දෙවැනි කොටස මෙතැනින්
හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන බලමු
දකුනු පැත්තේ ඉහල කෙලවරේ තියන ඩිසයින් ක්ලික් කරන්න
ඊලගට සෙටින්ග් ක්ලික් කරන්න, ඊලගට බේසික් ක්ලික් කරන්න
දැන් ඔයා කලින් ඉංගිරිසියෙන් දුන්න බලුබෙටි කියන එක සිංහලට වෙනස් කරන්න
තව බ්ලොග් එක ගැන හැදින්විමක් වගේ දෙයක් දෙවනි කොටුවට එකතු කරන්න , ඒ දෙකම දාල මතක ඇතුව සේව් කරන්න
https කියල එකක් යටින් තියෙන්නේ , මාත් ඒක හරියට මොකක්ද දන්නේ නැ , මගේ බ්ලොග් එකේ ඒක තියෙන්නේ යර්ස් කියල , ඔයාලත් එහෙම කලාට වරදක් වෙන එකක් නැ
ඊට පස්සේ ඔය යටින් තියන Permissions කියන තැනින් පුලුවන් ඔයාට බ්ලොග් එක ලියන්න හරි , බ්ලොග් එකේ මොනවහරි හදන්ඩ කරන්ඩ ඕන නං වෙන කෙනෙක්ව සම්බන්ද කරගන්න , ඔයාට තියෙන්නේ ඔයා කැමති කෙනාගේ මේල් එඩ්රස් එක පල්ලෙහා කොටුවට දාල ඉන්වයිටි බට්න් එක ක්ලික් කරන එක , එතකොට එයාට ඊමේල් පණිවිඩයක් යනවා ඔයාගේ බ්ලොග් එකට සම්බන්ද වෙන්ඩ කැමතිද කියල මේල් එකක් , එයා ඒක ඇප්රූ කලාට පස්සේ එයා ඔයාගේ බ්ලොග් එකට authors විදිහට සම්බන්ද වෙනවා , හැබැයි එයාට පුලුවන් පෝස්ට් දාන්න විතරයි , ඔයාට එයාට admin permissions දෙන්න ඕන නං , එයාගේ නම ඉස්සරහ තියන authors කියන එක admin විදිහට ක්ලික් කරල වෙනස් කරගන්න පුලුවන්.
දැං ආයෙත් බැක් වෙලා ඩෑෂ් බෝඩ් එකට යන්න , දකුනු පැත්තේ උඩ තියන බලු බෙට්ට ( බ්ලොග් එකේ නම ) ක්ලික් කරල නිල් පාටින් තියන බ්ලොගර් ෆෝපයිල් එක ඕපන් කරගන්න,
දැං එඩිට් ෆෝපයිල් ක්ලික් කරන්න
ඔය හරිදාල තියන තැන්වලට හරි දාන්න , ඊමෙල් එක තියන තැනට ඊ මෙල් එක දෙන්න , ඩිසිප්ලේ නේම් එකට බ්ලොග් එකේ නම දෙන්න , ඔය රතු පාටින් ලකුනු කරල තියන එක ක්ලික් කරන්න ඊලගට
දෑං ඔය විදිහට හරිය දාල ඔතනටත් නම දීලා සේව් කරන්න , ආයෙත් බැක් වෙන්න
ෆෝපයිල් පාක්චර් එක දෙන තැන ක්ලික් කරල ඔයා කලින් හොයාගන කම්පියුටරයේ සේව් කරල තියාගත්ත , අදාල ෆෝටෝ එකක් තෝරන්න
ඔය තියෙන්නේ බලු බෙට්ටක් දිලිසි දිලිසි , දැං ඕපන් ඔබන්න
දැං පහලට ගිහින් සේව් කරන්න
දැන් ආපු අළුත් පිටුවෙ උඩ තියන view ක්ලික් කරල බැක් වෙන්න
සිව්වැනි කොටස මෙතනින් කියවන්න
මේ හා බැදුන වෙනත් ලිපි
බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්
බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද
සිංහල අකුරු ලියන්නේ කොහොමද
තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද
ටෙම්පලේට් සැකසීම
අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම
බ්ලොග් සෙටින්ග්
බ්ලොග් ගැජට්
බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්
blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම
පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි
පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි
බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි
බ්ලොග් ෆලෝකරන හැටි
කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි
පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි
පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද
ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි
ලේබල් ගැජට් එකතු කරන හැටි
පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි
කමෙන්ට් පලවන ආකාරය සැකසීම
කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම
බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර
මහමෙරක් වගේ දැනුම මෙහෙම සරලව පියවරෙන් පියවරට කියා දීමේ වටිනාකම කියල නිම කරන්න බෑ. ඔක්කොම බැලුවේ නැතත් කවද හරි කාට හරි බොහොම ප්‍රයෝජනවත් වෙයි. විශිෂ්ටයි අටම්
ReplyDeleteහා , ස්තුතියි
Deleteමේ වගේ වැදගත් දෙයක් මෙහෙම පැහැදිලිව කියලා දෙනවට බොහෝම ස්තූතියි.
ReplyDeleteඋඹ කියන තරම්ම මේක පැහැදිලිද , මං මේ වැරදි හදන ගමං
Deleteඑල එල
ReplyDeleteහා හා
Deleteපින් සිද්ද වෙනවා සහෝ
ReplyDeleteඅම්මා ගහයි බැට් එකෙන්...ඇත්තමයි සින්හලෙන් කියනවනං තැන්ක් යූ ආ....
ReplyDelete