Popular Posts

2012-04-10

පබහයි හුබයයි


පහුනු දොහේ අපේ හාමිනේට අමුතු අසනීපයක් හැදිලා තිබුනා. එක හොද කරපුහැටි තමයි මේ.

මේ මනුස්සයා හැමදාම මට කණුකූනු ගානවා අනේ බලන්ඩකො අපේ දෝනි තවම හුඹහක් දැකලා නැ කියලා.දැන් ඉතින් පැය 24ම දවස් 365ම හාමිනේ ගේ කල්පනාව කෙල්ලට හුඹහක් පෙන්නන එක.

  හිටපු ගමන් එකපාරට මාලගට ඇවිත් අහනවා 

'' ඔයාලගේ ටල්අම්මලෑ  ගමට ගියානං අපිට මෙ ළමයට හුඹහක් පෙන්නන්ඩ තිබුනා නේද''

'' ඔයා අද යන්නේ කොහේද අනේ, එපැත්තේ හුඹස් නැද්ද ''

'' පුත්තලමෙ හුඹස් තියනවා. ගියානං  පෙන්නන්ඩ තිබුනා ''

''පින්තූර පෙන්නුවට එයාට තේරෙන්නැ අප්පා. හුඹහක් පෙන්නන්ඩම ඔන ''

මෙන්න ටිකදවසක් යනකොට තව ලෙඩක් ..

'' අනේ බලන්ඩකො අප්පා මෙ ළමයට පඹයා ගැන කියුවට තේරෙන්නේ නෑ. පෙන්නලම තේරුම් කරන්න ඕන ''

'' ඔයා යන එන තැනක පඹයෙක් ඉන්න කූඹුරක් නැද්ද අප්පා ''

දැන් එක කරදරයක් මදිවට කරදර දෙකයි.  පඹ කරදරයි.  හුඹස් කරදරයි

සැප කනේ, අහලා අහලා ඇතිවෙලා හිටියේ. දවසක් මට හොදට මළපැනලා ඉන්න වෙළාවක හාමිනේ මා ලගට ඇවිත් මෙන්න මෙහෙම කියුවා.

'' අපිට දුර පළාතකට ගියානං මෙ ළමයට හුඹහකුයි, පඹයෙකුයි දෙකම පෙන්නන්න තිබුනා නේද ලොකූ ''

 '' සල්ලී වීයදං කරගන දුරපළාත්වල යන්න ඕන නෑ, ඔහේලගේ  ගේදර ගිහින් හුඹහක් කියලා  අම්මව පෙන්නල, පඹයෙක් කියලා තාත්තව පෙන්නුවනං හරි ''

මගේ වේසා කට හින්දා අපේ උන්දැගේ හිත සෑහෙන්ඩ රිදුනා , හැබැයි හුඹස් ප්‍රශ්නය සහ පඹයි ප්‍රශ්නය විසදුනා, වෙන එකෙක්ට නං සතියක් හමාරක් , උක්කන්ඩත් හම්බෙන්නේ  නෑ , බත් කන්ඩ හම්බෙන්නෙත්  නෑ , අපේ චූටි නෝටි සුදු අම්මියෙක් නෙමෙයිනේ , ඒක හින්දා මට එහෙම ලොකුවට අවුලක් උනා කියල  උඹලා හිතන්ඩ එපා , අනික කියන්ඩම ඕන දෙයක්  තියනවා මං මගේ මාමජ්ජටයි නැන්දච්චටයි පට්ට ආදරෙයි.

5 comments:

  1. ඊට පස්සේ කෑවා නේද සති ගානක් ඉස්පිරිතාලේ ඉන්න?

    ReplyDelete
  2. දවස් කීයක් කන්න නැතුව අගුපිලේ ඉන්න උනාද? හිහ්..හොහ්.. හහ්..

    ReplyDelete
  3. අටමා මේ දවස් වල ලීයක අමුණලා කුඹුරක අව්වට වැස්සට වේලෙනව කියලා ආරංචියි....

    ReplyDelete
  4. Kane plastar gahagena hitiye ekathama....

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>