2013-06-14

how and when to change machine oil for a high speed sewing machine?

  1. ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය
  2. How to replace oil of High Speed Sewing Machines

    '' ජුකි මැසිමට දාන තෙල් තියනවද ''

    '' ඔව් වන් ලිටර් එකක් තුන්සිය හැත්තපහයි ''

    '' පොඩි බෝතල් නැද්ද ''

    '' නැ ලීටර් එකේ බෝතල් තමා තියෙන්නේ ''

    '' අර සිංගර් පොඩි ඔයිල් බෝතල් දාන්න බැරිද ''

    '' ජුකි එකට ඒවා හරියන්නේ නැනේද ලක්මාල් අයියේ ''

    කෙල්ල සින් එක මට පංගඩත්තු කරලා ෂේප් වෙනවා

    '' මොකක්ද මැඩම් මෙෂින් එක ''

    '' සිංගර් එකෙන් ගත්ත ජුකියක් ''

    අපේ කෂ්ටිය singer soje මෙෂින් එකට කියන්නේ එහෙම නේ

    '' ඒකට ඔහොම ‍අඩුවෙනකොට පොඩ්ඩ පොඩ්ඩ දාලා වැඩක් නැ , ලෝ ලෙවල් එකට ඔයිල් බහිනකොට තියන තෙල් ටික අයින් කරලා අළුතින් ලීටර් එකක් දාන්න ''

    '' අපි කවදාවත් එහෙම දැම්මේ නැනේ ටික ටික තමයි දැම්මේ අඩු වෙනකොට බලලා ''


    '' එහෙම හරි යන්නේ නැ එතකොට තෙල්වල ගනකම වැඩි වෙලා , පොම්පයෙන් තෙල් උඩට වැඩ කරන්නේ නැති වෙනවා , අනික එහෙම ගියත් යන්නේ කුණු දූවිලි පිරිච්ච තෙල් , ඒවා ගිහිල්ලා බටවලයි තෙල් යන සිදුරුවලයි බැදුනොතින් කොහොමටත් තෙල් හරියට වැඩ කරන්නේ නැතුව ගිහින් මෙෂින් එක කැපිලා විනාසවෙලා යනවා . අනික තෙල් හරියට වැඩ කරන්නේ නැති වෙනකොට සද්දෙත් වැඩියි ''

    '' ඉස්සරට වඩා සද්දෙ නං ටිකක් වැඩියි තමා මල්ලි . කොහෙද අපි මෙෂින් එක ගන්නකොට අපිට ඔහොම එකක් කියුවේ නැනේ ''

    '' ඒක තමා වරද එක්කෝ කියල දෙන්ඩ දන්නේ නැ .
    නැත්තං මෙෂින් එක විකුණනවා මිසක් ගන්න මනුස්සයට පාවිච්චි කරන විදිහ කියලා දෙන්න උවමනාවක් නැ ,
    අනික මැඩම් ඔතන තව කාරනාවක් තියනවා අපේ මිනිස්සුන්ට මොනවා හරි තේරුම් කරලා දෙන්ඩ ගියහම හෙන වාතයක් . දවසක් මෙෂින් එකක් ගන්ඩ ආපු ගැණු දෙන්නෙකුට මම බිල් එක දාන්ඩ කලින් මෙෂින් එක ගැන විස්තර කියලා දුන්නා , ඔයිල් පම්ප් එක පෙන්නා කියුවා මේකෙන් තමා තෙල් උඩට වැඩ කරන්නේ කියලා,



    බාත් එකේ මෙන්න මේ ''හයිලෙවල්'' එකට උඩින් හිටින විදිහට තෙල් දාන්න ඕන මෙන්න මේ ''ලෝ ලෙවල්'' එකට එනකොට තියන තෙල් ටික අයින් කරලා අලුතින් තෙල් ලිටර් එකක් ගෙනිහින් දාන්න ඕන කියලා , එහෙම කියාපු ගමන් ඒ ගැණු දෙන්නාගෙන් එක්කෙනෙක්

    ///// අප්පෝ අක්කේ මේකට තෙල් දාවට වඩා වෙන වැඩක් නැතිවෙයි , අර අතනින් ඒයාලගාව තියන මැසිම ගැන එහෙම එකක් කියුවේ නැනේ , මේක හරියන් නැ, අපි අර මෙෂින් එක ගම්මු /// කියලා
    මෙෂින් එක නොගෙන ගියා , ඒ වෙලාවට නං හිතෙනවා මිනිස්සුන්ට මොකවත් කියා නොදී ඉන්න එකත් හොදයි කියලා . ඔය කාරනා හින්දා විකුණන මිනිස්සු මෙෂින් වල ගුණ අගුණ සල්ලි දීලා ගන්න මිනිස්සු එක්ක කතා නොකරන්නේ ''

    '' ඒ උනාට මල්ලි මොනවා හරි අපි සල්ලි දීලානේ ගන්නේ , නොදන්න දේවල් කියලා දෙන්ඩ එපැයි ''

    '' අන්න එතනදිත් අපි වැරදියි , මොනවා හරි සල්ලි දීලා ගන්න කඩේට එන්න කලින් අපි තිරනය කරන්න ඕන අපි ගන්නේ මොකක්ද කියලා , ඒ ගන්න දේ අපේ වැඩේට ගැලපෙනවද කියන එක . හොද නරක මොකක්ද කියන එක, එතකොට අපේ අවශ්‍ය තාවය ගැලපෙන හොදම දේ ගන්න පුළුවන් , කාටවත් අපිව අන්දලා බඩු විකුනන්ඩත් බැ , නැත්තං අපිට වෙන්නේ අපිට ඕන දේ නෙමෙයි කඩේ එකාට ඕනදේ අපේ සල්ලි දිලා අපේ ගෙදර අරගන යන්න ''

    ''අපේ මෙෂින් එකේ තෙල් ඉක්මනට කළු වෙනවනේ ''

    '' එහෙම වෙන්නේ සම්පුර්නයෙන් තෙල් අයින් කරලා නොදාන නිසා . මෙෂින් එකේ බැදෙන තෙල් කායම් එක්ක කුණු දුවීලි කලවම් වෙන එක හන්දා . අනික සමහරක් අපි මහන මැටීරියල් හන්දත් එහෙම වෙනවා . ''

    '' මං මහන්නේ ටවල් , බෙඩ්ෂිට් , සිවුරු එහෙම ''

    '' ඒක තමා සිවුරුවල හරියට ඩයි තියනවා . ටවල් , බෙඩ්ෂිට් වල දූවිලි වැඩියි දෙක කලවම් උනහ ම වැඩේ හරි , හරියට බලලා low leval එකට එනකොට තෙල් මාරු කරනවානං තෙල් වල පාට වෙනස් උනාට ගැටලුවක් නැ ''

    '' දාන්ඩ ඕන ජුකී තෙල් විතරද , ගණන් අඩු තෙල් ජාතියක් නැද්ද ''

    '' ....වයිට් ඔයිල්..... තමයි දාන්න ඕන . ඒවායේ ගනකම අඩුයි . හරියට වතුර වගේ . වාහන වලට දාන තෙල් , ඩොමැස්ටික් මෙෂින් වලට දාන ඔයිල් මේ වැඩේට හරියන්නේ නැ ,''

    '' මගේ මෙෂින් එක දැන් සවුත්තු වෙලාද දන්නැ ''

    '' නැ එච්චර ඉක්මනට එහෙම වෙන්නේ නැ , වයිට් ඔයිල් ලිටර් එකක් අරගන ගිහිල්ලා , පරණ තෙල් ටික අයින් කරලා . මෙෂින් එකයි ඔයිල් සම්ප් එකයි ( ඔයිල් බාත් එක ) සුද්ද කරලා අළුත් තෙල් එක දාන්න , මතක් කරලා ඔයිල් පෑන් එකේ තෙල් ඇතුලට ඇදලා ගන්න තැන තියන දැලත් සුද්ද කරන්න , එතකොට ආයෙත් ඔයාට තෙල් මාරු කරන්න වෙන්නේ අවුරුද්දකින් හමාරකින් ලෝලෙවල් එකට තෙල් මට්ටම බැස්සට පස්සේ ,  දැන් ඔයා කරන විදිහට ටික ටික අඩුවෙනකොට තෙල් දාන කොට ඔයා අවුරුද්දකට ලීටරයකට වඩා තෙල් දානවා , වියදමත් වැඩියි , වැඩේ හරියට කෙරෙන්නෙත් නැ , අපරාදේ මැසිම විනාස වෙන එක විතරයි ''




    '''''අච්චර වෙලා වචන නාස්ති කරලත් උන්දැත් ඔයිල් එකක් අරගන ගියේ නැ '''''''''''''

    මෙෂින් වල තෙල් මාරු කරන එක ගැන මිනිස්සු උනන්දු නොවන්නේ ඒ ගැන හරියට නොදන්න නිසයි , මෙන්න බලන්න විස්තර ඇතුවම

    හයිස්පීඩ් මෙෂින් එකක තෙල් වැඩකරන විදිහ ගැන විස්තර ඇතුව pfd එකක් තියනවා මෙන්න මෙතන http://www.siruba.co.uk/DB2-B735%20Parts%20Book.pdf, ඔතන තියන දහතුන්වෙනි පිටුව බලන්න

    අපි සම්ප් ( බාත් ) එකට තෙල්දැම්මට පස්සේ ඒ තෙල් මෙෂින් එක කැරකෙන වේගයට පම්ප් එකත් කැරකිලා ඉහලට බට දිගේ අරගන යනවා . තෙල් වැටෙන්න ඕන තැන්වලට බටයේ තියන සිදුරුවලින් තෙල් වැටිලා අවසානයට නිඩ්ල්බාර් එක ලගට වැටිලා ආයෙත් පහලට තෙල් අරගන එන නලය දිගේ තෙල් පොම්පය ඇතුලට එනවා , ඒ එන තෙල් වලින් පොම්පය තුල පීඩනය තවත් වැඩිවෙලා ඉහලට යන තෙල් තවත් වේගයෙන් ඉහලට ගමන් කරනවා , ඉහලට යන නලයෙ අවශ්‍ය තැන්වල ඇති සිදුරුවලින් පිටවන තෙල් වේගයෙන් කැරකෙන උපාංග තෙමා දමමින් පහල බාත් එකට වැටෙනවා . මේ ක්‍රීයාවලිය දිගින් දිගටම චක්‍රයක් ලෙස සිදුවෙනවා .

    බාත් (සම්ප්)


    තෙල් ඉහල සිට පහලට ඇදගන්නා නලය

                                         ඉහලට තෙල් විදින නලය


    පොම්පය ඇතුලට තෙල් ඇදගන්නා දැල

    අංක 1-  පහලට තෙල් ගෙන එන නලය
    අංක 2- කැරියර් ( රොටේටින් හුක් ) එකට තෙල් ගෙනයන නලය


                                 කැරියර් එකට තෙල් ගෙන යන නලය සහ සිරුමාරු කරන ඇණය


    ඉහලට සහ කැරියර් එකට තෙල් ගෙන යන නල සම්බන්දවන ආකාරය


    පහලට තෙල් ගෙන එන නලය


    අටමිගේ මැෂිමේ නියම හයිලෙවල් එකට තෙල් පුරවා ඇත


    මෙන්න මෙතනට තෙල් අඩු උනහම අටමගේ පර්ස් එකේ 375කට කෙලවෙනවාය



    මෙන් ෂාෆ්ට් එක තුලට තෙල් විදින ආකාරය

    මෙන්න ඉන්නව හැන්ගිලා තෙල් පහලට අරගන එන හොරා



    අන්තිමට මෙන්න මෙතනට තයි උඩට එන තෙල් ඇවිත් වැටෙන්නේ , ඊට පස්සේ පහලට යන බටය දිගේ තෙල් පොම්පය අස්සට යනවා

    මෙන්න මෙයා මෙතනට  වැටිලා එකතු වෙන තෙල් පහලට අරලා අරගන යනවා


    අඩියෝ චුට්ටක් විතරක් ඉතුරු වෙන්න තෙල් හිදිච්ච බාත් එකක්






    අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ හයිස්පීඩ් මහන මෙෂින්වල නියමිත කාලයට නියමිත ආකාරයට ඔයිල් මාරු කිරිම කරන්න කියලා තමයි . ( මේක ඔවර්ලොක් ඇතුලු සියලුම හයිස්ෆීඩ් මෙෂින් වලට වලංගුයි )දැන් ඉතින් අපේ රටේ මැහුම් ලෝලින්ගේ අළුත්ම උන්මාදය වෙලා තියෙන්නේ high speed sewing machine ( ජාතිය මොකක් උනත් හැමෝම කියන විදිහට '' ජුකී '' ) මෙෂින් එකක් ගන්න එකනේ , ඔව්වා එක ජාතියක් නෙමෙයි ගොඩාක් තියනවා කියලා මෙන්න මෙතන මම කලින් දවසක කියලා තියනවනේ ,ඉතින් අපේ කෂ්ටිය දැන් පරණ මෙෂින් ටික තුට්ටු දෙකට විකුණලා අරගන්නේ කොහොම හරි අරගන්නේ පාවිච්චිකරපු ජපන් හයිස්ෆීඩ් එකක් හරි අලුත් චයිනීස් හයිස්ෆීඩ් එකක් හරි තමයි , ( දැං දැං දෑවැද්දට හිටං අරගන යනවා ) ඒකේ කිසිම වරදක් නැ මොකද මහන කියන වැඩ ටික අරට වඩා හොදට ලස්සනට පිරිසුදුවට සුපිරියට ඉක්මනට කරගන්ඩ පුළුවන් හන්දා .ඔය මොකක් ගත්තත්අර පරණ පුරුදු විදිහට කිසිම සාත්තුවක් නැතුව හරකා වාගේ වැඩ ගන්ඩ හදන එක තමා අවුල . ගොඩක් දවසට මම හැම ගොඩ වෙන කඩේට එන කට්ටිය සෙල්ස් කරන නංගිලාගෙන් අහනවා



2 comments:

  1. අනිත් මැෂින්වලත් තෙල් මාරු කරන හැටි දාන්න. ගොඩක් ස්තූතියි!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • තවත් එක් කක්කා කතා වස්තුවක්
    මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • Sri Lankan Style Octopus Recipe
  • ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ
    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික…
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • Leather, Rexin, Curtain Sewing and DP-LR, DB-LR, F2-LR Needles
  • ආදරණිය දෙවනි ගෑණිට
    එයා  කොච්චරවත් කියුවා තමා මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා සමහර වෙලාවට ඒක ඇත්ත තමා දැං නං එයා එහෙම කියන්නේත් නැ එයා ගැන වත් ඔයා ගැනවත් එහෙමට වද…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 1 )  එපා එපා කොල කඩන්න ගහදන්නව නේද.....
    ඒ කාලේ අපි හිටපු ගෙවල්වලට ජලය සැපයුවේ දවසකට තුන්පාරක් පැයක් බැගින් විතරයි , උදේ හයට හතට එකපාරයි , දවල් දොලහට එකට එකපාරයි , ආයෙත් හවස පහට හයට , ඒකත්…
  • පුනරුප්පත්තිය
    ‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘ ‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ…
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
  • Making a  Blacksmith's bellows / blower from an empty cement bag
  • ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
    ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට ) තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ…
  • How to use Singer 974 Contessa Sewing Machine
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්
      දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර…
  • ගමේ ඇමති සහ සීනි
    ඔන්න පහුනු දවසක අදේ වරුවක අපේ අහල පහල ගෙදරක අංකල් කෙනෙක් විකියලගේ තාත්තයි , තව එයාලගේ ගජටෙකුයි එක්ක ඇවිත් කියුවා මයිත්තිරිපාල මහත්තයලට සහයෝගේ…
  • Free advice offered via video calls to fix any issues on Corona Disease ...
  •  වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug
    මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක්…
1,650,398

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>