2012-10-20

ඇස්වහ කටවහ



දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො මල්ලො ඉන්නවා කියල යෑ , පෙගිච්ච හුළං විස්කෝත්තක් උස්සගන ආවත් රසයි කියන කාලෙනේ, දෙන්න එක්ක දෙකට බෙදාගන  අඹරල දානවා ඉතින්. ගෙනාවේ නැතත් අවුලක් නැ ඉතින් , කරදරයක් නැති ගෑණිනේ .



දැන්නං ඉතින් උන්දැට රස කෑමක් , පලතුරක්  කන්ඩ ලැබෙන්නැ , පොඩි උන් දෙන්නටම ගිල්ලන එක තමා වැඩේ . උන් දෙන්නා කෑවේ නැතත් ඔහේ මේසය උඩ වේළි වේලි තිබිලා විසික් කරත් මේ ගෑණි නෙමෙයිනේ කන්නේ. 



බත් කන කොටත් ඔය සෙතේම තමා ඉතින් , ලොකු කෑලි දෙක තුනක් කෙල්ලෝ දෙන්නගේ බතට පොඩි කරන්ඩ තියලා , ඊ ලගට හොද ලොකු කෑලී දෙකක් මට බෙදලා , බත් එකට ඇබින්දං හං  කෑල්ලක් බෙදාගන කනවා දකින කොට තමා මම කාපුවා පිච්චිලා යන්නේ. ඒ මදිවට පහුවදා වැඩට ගිහින් මට ගැට ගහලා දෙන බත් ගෙඩිය දිග ඇරියහම තමා ඉතින් කුණුහාරප එන්නේ මගේ කටට. ඇයි යකෝ තව තඩි මාළු කෑල්ලක් බත් එකේ .



කතා කරලා බණින කොට ඉතින් හම්බෙනවා හොද උත්තරයකුත් 



'' නැ ලොකු මේ දෙන්නට බත් කවලා මටත් කෑල්ලක් ඉතුරු උනා , මම බත් කාලත් දැන් ගොඩක් වෙලා ඔයා දැන්ද බත් කන්නේ''



ඇ ඕයි තලපත් පන්සීයක කොහෙද ඔච්චර කෑළි කියලා අහන්ඩ හිතුනත් මම එහෙම කවදාවත් ඇහුවේ නැ , 



මොකද දන්නවද , මම දන්නවා මේකි මටයි මගේ දරු දෙන්නටයි කොච්චර ආදරෙයිද කියලා.



අපේ අම්මවත් මට මෙච්චර ආදරේ නැද්ද කොහෙද



‍ඉදලා හිටලා ගෙදර ඉන්න දවසටත්  ඔය සෙතේම තමා



''මොනවද චුටී අපරාදේ මෙව්වා නිකං වේලිලා විසික් කරනවා ඔයාවත් කන්ඩකෝ''

2012-10-13

වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම , The wrong needle is the wrong side



මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.  

කොම්පියුටරයකට         රැම් එකක් ගහනවා වාගේ, සොප්ට්වෙයාර් එකක් ඔබනවා වාගේ මේක ලේසි නැ ඔලුවට දාගන්ඩ. මෙෂින් එකින් එකට , උපාංග සහ ක්‍රමවේදය වෙනස් තරමක් දුරට

මෙහෙම හිතමුකෝ

ඔයාලට සිංගර් නෝමල් මෙෂින් එක කියපුවහම  පැනපු ගමන්

'' ආ මම දන්නවා අර කළුපාට ආච්චිලාගේ කාලේ මැසිමනේ ''

ඔක්කොම කළුපාට මෙෂින් උනාට ඔව්වා එකින් එකට වෙනස්

එක් එක් රටවල්වල නිෂ්පාදනය කරන ලද මෙෂින් වල සමහරක් කොටස් වල වෙනස්කම් දකින්න පුළුවන්, කළුපාට නොමල් මෙෂින් වෙළද නාමයන් විශාල ප්‍රමාණයක් යටතේ  දකින්න පූළුවන් 


තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් 

" අනේ ඕක මොකක්ද මෙයා ඉදිකට්ට දාන එක මහලොකූ වැඩක්ද "

මහලොකු වැඩක් නෙමෙයි උනාට දවසකට එක්කෙනෙක්වත් මැසිම උස්සගන එනවා ඉදිකටු වැරදියට දාගන

 '' අනේ බලන්ඩකො මැහෙන්නැ අප්පා කියාගන ''

එහෙම එන සමහරක් උන්දලා රටේ නම්දරාපු මැහුම්කාරියෝ, ඒක හන්දා මේ කතන්දරය මහන ඈයොන්ට ඉතාමත් වැදගත්වෙනවා

*** බහුලව සිද්ධවෙන ඉදිකටු සම්බන්ද වැරදි ***

1) මේෂින් එකට අදාල නොවන වැරදි ඉදිකටු භාවිතා කිරිම

2) ඉදිකට්ට වැරදි පැත්තට සවිකිරිම සහ ඉදිකට්ට බාගෙට සවීකිරිම

3) මොට්ට , ඇදවු ඉදිකටු , ගලවා ඉවත්කල ඉදිකටු භාවිතා කිරිම , බාල ඉදිකටු (ගුණාත්මක බවින් අඩු) භාවිතා කරීම

දැන් මෙව්වා ඔක්කොම ඔක්කොම එකට ලියන්ඩ ගියොත් පැටලිලි සහිත වෙයි , 

උඩින් කියපු කරුණු තූන ගැන වෙන වෙනම  ලියන්නම් , එතකොට හැමෝටම ලේසිවෙයි.

ඉදිකටු ගැන සරලව තේරුම් කරන්න තියන ලේසිම විදිහ තමා මෙෂින් එක පෙන්නලා ඉදිකට්ට මොකක්ද කියලා කියන එක. ඒක නිසා මම එහෙම කරන්නං.

2012-10-05

Which machine is good ? Singer Soje Hispeed sewing or Old juki Hispeed sewing machine



''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්''


මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා
මේ ගැන ටිකක් ලියන්ඩ ඒන කියලා හිතුනා
මගෙන් අහන ප්‍රශ්න සහ ගොඩක් වෙලාවට මම  දෙන  උත්තරය තමයි මම මේ අද ලියන්ඩ යන්නේ
හැල්ලක් වාගේ ලියාගන යනවට වඩා හොදයි කියලා හිතෙනවා කරුණු එකින් එක ලියුවානං
එතකොට කියවන අයට ලේසිවෙයි

දැන් ඔය තඩී මෝටරයක් තියන පත මැෂින් ඔක්කොම මෙෂින් ජුකි ඒවද

අධිවේගි මහන යන්ත්‍ර සියල්ලම ජුකි නොවේ. ජුකි යනු වෙළද නාමයක් පමණි
බ්‍රදර් . සන්ස්ටාර්.පැප්.ටොයොටා. වැනි වෙළද නාම ගණනාවකින්ම ජපානයේ නිෂ්පාදනය කරන ලද පරණ මෙෂින් දකින්න පුළුවන්

චයිනීස් එව්වායෙත් එක එක ජාත් තියනවද
නැතුව, අළුත් චයිනීස් මෙෂින්නං වෙළද නාම හැටහුටහමාරකින් දකින්නට පුළුවන්

මොකක්ද ඔව්වායේ තියන සාමාන්‍ය මෙෂින් වලට වඩා වෙනස
අතින් ඔයිල් දැමීමක් සිදු නොකරන මෙව්වායේ , තෙල් මහන යන්ත්‍රයේ අවශ්‍ය තැන් කරා ගෙනයාමට පොම්පයක් සවිකොට ඇත.වේගයෙන් මැසීම සිදුකල හැක.මහන තැනැත්තාට පහසුවෙන් හැසිරවිය හැක.  තම කාර්ය්‍යයන් පහසු කර ගැනීමට අවශ්‍ය අතර උපකරණ , උපාංග සිය ගනනක් ඇති අතර ඒවා පහසුවෙන් සවිකල හැක


ඉතින් ඔය එක එක ජාතිවල ජපන් මෙෂින්වල පාට්ස් එක සමානද
මේ මෙෂින්වල නිතරම අවශ්‍ය වන කොටස්   බොහෝ දුරට එක සමානයි, (උදාහරණ, ෂටල් බොබින් , කැරියර්, පීඩොක් , නිඩ්ල් ප්ලේට්,ස්ලයිඩ් ප්ලේට්, නිඩ්ල් බාර් වාගේ එව්වා)

ඒ කියන්නේ වෙනස්කම් තියනවා
අපිට මිලදි ගන්න ලැබෙන පාවිච්චිකල ජපන් මෙෂින්වල වර්ගය සහ මාදිලිය වෙනස්වන විට බොහෝ වෙනස්කම් දකින්න පුලුවන්

චීනයේ හදාපු එව්වාට අවුලක් නැ ඒ කියන්නේ 

පරණ ජපන් මෙෂින්වලට පාට්ස්  නිෂ්පාදනය කිරිම නවත්තලා හන්දයි ඔය අවුල .මැත කාලයේ ජපානයේ නිෂ්පාදනය කල වෙළද නාම ,මෙෂින් වර්ග , මාදිලි කොපි කරමින් චින නිෂ්පාදනයන් එළි දක්වා තියන නිසා එව්වාට පාට්ස් එයාලා නිෂ්පාදනය කරනවා. අනික නම වෙනස් උනාට බොහෝවිට ඒ ‍මෙෂින් එකින් එකකට සමානයි

ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරපු මෙෂින් වර්ග ඔක්කොම එයාලා කොපි කරනවා

බොහෝ විට චීන නිෂ්පාදනයන් කොපි කොට ඇත්තේ ජපන් ජුකි සහ , කොරියානු සන්ස්ටාර්      මහන යන්ත්‍රයන්ය,

දැන් ලංකාවේ අළුතින් නිෂ්පාදනය ජපන් මෙෂින් ගන්න තැනක් නැද්ද

මා දන්නා තරමින් දැනට . ජපානයේ නිෂ්පාදනය කරනු ලබන අළුත් මහන යන්ත්‍ර කිසිවක් ශ්‍රීලාංකීය වෙළදපොලේ දක්නට නොමැත, ජපන් යැයි කියන එව්වායේද ඇත්තේ චීනයේ නිෂ්පාදනය කල අමතර කොටස්ය (එහෙම ජපන් එකක් තියනවානං කමෙන්ට් එකක් දාන්න  මං කැමතියි දැනගන්න , ගන්න කියනවා හැමෝටම)

Popular Posts

  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං
    කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං නේක නේක රටා මවන් පාපිස්සක හැඩය        …
  • How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය
    <script type='text/javascript'> 2  var d='<data:blog.url/>'; 3  d=d.replace(/.*\/\/[^\/]*/,…
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  • දරුවෙකුට වාගේ සලකන්නං
    ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න…
  • සේන මාමගේ විසප්පුව
    සේන මාමා කියන්නේ බොහොම අහිංසක මනුස්සයෙක් , මං දන්න හිතවතෙක් ලග වැඩ කරනවා නෙමෙයි   වැටිලා ඉන්නවා කියුවොත් නිවැරදියි ... නියමිත වැඩක් පලක්…
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • සුද්දා වගේ එලියට ඇදල
    ‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘ ‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘ ‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං…
  • Sri Lankan Grandma's Recipe Beef curry
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  • ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී  වාසි
    සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන…
  • සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ
    මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු  කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු…
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • ඇයි යකෝ ඔය
                                             …
  • හරක්මස්
    ‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘ ‘‘ මොන ජයසිංහද ‘‘ ‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘ ‘‘…
1,643,684

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>