ලල්ලා කියන්නේ අපේ අම්මගේ චුටී මල්ලී. එ දෙන්නා අතරේ අවුරුදු 20ක විතර පරතරයක් තියනවා.උත්සහවන්ත අහිංසක මනුස්සයා. හරිම හොදයි. එයාට වයස 4ක් විතර කාලයේ තමයි අපේ තාත්තා අම්මව ගන්න එහාට ගාටලා තියෙන්නේ.
(ඇවැස්ස නෑ කමට ගෑණු අරගන හත්මුතූ පරම්පරාවම පීනස් කාරයො)
අන්න ඒ කාලයේ දවසක් උන සිද්ධියක් තමයි මෙ කියන්න යන්නේ.
තාත්තා හැමදාම ලල්ලගේ කලිසම ගලවන හින්දා තාත්තා එනවා දැක්ක ගමන් ලල්ලා දුවලා ගිහින් තියන කලිසම් ඔක්කොම අදින එක එ කාලයේ පුරුද්දක්ලු.ඔය කියන දවසෙත් තාත්තා ඇවිත් තුන් හතර පාරක් කලිසම ගලවන්න හැදුවත් කලිසන් දෙක තුනක් තිබුන නිසා බැරිඋනාලූ.
හවස්වරුවම කඩපු මල් මදිවට සුසීල්මහත්තයා (තාත්තා) රෑටත් මල් කඩන්ඩ නතර උනාලූ. පිට ගේදරක්යැ ඉතින් හත්මුතූ පරම්පරාවටම වාසගම් දෙකනේ තියෙන්නේ.කොහෙන් බැලුවත් නෑයො.කොහොමින් කොහොම හරි පහුවෙදා උදේ පාන්දර තාත්තා වැඩට යන්ඩ ලැස්තිවෙලා මොනවද හොයනවාලූ.
''මොනවද ඔයා හොයන්නේ''