2014-01-25

dehiwala national zoological garden දෙහිවල සත්තුවත්තේ අරක පෙන්නපු සිංහයා



ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ  උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල

''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද''

''මොන කේක්ද දෝණි''

''අනේ''

''කේක් නෙමෙයි දෝනි , අපිව කොහේහරි එක්කගන යන්ඩ කියන්ඩ .  තාත්තා මේ දවස්ටිකේ හොදට තනියම ඇවිද්දා අපිව කොහෙවත් එක්ක ගියේ නැ''

''එහෙනං අපි වෝටර් වර්ල්ඩ් යං ''

''අප්පෝ හරි යන්නේ නැ , වෙන කොහේ හරි යං ''

දකුණු ආසියාවේ ප්‍රථම උමං මින්මැදුර කියලා ටීවි කමර්ෂල් කර කර මිනිස්සු අන්දනවා . ඇති බිජජක් නැ . උමගේ අඩි දොලහක් විතර ඇති , කලින් පාර ගිහිල්ලා වෙච්ච දේවල් හන්දා ගත් කටටම මම කියුවා

'' එහෙනං දෙහිවල සත්තු වත්තේ ''

'' හා එහෙනං ''

මීට මාස හත අටකට කලින් ගිහිල්ලත් මේ ලෝකේ රහක් නොතිබ්බා උනත් මං කියුවා

ඔන්න ඉතින් කෙල්ලෝ දෙන්නයි අටමියි ලැස්ති කරාගන රාගමට ගිහින් කෝච්චියට නැගලා ඇතුලට යන්ඩ බැලුවා . ගොඩ වෙලා ටොයිලට් එක ලගින් පෙට්ටිය අස්සට රිංගගන්ඩ බැ , ෆෝසස් පොරක් උගේ තඩි බැග් දෙකට අමතරව තව පොල් ගෝනි දෙකක් දොරගාව හමන්නලා , හෙන අමාරුවෙන් අටමිවයි කෙල්ලෝ දෙන්නයි එතනින් පන්නලා අස්සට රිංගුවා , අපේ පස්සෙන්ම දුවයි මිනිපිරියයි එක්ක ඇතුලට ආපු ආච්චි අම්මා කෙනෙක් එඩේරමුල්ල හරියට එනකොට  ඉස්පිරිතාලේ ඉදන් එන කොට සේලයින් දිපු හිල වහන්ඩ ගහපු ප්ලාස්ටරය තියන අතින් කෙල්ලෝ දෙන්නගේ මුණ අතගානවා ,  උන්දැගේ අනිත් අතේ හපුටු කොට්ටයක් , හෙන අමාරුවෙන් කෙල්ලෝ දෙන්නත් එක්ක අනිත් පැත්ත හැරුනා.

ඇගිල්ලක් ගහන්ඩ ඉඩ නැති කෝච්චිය අස්සේ සැරින් සැරේ හිටගන ඉන්න උන් අඹරාගන , පෙරලගන පොත් කාරයොයි , අච්චාරු කාරයොයි , වඩේ කාරයොයි රිංගනවා , ඊටත් හපං අර රොකට් බැලුං කාරයෝ.ළමයින්ගේ අතට බලෙන් එවා ගහන්නේ, කාලයක් කොච්චිය අස්සට රිංගලා බඩු විකුණන එක නවත්තලා තිබුනා . දැන් ආයෙත් ''දිවිනැගුම'' යටතේ ජැකට් එකක් එහෙම අන්දලා සෙට් එකක් බස්සලා ,
අනේ ඉතින් ඕකෙන් දුප්පත් මිනිස්සු ටිකක් ජීවත් වෙනවා තමයි , ඒ උනාට සෙනග පිරිලා හුස්මක් කටක් ගන්ඩ බැරුව ඉන්නකොට ඒක මහා වදයක් .

ඒ කෝච්චිය දෙහිවල නවත්තන්නේ නැති හන්දා ගල්කිස්සෙන් බහින්ඩ අටමිව ඉස්සර කරගන ලොකු කෙල්ල මැද්දට කරගන පොඩ්ඩිව වඩාගත්ත මං හෙන ගේමක් දෙනවා , වයහ හතලිහක විතර කපල් එකක් දොරගාව ලව් කරනවා , කරන ලවක් ඇතුලට රිංගලා කරගත්තානං මොකද , අර අයියගේ පොල් ගෝනි දෙකයි , මේ තරුණකාලේ ඇරියස් අල්ලන අක්කයි අයියයි ඇරුනහ , තව මහත අක්කාකෙනෙක් බතික් සාරියක් එහෙම ගහගන මහා කෝණයක් දෙකකුල් වලින් පිහිටවාගන හිටගන ඉන්නවා , පෙනුමනං හරි වැදගත් පාටයි . අපේ උන්දා ඒ අක්කා ගාවින් එලියට රිංගන්ඩ හෙන ගේමක් දෙනවා.

''යං යං චූටී කෝචිය අද්දයි ''

'' යන්ඩ බැ ''

'' ඉඩ දෙන්නේ නැත්තං පොඩි තල්ලුවක් දාන්ඩ''

'' හං...තල්ලු කරන්ඩලු හරි කතාවක්නේ යකෝ ඒක ''

අක්කා කට ඇරියා , කච කච ගානවා ඉවරයක් නැ

'' මේ පොඩි දෙන්නෙකුත් ඉන්නවා ටිකක් එහාට වෙලා ඉඩ දෙන්ඩ , නැත්තං බැහැලා ඉඩ දෙන්ඩ ''

අපිට පස්සෙන්බහින්ඩ ආව  අවපාට නැෂනල් එකක් දාගන උන්න අංකල් කෙනෙක් කියුවා , ඒ අක්කානං ඉඩදෙන පාටක් නැති හන්දා ලොකු දුවට අපහසුවක් නොවෙන විදිහට අටමියි මගෙයි අතරේ ගැප් එකක් තියාගන අටමිට පොඩි තල්ලුවක් දුන්නා , අර අක්කා අස්සෙන් අටමිව රූටලා ගියාට මොකද ලොකු ළමයව තැලිලා යන විදහට අර අක්කා ආයෙත් එජස් උනා , අකාරුණික කං ඉදිරියේ නිර්ධය විදිහට අවදිවෙන මගේ තිරිසනා නිහඩව අවදි උනා පීංවතුනි ,අක්කගේ  සැන්ට් සුවද අස්සෙන් කෙල්ලවත් තල්ලු කරගන එන ගමන් මගේ ගල් ගෙඩියක් වාගේ සෙරෙප්පු අඩියේ විලුඹ හරියෙන් අක්කගේ ඇගිලිටිකත් බරු ගහගන යාන්තං එලියට පැන ගත්තා .

ගෙදරින් එනකොට ගෙනාපු සරිර අංගෝපාංග ටික තියනවද කියල චෙක් කරගන එහෙම අපි ඉස්ටේසම ඉස්සරහින් ත්‍රීවිලර් එකකට නැගගත්තා .

2014-01-15

අක්ක ඇන්ටිලා


දැන් කාලේ සමහරක් ගෙවල්වල රස්සාවක් නොකරන නෝනලාට වෑන්වල පටවලා දරුමල්ලෝ ඉස්කෝලේ දැක්කුවට පස්සේ , ගෙදර තියන ආටෝරාසියක් වැඩ කන්දරාව අහවර කරහම  දවල්ට ලැබෙන සුළු විවේක කාලයක් තියනවානේ, ඔය පුංචී විරාමයට ඉතින් වෙහෙස නිවා ගන්ඩ තියන හොදම ක්‍රමය තමයි ඉතින් අහල පහල ගෙවල් වල යෙහෙළියොත් එක්ක කතා බහක් දාන එක.
ඒක  මොන තරම් සැනසීමක්ද කියලා එහෙම ජීවිතයක් ගතකරන නෝනා කෙනෙකුගෙන් ඇහුවොත් කියයි. සමහරක් අය නං  ඔහොම නෝනලාගේ පතූරු ඇරියත් අටමා එහෙම නෑ, අටමට හොදට දැනෙනවා ''කාන්තා හදගැස්ම'' එතනින් ගියහම  "කාන්තා විමුක්තියේ දෝංකාරය''

( මොකද ඉතින් අටමා කාන්තාවොත් එක්ක දවස තිස්සෙම ගැවසෙන එකානේ,, මේ රස්සාව හින්දා අටමට දැන් පුළුවන් ගැහැණු කෙනෙක් දැක්ක ගමන් අනුමාන කරන්ඩ මේ අම්මන්ඩී මොන ජාතියේ ස්තිරියාවක්ද කියලා )

එක්තරා නගරයක තියන අතුරු පාරක තියන පුද්ගලික පාරක අක්කලා සෙට් එකක කතන්දරයක් තමයි අද මම කියන්ඩ යන්නේ.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා , ඒ පාරේ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා තනියම ඉන්න වයසක ජෝඩුවකූත් ,

ඒ ඇන්ටි අර අක්කලාගේ ගැන්සියට සෙට් වෙන්ඩ හැදුවට අක්කලාගේ එච්චර මනාපයක් නැ ඒකට , මොකද දන්නවද වයස 29යේ  35හේ   41කේ  ගැන්සියක අක්කලාගේ සෙට් එකක් කියන කරන හැසිරෙන විදිහත් එක්ක 65ක් විතර වයස ඇන්ටි කෙනෙක් අනුගත කරගන්න එක අමාරු හන්දා.


ඔය පාරේ හිටියා අනූෂා කියලා අක්කා කෙනෙක් එයාගේ මහත්තයා වෝෆ් ක්ලාක් කෙනෙක් , හැම වේලාවකම ෆන් එකේ ඉන්න පොරක් , යෝධයට වඩා වැඩකාරයා යෝධයාගේ ගෑණී කියුවා වාගේ ( තව කතාවක් මතක් උනා වෙන දවසක ලියන්නං)  අක්කා අයියට වඩා සුන්දරයි ,
මොනවා උනත් ලොකුවට ගන්නැ, 16යේ කෑල්ල වාගේ තමයි කල්කිරියාව , හැබැයි නරක ගෑණියෙක් නෙමෙයි . දරුවන්ට ආදරය කරන , පති භක්තිය තියන , අනුන්ගේ දුකේදි  පිහිට වෙන , කියන්ට තියන දේ කෙලින්ම කියන මනුස්සයා.

එයාගේ ගෙදරට අල්ලපු,  බාගෙට හදපු ගෙදර ඉන්නේ ලගදී බැන්ද ජෝඩුවක් , කොල්ලා බෙහෙත් කොම්පැනියක ඒරියා මැනේජරයෙක් , කාර් කටුවක් එහෙම තියන මාසෙන් වැඩි දවසක්  චයිනීස් කන ඩබලක් , කෙල්ලගේ නම ෂෙරින්

ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා ඇති



'' ගෙදර කව්දෝ ...ගෙදර කව්දෝ .....සරාත් ...සරාත් ...කව්රුවත් නැද්දෝ.''

''සරත් ගෙදර නැනේ ධනපාල මල්ලි''

අනාරාධනයෙන්ම ගේ තුලට පිවිසෙන ධනපාල

''ඇයිදැන් මිනිහ ගෙදර එන්නේ නැද්ද''

''ගෙදර නැවිත් කොහේ යන්ඩද මල්ලි , පානදුරෙ නැවතිලා වැඩ''

''හැමදාම ආවොත් වැඩ ඒ උනාට මගේ සල්ලි ටික දෙන්නැ''

''නොදි ඉන්නැ මල්ලි මේ දවස්වල අපිට හරියට කරදර''

''ඔයාල හන්දා මාත් හරි කරදරේකට පැටලිලා  ඉන්නේ . මොකද මං දන්සැල් දෙනවැ මේක මගේ රස්සාවනේ''

''අනේ මල්ලි අපි එහෙම හොරු නෙමෙයි ඉක්මනටම සල්ලි ටික දෙන්නං ''

''හොද ටික..... අදනං මට පොලියවත් ඕන''

''මාලග සල්ලි නැ මල්ලි''

''ඔය මාලේ කොච්චර වටිනවද ''

'' මේක රත්තරන් නෙමෙයි ඉමිටේෂන් එකක් කරපාලුවට දාගත්තේ''

''....ම් දැක්කහමනං පාලු පාටක් නැ , ඔය ඉන්නේ ලස්සනට , කෝ බලන්ඩ ඇත්තමට ඉමිටේෂන්ද කියලා , මාත් හොදට රත්තරන් අදුරනවා''

''අනේ මල්ලියේ ඇගට අත තියන්ඩ එපා. දැන් ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා ඇති''

''මං හැදුවේ  තබක්කද කියලා බලන්ඩනේ  . එහෙනං පස්සේ වෙලාවක එන්ඩද මාලේ රත්තරන්ද බලන්ඩ''

''අනේ මල්ලියේ වැදලා කියන්නං ....මම කොහොමහරි සල්ලි ටික හොයලා දෙන්නං , මට කරදර කරන්නැතුව එලියට යන්ඩ . මම ඔයා හිතන ජාතියේ ගැනියෙක් නෙමෙයි''

''ඕන්න ඉතින් අපි අනුකම්පා කරහම ඔයාල රෝං ටෝක් දෙනවා , මේ ඉවසුවා හොදටම ඇති මට අද කොහොම හරි සල්ලි ඕන''

''අනේ මට සමා වෙලා එලියට යන්ඩ මහත්තයෝ , මෙන්න වැන්දා'

''...හා...හා මට කාගෙන්වත් වැදුම් පිදුම් ඕන නැ . කොහෙද ඉතින් අපෙන් උදව්වක් ගන්ඩවත් කැමති නැනේ .......ම්........මේ   '' ටී වී '' එක වැඩකරනවද ''

'' අනේ ඒකනං ගෙනියන්ඩ දෙන්ඩ බෑ''

''සල්ලි ටික ගෙනත් දිලා අරගන යන එකයි ඇත්තේ .....මේක මේ ඇරගන ගියාට වටින්නෙත් නැ . කබලක් ...රූප පේනවද මේකේ''

''අනේ අර පොඩි එකා මැරෙයි , ඕක ගෙනියන්ඩ එපා මහත්තයෝ''

ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා



මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ
ඒ යාළුවගේ ගම කදුකර පළාතක දුර ගමක නිසා අපි කට්ටිය 15ක් විතර සෙට් එකක්, කලින් දවසෙ මහ රෑම පිටත් උනා.මගදිගට අනුමතවෙවි ගිය හන්දා පහුවදාට එළි උනා අදාල නිවසට ලගම නගරයට යනකොට.
වයින් ස්ටෝස් අරිනකං ඇලක නාලා , කඩයකින් බඩත් පැලිලා,දෙයියනේ කියලා ආයෙත් රහ මෙරත් බීලා එහෙම ගියා අපේ කොල්ලා හදපු ගේ බලන්ඩ.
ගෙයක් නෙමෙයි ඒක මාළිගාවක් නොවැ.පොඩී කන්දක් උඩ මූ පට්ටෙට ගේ හදලා.බිත්ති ටික එක එක මෝස්තරයට නිමකරලා.ලස්සන තිරරෙදි දාලා.
ලයිට් ටික සෙටප් කරලා තිබ්බ විදිහට තමයි මගේ හිත වැඩිපුරම ගියේ.එක අතකට එහෙම නොවී තියෙයිද, මේකා උදේ ඉදන් රෑ වෙනකං ෆිල්ම් බලන එකානේ.
දැන් අපේ කොල්ලා බොන්ඩ කතා කොරනවා, කොහෙට බොන්ඩද, බඩේ ඉඩක් තියෙන්ඩ එපෑය.මමයි අර බොස් යාළුවයි එළියේ ඉදගන සිකරට් එකක් ගහනවා.බොස්කාරයා යාළුවට අපි මෙතන ඉදන් කියමුකෝ සරත් කියලා.සරත් දැන් මට මෙහෙම කියනවා
!! බලපන් මචං මූ එළනේ නියමෙට ගේ හදලා. මූට මම දෙන්ඩ ගෙනාපු ගාන මදිද මන්දා.මටනං මාර ආසයි බං !!
!! සිරාවටම මමත් හිතූවේ නැ මචං මූ මෙහෙම හදලා ඇති කියලා !!
සරතට මාර හැපී , ඌ කොහොමත් ඌගේ ගෝලයාට ආදරෙයි, පණවගේ වීශ්වාසයි, ඒකනේ බිස්නස් එක පැත්තවත් නොබලා, තමන්ගේ රස්සාව කරගන ඉන්නේ , ගෝලයට ඕන විදිහට කොරගන්ඩ කියලා.
දැන් අපි දෙන්නා කියව කියව ඉන්න තැනට ආවා ගෝලයා යාළුවාගේ  තාත්තා
!! ෂර් යපේ පුතාගේ ගේ ලෂ්ෂනයිද !!
!! ෂා අංකල් මරු ඇ මගේ ගෙදරවත් මෙච්චර ලස්සන නැ !!
!! ෂර් දෙන ෂල්ලි ඕකොම පුතා නාෂ්ති කරේ නේ ෂර් ගෙටම තමා දෙම්මා !!
!! ෂර් ‍යෙදා ගේ ඔපනින් යෙකට ‍ගෙදර යෙනකොටත් ෂල්ලි වගයක් දිලා , යෙක ගෙදර වෙඩට ගන්න කීලා,යෙතකොට අපි යොක්කොම ඉවරතමා කොරලා ගේදර වෙඩ, 
යේ ෂල්ලි ඹක්කොම නාෂ්තී තමා කෙරැවේ නැ, ෂර්ලා යෙද යෙන නිෂා යපි ඊයේ හවස තමා ගිල්ලා යේක යේ ෂල්ලි වලට     වේෂියෝ දෙන්නා තමා යෙක්ක ආවා,
යේක අපේ ඉතත් ෂන්තෝෂ  මත්තියාගේ ඉතත්  ෂන්තෝෂ, යේ යෙක්ක යාපු දෙන්නා පල්ලෙ කාමරේ තමා යින්නවා ,යෙන්ඩ ෂර් බලමු, යෙන් යෙන් !!

Popular Posts

  • Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya
     
  • Jaba and Julbuli my Lovely  dog pets / smarty dogs / Funny dogs / Lovely...
  • ලැජ්ජා වෙන්නේ මොකටද
    ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ... ‘‘ චූටි මෙන්න  ෆෝන් එක රින්ග් වෙනවා ‘‘ ‘‘ ඇයි තාත්තේ ‘‘ ‘‘ ඔයාට…
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • අටම්පහුරාට  අතවරයක්
    මේ අතවරය මට සිද්ධ උනේ වසර හත අටකට කලින් දවසක මම පිටකොටුවේ ඉදන් රාගමට එන කොට,මම කවදටත් පූට්බෝඩ් යන කොල්ලා හන්දා එදත් නැග්ගා පූට්බෝඩ්…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
  • සුද්දා වගේ එලියට ඇදල
    ‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘ ‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘ ‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • ජාබා නොහොත් මගේ  චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
    මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක්  , පිස්සු යකෙක්  , ගෝත කරුමයක් ... කොටින්ම  වැක්සීන් දුන්නහම  අඩුම…
  • Free advice offered via video calls to fix any issues on Corona Disease ...
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ
    හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ නහය දිග මාම අපේ මාමලු          …
  • How to put a Singer 974 shuttle
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  • අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන ,  සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු
    අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු…
  • දෙන්නැ එකෙකූට රුපියලක්
    උදේ ඉදන් හදන්ඩ ආපු මෙෂින් ටික හදලා ඉවර කරපු මම පාරේ යන කිරිටොයියා බයික් වලට හූල්ල හූල්ල ඉන්න කොට වෙච්ච සින් එකක් තමයි මේ අපේ ගොඩනැගිල්ලට…
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
1,643,709

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>