2012-04-22

පව ඇරියස්


අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක තරර්‍ම අලේ අංකල්ගේ ඩයල් එක චොරවෙලා තියනවා

අලේ ජීවිතයට මුහුන දෙන විදිහ හරි සුන්දරයි එ නිසා තමයි මම අලේ ගැන ලියන්නේ. අලේ අංකල් කරන රස්සාව තමයි ත්‍රීවිල් රස්සාව. කෑලි හැලෙන ත්‍රීවිල් එකක් තමයි තියෙන්නේ. වාහනයේ කන්ඩිෂන් එක නිසා හයර් හරි අඩුයි. කොල්ලන්ගේ අළුත් වාහන වල රේස් ගිහින් මැරෙන්ඩ බය මැන්ටල් විතරයි එ වාහනයේ යන්නේ.සමහරක් දවස්වල  පුතා යන් කියලා කතා කරනවා අර්‍මමො මම නගින්නැ. හාමිනේ සමහරක් දවස් වලට කියනවා අනේ අලේ අංකල් මිදුලටම ගෙනත් දැර්‍මමා සල්ලි ගත්තෙත් නැ කියලා.


අනේ අපරාදෙ කියන්ඩ බැ , සල්ලි වලට මිනිස්සු අදිනවට වඩා නිකන් තමයි අදින්නේ.මගේ කනට ඇහිලා තියනවා නාකී අර්‍මමන්ඩිලා පාරේ කියෝ කියො යනවා අලේ මල්ලීවත් ආවානර්‍ම කියලා.


පන්සලේ හාමුදූරැවොත් යන්නේ අලේ එක්ක තමයි . අලේ ඉතින් ආගම දහමට ලැදි මනුස්සය නිසා සල්ලි බලාගන නෙමෙයි යන්නේ. හාමුදූරැවොත් හයර් එකට වඩා මුදලක් මිටමොලවනවා. හාමුදූරැවො දන්නවා අලේගේ අලගිය තැන් මුල ගිය තැන් ඔක්කොම. සරලවම කියුවොත් දෙන්නා හොද යාළුවො.


                               දෙන්නා දවසක් දූර ගමනක් යනවලු.  හාමුදුරැවො විස්තර අහනවලු අලේගෙන්. අලේ දෙනවලූ ගිහීදුක අතට අරගන.හාමුදුරැවො අන්තිමට කියුවලු අලේට මෙහෙම


  අලේ මහත්තයො නරකද ඔය තියන අපල කරදර දුරුවෙන්ඩ කියලා බෝධී පුජාවක් කලොත්.
 

 

 එහෙමයි අපේ හාමුදුරුවනේ , මිනිස්සුන්ට කාලෙන් කාලේට අපල එන්නේ ඇයි.


පෙර ආත්මභවවල  අපි කරපු අකූසල කර්ම නිසා තමයි මහත්තයො.

 

අවසර හාමුදුරැවනේ එතකොට බෝධී පුජාවල් තිර්‍බබහම පවු කැන්සල් වෙලා යනවද


එහෙර්‍මම වෙන්නැ මහත්තයො, ඔය තියන පුංචී පුංචී අහොසිකර්ම නර්‍ම නැතිවෙලා යනවා , කරලා තියන පුංචී කූසල කර්ම වැඩිදියුණු වෙලා මතූවෙලා හොද විපාක ලැබෙනවා, අකූසල කර්ම විපාකදිම පහුවෙනවා. 

 

එහෙමනර්‍ම හාමුදුරුවනේ ඒ බෝධී පුජාවෙන් කමක් නැ මම පුරුදූවිදිහටම ඉන්නම් , කරපු පව්වලට ඇප දාගන ලබන ආත්මෙදි ඇරියස් එක්ක ගෙවනවට වඩා හොදයි  මේ ආත්මෙම ගෙවලා ඉවර කරගන්නඑක

4 comments:

  1. :D Funny story. You got a creative mind. Not everyone has it. Keep it up.

    ReplyDelete
  2. //එහෙමනර්‍ම හාමුදුරුවනේ ඒ බෝධී පුජාවෙන් කමක් නැ මම පුරුදූවිදිහටම ඉන්නම් , කරපු පව්වලට ඇප දාගන ලබන ආත්මෙදි ඇරියස් එක්ක ගෙවනවට වඩා හොදයි මේ ආත්මෙම ගෙවලා ඉවර කරගන්නඑක//
    ගස්ලබ්බගෙ පව්කාර කමටද මන්දා මෙහෙමමයි හිතෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  3. සිරාවට බං. ආය ඇරියස් තියලා ඕවට පොලී හැදෙන්නත් බැරි නෑ.

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>