2016-11-10

දළු බුලත්



‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘

‘‘ මට ඇති ගිණියමක් නැ වාහේ ...මෙන්න මේ මීහරකි ගිනියම නිමාගන .....සිවරං දෙයියනේ මේ පරට්ටිට කියපු කට බලු පුකේ උලාගත්තානං මීට හොදා..... මෙච්චර  රැකබලාගනත් මේකි දැලිගාගත්තනේ ඇයි බොල තොට බැරි උනේ ...කෑගහගන එලියට දුහන්ඩවත් ...පල තෝ මගේ දෑහෙට නොපෙනී පල ‘‘

‘‘ හා හා අත ඇරපං ඔය කෙල්ලව ..... වෙච්ච දෙයක් කියලා හිටපං කලින්ම ... උඹ පලයං මා කෙල්ල ගෙට ‘‘

‘‘ ගෙට ගන්ඩ නෙමෙයි මනුස්සයෝ ...විසුමක් වෙන්නැ   ගමේ ..........ඔලුව හැරුන අතේ යන්ටයි වෙන්නේ ‘‘

‘‘ මගෙං කුණුහබ්බ නාහා කියනවද  වෙච්ච දේ .......  බෑගිරී ගහන්ට තියාගත්තා මිරිකනවා තොගේ බොටුව ‘‘

‘‘ මගේ නෙමෙයි මීරිකාපං අරකිගේ බොටුව , උඹ හැමදාම කලේ මිරිකන්ඩ ඕන එකා ඉන්දැද්දි මගේ බොටුව කාපු එකනේ ‘‘

‘‘ දෙයියන්ගේ නාමෙට කියාපං යකෝ වෙච්ච දේ .....‘‘

‘‘ හැන්දෑ කොරේ කුඹුරට තේ අරං යනකොට මේකී වලව්ව පිටිපස්ස මඩුවේ කෝපි ඇට සුද්ද කරනවා ....මැණිකෙයි ....පුංචි මැණිකෙයි දෙන්නම ඉන්න හන්දා මං ....මං මේකිව තියල කුමුරට යන්ට එලියට බැස්සා .....රුක් ලිදත් එහාට ගිහිං පුවක් ඕවිටේදි තමා මං දැක්කේ මැණිකෙලත්  වෙලට යන්ඩ එනවා කියල.  මැණිකෙල වෙදහාමුලැ ගෙදරත් ගිහිං එනව කියාපු හන්දා ..මං හනිකට දුහාන එනකොට මේකි මඩුවේ නැ ....ඉස්තෝප්පු කාමරේට එබෙනකොට මේකි ඇගේ නුල් පොටක් නැතුව ගවුං කොටේ බදාන අඩනවා ....අර නරි බල්ලා ....මේකිගේ ඔලුව අතගගා මූන ඉබිනවා‘‘


‘‘ කාළකන්නි හාමුවා ..... ‘‘

‘‘ නැ නැ මනුස්සයෝ ....බේබි මහත්තයා ‘‘

‘‘ හත්දෙයියනේ ...අර රහතුං වහන්සේ කෙනෙක් වාගේ ඉන්න කොලුවා ‘‘

‘‘ අනේ ඒකාගේ රහත් කං එල්ලුං ගස් හතක යන්ට හරි ..මං හොදට තඩි ගහලයි ආවේ ...... ‘‘

‘‘ අම්මපා මං මේකිව ඇලේ එබුවේ   වස්තරේවත් යටිබඩේවත් තියන  ලේ හෝදන්ට නෙමෙයි  .....හුස්ම හිරවෙන්ටමයි ....වදනකොට ඉරිච්ච අමාරුව හන්දම තමා හෝදල ගෙට ගෙනාවේ ‘‘

‘‘ හරි බං දැං උඔ මෙතන ගිරිය පිප්පුවා කියල වරද හරිගැස්සෙන්නේ නැ .... පෙර කල අකුසල හන්දා අපිට මෙහෙම වහල් කං කරන්ටයි ....අපේ උන්ට කෙලිබඩු වෙන්ට උනා ....අපි මක්කා කරන්ටද ....එල්ලෙන්ටද  ....නියගලා කන්ටද ‘‘

‘‘ හයියෝ උඩ ඉන්න දෙයින්ටවත් මේක පේන්නේ නැති හැටියක් ......මිනිහෝ  උඹේ තියන නෝන්ජල් කම හන්දම නෙමෙයිද මේ ....මං කොච්චර කියුවද ........මාව සල්ලං කරල උඹේ ඇගේ ගහපු දා ඉදන්ම වෙන කොහේ හරි යං කියල .......කොහෙද බොටත් මේ මුර වැඩේ ඇරෙන්ඩ වෙන අහක් තිබ්බද .......පිච්චි පිච්චි මං ගෙවපු කාලයක් ...අන්තිමට අළු වෙලාම ගියා ...... මාස් පොයටත්  කෙල්ල අමුඩ ගහන්....  තාම අමාවක ආවෙත් නැ .....මොන පව්කාරකමක්ද මේ ... බුදු මැණියනේ මුං දෙන්නා අක්කා මලෝද කියල දන්නවද ...මේවා දකින්ඩ මම ජීවත් වෙනවනේ දෙයියනේ ‘‘

‘‘ ඈ  බොල   වේසාවියේ   මොකක්ද ඒ හරුපේ .....මං තෝ මේ මුරගෙට එක්කං ආවේ හාමුවා කියාපු හන්දම නෙමෙයි තොට තියන ආලවන්ත කමට ... තෝ මාව එතකම්ම මායිං නොකලට ‘‘

‘‘ මට මේ සම්මක්ජාතියේ ගැලවිල්ලක් නැ කියල දන්න කොට තමා උඹට එහෙම කියුවේ ....කොහෙද  කනකට   ගත්තද ... ලොකු හාමු උඔ එහෙට මෙහෙට වෙනකං ඉදල කොච්චර   මේ පැලැල්ල වහනවද ....උඹ ඒවා නොදැන හිටියා නෙමෙයිනෙ ‘‘

‘‘ වල් වේසාවි වහපිය තොගේ අප්පල්ලේ ‘‘

‘‘ වහලෙන් ඔය උල් පිහිය ඇදලා ගත්තේ මට අයින්ටද .....ඉතිං   ඇනපං ...මගේ කොළ බොක්ක ඇදගන කාපං ‘‘

‘‘ තොගේ ඔය පුක වහගන පැත්තකට පල පදුරු වේසී ‘‘

‘‘ ඉතින් ඔය උල් පිහියත් උලුක් කරං කොහෙද මිනිහෝ යන්නේ ‘‘

‘‘ ඉතිං කට පියාගන හිටපිය ....ඔය කෙල්ලට එහෙම අඩං තේට්ටං කරනවා නෙමෙයි .......  මං නටු එක්ක දළු බුලත් ටිකක් කපාගන එන්නං .... ඇලේ ඔබලා හේදුවට කාරියක් යැ ....  කොටල ඉස්ම ටිකක් ඇන්න ගාත් දෙක උස්සලා යටිං දාහං ‘‘

80 comments:

  1. දලු බුලත් මරැ බෙහෙත හදිස්සියකට අපිටත් ගන්න බැරිය

    ReplyDelete
    Replies
    1. මහ රෑ දලු බුලත් කන්ඩද ඕයි.
      ඔන්න ප්‍රීති කොපුවක් වගේ නම් ඕන වෙනවා තමයි.

      Delete
    2. ඔව්ව කොරන්ඩ ගිහිං විටට කන්ඩ හදනවද කියල අහයි නේ බං

      Delete
  2. ඕනිම ප්‍රශ්නයකදි අම්ම තාත්තා පඉ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න බලං ඉන්නව නේ කොහොමත්? පුංචි දෙබසකින් ලොකු කතාවක් කිව්වනෙ? අගෙයි

    ReplyDelete
    Replies
    1. සමහරක් වෙලාවට දෙමව්පියෝ දරුවොන්ගේ පැත්ත නොගතයුතු වෙලාවලුත් තියනවා

      Delete
  3. තාමත් මේවා වෙනවා ද?

    දෙබස් අපූරුයි.

    අටම් ගොඩ බේත් දන්නවා වගේ?

    ReplyDelete
    Replies
    1. ඔව් දන්නවා ඇයි අවුල්ද?
      හැබැයි ඔයාගෙ ලෙඩේට නම් තාම බේතක් හොයාගෙන නෑ මෙයා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. බ්ලොග් ඇඩ්මිනිස්ට්‍රේටර් තුමෝ ඔබතුමා කියලා තියනවා නේද අදාළ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කලොත් විතරයි කමෙන්ට් මකන්නේ කියා. දැන් මෙතනත් එහෙමද උනේ. ඔන්න ඕක තමයි ඔහෙලගෙ තියන දෙපිටකාට්ටුකම. ඔබතුමාලා ප්‍රතිපත්තියක් නැති සෙවලයෝ නේද

      Delete
    4. දැං මෙතන ඔයා කියල තිබුනේ රසිකට පුකේ අමාරුවක් තියනවය අරකය මේකය කියලනේ , ඒක දාලත් ටික වෙලාවක් තිබුනනේ , මේක කියවපු අයයි , කමෙන්ට් ෆලෝ කරල තිබුන අයයි ඒක දකින්ඩ ඇතිනේ , ඔය උඩින් තියන රසිකට දාපු ඇනෝඑක තියෙන්ඩ ඇරලා අනිත් එක මැකුවේ ඒක සුදුසු නැති එකක් කියල මට හිතුන හන්දා , එහෙම ඒවා මම ඕන තරම් මකල තියනවා , ඒකෙන් මගේ ප්‍රතිපත්තිවලට හානියක් උනාද , සෙවලද වේලීලාද , කෙලගාලද කියල කියවපු අය තීරණය කරයි , ඔයාට ඒක මෙතන තියෙන්ඩ ඕනමයි කියල හිතෙනවනං ආයේ දාන්ඩ , මම ඒක නොමකා තියෙන්ඩ අරින්නං , රසික මකන්ඩ කියල කියුවොත් විතරක් ආයේ මකන්නං හාද.

      Delete
    5. @ රසික නැතුව නැතුව මම කොත්තමල්ලි වෙදානේ

      Delete
  4. තිබ්බට දලූ බුලත් කකුල් දෙක මැද පැත්තේ
    තිබු ලෙසම බෑ ගන්නට පෙර තත්තේ
    හඬලා දොඩලා පලක් නෑ හිත හදා ගතයුත්තේ
    දරුවන් රැක ගතයුතුයි එකයි කළයුත්තේ

    ReplyDelete
  5. අටමගේ තවත් සුපිරි නිර්මාණයක්. පහුගිය කථාවට දෙවෙනි නෑ මේක.

    ජයවේවා!!!

    ReplyDelete
  6. අටමෝ නියමයි. කථාවේ අර්ථය කටුක වුණත්, නිර්මාණය නොම්මර එකයි.

    ReplyDelete
    Replies
    1. කටුක රසයත් රසයක් කියනවනේ

      Delete
  7. පට්ටම...ආයි දෙකක් නෑ.

    ReplyDelete
  8. ටහිකෙයි. පට්ට අටමෝ පට්ට.

    ReplyDelete
  9. ගහේ කටු උල් කරන්න ඕනද කියලත් කියනවනේ. හුඟක් හාමුලා ඔහොම තමයි. අටමගේ හැකියාවෙන් මීට වඩා වැඩක් ගන්න පුලුව්න්නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අත දෙන්ඩ කෙනෙක් නැනේ බං අතට දෙන්ඩ නං පෝලිමේ

      Delete
  10. අතීතෙ ඉඳන් හාමුලා බොහෝ දෙනෙකු වෙනුවෙන් බුලත් කොටු බොහෝමයක් වැවෙන්නට ඇත.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ මං කියන්නේ ඉදගන බුලත් කොරටුවට තමයි මඩු වලිගෙන් තලන්ට ඕන හිටං

      Delete
  11. ඇත්ත කතාවක් කියන නියම නිර්මාණයක්... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාවක් නෙමෙයි ලමයා

      Delete
  12. ඉදල ඉදල ලිවුවොත් ඉතින් කුණුහරුපම තමා.

    ReplyDelete
  13. අන්නාසි ගැටවලට ආදේශකයක්?

    ReplyDelete
    Replies
    1. දෙකම එකට පාවිච්චි කරහං ඩූඩ් අයියේ , මේක වැඩ නොකලොත් මගේ ඔලුව කයි නැත්තං

      Delete
  14. ගින්දරයි පුළුනුයි එක ළඟින් තියලා, ඇවිලෙන්න ඇරලා කෑගහන අර මෝඩ අම්මන්ඩිගේ මොලේ, දැනට තිබෙන තැනින් ඉවත්වීම සඳහා අරළු පොවා, ඉන්පසු මොලේ නැවත ඔලුගෙඩියේ සවිකළ යුතු ය. වරදක් වුනාට පසු, නිදහසට කරුණු කීම, අනෙකෙකුට වරද පැටවීම, නූගත්කමේ ලක්ෂණයකි.

    ReplyDelete
    Replies
    1. ඒ අසරණ ගෑණි මක්කොරන්ඩද දෙයියනේ

      Delete
    2. පුදුම අදහස් අප්ප.

      Delete
  15. අටමෝ...මට මේ කතාව කියවනකොට එකපාරටම මතක් වුනේ බව දුක චිත්‍රපටයේ කතාව. සෙමනේරිස් හාමු, නෝනා හාමි, පේදුරු, බෙමා නෝනා චරිත. මම හිතන්නේ ඒකත් කේ.එස්.පෙරේරාගේ නවකතාවක් ඇසුරෙන් හැදුවේ. මේ චිත්‍රපටය ගැන එක් සාකච්ඡාවකදි ධර්මසිරි බන්ඩාරනායක මෙහෙම කියලා තියෙනවා.

    ////”බව දුක” කියවනවිට එක වර නැඟෙන්නේ බෞද්ධ මුහුණුවරක්. මෙය සැබැවින් ම බෞද්ධ දර්ශනය තේමා කරගත්තකැයි ඔබ සිතනවාද?

    ඔව්. හැබැයි එය අද තිබෙන මිත්‍යාව හා මිශ්‍ර වූ බෞද්ධ ආගම නෙවෙයි. මෙය බුදු දහමේ දාර්ශනික පදනම භාජනය කළ නවකතාවක්. පූර්ව කර්ම විපාක ලෙස බොහෝ දේ අර්ථ දක්වමින් ඇතැමෙක් දුක් විඳිනවා. ඒත් මේ ගෙවන්නේ අපි විසින් ම ඇති කරගත් කරුමයක් කියල බොහෝ දෙනා සිතන්නේ නැහැ. ඒ නිසා එය පරාජය කරන්නත් බැහැ. සිද්ධාර්ථ තාපසයා එය පරාජය කළා, ඒ අවබෝධය මඟින්. පේදුරුගේ චරිතය අභිනිශ්ක්‍රමණයක් දක්වා ගොඩනැඟීමක් මෙහි අප දකිනවා. මා සිනමාවෙන් එය අවබෝධයක් දක්වා ගෙන ගියා. ඒ නිසායි පේදුරු අවසානයේ ප්‍රශ්න කරන්නේ “මේක භව කරුමයක් වෙන්න බෑ” කියල.///////

    උඹ ලියන ශෛලිය හෝ වචන ගැන මට අවුලක් හෝ විවේචනයක් නැහැ. ඒත් අමු වැඩියි නේද කියලා හිතෙනවා. ඒත් ගියපාර ලියපු කතාවේ..උඹ අවසාන කරපු සමහරක් යෙදුම්වලට මට යොදාගන්න ආදේශක වචනත් නැහැ. උඹ ලියහන් කොල්ලෝ ඕන පුකක් කියලා.

    ReplyDelete
    Replies
    1. බවදුක බලන්ඩ ඕන ඩී වී ඩි එකක්වත් හොයාගන

      Delete
  16. අටමෝ අය්යේ , සිරාවටම අහන්නේ මේ හාමු මහත්තයා ඔහේ ගේ කව්ද?
    (පට්ට පට පට හොදේ......)

    ReplyDelete
    Replies
    1. අපේ පප්පා ....ඇයි අවුල්ද

      Delete
    2. කිසි අවුලක් නෑ අය්යේ

      Delete
  17. නෙද්දකිං. දළු බුලත් කපන්න වෙන ආයුදයක් තිබ්බෙම නැද්ද ඔය ගෙදර.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය වැඩේට බුලත් කපන්නේ මොකෙන්ද බං , අර කැෂියර් මේසයේ පැත්තක එල්ලලා තියන මන්නයෙන්ද

      Delete
  18. කරුනාසේන ජයලත්ගේ මුව දඩයම නවකතාව, දෙනගම සිරිවර්ධනගේ අයෝමා නවකතාව එහෙමත් මතක් උනා. සිරාවට ලියලා තියේ බන් . . !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං , හිටහංකෝ තව ටිකක් ලියල දාන්ඩ ඉස්සරහට

      Delete
  19. භාෂාව භාවිතයනම් මරු. ඔය බුලත් දළු වැඩේ ෂුවර් ද දන් නෑ නෙ

    ReplyDelete
    Replies
    1. දන්නැ බං , ඔලුවට ආවට ලියුවා ......කාලෙකට කලිං කොහෙදෝ කියෙව්වා මතකයි ඉන්දියාවේ ගණිකාවේ පිරිමි ධාතු විනාස කරන්න පාවිච්චි කරා කියල .....උඹ ඔව්වා කරන්ඩ යන්ඩ එපා ...ඒ ඇත්තිලා හිතයි විටට කන්ඩ හදනවා කියල ....හදිස්සියක් උනහම පොස්ටිනෝර් 2 දෙකක් ඇරං දියං

      Delete
  20. සිරා නිර්මාණයක්...

    ReplyDelete
  21. Dalu bulth kakul deka madde tibbama mokada wenne? Aththatama danne na ekai ahanne...

    ReplyDelete
    Replies
    1. දන්නැ බං , ඔලුවට ආවට ලියුවා ......කාලෙකට කලිං කොහෙදෝ කියෙව්වා මතකයි ඉන්දියාවේ ගණිකාවේ පිරිමි ධාතු විනාස කරන්න පාවිච්චි කරා කියල .....උඹ ඔව්වා කරන්ඩ යන්ඩ එපා ...ඒ ඇත්තිලා හිතයි විටට කන්ඩ හදනවා කියල ....හදිස්සියක් උනහම පොස්ටිනෝර් 2 දෙකක් ඇරං දියං

      Delete
    2. විටට කන්න හදනවා කියලා එක අතකින් හිතුවට කමක් නෑ. දාලා කොටන්න හදනවා කියලා හිතුවොත් තමා......

      Delete
  22. සුපිරි කතාවක් මේක...ඉස්සර හිටපු සමහර වලත්ත රජ්ජුරුවන් අතින් කී දෙනෙක්නන් අහිංසක තරුණියො දූෂණය වෙන්න ඇද්ද... එහෙම උනාම ඒකට විරුද්ධව කරන්න දේකුත් නැතුව ඒ අම්මලා තාත්තලා කොච්වර අසරණ වෙන්න ඇද්ද...ලොවීනා පොත කියවද්දි තමා මේක හිතට ආවෙ...

    වර්තමානයේ නන් මේ වගේ තත්වයකදී නීතියෙනුත් යම් යම් අපහසුතා ඇතිවෙනවා... ලිංගික එක්වීමක් 16න් පස්සෙ පුලුවන් උනාට බඳින්න පුලුවන් 18දී...

    ReplyDelete
    Replies
    1. දාසයෙන් නුත් බෑද මන්ද‍ා ඩිගිසිඩිගිං දාන්ඩ

      Delete
    2. දාසයෙන් පුලුවන් ඩිගිසිඩිගිං... හැබැයි දෙන්නගෙම කැමැත්තෙන්...

      Delete
  23. බසාව අමුම අමුයි ... අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය අමුනන්නම වෙනවා ! 18+ :-D නමුත් මේ විස්තර කරන සිදුවීම වටා දුවන අවේගකාරී වගේම වේදනාත්මක හැඟීම් අටම ලෝභ නැතිව දමල අරින රළු බසාවෙන් එලියට පනිනවා ! එතැනදී බාසාවේ අමුකම යම් දුරකට මැකිලා අවස්ථාවේ බරපතලකම ඉස්සරහට එනවා ...

    හොඳ ළමයින්ගේ බසාව හොඳා අටං මහත්තයාගේ මැෂින් ගැන ලියන්ට ... මේ ආවේගශීලී කෙටි කතාවට මේ බාසාව කැපෙනවා !!!

    අනික කුණු හබ්බයක් දෙකක් නැති තැන එක අටං කතාවක් නෙමෙයි වගේ ... :-D

    ReplyDelete
    Replies
    1. එච්චරටම රලුයිද බං

      Delete
    2. මේ විස්තර කරන සිදුවීම බොහොම රළුයි ඒවගේම ආවේගය හින්ද එලියට පනින වචනත් එහෙමෙ වෙන්න එපායැ ... :-D

      එහෙමෙ නොවුණා නම් එතන මහා අතාත්වික බවක් දැනෙයි !

      Delete
  24. මේක කියවලා මම නරක්වුනා බං

    ReplyDelete
  25. ඉස්සර ලේඛකයෙක් හිටියා සරත් විජේසූරිය කියලා
    උන්නැහැගෙ 'අවිදු අඳුර' කියන පොතෙත් මේ වාගෙම කොටසක් තිබුණා

    ReplyDelete
    Replies
    1. මොකෝ තිස්ස ඉස්සර කියලා කිව්වේ :D

      Delete
    2. දැන් පොත් ලියන්නෑ මයෙ හිතේ ;-)

      Delete
    3. ලියන්ඩ වෙලාවක් නැ මයේහිතේ , පහුගියටිකේ රට ඉල්ලුවා කරල පෙන්වන්ඩ

      Delete
  26. හාමුලා සිටියා හෝ නොසිටියා සැම කාලෙකම සිදුවන සමාජ අසාධාරණය ''අටං බසින්'' ලියවිලා..මුළු කතාව පුරාම ''අයෝමා''ගේ චරිතය මැවිලා පෙනුනා..බුලත් දල්ලේ කතාවේ සාධාරණ ඇත්තක් තියෙනවා..හැබැයි ඔය විධියට නම් නෙමෙයි :D ..

    ReplyDelete
    Replies
    1. කොහොමද එහෙනං පාවිච්චියට ගන්නෙ

      Delete
  27. කාලාන්තරයකට කලින් කෙන්ජියාද කොහෙදො ලියල තිබුනා ඕකෙ හාමුගෙ සයිඩ් එකෙන් වගේ ලාවට මතකයි..
    උඹේ ලිවිල්ල ඉතින් බෙල්ලෙන් අල්ලගෙන කන්දෙකට ගහනවා වගේ තමා... සෝඩ සැන්ඩි නෑ... උගුර කට පිච්චිලා යන්න වක්කොරනවා ඉතින්... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  28. අම්මෝ දුං විසිවෙන බාසාවක්නේ...නාකද නවකතාවක් එහෙම ලියලා අච්චු ගැහුවනම්

    ReplyDelete
  29. මම නම් තාම පොඩි එකා ,, මම මේක දැක්කෙ නෑ😀😁😂

    ReplyDelete
  30. ජන සාහිත්‍යය.
    මරේ මරු අටං අයියෙ

    ReplyDelete
  31. ආසම කෑල්ල පිරිමියාගෙ රියැක්ෂන් එක.

    ReplyDelete
  32. හාමුලා නිලමේ ලා රජකරපු අවදියේ තිත්ත ඇත්ත ! අටම් කවදත් ඇඟට දැනෙන්න කියන්න හපනා

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>