මතකයිනේ බඩු නැ සර් කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ.
මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ ස්ථානාධිපති වෙලා හිටපු පොලිසියේම තිබුනු නිළනිවාසයේ. මහත්තයාගේ කොල්ලා මහත්තයා බලන්ඩ හිතූන ගමන් එනවා පොලිසියට. දවසක් කොල්ලා ආවා පොලිසියට.ස්ථානාධිපති තාත්තා බැහැරට ගිහින්.
තාත්තා නැති පොලිසියේ කොල්ලට රජමගූල් (එතකොට ඌට වයස තූනක් විතර දැන් ගජඉලන්දාරියා) වැඩ බලන oic මු දැන්, පොලිසියම පෙරලනවා. කට්ටියට නම පස්සට ආන්ටි අංකල් කෑල්ල දාලා නියෝග දෙනවා. wpc ආන්ටීලා බබා පරිස්සන් කරන්ඩ හිනා වෙවි මුගේ පස්සේ එළවනවා.
පොලිසියට ආපු මිනිස්සුත් විසදාගන්න ආපු තමන්ගේ කරදර අමතක කරලා කොල්ලගේ හුරතල් විදිනවා. පොලිස් අංකල්ලා මළපැනලා කට පියාගන ඉන්නවා ගහන්ඩද , බනින්ඩද oic පැටියනේ. කොහොම හරි මු පැන්නා ස්ථානාධිපති කාර්යාලයට, ඇයි බැරිද තාත්තාගේ කාමරයනේ.
දැන් තමයි නියම ජෝගිය , කොල්ලා මේසය උඩත් නැග්ගා. දැන් අදිනවා හැම බඩකඩුත්තූවක්ම. බලාගන ඉන්ඩ බැරි තැන පොලිස් හාමිනේ කෙනෙක් කියුවා මෙහෙම.
''අනේ බබා අදින්ඩ එපා බහින්ඩ බිමට තාත්තා ආවොතින් අපි ඉදලා ඉවරයි''
''අයියො ඔයාල අපේ තාත්තට ඔච්චර බයද , මම නම් එයාට බය නැ.''
'' ඒ ඔයාගේ තාත්තා හන්දනේ , අපි නං බයයි ''
''අයියෝ ලැජ්ජයි .....තාත්තට අපේ අම්මත් බය නෑ''
Ah botath okamane wela atte
ReplyDeleteඕක තමයි බං යතාර්තේ....
ReplyDelete