2016-11-25

ඉතිං ඔය තමා යහපාලනේ දැං රහ බලහං



අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා
වාහන ගාන වැඩිකලාටත් බනිනවා
වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා
රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා
අදායම් බදු එකෙන් වටලනවටත්  බනිනවා
සේවක අර්ථසාදකෙන් වටලනවටත් බනිනවා
කොටි ආයේ නැගිටිනවා කියල බනිනවා
හම්බයන්ට ඕන විදිහට නටනවා කියල බනිනවා
තීරුබදු සහන ගන්නවට බනිනවා
දියමන්ති වලට බදු සහන දෙනවයි කියලත් බනිනනවා
උන් පඩි වැඩිකර ගන්නවා කියල බනිනවා
හොරු අල්ලන්ඩ ඇවිත් හොරු බේරල අරිනවා කියල බනිනවා
හොරු අල්ලන්ඩ ඇවිත් මුනුත් හොරා කනව කියල බනිනවා
මුලින් හොරු කියපු උන් එක්ක එකතු වෙලා කියල බනිනවා
පැරදිච්ච උන්ට මංතිරිකං ඇමටි කං දුන්නා කියල බනිනවා
සංවර්ධන වැඩ නවත්තල කියල බනිනවා
අලුතිං සංවර්ධන වැඩක් පටංගත්තේ නැ කියල බනිනවා
අරුං කරපුවා හරි නැ හරි නැ කියල ඒවම කරනව කියල බනිනවා
හැම බඩුවම ගණන් කියල බනිනවා
අමතර දෙයක් ගන්ඩ තියා මිනිස්සුන්ට කන්ඩ නැ කියල බනිනවා

ආංඩුව ඇතුලේ ඉන්න උන් හොරකං කරනව කියල බනිනවා
තමන්ගේ උන්ගේ හොරකං දැක්කේ නැ වාගේ ඉන්නවා කියල බනිනවා
බැංකු හොරකම යාළුකමට ලොක්කා දැක්කේ නැ වාගේ ඉන්නවා කියල බනිනවා
ඉන්දියාවත් එක්ක ගිවිසුං ගහනවා කියල බනිනවා
පලාත් සභා  ප්‍රාදේශිය සභා චන්දය තියන්නේ නැ කියල බනිනවා


අනේ අම්මේ දවස තිස්සෙම බනිනවා
එක එක ඒවා කිය කියා බනිනවා
හිටපු කට්ටිය ඊට ඉස්සර හිටපු කට්ටිය සංසංදනය කර කර බනිනවා
ඊටත් කලින් හිටපු අයගේ හොද කියකියා බනිනවා
ඉපදෙන්ඩ කලිං හිටපු අයටත් හොද කියල තමන්ට ඕන උන්ට බනිනවා

අහං ඉදලා බැරිම තැන
ඔයාල නේද දුන්නේ
අපි ඉතින් අලියට ඇර වෙන කාට දෙන්ඩද
ඉතිං ඔය දුන්නේ අලියටද
ඔන්න ඉතින් ටිකක් ඇඹරිලා එහෙම
අපි දුන්නේ යහපාලනේට
රටේ යහපාලනයක් ඇති කරන්ඩ

ඉතිං ඔය තමා යහපාලනේ
දැං ඉතින් රහ බලහං






59 comments:

  1. දැන් ගිහින් නිදා ගනින්

    ReplyDelete
    Replies
    1. නිදා නොයිද යලි පිබිදි අහස බලන්නේ
      නවෝදයෝ තෙද රැදි හිරු පිපි දිලෙන්නේ

      Delete
    2. අන්න දැක්කද එහෙම දිලෙන්නේ යහපාලනේ නිසා. එ හ් හෙ නං

      Delete
  2. චෑ...චෑ...මමත් ආවේ ගිහින් නිදා ගනින් කියන්න විනාඩි 16ක් පරක්කුයි ..

    ReplyDelete
  3. ඇත්තටම නිදාගන්න ගිහින් නේන්නං..
    තව ටික දවසකින් ඔය බැනිල්ල එපා වෙනවා.ඊට පස්සෙ තමයි වැඩේ පටං ගන්නෙ.ඉවසා වදාරන්න එතකන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ බොරුද කියහංකො ...යහපාලනය වෙනුවෙන් පේනි හිටපු අය අද මෙහෙම නෙමෙයිද හැසිරෙන්නේ

      Delete
  4. මේ පාන්ඩුවට නං ගොනෙකුට තරම්වත් හිතන්ට මොලයක් නෑ. උන්ගෙ තියරියට අනුව ඩියුටි ෆ්‍රී වාහන අත්‍යවශ්‍ය භාණ්ඩ වෙලා, සිගරට් අරක්කු සහ ගෙදර කන බොන අත්‍යවශ්‍ය භාණ්ඩ සුකොපබෝගී භාණ්ඩ වෙලා. වෙනස මාරයි බං. දැන්නං දෙකක් දාන වෙලාවට බං යු ටියුබ් එකෙන් හොයලම බලන්නෙ අම්මටසිරි ලංකාවේ ජනාදිපති ගෙ කතා විතරමයි. බයිට් ඕනෙම නෑ 😂

    ReplyDelete
    Replies
    1. එච්චර රසවත්ද බං ඒවා ...මං නං ඒ වෙලාවට ටීවී එකත් ඕෆ් කරනවා

      Delete
    2. ටිලාන් ජනාධිපති කරනු.

      Delete
  5. මරාගේ කාලේ මිනිස්සු ආණ්ඩුවට කෙලින්ම විරෝධය දක්වන්න බයේ හිටියේ, අතුරුදහන් කරයි කියලා. හැබැයි ඒ පීඩනය මිනිස්සුන්ගේ ඇතුලේ තිබ්බා. ඒක තමයි අන්තිමේ එලියට ඇවිත් මරා ගෙදර ගියේ.

    දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුවට එරහිව ඔහේ බැන බැන ඉන්නවා. එතනින් එහාට වෙන දෙයක් නෑ. අපිට වඩා ආණ්ඩුව මේක දන්නවා. උන් කැමතිත් ඒකට තමයි. ඇයි මිනිස්සු කවුරුත් සංවිධානය වෙන්නෙත් නෑ, ලොකු පීඩනයක් ඇත්තෙත් නෑ, ඔහේ බැන බැන ඉදලාම එතනින් ඉවරයි. ඔහොමම අවුරුදු 5 ඇදගෙන යයි. ඒක තමයි වෙන්නෙත්. අපි නොදන්න දේශපාලනය...

    ReplyDelete
    Replies
    1. //මරාගේ කාලේ මිනිස්සු ආණ්ඩුවට කෙලින්ම විරෝධය දක්වන්න බයේ හිටියේ//

      ඒක පිලිගන්ඩ අමාරුයි මුල ඉදන්ම ඒ ප්‍රතිරෝදය තිබුනා

      Delete
  6. අඩියක් ගහන්න ගියාම තමයි මට මුන්ගෙ පරම්පරාවම මතක් වෙන්න ඇයි යකෝ හිතේ හැටියට සිකරට් එකක් බොන්නත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. සිකරට් නෙමෙයි තව අඩියක් ගහපං

      Delete
    2. වැඩක් නෑබං ගැලුමක් බීවක් සිකරට් එකක් නැතිව.

      Delete
  7. තිබුන එකට වඩා මේක ලක්ෂ කෝටි ගුණයක් හොඳා... ඒ කාලේ අටමා මේහෙම එකක් ලිව්වා නම් හිටන්.. ලියන අවසාන ළිපිය මේක වෙන්නත් තිබුනා බොහෝ විට..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න, හේතු 10 ක් වත් කියපන්කෝ !!!!

      Delete
    2. ළමාතන්, ඒ කාලේ මරා ට බැනපු හැටියට දැන් උඹ ඉන්න ඕනේ අඩි 6 ක් යට.
      2015 ජනවාරි 08 දක්වා තිබ්බේ මරාගේ පාලනේ, අනුන්ගේ ඒවා ඕනේ නැහැ ඒ කාලේ ඇතුළත උඹම කොච්චර බැනල ලියල තියෙනවද කියල බලහං.

      උඹල වගේ ගස් ගෝන්නු යමර පාලනේ ගේන්න ගහපු සුප්පා කෙබරයක් තමයි තාමත් තියාගෙන ලෑටි ගාන්නේ.

      Delete
    3. අර කියුවත් වාගේ මාතේ උඹව උස්සං ගිහිං මරල හැංගුවේ නැනේ

      Delete
    4. අපි ලිව්වේ වහෙන් ඔරෝ භාෂාවෙන්... මෙහෙම කෙලින් ලිව්වා නම් බඩුම තමයි...

      අනික ඉතින් මෙච්චර ජනප්‍රියත් නෑ නේ.. ඒ කාළේ කී දෙනාද බ්ලොග් එක බැලුවේ...

      Delete
    5. ඒ උනාට 1600/ කැලි හම්බ උනේ එ ආණ්ඩුව හින්දනෙ

      Delete
    6. ඕකත් ඉතින් උන්ගේම වමාර වමාර කන බොරුවක් තමයි. සුදු වන, අතුරුදහන් කාවද කවදද අතුරුදහන් කලේ? යුඑන්පි එකේ දන්නා එකම දේ නිසා ඒවා පැතිරුවා. අපේ හරක් ඉතින් එකම රිපීට් කරනවා තාම.. ලංකාවේ වගේ ඕන බොරුවකට රැවටෙන ගොබෙල්ස් න්‍යාය ඉහ මුදුනින් අනුගමනය කරන ගොන් වෙන මොන රටකවත් නැතිව ඇති.

      Delete
  8. බලේ තියෙනකොට මොලේ නෑ. මොලේ තියෙනකොට බලේ නෑ.

    ReplyDelete
  9. අටමෝ...ඒ කාලේ..ඒ කිව්වෙ අර රජතුමාගෙ කාලෙ ලියන්න තිබ්බෙ බන්..

    ReplyDelete
    Replies
    1. උඹ නමටම ගැලපෙන කොච්චියෙක්
      ඒ කාලේ මිනිස්සුන්ව මේ වගේ හුරගෙන කෑවේ නැහැ බුරුවො
      වැඩිපුර තිබුනේ කාලකණ්නි unp හැත්ත බලය ගන්න ගහපු කෙබර
      අනාගතයක් නැති තොපිත් ටක්කෙටම ගැලපෙනවා තොපේ මහ එකාට

      Delete
    2. කුණුහරුපෙන් බැන්නා කියලා මරා ආයේ බලයට එන්නේ නෑ බං. උබලට ඇත්තටම එයාව ආයේ ගෙන්න ඕනි නං මිනිස්සුන්ව දිනාගන්න බලන්න ඒ පැත්තට. ෆේස්බුක් එකෙයි අනික් හැම තැනමයි කුණුහරුපෙන් බැන්නා කියලා, ජනාධිපතිට, අගමැතිට අපහාස කරලා පෝස්ටර් හැදුවා, ෂෙයාර් කළා කියලා මිනිස්සු එකතු වෙයිද? එහෙම උනාම වෙන්නේ තමුන්ල එක පැත්තට වෙලා ඔහේ කුණුහරුපෙන් බැන බැන ඉන්න එකයි, අනික් පිරිස ආයේ ගිහිං ආණ්ඩුව රැක ගන්න එකයි.

      Delete
    3. ඔහේගේ දෑස් පොට්ටද, උඩ කමෙන්ට් එකේ එක කුණුහරුපයක් පෙන්නනවා බලන්න.
      by 10:29AM ඇනෝ

      Delete
    4. ඒ කාලේ මං නොකිවට මිනිස්සු ඕන තරම් මිනිස්සු මේවා ගැන කතා කලා ලියුවා , ඒකනේ මෙහෙම උනෙත් , අද මං ඉන්න තැන තමයි එදා උඹල හිටියෙත්

      Delete
  10. හේතුවටත් බනිනවා
    අහේතුවටත් බනිනවා

    ReplyDelete
    Replies
    1. බයින එක ඇවිල්ලා අපේ ජාතික අනන්‍යතාවයක්

      Delete
  11. මහ එකයි සෙසු ටිකයි කාපු රට ගොඩගන්න
    මහ බලය දී අපව තේරුවේ බොලයි ඔන්න
    වහ බොන්න හිටි අපට මේ වරම සමරන්න
    යහ පාලනේ රහ මෙයයි දැන් විඳගන්න........

    ජයවේවා!!!



    ReplyDelete
  12. ඒත් තවම බනින්න බයක් නෑනේ හිටං

    ReplyDelete
    Replies
    1. උඹ නපුංසකයෙක් වගේ බනින්න බයේ හිටියද, පව්

      Delete
    2. //ඒත් තවම බනින්න බයක් නෑනේ හිටං//

      කාට බයින්ඩද බය නැත්තේ හිටං

      Delete
  13. රෑට බොන්න එපා යකෝ...

    ReplyDelete
    Replies
    1. කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙලුවෙං බොල

      Delete
  14. තවම බණිනවා විතරයි. මිනිස්සු මීට එහා යන දවසක් එනවා.

    ReplyDelete
    Replies
    1. කවදටද ...කල් වැඩි නැද්ද

      Delete
    2. මේ වෙන දේවල්වල හැටියට දැනටමත් කල් ගියා වැඩියි වගේ.

      Delete
  15. උඹලැයි ගෙවල් පැත්තෙ එන්ඩ ඕන....
    යහපාලනේ තමයි
    අපි මල් වැස්සෙ තෙමෙනව

    ReplyDelete
  16. ඔයිට වඩා දේවල් කරනකොට උඹල චන්ද්‍රිකාව අවුරුදු 12ක්ම තියාගත්තේ බන්. වෙනකක් තියා 99දී නලින්ද සිල්වත් චන්ද්රිකාටනේ සපෝර්ට් කලේ. නහයෙන් අඬන්නේ නැතිව හිටපන්. බයිලා කියනවා යූඑන්පී එක එක්ක තියෙන මලට.

    ReplyDelete
    Replies
    1. යූඑන්පී එක එක්ක ආදරෙයි

      Delete
  17. සි ඳු ජ ලේ දැමුවත් ගෙණ ලබුගෙ ඩි ය
    බි ඳු ජ ලේ නොපනි අල්ලනවට වැ ‍ඩි ය
    ජනබලේ නැතිව යහපාලන ගෙඩිය
    ම ද ප ලේ නොලැබි හේතුවටත් වැ ඩි ය

    ReplyDelete
  18. උනුත් කෙළියි...මුනුත් කෙළියි....
    අනේ ඉතින් අපට වෙන සරණක් කොහින්දා......

    ReplyDelete
  19. මහත්තයා පුකේ ඇගිල්ල ගහලා සුවද අහලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මහත්තයා පුකේ ඇගිල්ල ගහලා සුවද බලලා නං තියනවා

      Delete
  20. කවිරැ ‍ෙමොනවා කිවිවත් තම හිසට තම අතමය ‍ෙසෙවනැල්ල.....

    ReplyDelete
  21. මේ එක හොඳ දේ 18 වැනි ව්‍යවස්ථාව අවලංගු කිරීම සහ ස්වාධින කොමිෂන් සභා විතරයි ... අනික් ඔක්කොම ම.රා. කොරපුවම තමයි ! ආ සංවර්ධනේ එක්කත් නැහැනේ ?

    බලනකොට අලි බබා ඇර අනික් හොරු හතළිහෙන් තිස් නමයක් විතර තාමත් ඇතුලේ :)

    මයිත්‍රී අපිට ඒ නමින් අදහස් වෙන දේම පෙන්වා ඇත ... මුන් ඔක්කොම වැලලිලාම යනවනං ... :D

    ReplyDelete
    Replies
    1. අම්මාපල්ල ....ගිලා බහින්නේවත් නැනේ

      Delete
  22. අටං මලේ..අපි හැමදාම 'මනුස්සයෙක්' දිනවලා ඒ මනුස්සයාගෙන් ලොකු ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවානේ..එහෙම කරන්න ඇහැක්යැ..අපි යහපාලන ව්‍යාපාරය දිනෙව්වෙ නෑනේ.(ඔය මූණ දක්කම කේන්ති යන අය ඒ දවස්වල ස්ටේජ් වල මයික් ගිලිනකොට මේක තමා කියලා අපි යහපාලනේ ගෙඩි පිටින් ගිල්ලනේ.) මයිත්‍රී දිනෙව්වා මිසක. ඒ මනුස්සයා ඒ වෙලාවට සුදුස්සා මිස අනාගතේට සුදුස්සා කියල කවුරුත් කිව්වෙ නෑනේ..මේ ටික වෙන බව ඔය ගොය්යා දෙපැත්තෙන් හිටපු අය දැක්කම පෙනුනනේ...අල හිටෙව්වම පොල් හැදෙන්නේ නෑ ලමයො..

    ReplyDelete
  23. අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා -- ඒකටත් හරියන්ඩ විස්කි හවානා සුරුට්ටු අඩුකරලා තියෙන්නේ. කවුද ඒවාට කතා කරන්නේ.
    වාහන ගාන වැඩිකලාටත් බනිනවා - යකෝ, ඉතින් ඉතාම ඉස්තරන් පොදු ප්‍රවාහන (බස්, කෝච්චි, ටැක්සි) සහ ඊට අමතරව අඩු වියදම් ගුවන් සේවා තියෙනව තව ගාන වැඩි කරන්ඩ ඕනේ ඔය ලඩි වල.
    වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා - මොන එහෙකටද ට්‍රාන්සර් කරන්නේ. ගෙදර තියෙද්දීම වටිනාකම වැඩි වෙනවනේ
    රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා - ප්ලේන් එකේ යන මහා ජනතාවට මොන රථවාහන දඩද මල්ලි
    අදායම් බදු එකෙන් වටලනවටත් බනිනවා - ඒ එන්නේ වැඩිපුර ගෙවපු මුදල් ආපහු දෙන්ඩ. නැත්නං ඕව ගන්ඩ කියල කොච්චර මාන්සි වෙන්ඩ කියලද
    සේවක අර්ථසාදකෙන් වටලනවටත් බනිනවා - මිනිස්සු තාම දන්නේ නෑ ඕක කලින්ම ගන්ඩ පුළුවන් කියල, ඒක තෙරුම්කරලා දෙන්ඩයි ඔය එන්නේ
    කොටි ආයේ නැගිටිනවා කියල බනිනවා - මොන බොරුද, අර අගේට ඇවිද ඇවිද ඉන්නේ දෙහිවල
    හම්බයන්ට ඕන විදිහට නටනවා කියල බනිනවා - ඉතින් උන් අපිට ඕනේ විදියට නටන්ඩද. නැත්තන් නටන්ඩ පුළුවන් එකාට ඉතින් සින්දු කියන්ඩ කියලද කියන්නේ
    තීරුබදු සහන ගන්නවට බනිනවා - එක පාරටම ගන්නේ නැතුව තීරු තීරු ගන්න එක කොච්චර හොඳද. ඉස්තුති කරන්ඩ ඕනේ වැඩක්.
    දියමන්ති වලට බදු සහන දෙනවයි කියලත් බනිනනවා - බදු සහන අවශ්‍යමයි. ගැණු ළමයින්ගේ හොඳම යාලුවට බදු ගැහුවම පව්නෙ අප්පා.
    උන් පඩි වැඩිකර ගන්නවා කියල බනිනවා - පින්වත කාට හරි වැඩි උනොත් සන්තෝෂ වෙන්ඩ එපැයි
    හොරු අල්ලන්ඩ ඇවිත් හොරු බේරල අරිනවා කියල බනිනවා - ඔය යවන්නේ පොඩි හොරු. පොඩි මාළු දානවනේ ඇමට ලොකු මාළු අල්ල ගන්ඩ. ඉන්ඩකෝ ටිකක් බලාගෙන.
    හොරු අල්ලන්ඩ ඇවිත් මුනුත් හොරා කනව කියල බනිනවා - හොරා කාපු විදිය බලන්ඩ ඉතින් හොරා නොකා පුළුවනැයි. හොරා කපු විදිය recreate කරන්ඩ යන්නේ ඔය.

    ReplyDelete
  24. දේශපාලනේ කරන එක එකා මරාගන්න එකෙන් උන් එකෙක්වත් මැරෙන්නෑනෙ... අහක ඉන්න අහිංසක මිනිස්සුයි බැට කන්නෙ...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>