2012-05-17

අපේ හාමිනේට අත මාරුවීම



බලන්ඩකො අප්පා මට වෙන දේවල්. ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ. 

අනේ යකෝ තොපි දුහගන ආවා නේද අන්න අටම්පහුරගේ ගෑණි ඒ නසරාණියා එක්ක ඉන්ඩබැරුව වෙන එකේක් එක්ක පැනලා ගිහිල්ලා කියලා.

ඒකි ගියේ නැ බොලවු , ඔය ඉන්නේ බත් තම්බ තම්බ මගේ දෙවනි දරැපැටියවත් කූස ඇතූලේ තියාගන ආරක්ෂා කොරගන , ලොකූ කෙල්ලවත් ඇස් දෙක වගේ බලා කියාගන.

මේ වෙන්ඩහාමීනේ (එ වචනය කතන්දර කාරයාගෙන් හොරකම් කලෙමි) කාලයේ වෙච්ච එකක්.

රාගම අර තියෙන්නේ මැඩිකල් පැකල්ටියක් අන්න ඒකට ආපු පොරක් හිටියා අපේ හිතවතෙක් , දොස්තර පැට්ටෙක් උනාට මොකද පොර ටැක්නිකල් පැත්තට ටිකක් බරයි. මගේ මතකය නිවැරදිනං පොර තමයි රාගම ඉස්සෙල්ලම කොම්පීතර් සම්බන්දව ව්‍යපාරයක් පටන් ගත්තේ.මගේ පොඩි කාලයේ ඉදන් යාළුවෙකූත් රේඩියො ටීවි රෙපයාර් කලා එ කාලයේ.ඔය සම්බන්ධකන් හින්දා පොර හිටියේ දොස්තර පැට්ටන්ට වඩා අපිත් එක්ක.

දවසක් පොර අපිට ඇවිත් කියුවා උන්ගේ වෛද්‍ය ප්‍රදර්ශනයක් තියනවා, එකට තියන්ඩ යන ගැජට් එකක් හදන්ඩ උදව් කරන්ඩ කියලා.

මමයි අපේ එකයි ගියා එ පැත්තට.බලන්ඩ එපැයි  ජාති ජාති බඩු තියනවා බලන්ඩ.ගිය වැඩෙත් කරලා. ප්‍රදර්ශනයට තියන්ඩ මීනී හම ගහන කපන එව්වත් බලලා දෙන්නත් එක්ක ආවා.පස්සේ මට හිතූනා හාමිනේව එක්ක යන්ඩ ඕන ඒක බලන්ඩ කියලා.

ගෙදරින් අවසර අරගන එහේම දැක්කූවා පැකල්ටිය පැත්තට. හැතැම්ම එක හමාරක් විතර දිග පොළිමක් තියෙද්දි මීතූරුකමේ ආනුභාවයෙන් කොල්ලයි කෙල්ලයි පැන්නා ඇතූලට.

මගේ අම්මො පඩීන්ඩවත් ඉඩක් නැ මාර සේනග, මම අර මුලින් ආවේ පටන්ගන්ඩ කලින්නේ, දැන් තවත් මරු , වෙන වෛද්‍ය වීද්‍යලවලිනුත් එකඑක අයිටම් බස්සලා. අඩී 23ක් දිග පටී පණුවෙකූත් හිටියා. එක තැනක කෂ්ටිය පොරකනවා, වැඩීපුරම 12 හේ 13 නේ පොඩී එවුන්, බැලුවා මමත් බෙල්ල දාලා , යකෝ ගෑණු අහවල් එකක් හොදට දිග ඇරලා කෑලි බෑලි ටිකත් හොදට පැහැදිලිව දකින්ඩ පුලුවන් වීදිහට. මල්ලීලා හොදට  කෑප්චර් කරගන්නවා අයිටම් එක.මට කියන්ඩත් හිතූනා යකූනේ ඔකට හොදට ෆොමලින් දාලා වේළලා තියෙන්නේ කියලා.

දැන්ඔය ප්‍රජනන අයිටම් තියන අංශයට තමයි වැඩිය කට්ටිය රිංගන්නේ.  ගෙදරදි ගෑණියි මීනිහයිවත් කතා නොකරන දේවල් හාපැටව් වගේ ලස්සන වෙන්ඩ දොස්තර පැටික්කියො අහවල් එව්වා ‍අල්ලල පෙන්න පෙන්න විස්තර කරලා දෙනකොට කව්ද අප්පා අහක බලාගන යන්නේ. සමහරක් අංකල්ලට මුල් ඇදලා පැළවෙලා.

සෙනග වැඩිකමට දැන් අපේ හාමිනේ මගෙන්ඈත් වෙනවා වගේ.

''චූටි.. හයියෙන් අල්ලගන්ඩ මගේ අත.කොච්චර තල්ලුකලත් අත අරින්ඩ එපා, නැත්තං ඔයාව තල්ලුවෙලා ගිහිල්ලා නැතිවෙයි මට හොයාගන්ඩ බැරිවෙන්ඩ.''


''හරි අනේ. ඇයි මාව නැතිවෙයි කියලා බයද''


‍ඉදිරියට යෑමේ වේගය පැයට අඩී එකකි. වීනාඩි පහකට වීතර පස්සේ මම ආයෙත්


'''අල්ලගන්ඩ අතින් අතඅරින්ඩ එපා''


''හරි හරි අනේ .මට ආදරේ වැඩිකමට මාව නැතිවෙයි කියලා බයයි නේ ඔයාට''


මේ ගෑණි මගූලක් කියනවා.ගෙදෙට්ට ගිහිල්ලා දක්කගන ආපු හුචක්කූව ඩැමේජ් එකක් නැතූව බාර දෙන්ඩ එපැයි. මම ඉන්නේ එ සිහියෙන් ,සෙනග අස්සේ මේකි මාත් එක්ක නැලවෙන්ඩ හදනවා.තවත් වීනාඩි දෙක තූනක් ගියා. මම දැන් ඉන්නේ මල් වත්තක් පැනලා.

''අල්ලගන්නවකො ඔයි අතින්''

''ඉතින් මම හයියෙන් අල්ලගනනේ ලොකූ ඉන්නේ''


මොකක්ද යකො මේකී මේ කියන වදුරු කූණුහරපේ කියලා බැලුවා මම අත දිහා.


''මෙන්න බලහල්ලා වැඩේ අපේ ගෑණි වෙන එකෙක්ගේ අතේ එල්ලිලා ප්‍රජනන ප්‍රදර්ශනයක් බලනවා.''


දැම්මා හාමීනේගේ අතේ එල්ලිලා උන්න එකාගේ අතට තට්ටුවක්, ඇහුවා ඇයි කියලා. පොර මාරු උනා මාරුවිල්ලක් හිතාගන්ඩ බැ  සෙනග අස්සෙන් කොහොම මැන් වාෂ්ප උනාද කියලා.


දැන් අපේ උන්දැට පොළව පලාගන යන්ඩතරන්. ෂුවර් එකට බිමට සිමෙන්ති දාලා තිබුන්නැත්තං උන්දැ එතන වලක් කපාගන වැළලේනවා


''ඇ මනුස්සයො තමුසේ අරුගේ අතේ එල්ලුනේ කොයි වේලාවෙද.''


''අනේ මට බනීන්ඩ එපා ලොකූ , ඔයා පළවෙනි පාර මට අත අල්ල ගන්ඩ කියන කොටත් මම අල්ලගන තමයි හිටියේ''

3 comments:

  1. අඩේ... මම මේක කලිං කියෙව්වනෙ.. දැං එක කොමෙන්ට්ටෙකක් වත් නෑ.මක්කෙයි මේ වෙලා තියෙන්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
  2. කියම්දෝ..... නොකියම්දෝ .......
    ඕනෙ නෑ.

    ReplyDelete
  3. මෙන්න ස්ටයිල් එක...පට්ට බං..

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට
    බින්දු බින්දු වැහිපිණිකැට පොලව සිබින හැන්දැවක ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක අද තනියම මං…
  • බෝතාල් පත්තරේ
  • HA-2045 ballpoint needles applied to household machines
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • වඩේ රස කරන රස රහස
    වඩයක් දකින , වඩේ කන , ඉදලා හිටලා වඩයක් බදින හැමදාම මට මතක් වෙනවා වඩේ අංකල්, ඒ තරම් රස වඩයක් මම මගේ ජීවිතයටම කාලා නැ, ඒ දවස්වල  අපි…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • covid 19 solution to safety From the betel
  • ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.
    ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම…
  • ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා ඇති
    '' ගෙදර කව්දෝ ...ගෙදර කව්දෝ .....සරාත් ...සරාත් ...කව්රුවත් නැද්දෝ.'' ''සරත් ගෙදර නැනේ ධනපාල මල්ලි'' අනාරාධනයෙන්ම ගේ තුලට පිවිසෙන…
  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • මැස්සෙක් වැහුවේ නැත්තං හෝටල් වෙන්නැ
    අයියෝ මේ කොළඹ රටේ කන්ඩ තැනක්        නැ ඉංගිරීසි නං තිබුනට මෙලෝ රහක්                …
  • Stitching and Pattern making In easy and simple steps,- Part 4
  • Sri Lankan Style Octopus Recipe
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • පව ඇරියස්
    අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක…
  • Jaba and Julbuli my Lovely  dog pets / smarty dogs / Funny dogs / Lovely...
  •  මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද
     මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද https://www.youtube.com/watch?v=VEs6D-V89mA මෙන්න ලින්ක් එක සබ්ස්ක්‍රයිබ්…
  •  දළු බුලත්
    ‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘ ‘‘…
1,644,889

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>