2018-08-22

ඉලන්දාරිකම





හන්දියට ඇවිත් විටක් එහෙම අරං කඩේ අයියත් එක්ක කයියක් ගහගහ හපන්ඩ ගත්තා , එතන තියනවා සැලුන් එකක් , ඔතනට පොඩි එකාව කොන්ඩෙ කපන්ඩ දාල මම දන්න අම්මා කෙනෙක් වෙන වැඩකට ගිහිං , අම්මා එනකොට කොල්ලා ලස්සන කට් එකක් ගහගන එලියට වෙලා ඉන්නවා, අම්ම බකට් එක අදිනවා.


මතීෂ ඔය මොකක්ද ඔය කරගන තියෙන්නෙ ,තාත්ත කියුවේ කොටට කපන්ඩ කියලා නේද


ඉතින් මේ කොටටනේ කපල තියෙන්නෙ




මේ .....ඒ.....දෙන්⁣නේ......හම්... ඉස්සරහිං පස්සෙං ඉතුරුකරලා ... දෙපැත්ත කට් ගහල ...... ආයේ ඇතුලට ගිහිං ඔක්කොම එක ගානට කපාගන එනවා , නැත්තං මං තාත්තට කෝල් කරනවා


ඉතින් තාත්ත කපපු විදිහටනෙ මාත් කැපුවෙ




ආ ඉදපං මම කෝල් කරලා ගෙන්නන් නං




කියුව අරුන්දැ හන්දියෙම රස්සාව කරන තාත්තට කෝල් කරනවා , කඩේ අයියයි මම කතාව අහගන , මං කල්පනා කලේ පච්ච කොටල , කරාබු දාල යකඩ උස්සල ලස්සනට ඇග හදාගන , ඩෙනිම් ගහල , බොඩි ෆිට් ටීෂර්ට් ගහල , ඩෙක් ෂූෂ් ගහල ඉන්න තාත්තයි ,




කොන්ඩෙ පාට කරලා , කොටට ඇදලා , මූනට හැම හත්තිලව්වම කරලා , නියපොතු දහය පාට දහයකිං පාට කරල , කරාබු හත අටක් දාල , වැලමිටයි මැණික් කටුවයි අතර අතේ යට පැත්තෙ වැල් අකුරු වැලක් කොටලා ඉන්න අම්මයි , කොල්ල කට් එකක් ගැහුවයි කියල මොකට නහිනවද කියල.


බලන්ඩ අයියේ කොන්ඩෙ කපාගන තියන හැටි


මරු කට්ටෙකක්නෙ කොල්ල බස්සල තියෙන්නෙ


මරුතමා .... ටිං ටිං වගේ




ඔන්න ආවා එතකොටම තාත්තන්ඩිත්


මතිෂ යනවා ගිහිං නෝට් එකට ගහගන එනවා




ඔයා ගිහිං කියන්ඩකො චන්දනට


කියල කට් ගහගන්නවනං නෝට් එකට කපන්ඩ කියන්ඩ බැරි


පොඩි එකා දොර ඇරගන සැලුන් එකට රිංගුවා


තාත්ත කාරයා මට හිනාවක් දාල


බලපං මචං මූ


පව් බං කොල්ලොනෙ ... ආසයිනෙ ... අනික නිමාඩු කාලෙනෙ


මූ තාම හතර වසරේ බං .... ඉලන්දාරිකම








ලියුවේ  මං

Popular Posts

  • how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා  පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.
    අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු…
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද
    '' කීර්ති අයියේ කෝල් එකක් '' වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින්…
  • ආදරණිය රසික රසිකාවියන්ට පණිවිඩයක්
     
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • HA-2045 ballpoint needles applied to household machines
  • How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
    පස්වැනි කොටස මෙතැනින් පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ…
  • මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    '' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද '''' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද '''' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක්…
  • මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
    මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා…
  • how to thread  indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය
    ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය . නොදන්නම…
  • elna su air electronic sewing machine
    මේ එල්නා මෙෂින් එක එයාර් ඉලෙක්ටොනික් ෆුට් කන්ටෝලර් සිස්ටම් මෙෂින් එකක් ,එහෙමත් නැත්තං කටට හුරු විදිහට එයාර්කන්ටෝල් මෙෂින් එකක් , එල්නා පාවිච්චි…
  •  චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
     
  • Leather, Rexin, Curtain Sewing and DP-LR, DB-LR, F2-LR Needles
  • 2020 ජනාධිපති කවුද
    මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක් ඝෝටා හොදයි සිරිසේන හොදයි රනිල් හොදයි ෆෝන්සේකා හොදයි චම්පික හොදයි බැසිල් හොදයි චමල් හොදයි එස්බී…
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්
      දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර…
1,643,684

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>