‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘
‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ මට ගහන්ඩ ‘‘
‘‘ ඇයි මොකද තාත්තට බැරි ඔයාට ගහන්ඩ ..අම්මල තාත්තලට පුලුවන් ළමයි වැරදි කලහම දඩුවං කරන්ඩ ‘‘
‘‘ ඔයාලයි මට බයවෙන්ඩ ඕන ...මට ගහන්ඩ බෑමයි ...බනින්ඩත් බෑමයි ‘‘
‘‘ අර දැක්කා නේද ..හැම වෙලාවෙම ඔහොමයි මූන දිහා බලාගන ඉදල යනවා යන්ඩ ...ඔයා මම කියන එක පිලිගන්නෙම නැනේ...ඔය ඔයාගේ අක්කම තමයි ‘‘
‘‘ පිස්සු විකාර කියවන්නේ නැතුව ඉන්ඩ අනේ .....ඔය පොඩි කමටනේ අනිත් වෙලාවට ඔය හොදට හුරතල් වෙවි ඉන්නේ ‘‘
‘‘ ඉතින් ඔයානේ කියවන්නේ ...මේ කෙල්ල මාව ගනන් ගන්නේ නැය ...බල්ලට දාල කතා කරනවය අරකය මේකය කියල ....ඔන්න දැං ගිහින් බලන්ඩ කොහේ හරි මුල්ලකට වෙලා තනියම කියව කියව ඇති ....එක්කෝ බලාගත්ත අත බලාගන ‘‘
‘‘ ඒක එහෙමනං ඔය පෙර ආත්මේ කියවන අනිත් ළමයි වාගේ මේ ළමය කියවන්ඩ එපැය මං අරහේ හිටියය ..මෙහෙම කරාය ...අතනදි මැරුනය කියල......දැං මම මෙහෙම කියුවයි කියල ගිහින් කෙල්ලගෙන් අරව මේවා අගිස්සවනව නෙමෙයි හරිද ‘‘
‘‘ අනේ මං ඔයා තරං මෝඩ නැ ...එහෙම හැම ළමයම පෙර ආත්මේ කියන්නේ නැ අනේ .....ඒ උනාට සමහරක් එහෙම කෙලින්ම නොකිවට ඔය වගේ එක එක විදිහට ඔව්වා පෙන්නනවා , බලන්ඩ ඔය වයසේ ළමයි කරන කියන දේවල්ද කරන්නේ ......හැම දෙයක්ම හොදට තේරෙනවා....අනික බලන්ඩ නොතේරෙන වයසේ ඉදන් අක්කගේ ළමයින්ට එකතුයි ...මතකද ඇබින්දං කාලේ ඉස්සෙල්ලම ලොකු පුතාව දැක්ක ගමං අතට පැනල හුරතල් වෙච්ච හැටි ‘‘