අනේ ඉතින් අටමා එදත් මේ සීන් එක ලියන්න ගිහින් තමා අන්තිමට මස්සිනාල ගැන ලිය උනේ , සමහරක් කට්ටිය කියුවා වාගේ ඒක නොලියුව යුතු ලිපියක්ද මන්දා , මේක ඉතින් ''පිළිවෙලක් නැති ජීවිතේ අපිළිවෙල අකුරු ගෙත්තම'' ගෙත්තම හන්දා ඔන්න ඔහේ කමක් නැ , හරි හරි ආයෙත් කතාව කානුවේ පනින්ඩයි යන්නේ , අනං නං නැතුව කතාවට බහිම , පදුරු තලන ස්ටයිල් එක ලියන්ඩ ඉතින් ඔය හැලප මහත්තයා ඉන්නේ , ඇයි ඉතින් රවී මහත්තයත් ඉන්නවනේ . ඒ උනාට රවීගේ පදුරු මොනවද හැලපයා තලන එව්වත් එක්ක බලනකොට හන්දියක් හන්දියක් ගානේ ගෙස්ට් හවුස් තියන හන්දා හොදයි , නැත්තං හැලප අයියට ගුටි කන්ඩ තමා වෙන්නේ , රහස් කම්සැප විදින උන්ගෙන් . ඇයි හත් දෙයියනේ මේ මනුස්සයා යන යන පාරක් තොටක් අයිනේ එක පදුරක් ඉතුරු නොකර ඔක්කොම තලනවනේ , හදිස්සියකට ශිලා කරුමාන්තයක් කරගන්ඩ විදිහක්වත් ඉතුරු නොකර .
අපොයි ආයෙත් පැන්නා පිට , ඔන්න දැන්නං මේ ගැන ලියනවාම තමා
'' අම්මෝ ලොකූ ඔයා බිත්තර පහම දැම්මද අරකට ''
'' එච්චර ළුණු මොකටද ''
'' කොහොමද අනේ ඔයා මෙච්චර රහට හදන්නේ , මං උයපුවහම මෙහෙම රහ නැනේ ''
ඔන්න ඔහොමයි සීන් එක , එදා නත්තල් දවසේ කොහෙවත් නොගිහිං ගෙදර හිටපු මට දවල් වෙද්දි මෙෂින් එකක් හදන්ඩ කෝල් එකක් ආවා , ඒ ගිහිල්ලා එන ගමං මැකරෝනි පැකට් දෙකක් අරගන ආවා තව අවශ්‍ය අඩුම කුඩුම එක්ක
අරගන ආපු අහිංසක කුරුල්ලගේ මස් කෑලි ටික හොදට හෝදලා අරගන දැම්මා වතුරට , තව ඒකට දැම්මා ලණු ඩිංගක් එක්ක කහ ඩීංගක් , හොදට තම්බා ගත්තා
මේ තියෙන්නේ වතුරෙන් අයින් කරගත්ත මස් කෑලි ටික
මැකරෝනි ටික මස් තම්බපු වතුරට දාලා , කලවම් කරමීන් ගානට තම්බා ගැනීම
මේ තියෙන්නේ ගානට තම්බිලා
තම්බපු චිකන් කෑලි ටිකත් පොඩියට කඩාගත්තා
එළවලු ටිකත් හොදට සෝදාගත්තා
බෝන්චි , ගෝවා , කැරට්
ළුණු කොල , මාළු මිරිස් , තක්කාලි
කහ , කෑලි මිරිස් , ගම්මිරිස් , කුරුදු පොතු ,රම්පේ , කරපිංචා , එනසාල් . කරාබු නැටි , සුදු ළුණු , රතු ළුණු , අබ කුඩු කරපුවා ( මේ ඔක්කොම තෙම්පරාදුවට දැමිම සදහා )
බිත්තර ටිකක් උට්ටුං බුට්ටුං කරගත්තා
චිකන් කැලි ටිකත් බැද ගත්තා
බිත්තර ටික සහ කුකුල් මස් එකට කලවම් කරලා
කහ , කෑලි මිරිස් , ගම්මිරිස් , කුරුදු පොතු ,රම්පේ , කරපිංචා , එනසාල් . කරාබු නැටි , සුදු ළුණු , රතු ළුණු , අඹ කුඩු කරපුවා සෙට් එකම පොල් තෙල් දාලා හොදට තෙම්පරාදු කරගත්තා
බටර් ටිකකුත්
ඊලගට ඉතින් එකින් එක එළවලු එකතු කරා පිලිවලින් බෝංචී , ගෝවා , කැරට් .ළුනු කොල , මාලුමිරිස් . තක්කාලි
මේ තියෙන්නේ ලස්සනට පාටට ගානට බැදිලා
ඒකටම දානවා බිත්තර සහ මස්
ඔක්කොම කලවම් කලාට පස්සේ
දැන් ඉතින් තියෙන්නේ මැකරෝනි කලවම් කිරිම
මෙන්න අහල පහල ළමයින්ට දෙන්න
මෙන්න අපි හතර දෙනාට කන්ට
මස් තම්බනකොට ඒ වතුරට ලුණු ඇති පදං දැම්ම හන්දා මං අනිත් ඒවට ලුණු දැම්මේ නැ , ඔය ෆ්‍රයි කරන වැඩේට හොදම ක්‍රමය තමයි ලොකු තාච්චිය ගින්දර වැඩි ලිපක දඩ බඩ ගාල ඉක්මනට බැද ගන ඒකටම තම්බපු මැකරෝනි එකතුකරගන එකත් ෆ්‍රයි කරගන්න එක තමයි හොදම ක්‍රමය , එතකොට ලස්සන පාටක් එක්ක , හොද රසයකුත් ගන්න පුළුවන් , අටමිගෙ කුස්සියේ කොහෙද එව්වා , ඉතින් මම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ වරින් වර බැදලා මැකරෝනි වලට කලවම් කලේ , පිලිවලට එකදිගට එකින් එක සැර ගින්දර ලිපක . තියාපු ලොකු තාච්චියක කරලා බලන්ඩ කො ඔයාලත් දවසක .
කොහොම හරි ඉතින් මට පහුවදත් මැකරෝනි හදන්ඩ උනා ලොකු කෙල්ලගේ ඉල්ලිම හන්දා , මේ තියෙන්නේ ඒක , එදා හැදුවේ අර කැරකිලා ඇඹරිලා තියන මැකරෝනි ජාතිය , එදා කූකුල් මස් තිබුනේ නැ , තක්කලිත් නැ , හැබැයි මම ඒකට සුප් කැටයකුත් එකතු කරා , බටර් තිබ්බේ නැ ඇස්ට්‍රා ටිකක් දැම්මා , අටමියි ලොකු දුවයි කියුවා , එදාට වඩා අද රසයි කියලා .මෙන්න තියනවා ඒක.
චෙෆා ගෙන් කොපිකරල
ReplyDelete