහු උනා ... වහනවා ඔයි ඕක.
අප්පටසිරි ඒ කොහොමද බං
මං දන්නේ කොහොමද , අම්මයි අක්කයි අපි ඔක්කොම සාලේ හිටියා
කියලා මට බැන බැණා අරූ යන්ඩ ගියා
පස්සේ ටිකක් හොයලා බලනකොට තමයි දැනගත්තේ osaki ප්ලේයර් එකේ ආපු Radio Frequency අවුට් එක කේබලයක් සම්බන්ද නොකලත් ට්‍රන්ස්මීටර් එකක් වාගේ වැඩකරලා ටීවී වලට කනෙක්ට් වෙනවා කියලා
ඔයාලටත් මෙහෙම අකරතැබ්බ වෙලා තියනවද
2019-05-20
ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.
ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම පුලුවන් කියන එක තමයි.
අධිවේගී මෙෂින් එකක , ලෙදර් මහන්නම හදපු මෙෂින් එකක තරම් නැති උනත් ජාමේ බේරගන්න පුලුවන් , සීයට සීයක් සාර්ථක නැති උනත් ජාමේ බේරගන්න පුලුවන්.
ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න උත්සාහ කරන කොට සැලකිලිමත් වෙන්න ඕන කරුනු කිහිපයක් තියනවා. අපි එකින් එක ගම්මු එතකොට ලේසියි.
1) පාවිච්චි කරන නූල් මොනවාද
2) පාවිච්චිකරන ඉදිකටු මොනවාද
3) ත්රේඩ් ටෙන්ෂන් හොදට තියනවද
4) ෆීඩොක් සහ ප්ලේට් හොදට තියනවද
5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද
හරි අපි එකින් එක ගම්මු
1) පාවිච්චි කරන නූල් මොනවාද
නූල් වල ප්‍රමාණය ( ගණකම,මහත ) මැහුම් වලදී හරිම වැදගත් නමුත් බහුතරය පලමුවෙන්ම නොසලකා හරින්නෙත් ඒකමයි , ලාබෙටම තියන එකගන්නවා , නූල් කෝන් එකක ලේබල් එකේ කෝන් එකට ඔතලා තියන තියන නූල ගැන තොරතුරු ගොඩක් තියනවා .......... මෙතැනදි වැඩියෙන් වැදගත් වෙන්නේ නූලේ ප්‍රමාණය ගැන විතරක් නිසා මම ඒක ගැන විතරක් කතා කරන්නං ... tkt අගය ..එහෙම නැත්තං සාමාන්‍ය විවහාරයේ .. ටිකට් නොම්බරේ .. ඒකෙන් කියවෙන්නේ නූලේ ගණකම ... 120 කියුවොත් ගොඩක් හීනියි ... 80 ඊට ටිකක් මහතයි ... 50 ඊටත් වැඩිය මහතයි .... 30 ගොඩක්ම මහතයි .....10 ඒක ගොඩක් හයිය මහත නූලක් ..... අන්න ඒ සයිස් එකෙන් තමයි අර හාල් බෑග් ...පොහොර උර එහෙම මහලා තියෙන්නේ .............
සාමාන්‍ය රෙදි මහන්න බහුලව ගන්නේ tkt 120 නූල් ......... ඒකෙන් ලෙදර් සහ රෙක්සින් මහන්න ගියහම නූල ශක්තිමත් නැති නිසා ...... කැඩෙනවා ........ ලෙදර් පොටවල් දෙක හරියට එකතු වෙන්නෙත් නෑ නුලට ශක්තියක් නැති නිසා ...... මැහුම් ලස්සනකුත් නැ.
මහන ලෙදර් එක හෝ රෙක්සින් එක ගණකම වැඩිවෙන කොට ඒකට සාපේක්ෂව නූලේ මහතත් වැඩිවෙන්න ඕන ... මහන මැටිරියල් එකට අනුකුලව
ඉතින් මහන දේට අදාලව ... නූලේ ප්‍රමාණය වැඩිකරගන්න වෙනවා tkt 80.....50.....30..... ආදී වශයෙන්

2) පාවිච්චිකරන ඉදිකටු මොනවාද
හැම වෙලාවෙම මිලෙන් වැඩි ඔරිජිනල් ඉදිකටුම අරගන්න , ඊයම් කොල වල ඔතලා කඩදාසි පැකට් වල දාපු ඒවා ගන්න එපා ... ඒ ඉදිකටු ලෙදර් තියා නිකං රෙදි මහන්ඩවත් සුදුසු නැ , පහත පින්තුරයේ තියනවා ඒ වාගේ බාල ඉදිකටු වර්ග සමහරක්
ඔය පරණ කලුපාට මෙෂින් හැම එකකටම යොදන ඉදිකටුව HA කියන ඉදිකටුව , ඒ මාදිලියේ ලංකාවේ ගන්න තියන හොදම ඉදිකටුව සිංගර් ඔරිජිනල් ඉදිකටුව තමයි ... HA - 18 HA - 21 වාගේ මහත ඉදිකටුවක් ලෙදර් සහ රෙක්සින් මහන්න යොදාගන්න ඕන ... පහත පින්තුරයේ තියනවා සිංගර් ඔරිජිනල් ඉදිකටු.
මහන ලෙදර් එක හෝ රෙක්සින් එක ගණකම වැඩිවෙන කොට ඒකට සාපේක්ෂව නූලේ මහතත් වැඩිවෙන්න ඕන කියලා අපි කතා උනානේ ... අන්න එහෙම මහත නූලක් දානකොට ඉදිකටුව මහත එකක් වෙන්න ඕන ... මොකද මහත නූලට ගැලපෙන්න සහ ශක්තිමත් ලෙදර් හරහා නූල් අරගන යන්න ලොකු සිදුරු හදන්න ඕන නිසා ..අනික සිහින් ඉදිකටුවකට බෑ ලෙදර් එකක් හිල්කරන්න.
4) ෆීඩොක් සහ ප්ලේට් හොදට තියනවද
පීඩොක් එක සහ නීඩ්ල් ප්ලේට් හොද තත්වයෙන් නැත්නම් ලෙදර් මහන්න බෑ , ෆිඩොක් එහෙම නැත්තං දැති සෙට් එක ගෙවිලා තියනවනං ලෙදර් මහන්න අපහසුයි , අනිත් කාරනාව තමයි තෝර්ත් ප්ලේට් එහෙම නැත්තං නීඩ්ල් ප්ලේට් එක කඩතොලු වෙලා , යටට බැහැලා තියනවනං ලෙදර් මහන්න බෑ .... දැන් මේක කියුව ගමං ... අලුතෙන් දෙකක් ගෙනත් මාරු කරන්න එපා , ඒ දෙක හොද තත්වයෙන් තියනවද කියලා තමන්ට හරි අදහසක් ගන්න බැරිනං හොදින් දන්න කාර්මිකයෙකුගේ උදව්ව ලබාගන්න , පුනපුනා මෙෂින් එකේ තිබෙන පාටස් මාරු කරන්න එපා කියලා කියන්නේ ලොකු හේතුවක් ඇතුව.
ගොඩක් පරණ මෙෂින් ... ඇමරිකාව , එන්ගලන්තය , බ්‍රසීලය , ජපානය , ඉතාලිය , ජර්මනිය වාගේ රටවල් වල හදපු ඒවා ... උසස් තත්වයේ ලෝහවලින් හදලා තියන නිසා ඒ මෙෂින්වල කොටස් ගෙවීයාම සහ කෑඩි බිදී යාම අල්පයි ... ඉතින් හිතුමතේ අමතර කොටස් ගෙනැවිත් සවිකිරීම මගින් රත්තරන් ටිකකට තියන කෑල්ලක් ගලවලා චීනයේ හෝ ඉන්දියාවේ හදාපු බ්ලෙක් තහඩු කෑල්ලක් මෙෂින් එකට සවිවෙන්න පුලුවන්.
5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද
පෙෂර් ෆුට් එකේ අඩිය ගෙවිලා සහ කඩතොලු වෙලා තිබුනෝතින් ලෙදර් එක මැහිලා ඉස්සරහට යන එක හොර වෙන්න පුලුවන් , ඒ වාගේම පුට් ෂැන්ක් එක ( උඩ කොටස ) සහ පුට් ප්ලේට් එක ( යට කොටස ) සවි වෙලා තියන රිවට් එකලගින් අනවශ්‍ය විදිහට සෙලවීමක් කියනවානං , ලෙදර් එක කෙලින් පිටුපසට නොයා පැත්තකට යන ස්වභාවයක් ඇති වෙන්න පුලුවන්.
අනිත් වැදගත්ම දේ තමයි පෙෂර් ෆුට් ස්පීන්ග් එක කාලයත් එක්ක තේරපීම් නිසා හැකිලිලා තියෙන්න පුලුවන් , පුට් බාර් එක උඩින් තියන පුට් බාර් පෙෂර් නට් ( පෙෂර් බාර් තම්බ් ස්කූරූ ) එක ගලවලා එතැනින් ස්පීන්ග් එක එලියට අරගන , අඩු දෙකක් ආධාරයෙන් දෙපසට ඇදලා සෙන්ටි මීටර් තුනක් පමණ දිගින් වැඩිකරගන නැවතත් තිබු ලෙසම සවිකරගන , පෙෂර් නට් එක හොදින් පහතට කරකවා , දැති සෙට් එක සහ පුට් එක අතරට මැදිවන ලෙදර් එක මතට හොද පීඩනයක් ලබා දී පහසුවෙන් ලෙදර් එක පසු පසට තල්ලු වෙන ආකාරයට සකසාගන්න පුලුවන්.
*** ඉතාමත් වැදගත් බොහෝ දෙනෙක් නොදන්නා තවත් දෙයක් මම ඔබට කියලා දෙන්නම් ***
එම ඉදිකටු DB - LR සහ DP - LR වශයෙන් වර්ග දෙකක් දකින්න පුලුවන්
උප වර්ග කිහිපයක්ම ඇති නමුත් මේ කාර්ය්‍යට අදාල වන දෑ ගැන පමණක් සරලව තේරුම් කරන්නං
කලාතුරකින් අවස්ථාවක මේ ඉදිකටුව PF -LR කියලා පැකට්ටුවේ සදහන් කරලත් එනවා
DB - LR සහ DP - LR
ඉදිකටු වර්ග දෙකේම මැසීමට උපකාරිවන ඉදිකටුවේ පහල කොටස ඉදිකටුවේ ප්‍රමාණය අංක ඉහල යනවිට මදින් මද විශාල වන ලෙස නිපදවා තිබෙනවා , උදාහරනයක් කියනවානං සයිස් 18 ට වඩා සයිස් 21 මහතින් වැඩියි.
නමුත් මේ කද කොටස මහතින් අඩු DB - LR ඉදිකටු සහ කද කොටස මහතින් වැඩි DB - LR ඉදිකටු වාගේම සයිස් එක වෙනස් වන විට උඩ කදේ මහතේ වෙනසක් නොවෙන DP - LR ඉදිකටුත් පරණ කලුපාට මෙෂින් වලට යොදන්න පුලුවන්
ඔබ දන්නවා කලුපාට පරණ මහන මෙෂින්වලට යොදන HA ඉදිකටුවල උඩ මෙෂින් එකට සවිවන කොටස උඩ සිට පහලට කානුවක් වැනි දාරයක් තිබෙන පැත්ත රවුමටත් , ඉදිකටුවේ නූල දමන සිදුරට උඩින් ඇති කර්ව් එක ( ඇතුලට නෙරා ඇති සැකැස්ම ) තිබෙන පැත්ත පැතලිවත් නිෂ්පාදනය කරලා තියනවා , අපි මෙෂින් එකට ඉදිකටුව සවිකරන කොට ඒ කර්ව් එක සහිත පැතලි පැත්ත මෙෂින් එකේ ඇතුල් පැත්තටත් , කට් එක සහිත රවුම් පැත්ත එලියටත් හිටින විදිහට මෙෂින් එකට සවිකරනවා.
ඔය කියුව දේවල් කරලත් හරිගියේ නැත්තං වෙනත් සංකීර්ණ ගැටලුවක් මෙෂින් එකේ තියනවා වෙන්න පුලුවන් කාර්මිකයෙකුට කියලා ඒ වරද නිවරැදි කරගන්න.




























