‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා ‘‘
‘‘ මට ඇති ගිණියමක් නැ වාහේ ...මෙන්න මේ මීහරකි ගිනියම නිමාගන .....සිවරං දෙයියනේ මේ පරට්ටිට කියපු කට බලු පුකේ උලාගත්තානං මීට හොදා..... මෙච්චර රැකබලාගනත් මේකි දැලිගාගත්තනේ ඇයි බොල තොට බැරි උනේ ...කෑගහගන එලියට දුහන්ඩවත් ...පල තෝ මගේ දෑහෙට නොපෙනී පල ‘‘
‘‘ හා හා අත ඇරපං ඔය කෙල්ලව ..... වෙච්ච දෙයක් කියලා හිටපං කලින්ම ... උඹ පලයං මා කෙල්ල ගෙට ‘‘
‘‘ ගෙට ගන්ඩ නෙමෙයි මනුස්සයෝ ...විසුමක් වෙන්නැ ගමේ ..........ඔලුව හැරුන අතේ යන්ටයි වෙන්නේ ‘‘
‘‘ මගෙං කුණුහබ්බ නාහා කියනවද වෙච්ච දේ ....... බෑගිරී ගහන්ට තියාගත්තා මිරිකනවා තොගේ බොටුව ‘‘
‘‘ මගේ නෙමෙයි මීරිකාපං අරකිගේ බොටුව , උඹ හැමදාම කලේ මිරිකන්ඩ ඕන එකා ඉන්දැද්දි මගේ බොටුව කාපු එකනේ ‘‘
‘‘ දෙයියන්ගේ නාමෙට කියාපං යකෝ වෙච්ච දේ .....‘‘
‘‘ හැන්දෑ කොරේ කුඹුරට තේ අරං යනකොට මේකී වලව්ව පිටිපස්ස මඩුවේ කෝපි ඇට සුද්ද කරනවා ....මැණිකෙයි ....පුංචි මැණිකෙයි දෙන්නම ඉන්න හන්දා මං ....මං මේකිව තියල කුමුරට යන්ට එලියට බැස්සා .....රුක් ලිදත් එහාට ගිහිං පුවක් ඕවිටේදි තමා මං දැක්කේ මැණිකෙලත් වෙලට යන්ඩ එනවා කියල. මැණිකෙල වෙදහාමුලැ ගෙදරත් ගිහිං එනව කියාපු හන්දා ..මං හනිකට දුහාන එනකොට මේකි මඩුවේ නැ ....ඉස්තෝප්පු කාමරේට එබෙනකොට මේකි ඇගේ නුල් පොටක් නැතුව ගවුං කොටේ බදාන අඩනවා ....අර නරි බල්ලා ....මේකිගේ ඔලුව අතගගා මූන ඉබිනවා‘‘
‘‘ කාළකන්නි හාමුවා ..... ‘‘
‘‘ නැ නැ මනුස්සයෝ ....බේබි මහත්තයා ‘‘
‘‘ හත්දෙයියනේ ...අර රහතුං වහන්සේ කෙනෙක් වාගේ ඉන්න කොලුවා ‘‘
‘‘ අනේ ඒකාගේ රහත් කං එල්ලුං ගස් හතක යන්ට හරි ..මං හොදට තඩි ගහලයි ආවේ ...... ‘‘
‘‘ අම්මපා මං මේකිව ඇලේ එබුවේ වස්තරේවත් යටිබඩේවත් තියන ලේ හෝදන්ට නෙමෙයි .....හුස්ම හිරවෙන්ටමයි ....වදනකොට ඉරිච්ච අමාරුව හන්දම තමා හෝදල ගෙට ගෙනාවේ ‘‘
‘‘ හරි බං දැං උඔ මෙතන ගිරිය පිප්පුවා කියල වරද හරිගැස්සෙන්නේ නැ .... පෙර කල අකුසල හන්දා අපිට මෙහෙම වහල් කං කරන්ටයි ....අපේ උන්ට කෙලිබඩු වෙන්ට උනා ....අපි මක්කා කරන්ටද ....එල්ලෙන්ටද ....නියගලා කන්ටද ‘‘
‘‘ හයියෝ උඩ ඉන්න දෙයින්ටවත් මේක පේන්නේ නැති හැටියක් ......මිනිහෝ උඹේ තියන නෝන්ජල් කම හන්දම නෙමෙයිද මේ ....මං කොච්චර කියුවද ........මාව සල්ලං කරල උඹේ ඇගේ ගහපු දා ඉදන්ම වෙන කොහේ හරි යං කියල .......කොහෙද බොටත් මේ මුර වැඩේ ඇරෙන්ඩ වෙන අහක් තිබ්බද .......පිච්චි පිච්චි මං ගෙවපු කාලයක් ...අන්තිමට අළු වෙලාම ගියා ...... මාස් පොයටත් කෙල්ල අමුඩ ගහන්.... තාම අමාවක ආවෙත් නැ .....මොන පව්කාරකමක්ද මේ ... බුදු මැණියනේ මුං දෙන්නා අක්කා මලෝද කියල දන්නවද ...මේවා දකින්ඩ මම ජීවත් වෙනවනේ දෙයියනේ ‘‘
‘‘ ඈ බොල වේසාවියේ මොකක්ද ඒ හරුපේ .....මං තෝ මේ මුරගෙට එක්කං ආවේ හාමුවා කියාපු හන්දම නෙමෙයි තොට තියන ආලවන්ත කමට ... තෝ මාව එතකම්ම මායිං නොකලට ‘‘
‘‘ මට මේ සම්මක්ජාතියේ ගැලවිල්ලක් නැ කියල දන්න කොට තමා උඹට එහෙම කියුවේ ....කොහෙද කනකට ගත්තද ... ලොකු හාමු උඔ එහෙට මෙහෙට වෙනකං ඉදල කොච්චර මේ පැලැල්ල වහනවද ....උඹ ඒවා නොදැන හිටියා නෙමෙයිනෙ ‘‘
‘‘ වල් වේසාවි වහපිය තොගේ අප්පල්ලේ ‘‘
‘‘ වහලෙන් ඔය උල් පිහිය ඇදලා ගත්තේ මට අයින්ටද .....ඉතිං ඇනපං ...මගේ කොළ බොක්ක ඇදගන කාපං ‘‘
‘‘ තොගේ ඔය පුක වහගන පැත්තකට පල පදුරු වේසී ‘‘
‘‘ ඉතින් ඔය උල් පිහියත් උලුක් කරං කොහෙද මිනිහෝ යන්නේ ‘‘
‘‘ ඉතිං කට පියාගන හිටපිය ....ඔය කෙල්ලට එහෙම අඩං තේට්ටං කරනවා නෙමෙයි ....... මං නටු එක්ක දළු බුලත් ටිකක් කපාගන එන්නං .... ඇලේ ඔබලා හේදුවට කාරියක් යැ .... කොටල ඉස්ම ටිකක් ඇන්න ගාත් දෙක උස්සලා යටිං දාහං ‘‘
මරු ...නියමයි
ReplyDeleteදලු බුලත් මරැ බෙහෙත හදිස්සියකට අපිටත් ගන්න බැරිය
ReplyDeleteමහ රෑ දලු බුලත් කන්ඩද ඕයි.
Deleteඔන්න ප්‍රීති කොපුවක් වගේ නම් ඕන වෙනවා තමයි.
ඔව්ව කොරන්ඩ ගිහිං විටට කන්ඩ හදනවද කියල අහයි නේ බං
Deleteඕනිම ප්‍රශ්නයකදි අම්ම තාත්තා පඉ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න බලං ඉන්නව නේ කොහොමත්? පුංචි දෙබසකින් ලොකු කතාවක් කිව්වනෙ? අගෙයි
ReplyDeleteසමහරක් වෙලාවට දෙමව්පියෝ දරුවොන්ගේ පැත්ත නොගතයුතු වෙලාවලුත් තියනවා
Deleteතාමත් මේවා වෙනවා ද?
ReplyDeleteදෙබස් අපූරුයි.
අටම් ගොඩ බේත් දන්නවා වගේ?
ඔව් දන්නවා ඇයි අවුල්ද?
Deleteහැබැයි ඔයාගෙ ලෙඩේට නම් තාම බේතක් හොයාගෙන නෑ මෙයා.
This comment has been removed by a blog administrator.
Deleteබ්ලොග් ඇඩ්මිනිස්ට්රේටර් තුමෝ ඔබතුමා කියලා තියනවා නේද අදාළ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කලොත් විතරයි කමෙන්ට් මකන්නේ කියා. දැන් මෙතනත් එහෙමද උනේ. ඔන්න ඕක තමයි ඔහෙලගෙ තියන දෙපිටකාට්ටුකම. ඔබතුමාලා ප්‍රතිපත්තියක් නැති සෙවලයෝ නේද
Deleteදැං මෙතන ඔයා කියල තිබුනේ රසිකට පුකේ අමාරුවක් තියනවය අරකය මේකය කියලනේ , ඒක දාලත් ටික වෙලාවක් තිබුනනේ , මේක කියවපු අයයි , කමෙන්ට් ෆලෝ කරල තිබුන අයයි ඒක දකින්ඩ ඇතිනේ , ඔය උඩින් තියන රසිකට දාපු ඇනෝඑක තියෙන්ඩ ඇරලා අනිත් එක මැකුවේ ඒක සුදුසු නැති එකක් කියල මට හිතුන හන්දා , එහෙම ඒවා මම ඕන තරම් මකල තියනවා , ඒකෙන් මගේ ප්‍රතිපත්තිවලට හානියක් උනාද , සෙවලද වේලීලාද , කෙලගාලද කියල කියවපු අය තීරණය කරයි , ඔයාට ඒක මෙතන තියෙන්ඩ ඕනමයි කියල හිතෙනවනං ආයේ දාන්ඩ , මම ඒක නොමකා තියෙන්ඩ අරින්නං , රසික මකන්ඩ කියල කියුවොත් විතරක් ආයේ මකන්නං හාද.
Delete@ රසික නැතුව නැතුව මම කොත්තමල්ලි වෙදානේ
Deleteතිබ්බට දලූ බුලත් කකුල් දෙක මැද පැත්තේ
ReplyDeleteතිබු ලෙසම බෑ ගන්නට පෙර තත්තේ
හඬලා දොඩලා පලක් නෑ හිත හදා ගතයුත්තේ
දරුවන් රැක ගතයුතුයි එකයි කළයුත්තේ
ඒකනේ ඒකනේ
Deleteඅටමගේ තවත් සුපිරි නිර්මාණයක්. පහුගිය කථාවට දෙවෙනි නෑ මේක.
ReplyDeleteජයවේවා!!!
එසේම වේවා
Deleteඅටමෝ නියමයි. කථාවේ අර්ථය කටුක වුණත්, නිර්මාණය නොම්මර එකයි.
ReplyDeleteකටුක රසයත් රසයක් කියනවනේ
Deleteපට්ටම...ආයි දෙකක් නෑ.
ReplyDeleteස්තුතියි
Deleteටහිකෙයි. පට්ට අටමෝ පට්ට.
ReplyDeleteටහෙකි ...ටහෙකි
Deleteගහේ කටු උල් කරන්න ඕනද කියලත් කියනවනේ. හුඟක් හාමුලා ඔහොම තමයි. අටමගේ හැකියාවෙන් මීට වඩා වැඩක් ගන්න පුලුව්න්නම් හොඳයි.
ReplyDeleteඅත දෙන්ඩ කෙනෙක් නැනේ බං අතට දෙන්ඩ නං පෝලිමේ
Deleteමරු
ReplyDeleteහා
Deleteඅමුවෙන්ම
ReplyDeleteතම්බල කන්ඩද බං
Deleteඅතීතෙ ඉඳන් හාමුලා බොහෝ දෙනෙකු වෙනුවෙන් බුලත් කොටු බොහෝමයක් වැවෙන්නට ඇත.
ReplyDeleteඅන්න ඒකනේ මං කියන්නේ ඉදගන බුලත් කොරටුවට තමයි මඩු වලිගෙන් තලන්ට ඕන හිටං
Deleteඇත්ත කතාවක් කියන නියම නිර්මාණයක්... අපූරුයි...
ReplyDeleteමේක ඇත්ත කතාවක් නෙමෙයි ලමයා
Deleteඉදල ඉදල ලිවුවොත් ඉතින් කුණුහරුපම තමා.
ReplyDeleteකියවන්ඩ එපා සෑර්
Deleteඅන්නාසි ගැටවලට ආදේශකයක්?
ReplyDeleteදෙකම එකට පාවිච්චි කරහං ඩූඩ් අයියේ , මේක වැඩ නොකලොත් මගේ ඔලුව කයි නැත්තං
Deleteගින්දරයි පුළුනුයි එක ළඟින් තියලා, ඇවිලෙන්න ඇරලා කෑගහන අර මෝඩ අම්මන්ඩිගේ මොලේ, දැනට තිබෙන තැනින් ඉවත්වීම සඳහා අරළු පොවා, ඉන්පසු මොලේ නැවත ඔලුගෙඩියේ සවිකළ යුතු ය. වරදක් වුනාට පසු, නිදහසට කරුණු කීම, අනෙකෙකුට වරද පැටවීම, නූගත්කමේ ලක්ෂණයකි.
ReplyDeleteඒ අසරණ ගෑණි මක්කොරන්ඩද දෙයියනේ
Deleteපුදුම අදහස් අප්ප.
Delete+++++++++
ReplyDelete+++++++++++++++
Deleteඅටමෝ...මට මේ කතාව කියවනකොට එකපාරටම මතක් වුනේ බව දුක චිත්‍රපටයේ කතාව. සෙමනේරිස් හාමු, නෝනා හාමි, පේදුරු, බෙමා නෝනා චරිත. මම හිතන්නේ ඒකත් කේ.එස්.පෙරේරාගේ නවකතාවක් ඇසුරෙන් හැදුවේ. මේ චිත්‍රපටය ගැන එක් සාකච්ඡාවකදි ධර්මසිරි බන්ඩාරනායක මෙහෙම කියලා තියෙනවා.
ReplyDelete////”බව දුක” කියවනවිට එක වර නැඟෙන්නේ බෞද්ධ මුහුණුවරක්. මෙය සැබැවින් ම බෞද්ධ දර්ශනය තේමා කරගත්තකැයි ඔබ සිතනවාද?
ඔව්. හැබැයි එය අද තිබෙන මිත්‍යාව හා මිශ්‍ර වූ බෞද්ධ ආගම නෙවෙයි. මෙය බුදු දහමේ දාර්ශනික පදනම භාජනය කළ නවකතාවක්. පූර්ව කර්ම විපාක ලෙස බොහෝ දේ අර්ථ දක්වමින් ඇතැමෙක් දුක් විඳිනවා. ඒත් මේ ගෙවන්නේ අපි විසින් ම ඇති කරගත් කරුමයක් කියල බොහෝ දෙනා සිතන්නේ නැහැ. ඒ නිසා එය පරාජය කරන්නත් බැහැ. සිද්ධාර්ථ තාපසයා එය පරාජය කළා, ඒ අවබෝධය මඟින්. පේදුරුගේ චරිතය අභිනිශ්ක්‍රමණයක් දක්වා ගොඩනැඟීමක් මෙහි අප දකිනවා. මා සිනමාවෙන් එය අවබෝධයක් දක්වා ගෙන ගියා. ඒ නිසායි පේදුරු අවසානයේ ප්‍රශ්න කරන්නේ “මේක භව කරුමයක් වෙන්න බෑ” කියල.///////
උඹ ලියන ශෛලිය හෝ වචන ගැන මට අවුලක් හෝ විවේචනයක් නැහැ. ඒත් අමු වැඩියි නේද කියලා හිතෙනවා. ඒත් ගියපාර ලියපු කතාවේ..උඹ අවසාන කරපු සමහරක් යෙදුම්වලට මට යොදාගන්න ආදේශක වචනත් නැහැ. උඹ ලියහන් කොල්ලෝ ඕන පුකක් කියලා.
බවදුක බලන්ඩ ඕන ඩී වී ඩි එකක්වත් හොයාගන
Deleteඅටමෝ අය්යේ , සිරාවටම අහන්නේ මේ හාමු මහත්තයා ඔහේ ගේ කව්ද?
ReplyDelete(පට්ට පට පට හොදේ......)
අපේ පප්පා ....ඇයි අවුල්ද
Deleteකිසි අවුලක් නෑ අය්යේ
Deleteනෙද්දකිං. දළු බුලත් කපන්න වෙන ආයුදයක් තිබ්බෙම නැද්ද ඔය ගෙදර.
ReplyDeleteඋඹ ඔය වැඩේට බුලත් කපන්නේ මොකෙන්ද බං , අර කැෂියර් මේසයේ පැත්තක එල්ලලා තියන මන්නයෙන්ද
Deleteකරුනාසේන ජයලත්ගේ මුව දඩයම නවකතාව, දෙනගම සිරිවර්ධනගේ අයෝමා නවකතාව එහෙමත් මතක් උනා. සිරාවට ලියලා තියේ බන් . . !
ReplyDeleteස්තුතියි බං , හිටහංකෝ තව ටිකක් ලියල දාන්ඩ ඉස්සරහට
Deleteභාෂාව භාවිතයනම් මරු. ඔය බුලත් දළු වැඩේ ෂුවර් ද දන් නෑ නෙ
ReplyDeleteදන්නැ බං , ඔලුවට ආවට ලියුවා ......කාලෙකට කලිං කොහෙදෝ කියෙව්වා මතකයි ඉන්දියාවේ ගණිකාවේ පිරිමි ධාතු විනාස කරන්න පාවිච්චි කරා කියල .....උඹ ඔව්වා කරන්ඩ යන්ඩ එපා ...ඒ ඇත්තිලා හිතයි විටට කන්ඩ හදනවා කියල ....හදිස්සියක් උනහම පොස්ටිනෝර් 2 දෙකක් ඇරං දියං
Deleteසිරා නිර්මාණයක්...
ReplyDeleteඅටං නිර්මාණයක්
Deleteතිත් දෙකයි ඩී
ReplyDeleteDalu bulth kakul deka madde tibbama mokada wenne? Aththatama danne na ekai ahanne...
ReplyDeleteදන්නැ බං , ඔලුවට ආවට ලියුවා ......කාලෙකට කලිං කොහෙදෝ කියෙව්වා මතකයි ඉන්දියාවේ ගණිකාවේ පිරිමි ධාතු විනාස කරන්න පාවිච්චි කරා කියල .....උඹ ඔව්වා කරන්ඩ යන්ඩ එපා ...ඒ ඇත්තිලා හිතයි විටට කන්ඩ හදනවා කියල ....හදිස්සියක් උනහම පොස්ටිනෝර් 2 දෙකක් ඇරං දියං
Deleteවිටට කන්න හදනවා කියලා එක අතකින් හිතුවට කමක් නෑ. දාලා කොටන්න හදනවා කියලා හිතුවොත් තමා......
Deleteහුටා ඒකත් ඇත්ත
Deleteසුපිරි කතාවක් මේක...ඉස්සර හිටපු සමහර වලත්ත රජ්ජුරුවන් අතින් කී දෙනෙක්නන් අහිංසක තරුණියො දූෂණය වෙන්න ඇද්ද... එහෙම උනාම ඒකට විරුද්ධව කරන්න දේකුත් නැතුව ඒ අම්මලා තාත්තලා කොච්වර අසරණ වෙන්න ඇද්ද...ලොවීනා පොත කියවද්දි තමා මේක හිතට ආවෙ...
ReplyDeleteවර්තමානයේ නන් මේ වගේ තත්වයකදී නීතියෙනුත් යම් යම් අපහසුතා ඇතිවෙනවා... ලිංගික එක්වීමක් 16න් පස්සෙ පුලුවන් උනාට බඳින්න පුලුවන් 18දී...
දාසයෙන් නුත් බෑද මන්දා ඩිගිසිඩිගිං දාන්ඩ
Deleteදාසයෙන් පුලුවන් ඩිගිසිඩිගිං... හැබැයි දෙන්නගෙම කැමැත්තෙන්...
Deleteබසාව අමුම අමුයි ... අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය අමුනන්නම වෙනවා ! 18+ :-D නමුත් මේ විස්තර කරන සිදුවීම වටා දුවන අවේගකාරී වගේම වේදනාත්මක හැඟීම් අටම ලෝභ නැතිව දමල අරින රළු බසාවෙන් එලියට පනිනවා ! එතැනදී බාසාවේ අමුකම යම් දුරකට මැකිලා අවස්ථාවේ බරපතලකම ඉස්සරහට එනවා ...
ReplyDeleteහොඳ ළමයින්ගේ බසාව හොඳා අටං මහත්තයාගේ මැෂින් ගැන ලියන්ට ... මේ ආවේගශීලී කෙටි කතාවට මේ බාසාව කැපෙනවා !!!
අනික කුණු හබ්බයක් දෙකක් නැති තැන එක අටං කතාවක් නෙමෙයි වගේ ... :-D
එච්චරටම රලුයිද බං
Deleteමේ විස්තර කරන සිදුවීම බොහොම රළුයි ඒවගේම ආවේගය හින්ද එලියට පනින වචනත් එහෙමෙ වෙන්න එපායැ ... :-D
Deleteඑහෙමෙ නොවුණා නම් එතන මහා අතාත්වික බවක් දැනෙයි !
මේක කියවලා මම නරක්වුනා බං
ReplyDeleteකොයි හරි යෙන්ද බං
Deleteඉස්සර ලේඛකයෙක් හිටියා සරත් විජේසූරිය කියලා
ReplyDeleteඋන්නැහැගෙ 'අවිදු අඳුර' කියන පොතෙත් මේ වාගෙම කොටසක් තිබුණා
මොකෝ තිස්ස ඉස්සර කියලා කිව්වේ :D
Deleteදැන් පොත් ලියන්නෑ මයෙ හිතේ ;-)
Deleteලියන්ඩ වෙලාවක් නැ මයේහිතේ , පහුගියටිකේ රට ඉල්ලුවා කරල පෙන්වන්ඩ
Deleteහාමුලා සිටියා හෝ නොසිටියා සැම කාලෙකම සිදුවන සමාජ අසාධාරණය ''අටං බසින්'' ලියවිලා..මුළු කතාව පුරාම ''අයෝමා''ගේ චරිතය මැවිලා පෙනුනා..බුලත් දල්ලේ කතාවේ සාධාරණ ඇත්තක් තියෙනවා..හැබැයි ඔය විධියට නම් නෙමෙයි :D ..
ReplyDeleteකොහොමද එහෙනං පාවිච්චියට ගන්නෙ
Deleteකාලාන්තරයකට කලින් කෙන්ජියාද කොහෙදො ලියල තිබුනා ඕකෙ හාමුගෙ සයිඩ් එකෙන් වගේ ලාවට මතකයි..
ReplyDeleteඋඹේ ලිවිල්ල ඉතින් බෙල්ලෙන් අල්ලගෙන කන්දෙකට ගහනවා වගේ තමා... සෝඩ සැන්ඩි නෑ... උගුර කට පිච්චිලා යන්න වක්කොරනවා ඉතින්... හෙහ් හෙහ්
ජයවේවා..!!
අම්මෝ දුං විසිවෙන බාසාවක්නේ...නාකද නවකතාවක් එහෙම ලියලා අච්චු ගැහුවනම්
ReplyDeleteHmm
ReplyDeleteමම නම් තාම පොඩි එකා ,, මම මේක දැක්කෙ නෑ😀😁😂
ReplyDeleteජන සාහිත්‍යය.
ReplyDeleteමරේ මරු අටං අයියෙ
ආසම කෑල්ල පිරිමියාගෙ රියැක්ෂන් එක.
ReplyDeleteහාමුලා නිලමේ ලා රජකරපු අවදියේ තිත්ත ඇත්ත ! අටම් කවදත් ඇඟට දැනෙන්න කියන්න හපනා
ReplyDelete