2014-12-27

යන්න එපා පාවඩ සමගින් ( මනා කියන මගේ කවිය 2 )


අකුරට ගියාට එන තුරු පෙරමග
සිනහ කවට කෙලි කතා කමෙන්
කැත කිලි කුනු ගෙන යන්නට ආවම
සිටියේ නුඹ නන්නාදුනන ලෙසින්

ගං දිය සේදී සුසිනිදි වු ඒ
නුඔ දැතත් මං මගහරිමින්
ජීවිතයේ අලුයම දිය කෙරුවේ
මා මව් සිත රිදවනු බැරියෙන්

ඇ දෙන ගෙන යන පෙරමග පාවඩ
ගෙන ආවේ කහටක් නැතිදෝ
සමාවෙලා ඉදපන් රත්තරනේ
යන්න එපා පාවඩ සමගින්

මනා හදපු සින්දුව මෙතනින් අහල බලන්න





13 comments:

  1. මොකද යකෝ බ්ලොග් එකේ අර ලස්සන හෙඩර් එක වෙනස් කළේ?

    ReplyDelete
  2. ඒක දැන් ඇති කියල හිතුනා , ලස්සන උස නැති පළල එකක් හදලා දෙන්ඩකෝ , අඩුවක් මිටියක් යතුරු ටිකක් එහෙම දාල , කොල්ලා මෙෂින් හදන කාටුන් එකක් එක්ක

    ReplyDelete
  3. අර මැලේ රාල කියන එකාගෙනුත් ආරංචියක් නැනේද බන් ........... බ්ලොගත් නිකන් වහල දාලා වගේ

    ReplyDelete
  4. රෙදි නැන්දගෙ දූ??? O.o සෙංකොට්ටන් මතක් උනා..

    ReplyDelete
  5. ඉන්දියාවෙ මේ වගේ දර්ශන ටිකක් කාගෙ හරි බ්ලොග් එකක ගියා. පිස්සු හැදෙන පින්තූරු.

    ReplyDelete
  6. මට තේරුණා බලනකොටම අටම්පහුර වෙනස් වෙලා...... URl එකේ ඉදලම අමුත්තක් දැනුන...... වෙනස කමක් නෑ.....

    ReplyDelete
  7. මේ අටමා මොකක්ද ඒ.............................. ගගේ පාවෙන මොකක්ද?????

    ReplyDelete
  8. තාම නෑ කිලිකුණු ගිහින් ඒ
    කිම්ද නොදැනේ කාරණා...

    ReplyDelete
  9. මට මතක් වුණේ අපේ ගමේ සිද්ධ වෙච්ච දෙයක්. මගේ ගම බෙන්තර (ඔව් ගඟෙන් එහා තමයි). ඉස්සර 89 එකතරා දවසක ලස්සන කෙල්ලෙක්ගෙ මිනියක් පා වෙලා ආවා. ගම්මු මේක බලන්න එකතු වුණා. කෙනෙක් නුදුරෙන් තියෙන පොලීසියට දැනුම් දුන්නා. මේ ගඟේම අනිත් ඉවුරේ අලුත්ගම පොලීසිය තියෙන්නේ. පොලීසියෙන් ආව කෙනා මිණිය පොඩ්ඩක් වතුරට තල්ලු කරලා අලුත්ගම පොලීසියට කියන්න කිව්වා. අලුත්ගමදීත් ඔය වැඩේම වෙලා. අන්තිමේදී තවත් පොඩ්ඩක් එහායින් තිබෙන මුහුදටම ගිහිං. හැබැයි මුහුද තියෙන්නේ බෙන්තරට විතරයි. අලුත්ගමට මුහුදක් නෑ.

    ReplyDelete
  10. උබට තියෙන්නේ හොඳ හැකියාවක් අටන්. පින්තුරය එහෙ සාමාන්‍ය දෙයක් උබ එකට කතාවක් හදලා

    අනික ‘‘යකෝ‘‘ ලින්ක් එක වැඩ නැහැ යකෝ

    ReplyDelete
  11. මට ත් හිතාගන්න බෑ ඒ ගඟේ පාවෙන්නේ මොකක්ද ?
    තට්ටයක් ද ? :)

    ReplyDelete
  12. සිරා නම් සිරා
    යකෝ වැඩ නෑ යකෝ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Sri Lankan Style Octopus Recipe
  • ඒඩ්ස් හැදුන තාත්තගේ ළමයි
    අද මම කිරිබත්ගොඩ ඉදං ගෙදර එන්ඩ එන ගමං හැදිච්ච සිකරට් තිබහට ගොඩඋනා හොද තැඹිලි වල්ලක් එල්ලලා තිබුන කඩයකට , කඩේ ඇන්ටිපා එක මං යනකොටත් හොද වෙල්ලා…
  •  How to write a Sinhala blog ( 4 )  පොස්ට් ලියන සහ පබ්ලිෂ් කරගන්නා ආකාරය , පින්තූර සහ වීඩියෝ දාගන්නා ආකාරය සහ බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතු කරන හැටි
    තෙවැනි කොටස මෙතැනින් දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න. දකුනු පැත්තේ තියන ලේබල් කියන එක ක්ලික්…
  • සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
     , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
  • බැරි උන හරිය ඔයාම කාගන්ඩ
    '' ඇයි ඔයා අලි පේර කන් නැත්තේ '' '' මට බැ '' '' බෑ කියල බෑ මේවා ළමයින්ට ‍හොද ගුණ කැම '' '' අනේ මං කන්නැ '' '' මේ නැලවි නැලවි ඉන්ඩ බැ මට…
  • උඹ වෙලාවට නාව නං
      ඒ කාලේ අපි හිටියේ බන්ධනාගාර නිලනිවාසයක , ගෙදර හිටියේ මමයි මල්ලියි චුටි අක්කයි තාත්තයි අම්මයි , තාත්ත ඉන්නවා කියුවට ඉතින් ගෙදර ඇත්තෙම නැ ,…
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
1,645,914

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>