2012-04-25

හාමිනේද පෙට්‍ටගමද


 නිමල් බොහොම අඩු වයසෙන් තමන්ගේ උත්සාහය සහ කැපවීම නිසා ජීවිතය සාර්ථක(ද) කරගත්ත මනුස්සයෙක්.ඇත්තටම මහත්තයෙක්.

 හැබැයි හැමෝටම වගේ එ මනුස්සයටත් තියනවා එක එක පිස්සු.මෙ එ එක පිස්සුවක් ගැන ඇත්ත කතාවක්.

නිමල්ට තදටම වැළදිලා තිබුනා ඇන්ටික් පිස්සුව. පිස්සුව කොච්‍චර තදින් හැදිලද කියුවොත් කොහේහරි පරණ පඩික්කමක් තිබුනත් කෙලපිටින්හරි පටවගන එනවා. ලස්ස ගානක් වියදම්කරලා ගෙයක් හදලා බිත්තිවලට මැටි ගෑවා ඇන්ටික් ලුක් එකක් ගන්ඩ කියලා.ගෙදර බඩු ඔක්කොම ඇන්ටික්.

ඔහොම ඉන්න අතරේ දවසක් මිනිහගේ හාමිනේ අතූරුදහන් උනා. එහෙම දෙයක් උනහම මනුස්සයෙක් පත්වෙන තත්වය විස්තර කරන්න ඔන නැනේ. එ ගෑණි යනකොට රත්තරන් බඩු වගේ වටින කියන දේවල් එක්කොම අරගන ගිහින්.නිමල්ට එගැන වගේ වගක් නැ.  පොර කියනවා යාළුවන්ට 

      බලපන්කො රත්තරන් බඩුටික දාගන ගිහිල්ලද කොහෙද බං කණ්නාඩී ර්‍මෙසයේ ලාච්‍චුවට , ලාච්චුව නැතූව හෙළුවෙන් වගේ.

නිමල් හරියට විස්සෝප වෙනවා ලාච්චුව ගැන ,  ඌ අරගන දුන්න ලාච්චුව පිරෙන්ඩ රත්තරන් බඩු ගැන වචනයක් කියන් නෑ.  එ මෝඩ , අවාසනාවන්ත ගෑණී දරුවවත් අරගන ගිය නිසා දැන් අහිංසක නිමල් රට පුරාම හොයනවා ගෑණීව.

                                     දවසක් ලැබුනා තොරතූරක් ගෑණී ඉන්න තැනක් ගැන තොරතූරක් දැනගන්න පුළුවන් තැනක් ගැන.නිමල් මිතූරන් පිරිසක් එක්ක ගියා එ ගෙදරට , ටිකක් පරණ තාලයේ ගෙයක්. නිමල් අනිත් මිනිස්සු ගැන හිතන මනුස්සයානේ, වාහනයෙන් බහින්ඩ කලින් යාළුවන්ට මෙන්න මෙහෙම කියුවා.


   මචං මම ගිහිල්ලා කතාකරලා බලන්නම් අපි ඔක්කොමලා යන එක හරි නෑ නේ, උඹලා වෑන් එකෙන් බහින්ඩ එපා, කට්‍ටිය දැක්කහම එ මීනිස්සු භයවෙයිද දන්නැනේ. 

දැන් නිමල් එ ගෙදර හිටපු අර්‍මමා කෙනෙක් එක්ක කතාකරකර ඉන්නවා. පර්ස් එක එළියට ඇදලා සල්ලි වගේකූත් ඒ අර්‍මමාට දුන්නා.දැන් එනවා හිනා කටක් පුරවගෙන  වෑන් එක ලගට. කර්‍ටටියට දැන් ඉවසිල්ලක් නැ මොකද උනේ කියලා දැන ගන්ඩ.

    මරු පෙට්‍ටගමක් තියනවා බං , ඇන්ටිට රුපියල් 1000ක් දීලා මම ඒක ගත්තා , බැහැලා වරෙල්ලා වෑන් එකට දාගන්ඩ.

කට්‍ටිය පෙට්‍ටගමත් පටවගෙන දැන් එනවා. නිමල් දැන් යාළුවන්ට කියනවා මෙහෙම.

      ‘‘මචං ඇත්දළ කෑලිත් අල්ලලා තියනවා  පට්‍ටවටිනවා බං. මම දවසක් ඇන්ටික් කඩයකින් ඇහුවා මෙ තරර්‍ම ලොකූත් නැති එකක් 35000ක් කියුවා , එහෙම බලන කොට මෙ පෙට්‍ටගම 50ක් 60ක් වටිනවා බං. ඒ ඇන්ටි කියනවා එයාගේ ආර්‍චචිඅම්‍මාගේ අර්‍මමාට දෑවැද්දට හර්‍මබුන එකක් ලු , මෙ මිනිස්සුන්ට වටිනාකමක් නැ බං , දැක්කනේ අගූවට තෙමෙන්ඩ දාලා තිබුනු හැටි , පොලීෂ් පාරක් දීලා ගත්තනං මරු , උඹලා දන්න තැනක් නැද්ද පිත්තල කෑලිටික වක්කරගන්ඩ‘‘   

 දැන් මුගේ ‍පෙර්‍ටටගං වර්ණනාව අහගන ඉන්ඩ බැරි මර්‍ටටමටම ඇවීත් ඉවසිමෙ සිමාවත් පැන්නා.  යක්ෂයා ආරුඩ වෙලා හිටපු එකෙක් ඉන්ඩම බැරිතැන කටහඩ අවදි කලා.

  ඔය  -ත්තේ පෙර්‍ටටගම නෙමෙයි  -කෝ අපි ආපු කාරණාවට මොකද උනේ, එ ගැණී මොකද කියුවෙ.


එ ඇන්ටීලා මොකූත් දන්නැ කියුවා මචං  මම වැඩිය   හාරාඅවුස්සන්ඩ ගියෙත් නැ     

2 comments:

  1. ඔහොම තමයි බං පෙට්ටගං හෙක් හෙක්

    ReplyDelete
  2. මුට ඔය ගෑනි ඕන නෑ .... තව පෙට්ටගමක් හොයල දෙමු

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • හැකිනං පොලව හාරාගන වැලලෙනවා
    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත් චේන් එකට…
  • සර්ලට මොකටද කසිප්පු
    අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත්…
  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • කා එක්කද බං
    මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට…
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • DB Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    '' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද '''' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද '''' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක්…
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
1,644,358

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>