2013-05-20

සුපවයිසර් කෝ



මේ චාටර්ම චාටර් සිද්ධිය උනේ කාලයකට ඉස්සර මම යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන ආයතනයක වැඩ කරන කාලේ , ඒ ආයතන‍යේ වැඩ රාජකාරි සිද්ධ උනේ සේවාමුර ක්‍රමයට, උදේ හයට වැඩට යන කෂ්ටිය දවල් දෙකට ගෙදර  යනවා . දෙකට එන කට්ටිය රැ නමය වෙනකං වැඩ කරලා ගෙවල් වලට යනවා . නමයට එන එකාල නං ඉතින් උදේ හය වෙනකං තපින්ඩ ඕන , 

දවල් වරුවට කෙල්ලෝ එහෙම ඉන්නවා උනාට කොල්ලන්ට බයිට් එකට ගන්ඩ කොහෙද රැට උන්වත් නැනේ, කැගහගන , කුණුහාරප කියාගන , පිස්සු නටාගන තමා සෙට් එකම ඉන්නේ , ඒක වෙනමම උප සංස්කෘතියක් මෙහෙම වචන වලින් විස්තර කරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි .කොහොම උනත් වෙන තැන් වල නැති සමගියක් ඔයවාගේ තැන්වල තියනවා. ගෙදරින් ගේන දෙයක් බෙදා හදාගන කාලා , සිකරට් එකක් බුලත් විටක් තියනවානං ඒකත් බෙදා හදා ගන්න එක ඉතින් සිරිතකටත් වඩා නීතියක් වාගේ  අනිවාර්යෙන් කරන්ඩ ඕන දෙයක් , සමහරක් වෙලාවට එකෙක් ගේන කැම එකක් දිග ඇරලා අනිකලටත් කතා කරන්නේ කොහෙවත් ඉන්න එකෙක්.

පැට්ටේරියටම නාකි වෙච්ච උන් සෙට් එකක් හිටියා උන් නං ඉතින් රැට වැඩට එන්නේ දෙකක් දාගන මලක් එහෙම ගහල තමා . ඔය මොකක් හරි අයිස් ජොබ් එකක් කරන හන්දා උන් කොහොම ආවත් අපිට නං අවුලක් නැ , උන්ගේ වැඩ ටිකත් එක්ක අළුත් කොල්ලෝ කරල දානවා , පාලන අධිකාරියටත් ඔව්වා ගානක් නැ නොදන්නවා වාගේ ඉන්නවා , 

එතන ඉන්න මැනේජර්ලා , සුපවයිසර්ලා ,
ඩබ්ලියු  එස්ලා , ඒ එම්ලා , ගොඩක් උන් මෙතනම ඉදලා ඉහලට ගිය අය, වෙන තැනකට ඔය ලෙවල් එකට රස්සාවට යන්ඩ බැරි හන්දා මොනවා දැක්කත් , අඩු පඩියක් ලැබුනත් , කට පියාගන වෙන දෙයක් බලාගන ඉන්නවා ,

2013-05-08

නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්





අතීතේ සියවරක් මා ඔබව බලා උන්
දොඩමළුව සිනාසුනු දෑත් යුග පටලවන්
ගොඩනැගු අපි එදා අනාගත සිහිනයන්
දකීදෝ කවුරුවත් අපි දන්න යැයි බියෙන්

මා දමා ගිය දිනේ පැතුමු මල් පොඩි කරන්
කියන්කෝ කල වරද අහන්නට ලංකරන්
බලා උන් මං එදා දෑස් යුග තෙත් කරන්
මගී බස් නැවතුමේ මග දෙසට නෙත් යොමන්

අපේ පෙම ටිකින් ටික අතීතෙට එක් කරන්
ගෙවී ඇත විසි වසක් අතීතෙට එක්වෙමින්
උලුප්පා මතුකරන් වල දැමු මතකයන්
නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්





Popular Posts

  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • ටීනගේ මෙව්වා ඒක
    අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ…
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  • How to Clean and Polish 15 NL1 Copper Regulator Plates
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • Sri Lankan Grandma's Recipe Beef curry
  • කා එක්කද බං
    මෙතෙන්ට වෙලා වරුවක් ගියා මේකා තාම නැනේ , සුවර් එකට නියපොතු මැද මැද නානවා ඇති ගෑණි වාගේ , මේ ගිනිදවල් නාලා වැඩක් ඇතැ සෙනසුරාදා විතරයි හිතේ හැටියට…
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
  •  වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug
    මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක්…
  • අනේ යං මෙයා යන්ඩ
    මෙව්වා රියල් සිද්ධි හරිද , අටංතුමා හදලා ලියනවා නෙමෙයි,  අපිට වෙන හැම සීන් එකකම හිනායන කෑල්ලක් තියනවා , කාට උනත් ඒ කෑල්ල හරියට අල්ලා ගන්න…
  • බෝතාල් පත්තරේ
    සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ …
  •  කූඹියෝ වෙනුවෙන්  මගේ මෙව්වා ඒක
    මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම …
  • මරණය
    මට දැං ඇති වෙලා මේ ජීවිතය උඹ ලගට එන්ඩ ලේසීම වේදනා රහිත තාක්ෂණික විද්‍යත්මක නිර්මාණාත්මක සාර්ථක පහසුම ක්‍රම බොහොමයක්ම දන්නවා උනාට කවරදාකවත්ම මම කිසි…
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • ඒඩ්ස් හැදුන තාත්තගේ ළමයි
    අද මම කිරිබත්ගොඩ ඉදං ගෙදර එන්ඩ එන ගමං හැදිච්ච සිකරට් තිබහට ගොඩඋනා හොද තැඹිලි වල්ලක් එල්ලලා තිබුන කඩයකට , කඩේ ඇන්ටිපා එක මං යනකොටත් හොද වෙල්ලා…
  • සිංගර්  ශ්‍රී ලංකා .... අපිට හොද ගියර් වීල් ගෙනත් දෙන්න
    මා දැනට විසි වසරකට අධික කාලයක් මහන මෙෂින් අලුත්වැඩියා කරන්නෙක් ලෙසට ජීවිකාව ගෙන යන්නෙක්මී , අප රටේ  භාවිතාවන  බහුතරයක්  මහන…
  • Leather, Rexin, Curtain Sewing and DP-LR, DB-LR, F2-LR Needles
  • ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්
      දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර…
1,643,639

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>